කුරුණෑගල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
කුරුණෑගල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
(30.06.2025 – 14:57 +0530 – sinhala.adaderana.lk)
මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක දී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය ජුනි 26 වන දින දහවල් මහව, දියබැටේ කැළෑබඳ ප්‍රදේශයක කාර් රථයක් තුළ පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බවය.
ඒ අනුව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව මියගිය පුද්ගලයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහු සන්තකයේ තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථනය හා මුදල් රැගෙන පලාගොස් ඇතැයි අනාවරණය වී ඇත.
රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදල් ප්‍රමාණයක් ද, රුපියල් ලක්ෂ 48 ක් පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ සමග ඊයේ (29) දොරටියාව සහ මහව ප්‍රදේශයේ සිටිය දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 19 සහ 27 යන වයස්වල පසු වන මහව සහ පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
පිළිස්සී මියගිය ව්‍යාපාරිකයා ගෙල සිරකර ඝාතනය කර පුළුස්සා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබුණි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුරුණෑගල, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
කැළැබද ස්ථානයක වාහනයක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බවට හව පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී තිබූ අතර, එහි ගිය පොලිස් නිලධාරීන්ට ජීප් රථයක ඉදිරිපස අසුනේ තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබුණි.
එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිය විසින් පසුගිය 25 වැනිදා දොරටියාව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.
ඔහුගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ඔහු තම කොණ්ඩය කපන්නට බව පවසා එදින නිවසින් බැහැරට ගොස් ඇති බවය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට
(30.06.2025 – 13:30 +0530 – sinhala.adaderana.lk)
හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය.
පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් ප්‍රමාණයේ බර ග්‍රෑම් 156.07 ක් වන බව පැවසූ පොලීසිය පැවසුවේ අදාළ වෙඩි බෙහෙත් ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවය.
මෙම වෙඩි බෙහෙත් අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවද පොලීසිය පැවසීය.
සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම පුපුරණ ද්‍රව්‍ය කන්තලේ ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කළ බවය.
ඒ අනුව වෙඩි බෙහෙත් තොගය එම ප්‍රදේශයට රැගෙන යන්නේ කුමක් සඳහාද යන්න හබරණ පොලීසිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
සැකකරු සහ එම ලොරි රථය අද දින බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය ෴
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදෙයි
(30.06.2025 – 11:01 +0530 – sinhala.adaderana.lk)
2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය.
ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේය.
එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියම කළේය.
එම අවස්ථාවේදී විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරදක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.
එහිදී විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසය.
ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11 ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සංඛ්‍යාව 05 කි.
සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර තිබේ.
+
විශ්‍රාමික ගුරුවරියට මරු කැඳවූ අනතුර
(30.06.2025 – 10:08 +0530 – sinhala.adaderana.lk)
විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති අතර, ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පොකුණුවිට, හංසඋයන පදිංචිව සිටි පි.ඒ. සුමනාවතී නම් 62 හැවිරිදි තිදරු මවකි.
යතුරුපැදිය පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා ආබාධිත සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අද (30) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
https://www.youtube.com/watch?v=2QIri1qOXP4
රුපියල් කෝටි 02 ඉක්මවූ කේරළ ගංජා තොගයක් වත්තලින් හසුවෙයි
(30.06.2025 – 07:11 +0530 – sinhala.adaderana.lk)
වත්තල පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39 කට ආසන්න ‘කේරළ ගංජා’ තොගයක් වත්තල පොලීසිය සොයාගෙන තිබේ.
ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇති අතර පොලීසිය පැවසුවේ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 ඉක්මවන බවය.

වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත් අදාළ වැටලීමේදී සැකකරුවන් 6 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක, කැලණිය දිස්ත්‍රික් භාර ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි වත්තල ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා සහ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංග මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
බදු නිසා මුද්‍රිත පොත් මිල සියයට 20 කින් ඉහළට
(30.06.2025 – 07:03 +0530 – sinhala.adaderana.lk)
එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව ‘ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය’ පවසයි.
‘ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරය’ට එක්වෙමින් ‘ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති’ සමන්ත ඉන්දීවර මහතා මේ බව ප්‍රකාශ කළේය.
“20% ක් ඒ කියන්නේ 5 න් එකක පමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15% ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 – 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3% ක් විතරයි. මේ කාරණා දෙක (2) තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර කලින් අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ඇවිත් තියෙනවා වැට් සම්බන්ධයෙන් ඒ අය යම් විශ්ලේෂණයක් කරගෙන යන ගමන් ඉන්නේ ඉන් පසුව පිළිතුරක් ලබාදෙනවා කියලා.”
‘ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ අනුශාසක’ ගාමිණී මොරගොඩ මහතා ද ඒ සම්බන්ධයෙන් මාධ‍්‍යට මෙලෙස අදහස් පළ කළේය.
“ලෝකයේ කිසිම රටක අය කරන්නේ නැති වැට් බද්දක් අපේ පොත් සඳහා අයකරනවා. ලංකාවේ අවුරුදු 75 කට තිබුණේ නැති වැට් එකක් 2024 ජනවාරි මාසයේ ඉඳලා අයකිරීම පොත් ව්‍යාපාරයේ විනාශයට හේතුවෙලා. මේක ඉස්සරහටත් තිබුණොත් දරුවෙකුට පොතක් මිලදී ගැනීමට නොහැකි වෙනවා.”
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴