අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක තැපැල් වර්ජනයක්
(28.05.2025 – hirunews.lk)
‘තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය’ අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති ජී.ජී. සී. නිරෝෂන කියා සිටියේ ෴
+++
+
හෙට (29) දහවල් 12:30 සිට ‘සියළුම ලංකා බැංකු ශාඛා’ වැසෙන බව සේවකයින් කියයි
(28.05.2025 – hirunews.lk)
‘ලංකා බැංකු සේවකයින්’ අද (28) දහවල් කෑම පැයේදී උද්ඝෝෂණයක නිරත වුණා.
මාස 06 ක දිරිදීමනා තමන්ට ලබා දීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර තිබියදිත් එම මුදල වත්මන් පාලකයින් ලබා නොදීම නිසා මෙම උද්ඝෝෂණය සිදුකරන බවයි ‘බැංකු සේවක සංගමයේ’ සාමාජිකයින් කියා සිටියේ.
ගැටළුවට විසඳුමක් නොලැබුණොත් හෙට (29) දින දහවල් 12:30 සිට ‘සියළුම ලංකා බැංකු ශාඛාවල’ සේවකයි සේවයෙන් ඉවත්වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
ඒ අනූව ලබන 06 වැනිදා වන විට මේ තත්ත්වය තීව්‍ර කරමින් ‘එක්දින වැඩවර්ජනයක්’ දක්වා ගෙන යන බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර රාජ්‍ය ආයතනයක් ලැබූ ඉහළම ආදායම ඉකුත් වසරේදී ‘ලංකා බැංකුව’ විසින් ලබාගෙන අති බවද ඔවුන් පවසනවා.
‘ලංකා බැංකුවේ සේවක සංගමය’ විසිනුයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ.
මෙම උද්ඝෝෂණයට ’රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘතීය සමිති සන්ධානයේ’ සාමාජිකයින් රැසක් සහභාගි වුණා.
+
අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ (2) තිබී මත්ද්‍රව්‍ය 450 Kg සොයාගනී
(28.05.2025 – hirunews.lk)
‘ශ්‍රී ලංකා නාවික හමුදාවේ’ නිලධාරීන් විසින් දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රා දෙකක් (2) ඊයේ (27) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් බහු දින ධීවර යාත්‍රා දෙකේ (2) ‘හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 450 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 900 ක් ඉක්මවා ගොස් ඇති බවටයි සඳහන් වෙන්නේ.
මෙම ධීවරයාත්‍රා දෙකේ (2) සිටි ධීවරයන් එකොළොස් දෙනෙකු (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, ‘නිරෝෂ් 4’ දෙවිනුවර බහු දින ධීවර යාත්‍රාව පසුගිය 14 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එම යාත්‍රාවේ ධීවරයන් හය දෙනෙකු (6) සිට ඇති අතර, මෙම ධීවරයන් හය දෙනා (6) දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
‘නිරෝෂ් 4’ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු ගෝනි 20 ක් තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ හා ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ අඩංගු පැකට් 320 ක් සොයාගෙන තිබෙනවා.
‘ජය රුසිතූ’ දෙවි නුවර ධීවර යාත්‍රාව පස් දෙනෙකු (5) ගෙන් සමන්විත ධීවරයින් පිරිසක් සමග පසුගිය 06 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබුණා.
මෙම ධීවරයන් පස්දෙනා (5) ද දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම යාත්‍රාව තුළ ගෝනි 13 ක් තුළ තිබූ ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් 320 කට අධික ප්‍රමාණයක් තිබී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය හා ධීවරයාත්‍රා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ද එක්ව සිටියා.
මෙම භාණ්ඩ හා සැකකරුවන් ‘පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ’ නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු ‘පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය’ විසින් ආරම්භ කර තිබෙනවා.
+
දක්ෂයෝන්ට පින නැත්නම් මොකද කරන්නේ (19.05.2025)
+++
මම කවදාහරි ඒ දුවව පිටරට යවලා හොඳට උගන්නනවා (26.05.2025)
+
සබරගමුවේ නවකවදය නිසා නැති වූ චරිත්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
(28.05.2025 – hirunews.lk)
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතල නවකවධ සිද්ධියකට මුහුණ පා සිය දියවී නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තර කරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.
ඊට අමතරව විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවදය පිටු දැකීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චරිත් ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස සරගමුව විශ්ව විද්‍යාලය, එහි උප උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අමාත්‍යාංශය් ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩ බලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර සිටිනවා.
නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඉකුත්දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවකු වන චරිත් දිල්ෂාන් දයානන්ද නමැති තරුණයකු බරපතල නවක වදයකට මුහුණ දී මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව සලකා බලා මෙම මහජන සුභසාධන නඩුකරය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි. රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවක වදය පිටුදැකීමට සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වූ බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් විශ්වවද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට දැඩි අගතියක් සිදුවන බවත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නවක වදය හේතුවෙන් මරණයට පත් වූ අදාළ සිසුවාගේ මරණය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකන් නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම විශ්ව විද්‍යාල තුළ නවක වදය පිටුදැකීම සඳහා පවතින නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස ඒවායේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එවැනි වැරදි ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව 1998 අංක 20 දරණ නවක වදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් අයැද සිටි.
ඊට අමතරව නවක වදයෙන් සිසුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් ඊට අමතරව එවැනි සිද්ධීන් වලින් පීඩාවට පත්වන සිසු සිසුවියන්ට වින්ඳිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ ෴
හිරු ඇත්ත : මහජන ආරක්ෂාව ෆොන්සේකාට භාරදෙයිද? – “අවුරුද්දෙන් සියල්ල අවසන් කරනවා ” (28.05.2025)
+
ඉන්දියාවට රට පාවා දුන් අනුර.. (28.05.2025)
+
බුලත්සිංහල පාරක ටයර් දමා පිලිස්සූ මළ සිරුරක්
(28.05.2025 – hirunews.lk)
කලුතර – බුලත්සිංහල නාගහදොල ප්‍රදේශයේ මාර්ගයකදී පුද්ගලයෙකු ඝාතනය කර පුඵස්සා තිබෙනවා.
අදාළ පුද්ගලයා වෙනත් ස්ථානයක ඝාතනය කර සිරුර මාර්ගයට ගෙනැවිත් ටයර් දමා පුලුස්සා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මියගිය පුද්ගලයා ඊයේ (27) රාත්‍රියේ තමාට අයත් ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටව ගොස් තිබුණා.
මාර්ගයේ ගමන් ගත් කාන්තාවක විසින් පුලුස්සා ඇති සිරුර පළමුව දැක ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ හිසේ බරපතල තුවාල ඇති අතර, පොලිසිය සැක කරන්නේ පහරදී ඔහු ඝාතනය කර පසුව එම ස්ථානයට ගෙනැවිත් දමා පුලුස්සන්නට ඇති බවටයි.
ඝාතනයට පැහැදිලි හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
+
රාමනාදන් විදුහල්පතිනිය අත්අඩංගුවට (28.05.2025)
+
සංගීතේ වලිය වීඩියෝ කළා කියලා පොලීසිය කොල්ලෙකුගේ කන පලලා | මිනුවන්ගොඩ පොලිසියේ කැත වැඩක් ලීක් (28.05.2025)
+
බුද්ධාගමට විතරක් කෙනෙහිලිකම් කරන්න ලෑස්ති වෙන්න එපා ! (28.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴