රේගුව රඳවාගත් වාහන දෙකක් (2) මුදා හැරීමට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

රේගුව රඳවාගත් වාහන දෙකක් (2) මුදා හැරීමට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්


රේගුව රඳවාගත් වාහන දෙකක් (2) මුදා හැරීමට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

(01.08.2025 – hirunews.lk)

රජය විසින් වාහන ආනයන තහනම ලිහිල් කර තිබෙන අවස්ථාවක සිය සමාගම විසින් නිසි පරිදි බදු ගෙවා නීත්‍යානුකූල ආකාරයට ආනයනය කළ වාහන දෙකක් (2) රේගුව විසින් මුදා හැරීමකින් තොරව අනීතික ලෙස රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට එම වාහන මුදාහරිණ ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයන සමාගමක් විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (01) අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති බැවින් අදාල පෙත්සම සලකා බැලීම අගෝස්තු මස 05 වනදා සිදු කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නා.

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි වාහන ආනයන සමාගමක් වන ‘යූ.එස්. කාර් සේල්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ ‘ඒ. උපේක්ෂා ද සිල්වා’ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් මහජන බැංකුව, ජනාධිපති හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආනයන හා අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යන අය නම් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 1984 වසරේ සිට වාහන ආනයනය කර ඒවා මෙරටදි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි.

ඒ අනුව Honda වර්ගයේ වාහන දෙකක් (2) සිංගප්පූරුව හරහා ආනයනය කිරීමට තම සමාගම තීරණය කළ බවත් ඊට අදාළව ඉකුත් මාර්තු මස 19 වනදා මහජන බැංකුව මාර්ගයෙන් ණයවර ලිපි විවෘත කළ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

ඉන් අනතුරුව එම වාහන ආනයනය කිරීමට අදාල බදු සහ ගාස්තු වශයෙන් රුපියල් 35,564,668/- ක් මුදලක් ඉකුත් මැයි මස 26 වනදා ගෙවීමට කටයුතු කළ බවත් ඔවුන් පවසනවා.

සියලු ගෙවීම් හා නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් අදාළ වාහන දෙක (2) සහ ඊට අදාල ලේඛන සාධාරණ හේතුවක් රහිතව මුදා හැරීම ප්‍රතික්ෂේප කරන බවත් පෙත්සම්කරුවන් චෝදනා කළා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාව දක්වා රඳවා ගැනීමේ ගාස්තු වශයෙන් තමන්ට රුපියල් ලක්ෂ 23 කට අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා කලක් වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් පීඩාවට පත් වූ වාහන ආනයනකරුවන් දැඩි අපහසුතාවයට පත්වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අනීතික ලෙස රඳවාගෙන සිටින අදාළ වාහන වාහන මුදා හරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා ෴


ඊයේ (31) රටපුරා හදිසි මෙහෙයුමෙන් 1,544 ක් අත්අඩංගුවට

(01.08.2025 – hirunews.lk)

රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මෙහෙයවීමත් මත ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව, ඊයේ (31) දිනයේදී මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් සහ ත්‍රිවිධ හමුදාවේත් සාමාජිකයන් 5,866 ක ප්‍රමාණයක් සහභාගී වී ඇති අතර, එහිදී පුද්ගලයන් 23,321 ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම වාහන 9,682 ක ප්‍රමාණයක් ද, යතුරු පැදි 6,611 ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එමෙන්ම, මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,107 ක ප්‍රමාණයක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එමෙන්ම, අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇති අතර, එකී මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 02 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එකී මෙහෙයුම් තුළදී වරෙන්තුකරුවන් 423 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමත් මෙරට තුළදී බෙදා හැරීමටත් අදාල ජාලය හඳුනාගනිමින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතින බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴


හික්කඩුවේ වෙඩිල්ල ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

(01.08.2025 – hirunews.lk)

හික්කඩුව – දොඩන්දුව ධීවර වරාය ඉදිරිපිටදී පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් සිදුකිරීමට ගිය වෙඩි තැබීමක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යාර්ථ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඊයේ (31) රාත්‍රි 09:30 ට පමණ මෙලෙස වෙඩි තැබිමට උත්සහ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රතු පැහැති යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබිමට උත්සහ කර තිබෙනවා.

පිස්තොල වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීමට උත්සාහ කර ඇතත්, ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එය ව්‍යාර්ථ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමේ උත්සාහය ව්‍යාර්ථ වීමත් සමග වෙඩික්කරුවන් ගාලු පාර ඔස්සේ කුමාර කන්ද ප්‍රදේශයට පළාගොස් තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ, දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි ‘එරන්ද ලක්මාල්’ නැමැති පුද්ගලයෙක්.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ‍, අදාළ පුද්ගලයා ද ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය අළෙවි කිරීම සහ පුද්ගල පහරදීම්’ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු බවයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපුවක් හෝ සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක්ද ලැබී තිබූ අතර, ඒ සම්බන්ධයෙන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+


‘ඩියුටි ෆ්‍රී’ එකෙන් බෝතල් ඉස්සූ ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට විශේෂ විමර්ශනයක්

(01.08.2025 – hirunews.lk)

අවස්ථා කිහිපයක දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ, තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් මත්පැන් බෝතල් 30 කට අධික ප්‍රමාණයක් සොරකම් කළ බවට චෝදනා ලද ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විමර්ශනයක් අරඹා තිබෙනවා.

එම විමර්ශනයට අදාළව නිලධාරීන් 7 දෙනෙකු, ගාල්ල, ඇල්පිටිය සහ මාතර යන පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරු කර යවා තිබෙනවා.

එම නිලධාරින් අතර ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු පස්දෙනෙකු (5) වනවා.

මීට අමතරව එම නිලධාරින්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ ෴


අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථක‍යි, ඉදිරියටත් සාකච්ඡා… මුදල් ලේකම් කියයි

(01.08.2025 – hirunews.lk)

එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමෙරිකානු තීරු බද්ද 20% දක්වා පහත හෙළීම පිළිබඳව පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවේදී යි.

මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වූයේ, කලාපයේ තරගකරුවන්ට සමාන තීරුබදු අනුපාතයක් ලබා ගැනීමයි.

විවිධ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කොටස පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යවශ්‍ය කරුණක් වුණා.

සාකච්ඡාවල සාර්ථකත්වය හේතුවෙන් ඉදිරියේදී තවත් වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම, එක්සත් ජනපදය සමග පැවති වෙළෙඳ සාකච්ඡාවලදී, වෙළෙඳාමට බාධා පමුණුවන පැරා-තීරුබදු අවම කිරීම සහ අමෙරිකානු සැපයුම්කරුවන්ට තරගකාරී වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඔහු එහිදී සඳහන් කළා.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහන සැලකිල්ලට ගනිමින්, ‘ජාතික තනි කවුළුව’ (National Single Window) ක්‍රියාත්මක කිරීම ඇතුළු වෙළෙඳ පහසුකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

+++

+


පියුමි හංසමාලිගෙන් සහ විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි 42 ක බදු පොල්ලක්

(01.08.2025 – hirunews.lk)

‘අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල’ සහ නිරූපණ ශිල්පිනියක් වන ‘පියුමි හංසමාලි’ නැමැත්තිය පැහැර හැර ඇති රුපියල් කෝටි 42 කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අයකර ගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත ඊයේ (31) මේ බව දැනුම්දුන්නා.

2022, 2023 වර්ෂ සදහා ‘අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා’ රුපියල් මිලියන 194 ක බදු මුදලක් සහ ‘පියුමි හංසමාලි’ නැමැත්තිය රුපියල් මිලියන 225 ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවයි මෙහිදී දේශීය ආදායම් කෙමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ.

මේ අතර, මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 175 කට අධික මුදලක් සංසරණය වී ඇති බව ‘නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය’ අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ජාවාරම්කරු ‘ජයසිංහ ආරච්චිගේ හේමන්ත’ හෙවත් ‘බතල මහත්තයා’ ලෙසයි හදුනාගෙන ඇත්තේ.

+++

+


හික්කඩුවේදී ධීවරයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි

(01.08.2025 – hirunews.lk)

හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ ඊයේ (31) රාත්‍රියේ 09:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කිරීමට උත්සහ කර ඇති බවයි.

කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එය ව්‍යාර්ථ වී තිබෙනවා.

මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරුවන් හදුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴


උණු කැවුම් වගේ විකිණෙන BYD වාහනවල හිතාගන්න බැරි මගඩියක් ගැන හෙළිදරව්වක් | හර්ෂගේ නමත් කැතවෙන වැඩක් (01.08.2025)

+++

රේගුව මහ රෑ සියලු මාධ්‍ය කැඳවයි – රට කැළඹෙන හෙළිදරව්ව මෙන්න (01.08.2025)

+


ආහාර පරීක්ෂාව අර්බුදයක – බිත්තර ගැනත් කරුණු රැසක් එළියට (01.08.2025)

+


අද (01) සිට ඇරඹුණු අධිවේග මාර්ගවල ආසන පටි නීතිය : “අපිට ඕනේ උදේ දත් මදිනවා වගේ මේ කාර්යටත් පුරුදු කරන්න” (01.08.2025)

+


ආණ්ඩුවට රිදෙන්න කිව්ව මිහින්තලේ හිමි | “මරු කියවන්න එපා, අවශ්‍ය දේ රටට කරන්න” (01.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *