රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මියයයි
(03.07.2025 – 23:02 +0530 – sinhala.adaderana.lk)
රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මියගොස් තිබේ.
ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර සිටියේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
ඝාතනයට ලක් වූ එම පුද්ගලයා ‘ගණේමුල්ල සංජීව’ගේ සමීපතමයෙකු බව සඳහන් ෴
+++
lankacnews.com :
රාගම බටුවත්ත මිහිඳු මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී ඇත. මෙම සිදුවීමෙන් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේල ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘ආමි උපුල්’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර ඇති බවය ෴
සංගා-මහේල සංරක්‍ෂිත කලාපයක අක්කර 400ක ඉස්සන්-කකුළුවන් ගොවිපලක් දාලා කියා පරීක්‍ෂණ ඉල්ලයි..
(03.07.2025 – 22:02 +0530 – lankacnews.com)
හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400 ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදු කරන බව ‘පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය’ චෝදනා කරයි.
මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකන බවත් එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණ කළ යුතු බවත් ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
+
කොටහේනේ දැරියගේ විමර්ශන යට ගහලා | ස්ටාලින් සෙට් එකක් එක්ක ඇවිත් පොලිස් මුලස්ථානය ළඟ විරෝධතාවයක (03.07.2025)
+
Online ගෙන්නපු බඩු Delivery පරක්කු වෙන්න හේතුව මෙන්න (03.07.2025)
+
බැඳුම්කර වංචාවටත් වඩා විශාල වංචාවක් (03.07.2025)
+
ආණ්ඩුව අතයටින් ගහපු ඩීල් එක මාට්ටු (03.07.2025)
+
අමානුෂික ලෙස පහර දී රථය පැහැරගත් සීසර්ලා – “පිහියකින් ඇන්නා….අයියේ ලේ යනවා…මට පණ නෑ” (03.07.2025)
+++
+
කෘෂිකර්ම අමාත්‍යංශයේ සුපිරි ගැහිල්ලක් | අනුරාධලා CIDය පැමිණිලි කරයි | ආණ්ඩුවටත් හොඳම එකෙන් අමතයි (03.07.2025)
+
බූස්ස කියන්නේ වද කඳවුරක් | සුදේශ්ලා සේනකලා කට්ටියක් එක්ක ඇවිත් බූස්සට STF එපා කියා දාපු සද්දේ (03.07.2025)
+
‘පරාටේ නීතිය’ කඩිනමින් වළක්වන්නැයි ව්‍යවසායකයින් ඉල්ලයි
(03.07.2025 – hirunews.lk)
‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නැයි විවිධ ව්‍යාපාරවල නිරතවන ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලා සිටිනවා.
රට තුළ ඇති වු ආර්ථික අර්බුදයත් සමඟ ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට අසමත්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපළ බැංකු වෙත පවරා ගැනීමට හැකි පරාටේ නීතිය තාවකාලිකව බල රහිත කිරීමට පැවති රජය සහ වත්මන් රජයද අවස්ථා කිහිපයදී පියවර ගත්තා.
ඒ සඳහා ලබා දී තිබු සහන කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වූ අතර, ණය ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ගේ දේපළ පවරා ගැනීමේ බලය මේ වන විට බැංකු වෙත හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පවසන්නේ එම කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලීම් කළත් ඊට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි.
ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (02) පැවති අතර, එම සාකච්ඡාවට රාජ්‍ය හා වානිජ බැංකු නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා ෴
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් අපේක්‍ෂා රෝහලට පස් මහල් ගොඩනැගිල්ලක් .. ඇරඹීම නලින්ද අතින් ..
(04.07.2025 – 08:02 +0530 – lankacnews.com)
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් (5) ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවත් සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60 ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත් එය විශාල ගැටළුවක් බවත් සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එය ද ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටළු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බව ද මෙහි දී පැවැසීය. මින් ඉදිරියට රජය අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරන බව සඳහන් කළ ඇමතිවරයා ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බව ද පැවසී ය.
මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම් 35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයන බවත්, ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සඳහන් කළේ ය.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (Linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරන බව ද පැවසී ය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (Linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (Linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බව ද පැවසී ය.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරන බවත්, මේ සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරන බවත්, රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි යම් සංශෝධනයන්ට යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි. කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, යන මහත්ම මහත්මීන් ඇතුළුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴