දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්


දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

(24.06.2025 – 16:21 +0530 – sinhala.adaderana.lk)

‘දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ’ නම භාවිත කරමින් ‘ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක්’ සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට ‘දෙහිවල ජාතික සත්වෝද්‍යානය’ට පැමිණිලි ලැබෙන බවය.

මෙම ෆේස්බුක් ගිණුම සමග දෙහිවල සත්වෝද්‍යානයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වාදෙන එම සත්වෝද්‍යානය සඳහන් කර ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවත්වන බවත් එම දිණුම් ඇදීම අවසානයේ ජයග්‍රාහකයින්ට විවිධ ත්‍යාග ලබා දෙන බවත් ආදී වශයෙන් පවසමින් මෙම මුදල් ලබා ගැනීම් සිදුකරන බවට පැමිණිලි ලැබුණු බවය.

ඒ අනුව ලිපියක් මගින් එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත දැනුම් දී ඇත්තේ නොමද ආකර්ශනයක් හිමි වී ඇති ‘දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කීර්ති නාමයට හා විශ්වාසනීයත්වයට’ හානි වන මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය.

ඒ අනුව සිදුවන සමාජ මාධ්‍ය මගින් සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් සිදුකරනු ලබන මෙම මුදල් වංචාව සම්බන්ධව අවධානය යොමු කරමින් මෙය හැකි ඉක්මනින් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්’ ඉල්ලීමක් කර තිබේ ෴


ලංකාව අගාධයට වැටෙන ලකුණු.. (24.06.2025)

+


නිවිතිගල විදුලි මර උගුලක් | මරණයක් වෙනකම්ද දෙයියනේ බලන් ඉන්නේ | ගිහින් කිව්වත් නිලධාරීන් බුදි (24.06.2025)

+


“ඔයාලගේ වැරදිවලට මමද ගෙවන්න ඕන – ඇයි අනේ” – Waterbord එකේදී තරුණියක් සුපිරි ගේමක් ඉල්ලයි

+


ජ’පුර ඩොක්ටර් නෝනාගේ තවත් රැඟිළි මෙන්න (23.06.2025)

+


සරසවි වදකයින්ට වැඩ වරදී! නවක වදයේ අග සිට මුලට කතාව මෙන්න (23.06.2025)

+


සිරිලිය ගිණුමේ අත්භූත කෝටි 08ක් – ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට? (23.06.2025)

+


සම්පත් බැංකුවේ මැනේජර්ගේ සුපිරි ගේම | මැනේජර්ගේ නොනාගේ එකවුන්ට් එකෙත් මගේ සල්ලි | හඩ පටත් ලීක් (22.06.2025)

+


න්‍යෂ්ටික අවියේ බොරු නාඩගම එළිවෙයි | ඉරානයට ගහලා තියෙන්නේ චීනය බය කරගන්න ට්‍රම්ටත් ගෙදර යන්න වෙයි.. (23.06.2025)

+


ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

(24.06.2025 – hirunews.lk)

වෙළඳසැලක විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයකුට පහරදී තිබෙන බව බණ්ඩාරවෙල පොලීසිය පවසනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ සේවකයා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත්කර තිබෙනවා.

මෙසේ රෝහල්ගතකර ඇත්තේ කහගොල්ල, දියතලාව පදිංචි විදුලිබල මණ්ඩලයට අනුයුකතව රාජකාරි කරන අයෙක්.

වැලිමඩ පාර, බණ්ඩාරවෙල පිහිටි වෙළදසැලක විදුලිය විසන්ධි කිරිම සඳහා පැමිණි සේවකයෙකුටයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

එම ස්ථානයට පැමිණි සේවකයින් අතර සිටි අයෙකු හා වෙළඳසැල් හිමියා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව කඩ හිමියා විසින් පහරදීම සිදුකළ බවයි පැවසෙන්නේ ෴


බිරිඳට, නැන්දම්මාට සහ නෑනාට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියා අත්අඩංගුවට

(24.06.2025 – hirunews.lk)

බිරිඳට, මවට සහ නැඟණියට පෙට්‍රල් දමා ගිනි තබා පොල්ලකින් හිසට පහරදී තුවාල කළ සැමියෙකු පිළිබඳව වාර්තා වනවා.

පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනාම (3) මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගේ බිරිඳ වන 28 හැවිරිදි දෙදරු මවට හා බිරිඳගේ මව සහ නෑනා යන දෙදෙනාට (2) යි මෙසේ පෙට්‍රල් දමා ගිනි තබා ඇත්තේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මේ අපරාධය සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. මොරටුව, අංක 02 ධීවර නිවාස, 08 වන පටුමග, ලුනාව ප්‍රදේශයෙන් අද (24) පස්වරු 12:20 ට පමණ සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පැවසුවේ.

බිරිඳ විදේශගතව සිට මීට මසකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර නැවත විදේශගතවීම සඳහා කටයුතු සූදානම් කරමින් සිට තිබෙනවා.

ස්වාමිපුරුෂයා එයට විරෝධතාවය දක්වා ඇති අතර ගැටලුව උසාවිය දක්වා ගොස් තිබෙන බව පැවසෙනවා.

ඒ අනුව සියලුම දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් නැවත නිවසට පැමිණීමෙන් පසුවයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.

මෙම සිදුවීමෙන් සැකකරුගේ බිරිඳ සහ නැන්දම්මා බරපතල තත්ත්වයෙන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

මේ අතර සැකකරු ‘බිරිඳ විදේශගතවීම ඇසිඩ් ගසා හෝ නවතා දමන බව’ට කිහිපදෙනෙකුටම පවසා ඇති බව වාර්තා වනවා.

සැකකරු සිවිල් ආරක්ෂක භටයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි මොරටුව පොලිසිය පවසන්නේ ෴


පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට පොලීසියෙන් කන පැලෙන්න ගහලා | අසරණ මව රෝහල ළඟ කඳුළු සලයි (24.06.2025)

+


ලබන මාර්තු වෙද්දී අර්බුදය වෙනවා, මේ වගේ තක්කඩි ගොන් කතානේ මෙයාලා කියන්නේ, මොන ගොන් ආණ්ඩුවක්ද මේ? (24.06.2025)

+


ආණ්ඩුව මහ ගොබ්බ උත්තර දෙන්නේ | මම ආණ්ඩුවට අභියෝග කරනවා | දිලිත්ට ආණ්ඩුව එක්ක හොඳටම මලපනී |දෙනවා රිදෙන්නම (24.06.2025)

+


හිටපු ලොක්කියකගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඇය වමාරයි.. හිටපු ලොක්කෙක් අමාරුවේ..

(25.06.2025 – 10:40 +0530 – lankacnews.com)

ගැබ්බර කිරි ගවයන් 15,000 ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7 ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස 2018 වසරේදී ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය වන ජාතික පොලිස් කොමිෂන් සභාවේ මේ වන විට සාමාජිකාවක ලෙස කටයුතු කරනු ලබන ‘රේණුකා ඒකනායක’ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) සහ පෙරේදා (23) දිනවලදී දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

මෙම කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සිදු කර ඇත්තේ එකල පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කිරි ගවයන් 20,000 ක් මෙරටට ආනයනය කර කිරි ගොවීන්ට බෙදා දීම සඳහා එකල කැබිනට් අනුමැතියක් ද ලැබී තිබී ඇත. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 73.9 ක විදේශ ණයක් ද ගෙන ඇති බව සඳහන්ය.

ඊට අනුව අවස්ථා දෙකකදී කිරි ගවයන් 3000 ක් සහ 2000 ක් මෙරටට ආනයනය කර ඇත. ඉතිරි කිරි ගවයන් 15,000 ගෙන්වීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ණය මුදල ගෙන ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ වන විට ආනයනය කර තිබුණු කිරි ගවයන් රැසක් ගොවිපොළවලදී විවිධ රෝගයන්ට ගොදුරු වීමෙන් මිය යෑමත් අපේක්ෂිත කිරි ප්‍රමාණය නොලැබීමත් සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබී ඇත. ඒ වන විට ආනයනය කර තිබුණු කිරි ගවයන් රුපියල් ලක්ෂ 4 ත් – 5 ත් අතර මිලකට කිරි ගොවීන්ට අලෙවි කර ඇති බව ද සඳහන්ය.

නෙදර්ලන්තයෙන් ගත් ණය මුදල අදාළ සමාගමට දුන්නද ඒ වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු කිරි ගවයන් 15,000 න් කිසිදු කිරි ගවයකු මෙරටට ලැබී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එහෙත් නෙදර්ලන්තයෙන් ගත් ණය මුදල මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ජනතාවගේ බදු මුදලින් එම ණය ගෙවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙරටට ආනයනය කළ කිරි ගවයන් ද රෝගී සතුන් බවත් එම සතුන්ට වැලඳී තිබුණු රෝගය මෙරට ගවයන්ට වැලඳෙන රෝගයක් නොවන බවත් එකල අනාවරණය වී තිබී ඇත. ඒ අනුව සැක කරනු ලබන්නේ රෝගී කිරි ගවයන් මෙරටට ආනයනය කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයේදී අවධානය යොමුව ඇති බව සඳහන්ය. මෙම කිරි ගවයන් ආනයනය සම්බන්ධයෙන් අදාළ ඔස්ට්‍රේලියානු සමාගම හා ගිවිසුම්ගත වන්නේ 2014 වසරේදී එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මඟිනි. ඒ සම්බන්ධයෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විගණකාධිපතිවරයා දුන් නිර්දේශ කිසිවක් තැකීමකට ලක් නොකර කැබිනට් අනුමැතිය ද ඒ සඳහා එකල දී ඇති බව සඳහන්ය.

කිරි ගවයන් 5000 ක් අවස්ථා දෙකකදී ගෙන්වා ඇත්තේ 2017 සහ 2018 වසරවලදීය.

මෙම කිරි ගව ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත් එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන එවකට විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දුන්න ද එම ව්‍යාපෘතිය කරගෙන යන ලෙස තමන්ට අමාත්‍යවරයා උපදෙස් දුන් බවත් රේණුකා ඒකනායක මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බව සඳහන්ය.

මහින්ද අලුත්ගෙදර

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *