දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසළදී සෞඛ්‍ය පරිපාලක ඝාතන තැත වරදී
දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසළදී සෞඛ්‍ය පරිපාලක ඝාතන තැත වරදී
(24.07.2025 – hirunews.lk)
දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසළදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) සෞඛ්‍ය පරිපාලකවරයෙකු ඉලක්ක කර අද (24) උදෑසන වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ.
දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී අද (24) උදැසන 09:30 ට පමණ මෙම වෙඩි තැබිම සිදුව තිබුණා.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයෙකු ලෙස කටයුතු කරන ‘භාෂිත සඳරුවන්’ නැමැත්තා ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ පුද්ගලයා අද (24) පෙරවරුවේ සිය කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් පිත්තෝල වර්ගයේ ගිනි අවියක් උපයෝගීකරගනිමින් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වුවත් අදාළ අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.
පසුව සැකකරුවන් දෙදෙනා (2) පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමේ ඉලක්කය වූ ‘භාෂිත සඳරුවන්’ නැමති සෞඛ්‍ය පරිපාලකවරයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සුව සමන්ත’ නැමැති පුද්ගලයාගේ ඥාතියෙකු බවයි බවයි පොලිසිය සඳහන් කළේ.
‘සුව සමන්ත’ගේ විරුද්ධ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3 ක් යොදා තිබෙනවා.
+++
+
2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට ජර්මන් ගිය සබරගමු සරසවි සිසුවෙකු අතුරුදන්වේ
(24.07.2025 – hirunews.lk)
මේ දිනවල ජර්මනියේදී පැවැත්වෙන 2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ ‘විනෝද් සඳරුවන්’, එම ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
ඔහු අදාළ තරගාවලියේ පිරිමි තුන්පිම්ම ඉසව්ව හෙට (25) නියෝජනය කිරීමට සිටි අයෙක්.
රටවල් 150 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,500 කට අධික සංඛ්‍යාවක් මෙවර ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන අතර, ඊට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු (3) ගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටිනවා.
2019 වසරේදී ඉතාලියේ පැවැති ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලදී ද මෙලෙසින් සබරගමුව විශ්ව විද්‍යාලයේම ක්‍රීඩකයෙකු පැනගොස් තිබීම ද කැපී පෙනුණා ෴
මවකගේ සහ දියණියන් දෙදෙනකුගේ (2) මළ සිරුරු ළිඳකින් හමු වෙයි
(24.07.2025 – hirunews.lk)
මුලතිව්, මාන්කුලම්, පනික්කන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳකින් අද (24) දහවල් මවකගේ (1) සහ ඇගේ දියණියන් දෙදෙනකුගේ (2) මළ සිරුරු සොයාගත් බව මාන්කුලම් පොලීසිය පවසනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, පනික්කන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම මව සහ දියණියන් දෙදෙනා (2) ජීවත් වූ නිවසට යාබද ගෙවත්තක තිබූ ළිඳක තිබී මෙම මළ සිරුරු සොයාගත් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි ඌසාකරන් මාලනී සහ ඇගේ දියණියන් වන 11 හැවිරිදි ඌෂාකරන් මික්ෂා සහ 4 හැවිරිදි ඌෂාකරන් සතුෂා යන අයයි.
ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරීවරයාට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව, ඔහු විසින් මාන්කුලම් පොලීසිය දැනුම්වත් කර තිබෙනවා.
එහිදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව මාන්කුලම් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මළ සිරුරු ළිඳෙන් ගොඩගෙන මාන්කුලම් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මෙම මරණ සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් මිනීමැරුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ ෴
“රජයේ බදු නිසා රුපියල් ලක්ෂ 15 ක වාහනයක් ලක්ෂ 60 ක් වෙලා” ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපරික සංගමයේ සභාපති ජගත් රාමනායක
(24.07.2025 – hirunews.lk)
වාහන ආනයනයේදී රජය විසින් පනවා ඇති බදු මුදල් හේතුවෙන් රුපියල් ලක්ෂ 15 ක් පමණ වන වාහනයක මිල රුපියල් ලක්ෂ 60 ක් පමණ වී ඇතැයි ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපරික සංගමයේ සභාපති ජගත් රාමනායක පවසනවා.
ඔහු මේ අදහස් පළ කලේ ‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර තමන් ආනයනය කළ වාහන දෙකක් (2) ශ්‍රී ලංකා රේගුව මගින් අත්තනෝමතික ලෙස රඳවා ගෙන ඇති බව පවසමින් වාහන ආනයන සමාගමක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ඉදිරිපත් කර තිබෙනවා.
සිය සමාගම විසින් නිසි පරිදි බදු ගෙවා නීත්‍යනුකූලව ආනයනය කළ වාහන දෙකක් (2) රේගුව විසින් අනීතික ලෙස රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට එම වාහන මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයන සමාගමක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ වාහන දෙක (2) සිංගප්පූරුව හරහා ආනයනය කිරීමට සඳහා මාර්තු මස 19 වනදා තමන් ණයවර ලිපි විවෘත කළ බවත් ඉන් අනතුරුව එම වාහන ආනයනය කිරීමට අදාල බදු සහ ගාස්තු වශයෙන් රුපියල් 35,564,668 ක් මුදලක් ඉකුත් මැයි මස 26 වැනිදා ගෙවීමට කටයුතු කළ බවත් ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් එම වාහන දෙක රේගුව විසින් අනීතික ලෙස රඳවා ගැනීම නිසා මේ දක්වා රඳවා ගැනීමේ ගාස්තු වශයෙන් තමන්ට රුපියල් ලක්ෂ 23 කට අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
පෙත්සම ඊයේ (23) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර ඉන් අනතුරුව පෙත්සම ලබන 01 වනදා කැදවීමට නියම කළා.
මේ අතර රජය විසින් පනවා ඇති වාහන ආනයනික බදු හේතුවෙන් ආනයනික රථවාහනවල මිල ගණන් සිව් (4) ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපරික සංගමයේ සභාපති ජගත් රාමනායක ‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නා.
+++
+
ඉන්දියාවෙන් දොට්ට දැමූ ‘කංජිපානි’ගේ ළගම ගෝලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
(24.07.2025 – hirunews.lk)
දැනට විදේශගතව සැඟවී සිටින, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ ආධාරකරුවෙකු බව කියන පුද්ගලයෙකු ඉන්දියාවෙන් පිටුවහල් කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+
භාර නොවුණොත් දේපල තහනම් කරනවා – පොලිසියෙන් රෝහිතගේ දියණියට අනතුරු ඇඟවීම්
(24.07.2025 – hirunews.lk)
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඉදිරි දින කිහිපය ඇතුළත පොලිසියට භාර නොවුනහොත්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව පොලිසිය සඳහන් කරනවා.
එසේම ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බවත්, එම කිසිදු ස්ථානයක ඔවුන් සිට නොමැති බවත්, පොලීසිය පවසනවා.
නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කරන ලද වාහනයක් අලෙවි කිරීමේ චෝදනාවකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑනාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.
අප අධිකරණ වාර්තාකරු සඳහන් කළ පරිදි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවලට අදාළව, ඔවුන් දෙදෙනාට (2) මෙලෙස විදෙස් ගමන් තහනමක් පැනවීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබූ බවයි.
සමගි ජන බලවේකගේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතානගේ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කරන ලද ‘ලෑන්ඩ් කෲෂර්’ වර්ගයේ ජීජ් රථයක් ලඟ තබා ගැනීම සහ පරිහරණය කිරීම හේතුවෙන්.
එහිදී සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වූයේ අදාල ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මිලදීගත් එකක් බවයි ෴
+++
මන්ත්‍රී රෝහිතගේ බෑනා අධිකරණයට භාරවෙයි
(24.07.2025 – 12:34 +0530 – sinhala.adaderana.lk)
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ‘ධනුෂ්ක වීරක්කොඩි’ මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.
ඒ, ආන්දෝලනාත්මක ජීප් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4 කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය (19) වනදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාල ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ජගත් විතාන’ගේ පුත්‍රයා වන ‘රසික විතාන’ වන අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.
අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය.
පොලිසිය සැක පළ කරන්නේ එම අනීතික ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවත්ය.
‘ජගත් විතාන’ට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන (2) වරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් ‘රසික විතාන’ ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි ‘රෝහිත අබේගුණවර්ධන’ගේ දියණිය වන ‘රොෂෙල් මෙලනි අබේගුණවර්ධන’ගෙන් තමා අදාල ජීප් රථය මිලදී ගත් බවය.
එම ප්‍රකාශය අනුව පොලීසිය පසුගියදා ‘රොෂෙල් මෙලනි අබේගුණවර්ධන’ගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බව වාර්තා වුණි.
එවන් පසුබිමක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘රෝහිත අබේගුණවර්ධන’ගේ බෑනා වන ‘ධනුෂ්ක වීරක්කොඩි’ අද (24) මතුගම අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් වී තිබුණි ෴
+++
+
බීමට ජලය සොයා පැමිණි අලියෙකු ZD ඇළට වැටෙයි
(24.07.2025 – hirunews.lk)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි අලියෙකු අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ‘ZD ඇළ’ට වැටී තිබෙනවා.
එම අලියා මේ වන විට සැඩ පහරට හසුව කිලෝමීටර් පහක් (5) පමණ ගසා ගෙන ගොස් තිබෙන බවයි වෙහෙරගල වනජීවි නිලධාරීන් පවසනේ.
එම වනජීවි නිලධාරීන් කඹ, ටයර් ආධාරයෙන් අලියා ගොඩට ගැනීම සඳහා උත්සාහ දරන අතර ඒ සඳහා අරල ගංවිල පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ලැබී තිබෙනවා.
+++
+
කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් දැලේ
(24.07.2025 – 17:22 +0530 – sinhala.adaderana.lk)
කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොටුව අධිකරණ පරිශ්‍රය අසලදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, රුපියල් ලක්ෂයක (100,000) අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි ෴
මඩකළපුවේදී 78 හැවිරිදි කතකගේ ගෙල බැඳි මාලය කඩාගන්නා ආකාරය (24.07.2025)
+
රජයේ වාහන වෙන්දේසියේ අක්‍රමිකතාවයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (24.07.2025)
+
ඉවත් කළ ත්‍රිවිධ හමුදාව අද සිට නැවතත් මිහින්තලයට | “වත්මන් ජනපතිගෙන් අපි ඉල්ලීමක් කළා” (24.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴