හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට වෙඩි – අයෙක් මරුට
(03.07.2025 – 11:15 +0530 – sinhala.adaderana.lk)
කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඳාන පොලිසිය ඉදිරිපිටදී අද (03) උදෑසන 10 ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) විසින් ටී-56 ගිනිඅවියක් වෙඩි ප්‍රහාරයක් එල්ලකරනු ලැබ තිබුණි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු (2) තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී එක් (1) අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
පොලීසියේ පැවසුවේ, මෝටර් රථයේ ගමන් කළ ‘හිටපු අමාත්‍ය මංගල සමරවීර’ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ‘සමීර මනහර’ හෙවත් ‘වැලි සමීර’ නැමැත්තා වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවය.
ඔහුට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවූව ද තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කළේය.
වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ පුද්ගලයා ‘උපාලි අමුණුවිල’ නැමැත්තෙක් වන අතර ඔහු ‘සමීර මනහර’ නැමැත්තාගේ මස්සිනා බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා (2) කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් නැවත සිය නිවසට යමින් සිටින අතුරදී එනම් ඔවුන්ගේ නිවසට මීටර 500 ක් පමණ දුරකදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.
+++
+++
+
දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන දැඩි තීරණයක්
(03.07.2025 – 13:00 +0530 – sinhala.adaderana.lk)
දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.
ඉදිරි මාස දෙකක (2) කාලය ඇතුළතදී එමඟින් ලබාදෙන නිර්දේශ අනුව දරුවන්ගේ සෞඛ්‍යයට එල්ල කරන එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම සඳහා ගතහැකි උපරිම තීන්දු තීරණ ගන්නා බව කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ :
“උණු වතුර දාන්න හොඳ නැති ප්ලාස්ටික් බෝතල්වලටත් වතුර දානවා. ලෝකය මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සැලකිලිමත්වෙලා තියෙන ආකාරය ඒවායේ අඩංගු පිළිකාකාරක පිළිබඳ අවධානය යොමුකරලා තියෙනවා. වෙළෙඳපොළේ කරපු පරීක්ෂණවලදී අවදානම් සහිත බරපතල තත්ත්වයන් වාර්තාවෙලා තියෙනවා. අපි තීරණයක් ගත්තා ඉදිරි මාස දෙකක් තුළ මේ ගැන දැඩි තීරණ ගන්නවා. ආනයනකරුවන්, නිෂ්පාදකයින් ගෙනැල්ලා ඔවුන්ට කරුණු කියනවා. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් අපි පත්කරනවා. ඒ කමිටුවට සියලුම පාර්ශ්වයන්ට ඇවිත් කරුණු කියන්න පුළුවන්. අපි මාස දෙකකට (2) පසුව එන වාර්තාවෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම තීරණ ගන්නවා.”
+
තැන තැන හමුවෙන නාඳුනන මළ සිරුරු
(03.07.2025 – 10:40 +0530 – sinhala.adaderana.lk)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු කිහිපයක් හමු වූ බව පොලීසිය පවසයි.
බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේ තේ වත්තක තිබී එක් පිරිමි පුද්ගලයෙකුගේ මෘතශරීරයක් හමු වී ඇති අතර ඔහු වයස අවුරුදු 73 ක පමණ පුද්ගලයෙක් වන බව සඳහන් වේ.
අදාළ පුද්ගලයා කළුපාට කබායක් සහ රතු පාට ඉරි සහිත සරමක් හැඳ සිට තිබේ.
එමෙන්ම මන්නාරම පොලිස් වසමේ ඔලුතුඩුවාව මුහුදු වෙරළේ තිබී ද පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.
එම මෘත ශරීරය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බව පොලීසිය පැවසුවේය.
එමෙන්ම ගල්කිස්ස වෙරළ තීරයේදී ද නාඳුනන මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි ෴
භූ දේශපාලන ගණිකාවන් සමඟ ලැග්ගම හැදෙන්නේ ඩොක්යාඩ් සමාජ රෝග – ඉරානය වෙනුවෙන් විමල් කළ කථාව (03.07.2025)
+
තරුණියකගේ ගෙල කපා ඝාතනය කර ගෙල බැඳි රන් මාලය සොරාගෙන
(03.07.2025 – hirunews.lk)
රත්නපුර – කුරුවිට, දෙවිපහළ – දොඩන්ඇල්ල ප්‍රදේශයේදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කර ඇගේ ගෙල බැඳි රන් මාලය රැගෙන ගොස් තිබෙනවා.
හේන්යාය ගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් ඊයේ (02) මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඇය කුරුවිට ප්‍රදේශයේ පුද්ගලික මැණික් ඔප දැමීමේ ආයතනයක සේවය කරන අතර සේවය අවසන්ව නිවසට යමින් සිටියදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
ඝාතනය සිදු කළ තැනැත්තා තවමත් අත්අඩංගුවට ගෙන නැහැ ෴
+++
+
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සැකකරුවන් තිදෙනෙකු (3) පොලිසිය භාරයට
(03.07.2025 – hirunews.lk)
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සැකකරුවන් තිදෙනෙකු (3) අද (03) ශ්‍රී ලංකාව භාරයට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඉන්දියාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ ෴
කුරුණෑගල ගින්නක් මැඩ පවත්වයි
(03.07.2025 – hirunews.lk)
කුරුණෑගල – වඳුරාගල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
හදිසියේ හටගත් එම ගින්න මැඩ පවත්වා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඒ සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යෙදවූ බවයි කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ෴
+++
+
කහවත්තේ වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වයක්
(03.07.2025 – hirunews.lk)
කහවත්ත – පලංසූරියගම ප්‍රදේශයේදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීම සදහා පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කහවත්ත – ඇන්දාන ප්‍රදේශයේදී මාංචු දමා දණගස්සවා වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.
ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් ඝාතනයට චෝදනා එල්ල වී ඇති පලංසූරියගම ප්‍රදේශයේ පදිංචි ‘අමිත’ නැමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී පොලිසිය සමග ඇතිවූ නොසන්සුන්තාවයත් සමගයි මෙලෙස කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ.
+++
+
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්
(03.07.2025 – hirunews.lk)
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු ජූලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී ලෙස මෝටර් රථ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි සඳහන්.
මෙම ව්‍යාපාරිකයා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් නිකුත් කෙරේ
(03.07.2025 – hirunews.lk)
2026 වර්ෂයේ පාසල්වල පළමු (1) ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළව අයදුම්පත් හා උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබෙනවා.
අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2025 අගෝස්තු 04 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2025 ජූනි 30 දිනට වලංගු වන අතර ජුනි 30 දිනට පැවතිය යුතු සුදුසුකම එදිනට සපුරා ඇත්නම්, ඒ බව තහවුරු කිරීම සඳහා අයදුම්පත සමඟ ඉදිරිපත් කරනු ලබන ලේඛන අයදුම්පත් බාරගන්නා අවසන් දිනට හෝ ඊට පෙර දිනයකදී නිකුත් කර ඇත්නම් එම ලේඛන වලංගු ලේඛන සේ සලකා බලනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මීගමුවේත් වෙඩිතැබීමක්
(03.07.2025 – 14:02 +0530 – sinhala.adaderana.lk)
අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (03) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පවසා සිටියේ, මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති බවය.
මෙම පොලිස් වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් (1) අයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.
මේ අතර අද (03) පෙරවරුවේ කඳාන පොලීසිය ඉදිරිපිටදී ද නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්විය.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴