උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීමට රජයෙන් ශිෂ්‍යත්ව
උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීමට රජයෙන් ශිෂ්‍යත්ව
(02.07.2025 – 12:21 +0530 – sinhala.adaderana.lk)
උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ‘ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් – දියුණු මානව සම්පතක්’ නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථවත් කිරීම උදෙසා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාවල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව රජය පවසයි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකෙරෙන විදේශීය විශ්වවිද්‍යාල වෙතින් උපරිම වසර 04 ක් සඳහා උපාධි පාඨමාලා සම්පුර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යෝජිතය.
එම වැඩසටහන මඟින් පස් අවුරුදු (5) සැලැස්මක් යටතේ සිසුන් 200 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20 ත් 50 ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළම ඉසෙඩ් අගය (z–score) සහිත සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි.
එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත ප්‍රවීණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදුකරනු ලබයි.
ඒ අනුව, යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ ෴
රන්සෑගොඩ ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ ගින්න (01.07.2025)
+
කුරුණෑගල හෝටල් හිමියා ඝාතනය කළ ඝාතකයාගේ පාපොච්චාරණය | “උගේ ගෑනි මාව දැක්කා සර්, ගෙන්නලම ඉවරයක් කළා” (01.07.2025)
+
විමල් වීරවංශගේ මාධ්‍ය හමුව (01.07.2025)
+
සුපිරි වෙළෙඳසැලක කළ මහා සොරකම… සීසීටීවී දර්ශන මෙන්න (02.07.2025)
+
න්‍යෂ්ටික අනතුරකදී විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කෙරේ
(02.07.2025 – 15:39 +0530 – sinhala.adaderana.lk)
න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ.
මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය යටතේ ක්‍රියාත්මක වෙයි.
බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ, අවට රටවල න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ස්වභාවික හෝ කෘතිම අනතුරු හේතුවෙන් මෙරටට ඇතුළුවිය හැකි විකිරණ හඳුනා ගැනීම සඳහා බවය.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලයේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න මහතා පවසන්නේ දිවයින පුරා ස්ථාන 05ක එනම්, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් මෙම පද්ධති ස‍්ථාපනය කර ඇති බවය ෴
ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්
(02.07.2025 – 13:12 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.
මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.
ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.
එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.
ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.
+
යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා
(02.07.2025 – 10:53 +0530 – sinhala.adaderana.lk)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.
ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා (2) රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.
ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.
එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.
ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක (3) ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ ෴

අනුරපුර රෝහලේ කසළ කඳු මල්වතු ඔයට? – සායනික කසළ නිසා මහජන සෞඛ්‍ය අනතුරේ! (02.07.2025)
+
සටන අත් නොහරින දයාසිරි… අද තවත් හෙළිදරව්වක්.. නිෂ්කාශන ප්‍රමාදය ගැනත් කියයි (02.07.2025)
+++
+
දරුවන්ට සිදුවන අනතුරු… අවම කර ගැනීමට උපදෙස් (02.07.2025)
+
කේබල් අත්වැටේ එහා මෙහා යන අපේ මිනිස්සු..”අවුරුදු 20 ක් විතර අපි මේකේ යනවා” (02.07.2025)
+
පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග (02.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴