‘එක්ස්ප්‍රස් පර්ල්’ කළ හානියට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න මවු සමාගමට අධිකරණයෙන් නියෝග

‘එක්ස්ප්‍රස් පර්ල්’ කළ හානියට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න මවු සමාගමට අධිකරණයෙන් නියෝග


‘එක්ස්ප්‍රස් පර්ල්’ කළ හානියට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න මවු සමාගමට අධිකරණයෙන් නියෝග

(24.07.2025 – hirunews.lk)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක (1) වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල නෞකා සමාගමට නියම කළා.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවටයි තීන්දුවේ සඳහන් වුණේ.

ඊට අමතරව මෙම ඛේදවාචකය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අදාල ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ මූලික අයිති විකාශකම් පෙත්සම් වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ තීන්දුව ලබා දුන්නා.

+++

+

+


නීතිවිරෝධී පත්කිරීම් සහ අනිතීක ගෙවීම් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට විශාල මූල්‍ය අලාභයක් – කෝප් වාර්තාවක් හෙළිකරයි

(24.07.2025 – 16:51 +0530 – sinhala.adaderana.lk)

මානව සම්පත් කළමනාකරණය, වත්කම් කළමනාකරණය, ආදායම් කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය යන සියලු අංශවලට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලයේ සමස්ත ක්‍රියාවලියම අවිධිමත් බවත්, පසුගිය වසර පහක (5) කාලය තුළ රෝහල අඛණ්ඩව අලාභ ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් සිදුකරන ලද විමර්ශන වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙම වාර්තාව අද (24) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන වශයෙන් නීති විරෝධී පත්කිරීම් සහ අනීතික ගෙවීම් හේතුවෙන් විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත්, භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් එකී පත්වීම්ලාභීන්ට වැටුප් ගෙවීම සඳහා අවභාවිතා වන ආකාරය මෙයින් පැහැදිලි වන බවත්, විගණකාධිපති විසින් පෙන්වා දී ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දීමනා ගෙවීම්වල අක්‍රමිකතා සහ බඳවා ගැනීමේ පටිපාටි සම්බන්ධයෙන් අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

“ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලාවේ නිලධාරීන්ට කර ඇති අනීතික ගෙවීම් සම්බන්ධයෙන් කාරක සභාවට නිරීක්ෂණය විය. 2021 ජූලි 28 සිට 2024 ජූලි 15 දක්වා කාලසීමාව තුළ පුරප්පාඩුවක් හේතුවෙන් වැඩ ආවරණය කිරීමේ පදනම මත නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති අතර, එම නිලධාරියාට නිත්‍ය තනතුරේ වැටුප් හා දීමනා, වැඩ ආවරණය කිරීමේ දීමනා, අමතර රාජකාරී දීමනා සහ ඉන්ධන දීමනා ඇතුළුව විශාල මුදලක් ගෙවා ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය. ආයතන සංග්‍රහයේ 13.7 වගන්තියට අනුව වැඩ ආවරණය සඳහා පත්කරන ලද නිලධාරියෙකුට අතිරේක දීමනා ලබාදීම නීතිවිරෝධී වන අතර, එම ප්‍රතිපාදනයට පටහැනිව වැඩ ආවරණය කිරීම සඳහා වැටුපෙන් 1/4 ක දීමනාවක් ගෙවා ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය.”

“තවද, රාජ්‍ය සේවයේ සමාන්තර තනතුරු සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල තීරණයකින් අනුමත කළ 35% ක දීමනාවක් ද, විශ්‍රාම වැටුපක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලයේ සියලුම තනතුරු සඳහා ද (මෙම 35% දීමනාව) ලබා දී ඇති අතර, එයද අනීතික බව සභාවට නිරීක්ෂණය විය.”

“මෙම නීතිවිරෝධී ගෙවීම් හේතුවෙන් 2022 දී රුපියල් මිලියන 162.47 ක් සහ 2023 දී මිලියන 158 කට අධික මුදලක් අතිරේකව ගෙවා ඇති බවද කාරක සභාවට නිරීක්ෂණය විය. මෙම වියදම් විධිමත් කළහොත්, ආයතනය භාණ්ඩාගාර ප්‍රතිපාදන නොමැතිව ද ක්‍රියාත්මක කළ හැකි බව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර, විධිමත් බඳවා ගැනීම් පටිපාටි (SoR) නොමැතිවීම මෙම ගැටළු ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් වන බව ද නිරීක්ෂණය විය. එම පටිපාටි සකස් කර 2025 ජනවාරි මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවට කාරක සභාවට අනාවරණය විය.”

මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී ෴


හුරුළුවැවෙහි ගල්ගොඩෙන් මතු වූ පතොරම් තොගය

(24.07.2025 – hirunews.lk)

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුළුවැව කතරගම දේවාලයට ආසන්නයේ තිබෙන වැවෙහි තොටුපළ සදහා දියනෑමට ඊයේ (23) පැමිණි තරුණයන් තිදෙනෙකු (3) විසින් උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඔවුන් දියනෑම සදහා පැමිණි තොටුපල ආසන්නයේ ගල් බැම්මේ ඇවිදිමින් සිටින අතරතුර එම ගල්බැම්මේ එක් ස්ථානයක තිබී එක් තරුණයෙකු විසින් යම් කිසි උණ්ඩයක් දැක ඇති අතර එම අවස්ථාවේ දී එම තරුණයා විසින් අනෙක් තරුණයින් දෙදෙනාවම (2) දැනුවත් කළ ඇති අතර පසුව මෙම තිදෙනා (3) විසින් නැවත එම ස්ථානය තවදුරටත් මේ පිළිබඳව සොයාබැලීමේදී එම ස්ථානයේ තිබී තවත් පතොරම් තොගයක් සොයාගෙන තිබෙනවා.

අනතුරුව මෙම තරුණයන් තිදෙනා (3) විසින් මේ පිළිබඳව කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව වහාම එම ස්ථානයට ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් පැමිණ අතර එම පතොරම් තොගය හමුවු ස්ථානය නැවත පොලිස් නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී එම ගල්ගොඩෙහි යටවී තිබූ තවත් පතොරම් කිහිපයක් සොයාගැනීමට එම නිළධාරීන්ට හැකි වී තිබෙනවා.

මේ වන විට සොයාගත් ඒවා අතර ටී 56 වර්ගයේ උණ්ඩ 10 ක් සහ LMG වර්ගයේ උණ්ඩ 18 ක් අත්බෝම්බයක ගැලවී ඇති පින් 01, ටී 56 පතොරම් ගැබ් එකක පතුල කොටස් 01, පතොරම් පෙට්ටි ගැලවීමට යොදාගත් යතුරු 01 ක් එම ස්ථානයෙන් සොයාගැනීමට හැකිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට එම පතොරම් සහ බෝම්බ කොටස් පොලිස් භාරයේ ඇති අතර අද (25) දින පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිළධාරීන් කැදවා මෙම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරිමට කටයුතු කරන බවයි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

+


එදා මං පාසලට ආවේ දුකෙන් කඳුළු පුරෝගෙන – අද දරුවන්ගේ ජයග්‍රහණය දකිනකොට එන්නේ සතුටු කඳුළු (24.07.2025)

+


පාතාලේ එක්ක ගේම් ගහලා මිනී මරපු හරක්කටාගේ තාඹුගලගේ සල්ලිවලටත් ගේම දුන්න DIG සෙට් එක මෙන්න (21.07.2025)

+


යුධ හමුදාපතිට මඩ ගහන සෙල්ලමේ සුළ මුළ හෙළිවෙයි…! | සංජය නම් ගම් එක්කම කට්ටියව එළියට ගනී (24.07.2025)

+


කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් වෙයි (24.07.2025)

+


ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ කෝටි ගාණක හොරකම් එළියට..? (24.07.2025)

+


ජනපති සමාවේ රැඳවියාට වසර 07 ක සිර දඩුවම්

(25.07.2025 – hirunews.lk)

නීතියට පටහැනි අයුරින් ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ‘ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න’ නැමැත්තාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල වෛද්‍යවරයෙකු තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ තිස් පහක (35,00,000) පමණ මුදලක් ලබා ගෙන සාදව්‍ය පරිහරණය කිරීමේ චෝදනා දෙකට අදාළවයි.

ඒ අනුව බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිතා කරන ලේඛණයක්, කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාවට විත්තිකාර විත්තිකරුට වසර පහක (5) බරපතල වැඩ සහිත සිර දඬවමක් නියම කල මහාධිකරණ විනිසුරුවරයා, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක (2) බරපතල වැඩ සහිත අනිවාර්ය සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ඊට අමතරව මෙම නඩුවේ පැමිණිළිකාර වෛද්‍යවරයාට මුදලින් රුපියල් ලක්ෂ හතලිහක (40,00,000) වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කෙරුණා ෴


රු. මි. 400 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී රේගුවේ අත්අඩංගුවට

(25.07.2025 – hirunews.lk)

රුපියල් කෝටි 40 ක වටිනාකමකින් යුත් ‘කොකේන් සහ හෂීෂ්’ තොගයක් සමඟ කැනේඩියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) අලුයම 03:30 ට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටායි රාජ්‍යයේ දෝහා සිට පැමිණි 52 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු සතුව තිබී ‘හසීස්’ කිලෝ ග්‍රෑම් 12 ක් සහ ‘කොකේන්’ කිලෝ ග්‍රෑම් 05 ක් සොයා ගැනුණා.

කැනඩාවේ ඔන්ටාරියෝහි පදිංචි මොහු එරටින් මෙම මත්කුඩු තොගය රැගෙන කටාර් රාජ්‍ය වෙත පැමිණ තිබූ අතර ඉන් අනතුරුවයි කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 662 දරණ යානයෙන් මෙරටට පැමිණ තිබුණේ ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *