දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි


දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

(29.07.2025 – hirunews.lk)

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48 ක සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බවයි.


ඔක්කොම දැනගෙන මේක වෙන්නේ | ෆේස්බුක් LIVE එකක් නිසා වැඩ වැරදුණු ලහිරු පොලිසියෙන් එළියට ඇවිත් කියූ දේ (29.07.2025)

+


සර් මම ඇත්තම කියන්නම්, සර්මයි ප්ලෑන ගැහුවේ, | ප්‍රියන්ත ජයකොඩිගේ තිරපිටපත එළියට | සියල්ල වමාරයි (29.07.2025)

+


මත්පෙති ගබඩාවක් ගෙදරම කරපු පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

(29.07.2025 – hirunews.lk)

මත්පෙති ගබඩාවක් නිවසක පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බවයි පොලිසිය පවසන්නේ.

බොරලැස්ගමුව, බෙල්ලන්විල, ජය මාවත ප්‍රදේශයේ නිවසක් වැටලීමෙනුයි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක් බවද පොලිසිය පැවසුවා.

කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයා ද අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

අදාළ නිවසේ තිබී අත් අඩංගුවට ගත් සම්පූර්ණ මත් පෙති ප්‍රමාණය 1,330,420 ක් බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් කොස්තාපල්වරයෙක් සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් රට පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.

ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ෆාමසි හිමිකරුවෙකු විසින් ලබාදෙන මත්පෙති මෙසේ විවිධ ප්‍රදේශවලට බෙදා හරිමින් ජාවාරමේ නිරතව ඇති බවයි පැවසෙන්නේ.

මෙම සැකකරුවන් චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ ෴


බොරැල්ල දොඹකර අනතුරට සම්බන්ධ රියදුරු අගෝස්තු 07 දක්වා රිමාන්ඩ්

(29.07.2025 – hirunews.lk)

බොරැල්ල කනත්ත අසල මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එම සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර දොඹකර රථයේ හිමිකරුට ඇප හිමිව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++

පිටුපසින් ආපු දොඹකරය වාහනේ වැදිලා ඉස්සරහින් හිටිය මෝටර්සයිකල් කරුවන් යටවුණා | පියත් නිකේෂල හෙළි කරයි (29.07.2025)

+


මහරගම පිහිටි වෙළෙඳසැලක ගින්නක්

(29.07.2025 – hirunews.lk)

මහරගම පිළියන්දල පාර පිහිටි වාහන උපාංග අලෙවිසැලක් අද (29) උදෑසන ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න නිවීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් (2) පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴


රස පරීක්ෂක කාර්යාලයේ කාර්යාල සහයකවරයෙක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

(29.07.2025 – hirunews.lk)

හෙරොයින් ග්‍රෑම් 265 ක් හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 58 ක ආණ්ඩුවේ රස පරික්ෂක කාර්යාලයේ කාර්යාල සහයකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ටී.එස්.පී. ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) දින මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඒ අනුව මාළඹේ පොලිස් වසමේ අංක 75/7, කුඩාදෙනිය පටුමග, හෝකන්දර දකුණ, හෝකන්දර ලිපිනයේ ඇති නිවසක දී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුව ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාළඹේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


අල්ලස් ගත්ත පොලිස් ලොක්කාව අල්ලස් කොමිසම අල්ලයි | ගන්නකොටම බෙල්ල මුලින් අහුවුණු හැටි (29.07.2025)

(ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා රු. 40,000 ක අල්ලස් මුදලක් ලබාගනිත්දී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා.)

+


මාලිමා උපසභාපතිනි සභා ට‍්‍රැක්ටරයෙන් වගුරු බිමක් පුරවයි .. පුතා රෑට ගස් කපයි ..

(29.07.2025 – 14:10 +0530 – lankacnews.com)

කැලනිය ජයන්ති මාවතේ එරපත්ත වෙල්ලයේ වගුරු බිමකට යාබද ඉඩමක් ගොඩකිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශ වාසීන් තුළ ගැටලුවක් මතුව ඇත.

ඉඩම ගොඩ කිරීමට උත්සාහ කරන්නේ එහි හිමිකාරීය බව කියන ‘කැලනිය ප්‍රාදේශයේ සභාවේ ජාතික ජනබලවේග උපසභාපතිනි ලක්ෂකා සුභාශිණී’ බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරයි.

කැලනිය ප්‍රාදේශිය සභාවය අයත් ට‍්‍රැක්ක්ටරයක් සහ සේවකින් යොදා ගනිමින් උපසභාපතිනිය මෙම ඉඩමට ගල් කැබලි ගෙනවිත් ඇති බවට අසල් වශයෙන් චෝදනා කරන්නේ ඊට අදාල සීසිටීවී දර්ශනද දක්වමිනි.

අසල්වාසීක් ඊට විරෝධය පළක තිබුණේ මෙම ඉඩම ගොඩ කලහොල් අවට නිවාස වලට ජල ගැලීම් ඇතිවිය හැකි බව පවසමිනි.

මේ විරෝධය සම්බන්ධයෙන් උපසභාපතිනය සහ ඇගේ පවුලේ සාමාජිකයින් අසල්වාසීන්ට බැන තර්ජනය කළ බවටත් චෝදනා එල්ල වෙයි.

එමෙන්ම උපසභාපතිනයගේ පුත්‍රයා රාත්‍රියේ පැමිණ එම මාර්ගය අසල තිබූ ගස් කපා ඉවත් කරන දැක්වෙන සීසීටිව දර්ශනද ප‍්‍රසිද්ද වී ඇත.

සිද්ධිය පිළිබඳ කැලනිය පොලිසියට පැමිණිලි කර ඇතත් ඊට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බව අසල්වාසින් පවසති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *