රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි
(16.06.2025 – hirunews.lk)
වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් මාස 14 ක් වයසැති සිගිත්තෙකු මිය ගිය බවට චෝදනා කරමින් ‘හැටන් ෂැනන් වතුයායේ’ වතු කම්කරුවන් පිරිසක් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නියැලිය.
මෙසේ මිය ගොස් ඇත්තේ ‘හැටන් ෂැනන් වතුයායේ’ පදිංචි ලිවස්කර් ඩික්ශන් නැමති මාස 14 ක් වයසැති සිගිත්තෙකුය.
ඊයේ (15) රාත්‍රි 09:00 ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව එම සිගිත්තාව ‘වතු රෝහල’ට රැගෙන ගිය අවස්ථාවේ වතු රෝහලේ වෛද්‍යවරයා එහි නොසිටි නිසා රෝගී වු සිගිත්තාව ‘දික්ඔය මූලික රෝහල’ වෙත වතුයායේ ලොරි රථයෙන් රැගෙන යාමට උත්සහ කලද එහි රියදුරු නොසිටි නිසා පසුව පෞද්ගලික වාහනයකින් ‘දික්ඔය මූලික රෝහල’ වෙත දරුවා රැගෙන ගොස් තිබෙනවා.
එලෙස දරුවා රැගෙන යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දරුවා පෙන්නූ බවත්, එහිදි එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කල නිසා යළිත් දරුවා ‘දික්ඔය මූලික රෝහල’ වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි දරුවාගේ මව්පියන් පවසන්නේ.
එහිදී දරුවා පරික්ෂාකළ වෛද්‍යවරුන් දරුවා මිය ගොස් ඇති බව පැවසූ බවද විරොධයේ නියැලුනු දරුවාගේ දෙමව්පියන් සහ වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.
තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියා නොකරන බවද උද්ඝෝෂණයේ නිරත වතුකම්කරුවන් කියා සිටියේ.
වතුකම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප වතුපාලන අධිකාරියෙන් කරුණු විමසීමට උත්සහ කලත් එය ව්‍යාර්ථ විය.
මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර, එහිදි දරුවා ‘කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බව’ තීරණය කර ඇත.
+++
+
වෙන්නප්පුව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට
(16.06.2025 – hirunews.lk)
වෙන්නප්පුව – උල්හිටියාව, පැබ්රෝනියා මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක මුරකරු ඝාතනය කර වෑන් රථය පැහැරගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) සීදුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ නිවස තුළ අතපය ගැටගසා ඝාතනය කළ මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය 13 වැනිදා රාත්‍රී කාලයේදීයි.
එම නිවසේ හිමිකරු විසින් පොලිසියට කළ දැනුම්දීමක් මත නිවසේ කාමරයක ඇඳක් යට දමා ගොස් තිබූ මෙම මළ සිරුර සොයාගෙන තිබූ අතර පසුව අනාවරණ වුණේ මුරකරු මෙලෙස ඝාතනය කර ඇති බවයි.
නිවසේ තිබූ රුපියල් 2,60,00,000 පමණ වටිනා වෑන් රථයක් ද ඝාතකයින් විසින් පැහැරගෙන ගොස් තිබුණා.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී පොලීසිය අදාළ සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් අතර, අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන ඔවුන් එකම පවුලේ සහෝදරයින් බවට අනාවරණය වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් අදාළ වෑන් රථය රැගෙන ගොස් විකුණා මුදල් සොයාගැනීමට උත්සහ කළ බවයි ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් හෙළිකර ඇත්තේ.
මුරකරු වෑන් රථයේ යතුර ඉල්ලූ විට ලබා නොදුන් නිසා ඝාතනය කළ බව ද සැකකරුවන් පාපොච්චාරණය කර තිබෙනවා ෴
+++
+
කසිප්පුවෙක් ඇල්ලුවාට මාලිමා මන්ත‍්‍රී තර්ජනය කලැයි පොලිස් නිලධාරියෙක් රස්සාව අතහරී..
(16.06.2025 – 15:00 +0530 – lankacnews.com)
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව පොලිස් සැරයන්වරයකුට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.
මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමක් බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අදාළ මන්ත්‍රීවරයා, “කවුද ඔය පොලිසියේ අජිත් කියන්නේ මිනිසුන්ට බොරුවට කසිප්පු නඩු දාලා, කනටත් ගහලා මේ සිද්ධිය ඕඅයිසී මහත්තයා ඔයා දන්නේ නැද්ද?” යනුවෙන් විමසා ඇති බව සඳහන් වේ.
එදින සවස හයට (06:00) පමණ පොලිස් සැරයන් අජිත් තමා හමුවට පැමිණ, මන්ත්‍රීවරයා තම ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන තමාට පරුෂ වචනයෙන් බැණ වැදී “උඹ දඟලන්න හදන්න එපා, උඹව මම වවුනියාවට යවනවා දැනගනින්” යැයි පවසා තර්ජනය කළ බව ප්‍රකාශ කර ඇත.
කසිප්පු ජාවාරම්කාරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙම තර්ජනයට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම බැණ වැදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගෙන් සහ එම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඊට අමතරව, මෙම සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියකුගෙන් සහ සිවිල් පුද්ගලයකුගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇති බව කළුතර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මේ සම්බන්ධව කරන ලද විමර්ශනවලට අදාළව මත්පැන් ජාවාරම්කරුගේ පෙර වැරදි ඇතුළත් තොරතුරු මතුගම සහ ඉත්තෑපාන පොලිසිවලින්ද කැඳවා තිබේ. මන්ත්‍රීවරයා පොලිස් සැරයන්වරයාට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතව ඇත.
තවද, මෙම සිද්ධිය පාදක කොටගෙන අදාළ පොලිස් සැරයන්වරයා විශ්‍රාම යාමේ ලිපිගොනු භාරදීමේ සූදානමක් පවතින බවට වැඩිදුරටත් දැනගන්නට ඇත ෴
වි.සේ.නි.කා යක්කු එළවන්න සිවිල් බුද්ධි පෙරමුණෙන් තොවිලයක් | ජනපතිටත් ලිපියක් | සාමාන්‍යාධිකාරීට චෝදනා (16.06.2025)
+
කන්ටේනර් සිද්ධිය තවත් ඇවිලෙයි | බිමල්ට හිරබත් කවන්න දයාසිරිගෙන් අළුත් මෙහෙයුමක් | මෙන්න දයාසිරි කිව්ව දේ (16.06.2025)
+
ලොතරැයි ජාවාරමේ සුලමුල එළියට | හොර ලොතරැයි තොග විකුණපු පුද්ගලයා හොර ටිකට් ගොන්නකුත් එක්කම මාට්ටු (16.06.2025)
+
රජයේ නිලධාරිනුත් දැන දැනම ඇස් කන් වහගෙනම ඉඳලාද ? ජයටම කරගෙන ගිය ජාවාරම SFTඑකට මාට්ටු (16.06.2025)
+
රුපියල් මිලියන ගණනින් මුදල් ගිල්ල එටයි සමාගමේ දීපා | හොර පාරෙන් කොළඹ මහනගර සභාවට | තදවුණු ජනතාව කොළඹ ගිනිතියයි (16.06.2025)
+
කොළඹ, රත්මලාන හා යාපනය අතර සෘජු ගුවන් සේවාවක් ඇරඹෙයි
(16.06.2025 – dasathalankanews.com)
කොළඹ, රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට, ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්, දේශීය වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ, ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය (Air Craft Operation Certificate) අද (16) දින පිරිනමා තිබෙනවා.
මෙම ගුවන් ගමන සඳහා පැය 01 යි මිනිත්තු 20 ක කාලයක් ගත වන අතර මේ සඳහා මෙම ගුවන් සමාගම, සෙස්නා 280 ගුවන් යානයක් සූදානම් කර ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදි වෙමින් පවතින අතර, එහි වැඩ කටයුතු නිමවූ පසුව, විදේශීය රටවල ගුවන් මගීන්ට, එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සලසා ගත හැකියි.
එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගත හැකි බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම, කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී සිදු වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා විසින් සීමාසහිත ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගමේ බලයලත් කළමනාකරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඕ.ඩී.එන්.එල්.පෙරේරා මහතා වෙත සිදු කෙරුණා ෴
ඊළඟ උපත තීරණය වන්නේ කොහොමද? නිළි රැජින දැන් කොහේද? ලසිත් සහ සංගාට මොකද වෙන්නේ? (17.06.2025)
+
රෝහලක තිබුන ෆෝන් එකක සොරකම්කල හැටි (17.06.2025)
+
(16.06.2025 – facebook.com/accident1stofficial/)
කටුගස්තොට මහනුවර මාර්ගයේ දී කැබ් රථයක පිටුපස රෝදයක් ගැලවීයෑමෙන් අද (16) අලුයම අනතුරක් සිදුවුනා.
කෙසේ නමුත් කැබ් රථය ධාවනය කල පුද්ගලයා රථය පාලනයකරගැනීම හේතුවෙන් විශාල අනතුරක් වැලකීගොස් තිබූ අතර අනතුරට හේතුව වී ඇත්තේ වාහන සේවා ස්ථානයෙන් (Service Centre) කැබ් රථයේ රෝද සවිවන ඇණ-මුරිච්චි (Nuts) නිසි පරිදි තද නොකිරීමයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴