මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් – 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා රෝහල් ගත කරයි

මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් – 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා රෝහල් ගත කරයි


මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් – 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා රෝහල් ගත කරයි

(03.08.2025 – 08:39 +0530 – sinhala.adaderana.lk)

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුවෙයි ෴

+++

ගන්දර වෙඩි තැබීමට හේතුව පාතාල කෝන්තරයක්

(03.08.2025 – hirunews.lk)

ගන්දර – කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු තුවාල ලැබුවා. මෙලෙස තුවාල ලැබූවේ ගන්දර ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි බහුදින යාත්‍රා සහ බස් රථ හිමිකරුවෙක් වන ‘ප්‍රසාද් නිශාන්ත’ නැමැත්තෙක්.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

මූලික පරීක්ෂණවලදී සැකමතුව ඇත්තේ විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දෙහිගෙදර බාලේ’ නැමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

අදාළ ව්‍යාපාරිකයා සිය නිවසේ ආලින්දයේ තේ පානය කරමින් සිටියදී ස්කුටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් (2) ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි වැඳී තිබුණේ ව්‍යපාරිකයාගේ දකුණු පාදයට වන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු ව්‍යාපාරිකයා පොලියට මුදල් ලබාදීමද සිදුකර ඇති අතර ඔහු ‘උනාකුරුවේ ශාන්ත’ නමැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයාගේ සමීපතමයෙකු බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

වෙඩි වැදුණු ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පසුගියදා දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණයින් දෙදෙනා (2) ගේ සමීපතම මිතුරෙකු බව සඳහන්.

එම පුත්‍රයා මේ වන විට ඩුබායි හි ජීවත්වන අතර වෙඩි තැබීම පිටුපස එහි සම්බන්ධයක් ඇති බවද විමර්ශන කණ්ඩායම් පවසනවා.

මෙම වෙඩිතැබීමත් සමග සංවිධානාතමක අපරාධ කල්ලි විසින් 2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 75 ක් සිදුකර ඇති අතර, ඉන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් 43 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

+++

+++

දෙවුන්දර මිනීමරණ පාතාලේ ඉවර නැහැ. වෙඩික්කාරයෝ දෙවුන්දරට ගෙනාවේ පොලිසියේ OIC ද සැකයක්. (03.08.2025)

+


‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 8 ක් ගුවන්තොටේ දී අල්ලයි

(03.08.2025 – 07:03 +0530 – sinhala.adaderana.lk)

‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 8 යි ග්‍රෑම් 220 ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකක (2) දීය.

එහිදී ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 04 ග්‍රෑම් 112 ක් සමග එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් (1) සැකකරු ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 04 ග්‍රෑම් 108 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


නොසැලෙන අදිටනක ‘ඊයේ, අද සහ හෙට’විමල් රණවිරුවන්ට දුන් පොරොන්දුව ! (03.08.2025)

+

ආණ්ඩුවේ ‘ඩිජිටල් හිඟනපාල’ කවුද ? ඡායාරූප සහිතවම විමල් පළමු වරට හෙළි කරයි ! (03.08.2025)

+

ඉෂාරගේ ‘එතනෝල් දොලදුකට’ සඳමාලිගෙන් ‘සෙවනගල’ ! (03.08.2025)

+

‘විදින කළට පච මිහිරියි මී සේ; වැදෙන කළට රෙදි ගැලවෙයි රිසි සේ’ – ‘කැසිනෝ පුනරුදය’ ගැන අනුරට එරෙහිව අනුර (03.08.2025)

+


බදු ගෙවන්නන් සඳහා නිකුත් කර ඇති ‘පින් අංකයේ’ වලංගු කාලය දීර්ඝ කෙරේ

(03.08.2025 – hirunews.lk)

2024 සහ 2025 තක්සේරු වර්ෂයේ බදු ගෙවන්නන් සදහා දැනටමත් නිකුත් කර ඇති ‘පින් අංකයේ’ වලංගු කාලය දීර්ඝ කිරීමට ‘දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව’ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි වලංගු කාලය එළැඹෙන නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම තම ‘පින් අංකය’ අමතක වී ඇත්නම් නව අංකයක් ලබා ගැනීම සදහා ‘දේශිය ආදායම් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය’ ඔස්සේ නව ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා ෴


බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවතට

(03.08.2025 – hirunews.lk)

‘බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක’ එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙර දිසානායකගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි මත කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ධුරයෙන් ඉවත් කළ බවයි.

එම තනතුර සඳහා හිටපු අතිරේක කොමසාරිස්වරයෙකු වන කසුන් වැල්ලහේවා මහතා පත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


වල්අලි පහරදීමකින් 08 හැවිරිදි දැරියක් මරුට

(03.08.2025 – hirunews.lk)

හම්බන්තොට නාගරවැව සීනුක්කුගල ප්‍රදේශයේ දි (03) උදේ සිදු වූ වල්අලි පහරදීමකින් අට (8) හැවිරිදි දැරියක් මියගොස් තිබ්බෙනවා.

පහරදීමෙන් දැරියගෙ පියා තුවාල ලබා ඇතැයි හම්බන්තොට පොලිසිය පවසනවා.

සිනුක්කුගල ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත් වූ මෙම පවුලේ පියා අසල ලඳු කැලයට ගිය අවස්ථාවේ දි වල්අලියෙක් පැමිණීමත් සමඟ යලි නිවස දෙසට කෑගසමින් පැමිණ තිබෙනවා.

දියණිය ඒ දෙසට ගොස් සිටිය දී දෙදෙනාටම (2) වල් අලියා පහර දි ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙලි වි ඇතැයි පොලිසිය පවසනවා.

වල්අලියා පහරදීමෙන් තුවාල ලත් පියා සහ දියණිය හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව දියණිය ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

පියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙලෙස වල් අලියා පහරදීමෙන් මිය ගොස් ඇත්තේ සිනුක්කුලගල පදිංචි හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ 2 වසරේ ඉගනුම ලබන ජි.එච්. තිනුලි දැරිය බවයි තොරතුරු වාර්තා වන්නේ.

‍වල් අලි පහරදිමට ලක් වු මෙම ප්‍රදේශ අලි කළමණාකරණ රක්ෂිත කලාපයට අයත් කොටසක් වන අතර මහවැලි බල ප්‍රදේශයට අයත්.

මෙම ප්‍රදේශයේ අනවසර වගාකරුවන් වගාබිම් කරගෙන සිටින අතර රක්ෂිත කලාපයේ කිලෝමීටර් කාලක් (¼) තරම් ඇතුලේ වන හෙයින් කිසිදු වන්දි මුදලක් ගෙවිමට තරම් නිතිමය හැකියාවක් නැති බව දකුණු කලාපයභාර සහකාර වනජීවී අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා පවසනවා.

මෙලෙස අනවසර වගා කරුවන් විශාල ප්‍රමානයක් වල්අලි කළමණාකරණ රක්ෂිතය තුළ වගාවන් කරගෙන ජිවත් විම මත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයනට ගොදුර වීම සිදුවන බවද වනජීවි සහකාර අධ්‍යක්ෂවරයෙකු පවසනවා ෴


වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද කරන නිලධාරීන්ට දඩ : නොදුන්නොත් නීතිමය පියවර

(03.08.2025 – hirunews.lk)

ලබන අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ජුනි 30 වනදායින් පසුව, එනම් අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන සියලුම දෙනාට දඩ මුදලක් නියම කරන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

එම නිසා, අදාළ නිලධාරීන් නියමිත කාල සීමාව තුළ තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්‍ය බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එසේ නොවන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි අල්ලස් කොමිසම අවධාරණය කරනු ලැබුවේ ෴


ගැරඬිඇල්ල මාරක බස් අනතුරෙන් දින 84 කට පසුව අයෙක් මරුට

(03.08.2025 – hirunews.lk)

ගැරඬිඇල්ල මාරක බස් අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අයෙක් ප්‍රතිකාර ලබමින් සිටියදී දින 84 කට පසුව අද (03) වැනිදා මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ බණ්ඩාරවෙල, රජකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් තිදෙනකුගේ පියෙක්.

ඔහුගේ අවසන් කටයුතු අද (03) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

බස් අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ කකුල් දෙකම දණහිස අසලින් කපා තිබූ බවයි ඥාතීන් පවසන්නේ.

අනතුර සිදුවූ අවස්ථාවේදීම ඔහුගේ බිරිය මරණයට පත්වූ බවද පවුලේ ඥාතීන් පවසනවා.

එම අනතුරෙන් මියගිය පුද්ගලයාගේ දරුවන් තිදෙනා (3) ද බරපතල තුවාල ලබා තිබෙනවා.

මාස 06 ක වයසේ පසුවන බාල දරුවා තවමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර අවුරුදු (07) සහ (11) වයසේ පසුවන වැඩිමහල් දරුවන් දෙදෙනා (2) ද එම සිද්ධියෙන් බරපතල තුවාල ලබා තිබෙන බවයි ඥාතීන් පැවසුවේ.

අනතුර හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ (2) ද පාදවලට බරපතල හානි සිදුව තිබෙනවා.

ගැරඬිඇල්ල මාරක බස් අනතුර හේතුවෙන් මව සහ පියා අහිමිව සිටින මේ දරුවන් තිදෙනා (3) ගෙන් වැඩිමහල් දරුවන් දෙදෙනා (2) පියාගේ වැඩි මහල් සහෝදරිය භාරයේ සිටින බවයි සඳහන්.

ඉකුත් මැයි 11 වැනිදා ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම මාරක අනතුරින් එදිනම පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා ෴


තායිලන්තයට පනින්න හැදූ ‘ගම්පහ දේව’ කටුනායකදී CIDයෙන් අල්ලයි

(03.08.2025 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ගේ සමීපතම ගෝලයෙකු බව කියන ‘ගම්පහ දේව’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තායිලන්තයට පලා යාමට උත්සාහ කිරීමේදී ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී’ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි සඳහන් ෴


මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම යළිත් තහවුරු කරයි

(03.08.2025 – 18:51 +0530 – sinhala.adaderana.lk)

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක මහතා ඊයේ (02) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ අතර මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවය.

එම නිසා එවැනි යෝජනාවක් සම්මත කරගත හොත්, එය සම්මත කරන පිරිස්වලට විපාක විඳීමට සිදුවනු ඇති බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කර තිබුණි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *