රේගුවේ රඳවාගෙන ඇති BYD වාහන 1000 ගැන JKCG ගෙන් නිවේදනයක්
(30.07.2025 – hirunews.lk)
මෑතකදී ආනයනය කරන ලද විදුලි වාහන තොගයක මෝටර් ධාරිතාව පිළිබඳ ගැටළුවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන ‘ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම’ සඳහන් කර ඇත්තේ, සියලුම වාහන කිලෝවොට් 100 (kW) මෝටරවලින් සමන්විත බවත්, දේශීය රෙගුලාසිවලට අනුකූලව ආනයනය කර ඇති බවත්.
ශ්‍රී ලංකා රේගුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත්, මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි සපයන බවත්, එම ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.
BYD වාහන චීනයේ නිෂ්පාදකයාගෙන් සෘජුවම ආනයනය කර ඇති බවත්, සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල අලෙවි කරන මාදිලිවලට සමාන බවත්, එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
මෝටර් ධාරිතාවන්හි සැක සහිත විෂමතා හේතුවෙන් කොළඹ වරායේ BYD විදුලි වාහන 1,000 කට ආසන්න ප්‍රමාණයක් රඳවාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමෙන් පසුවයි ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.
+++
+
ගාල්ලේදී තරුණයෙකු දියේ ගිලී මරුට
(29.07.2025 – hirunews.lk)
ගාල්ල, ගිංතොට, මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු (1) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (29) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.
දියේ ගිලී අතුරුදන්ව සිටි මෙම තරුණයා සොයා ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව මෙහෙයුමක් සිදුකර තිබුණා.
පසුව නාවික හමුදා කිමිදුන්කරුවන්ට තරුණයාගේ සිරුර හමුව තිබූ අතර දැඩි පරිශ්‍රමයකින් සිරුට ගොඩට ගෙන ඒමට කටයුතුකර තිබුණා.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴
රඹුක්කන, හතරලියද්ද පාරේ මාරක අනතුරක්
(29.07.2025 – hirunews.lk)
රඹුක්කන, හතරලියද්ද ප්‍රධාන මාර්ගයේ අද (29) සිදු වූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු (2) මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව අප වාර්තාකරු පවසනවා.
අධික බරක් පටවාගෙන පැමිණි ලොරි රථයක්, තවත් ලොරි රථයක සහ මාර්ගය පසෙක නවතා තිබූ බයිසිකලයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ ෴
නීත්‍යානුකූල සැමියාගේ පහරදීමෙන් අනියම් සැමියා ජීවිතක්ෂයට
(30.07.2025 – hirunews.lk)
දෙහිඕවිට කහනාවිට ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ ආරවුලකින් නීත්‍යානුකූල සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී අනියම් සැමියා ඝාතනය කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා තිබිරිපොළ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
මියගිය පුද්ගලයා තම අනියම් බිරිඳ සහ ඇයගේ ආබාධිත දරුවාද සමග දෙහිඕවිට කහනාවිට ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක මීට දින හතකට (7) පෙර පදිංචියට පැමිණ තිබෙනවා.
ඊයේ (29) රාත්‍රියේදී කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා එම නිවසට පැමිණ ඇති අතර, ඒ අවස්ථාවේදී බහින් බස් වීමක් සිදුවූ ඇති බවත්, එම ශබ්දය ඇසුණු බවත්, ප්‍රදේශවාසීන් පවසනවා.
පසුව නීත්‍යානුකූල සැමියා විසින් අනියම් සැමියාට පහරදී ඇති අතර, මෙම පහරදීමෙන් ඇද වැටීම නිසා ඔහුව ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර තිබෙනවා.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාව හා දරුවාද තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
දෙහිඕවිට පොලිසියට ලද ඇමතුමක් අනුව එම ස්ථානයට පොලිසිය පැමිණෙන විටත් සැකකරු පලාගොස් තිබෙනවා.
පසුව සිදුකළ විමර්ශනවලදී කිලෝ මීටර් දෙකක් (2) පමණ ඈතින් නිවසක් අසල සැකකරු පැමිණියේයැයි සැක කෙරෙන ත්‍රීරෝද රථයක් හමුවී ඇති අතර, ලද තොරතුරු මත සැකකරු ඉදිරියේ පිහිටි කැලයකට පැන ගොස් ඇති බැවින් පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතුව සැකකරුව අද (30) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට අදාළ සැකකරු පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහුව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරුගේ වයස අවුරුදු තිස් හතරක් (34) වන අතර, ඔහු මොණරාගල ප්‍රදේශයේ පදිංචි අයෙක්.
එමෙන්ම කාන්තාවගේ වයස අවුරුදු තිස් පහක් (35) වන අතර, ඇයට දරුවන් දෙදෙනෙක් (2) සිටින බවට සඳහන්.
+
2010 ප්‍රින්සිපල් – දැන් සුපිරි කෝටිපතියෙක් | ශ්‍රීධරන්ගේ වත්කම් එළියට | අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (30.07.2025)
+
බ්‍රිතාන්‍ය සමාගමකින් ගලමුදුන පාසලට ලැබුණ තෑග්ග – “ඔයාලා හරිම දක්ෂයි ලංකාව විතරක් නෙමෙයි ලෝකය දකින්න” (30.07.2025)
+
පාසල් විෂය මාලා ප්‍රතිසංස්කරණය සැබෑවක් ද? – විද්වත් කථිකාව – පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙදී (29.07.2025)
+
කොස්ගොඩ සිද්ධියට ‘කොස්ගොඩ සුජී’ගේ නමත් ගෑවෙයි – ඝාතනය සැලසුම්කර ඇත්තේ ඩුබායිහි සැඟව සිටින ‘ශෂි ප්‍රභාත්’ හෙවත් ‘කුඩු ශෂි’
(31.07.2025 – hirunews.lk)
කොස්ගොඩ – දූවමෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම 24 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විදෙස්ගතව සිට මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සැලසුම්කර ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ‘ශෂි ප්‍රභාත්’ හෙවත් ‘කුඩු ශෂි’ නැමැත්තෙකු බවටයි දැනට සිදුකරන ලද විමර්ශවලින් අනාවරණය වී ඇත්තේ.
කොස්ගොඩ – දූවමෝදර වෙරළ දෙස සිට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් අද (31) අලුයම 05:45 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.
එහිදී අදාළ නිවසේ නිදා සිටි 24 හැවිරිදි ‘අරුන් මෙන්ඩිස් ගුණසේකර’ හෙවත් ‘රන් මහත්තයා’ නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
පතොරම් කොපු 06 ක් වෙඩි තැබූ ස්ථානයේ තිබී සොයා ගැණුනු අතර, වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද පසුව සොයාගැණුනේ අතුරුවැල්ල ප්‍රදේශයේ පාලමක් අසල දමාගොස් තිබියදීයි.
මියගිය තරුණයා දූවමෝදර ප්‍රදේශයේ ‘කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක්’ පවත්වාගෙන යන අතර, වෙඩි ප්‍රහාරයට පෙර ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබී තිබුණා.
එම ඇමතුම ඩුබායිහි සැඟව සිටින ‘කුඩු ශෂි’ නැමැත්තා විසින් ලබා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එම අවස්ථාවේ වෙඩික්කරුවන් තරුණයාගේ කාමරය අසළ සැඟව සිට ඇති අතර, තරුණයාගේ ජංගම දුරකතනයේ ආලෝකය ඔස්සේ ඔවුන් ඉලක්කය හඳුනාගෙන ඇති බව සදහන්.
මියගිය තරුණයාගේ පියා වන ‘ආයූ විරාජ් මෙන්ඩිස් ගුණසේකර’, පෞද්ගලික සමාගමක් මගින් ප්‍රදේශයේ මිලදීගත් අක්කර දෙකක (2) පමණ ඉඩමක වැට ගැසීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවටයි වාර්තා වන්නේ.
ඊට විදෙස්ගතව සිටින ‘කුඩු ශෂි’ නැමැත්තා ද මැදිහත් වී ඇති බවත් ඒ අනුව ඔහු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එමෙන්ම, මියගිය තරුණයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කොස්ගොඩ සුජී’ගේ ඥාති පුත්‍රයෙක් ද වන අතර, ‘කුඩු ශෂී’ සහ ‘කොස්ගොඩ සුජී’ අතර ද දීර්ඝ කාලයක සිට විරසකයක් පවතින බව ද සදහන් කළා.
මෙය මෙම වසරේ සිදුවු 74 වෙඩිතැබීම වන අතර ඉන් 40 දෙනෙකු මියගොස් තවත් 42 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
+
මේ අතර, මාරවිල – මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී ‘වසන්ති චතුරානි’ හෙවත් ‘නෝනා’ නමැති 30 හැවිරිදි දෙදරු මවට සහ ඇයගේ පුත්‍රයාට වෙඩිතැබීමේ සිද්ධියට අධාර අනුබලදුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉරට්ටකුලම සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් වෙඩිතැබීම සදහා හිටපු යුද හමුදා සෙබලා පැමිණි යතුරු පැදිය සඟවා තැබූ පුද්ගලයින් බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව, යතුරු පැදිය එක් (1) සැකකරුවෙකුගේ සහෝදරියගේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ පිහිටි නිවසේ වැසිකිළිවලට දමා තිබියදී පොලිසිය අද (31) සොයාගත්තා.
+
මේ අතර, ගාල්ල – බූස්ස ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ කාන්තාවකගේ නිවසක තිබී හෙරොයින් සහ ආරක්ෂක අංශ නිල ඇදුම් තොගයක් සොයාගෙන තිබෙනවා.
ඇය ‘සුජීව රුවන් කුමාර ද සිල්වා’ හෙවත් ‘ලොකු පැටි’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන ප්‍රධාන පෙලේ කාන්තාවක්.
+
මේ අතර, රාජකාරියේ නිරතවෙමින් සිටි හාරිස්පත්තුව – වරාතැන්න කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයාට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තියුණු ආයුධයකන් සිදුකළ මෙම පහරදීමෙන් ග්‍රාමනිලධාරීවරයාගේ මුඛයට සහ අතකට තුවාල සිදුව ඇති බවයි ‘රජයේ ග්‍රාම නිලධාරී සංගමය’ සදහන් කළේ.
+
‘අයිස් හා හෙරොයින්’ සමග තරුණයෙකු අත්අඩංගුවට
(31.07.2025 – hirunews.lk)
බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන මහල් නිවාසය අසලදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 01 ග්‍රෑම් 105 ක් හා ‘හෙරොයින්’ ග්‍රෑම් 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු යතුරුපැදියද සමග ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 23 ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බිරිඳක් සැකපිට අත්අඩංගුවට
(31.07.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බිරිඳක් වන කාන්තාවක්, රුපියල් බිලියන 1.75 කට අධික මුදලක් සහිත බැංකු ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මෙම මුදල් නීත්‍යානුකූල නොවන ක්‍රම මගින් උපයා ගත් ඒවා බවට සැක කිරීම හේතුවෙන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴