වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි .. පන්සලෙන් දොට්ට ..

වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි .. පන්සලෙන් දොට්ට ..


වේසිපුත්‍ර චාලි තෝමස්සාගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි .. පන්සලෙන් දොට්ට ..

(13.05.2025 – 22:30 +0530 – lankacnews.com ඇසුරෙන්)

දකුණු ආසියාවේ විශාලම සමාධි බුද්ධ ප‍්‍රතිමාව ඉදිකිරීමට සමගාමීව චාල්ස් තෝමස් උත්තමයා විසින් පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සිහිනය’ නම් ‘සර්වාගමික කුමන්ත්‍රණය’ අවලංගු කිරීමට මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන එළඹෙන 17 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් මල්වතු මහා නාහිමියන් පවසා ඇත්තේ බෞද්ධ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන ඉල්ලීම් සලකා බලා මෙම තීන්දුව ගත් බවය ෴

අදාල පන්සලේ පැවිද්දන් සහ දායක සභාව මුදලට විකිණී ඇති බව පෙනේ ෴

[වැඩි විස්තර]


ගමක් එක්ව මත් ජාවාරම්කරුවකු කොටු කරගත් මෙහෙයුම

(1305.2025 – 22:27 +0530 – hirunews.lk/sinhala)

වසර 27ක සිට හෙම්මාතගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුව හෙම්මාතගම, වාඩියතැන්න ප්‍රදේශවාසීන් විසින් උපාය දූතයෙකු යොදවා සූක්ෂම ලෙස කොටුකරගෙන ඔහුව කෑගල්ල පොලිසියට භාර දුන්නා.

එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක්ද හටගෙන තිබුණේ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ජනතාව චෝදනා කිරීම හේතුවෙන්.

හෙම්මාතගම වාඩියතැන්න ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු විසින් සූක්ෂ්ම ලෙස සිදුකරගෙන ගිය මත්කුඩු ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබුණේ දැඩි අපහසුතාවයකටයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හෙම්මාතගම පොලිසිය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළද, ඔවුන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

අදාළ සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා උපාය දූතයෙකු යොදවා එම පුද්ගලයාව අල්ලා ගැනීමට ගම්වාසීන් කටයුතු කළේ ඒ අනුවයි.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේදී හෙම්මාතගම පොලිසිය එම ස්ථානට පැමිණියත් ප්‍රදේශවාසීන් සැකකරුව පොලිසියට භාරදීම ප්‍රතික්ෂේප කළා.

පසුව එම ස්ථානයට හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද පැමිණි අතර, ඒ සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා රැගෙන ගියා.

+


තවත් බස් අනතුරක් : මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී

(14.05.2025 – 07:18 +0530 – sinhala.adaderana.lk)

අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි.

අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බව අප කළ විමසීමකදී මහියංගනය පොලීසිය පැවසීය.

+

+


රාගල වලපනේ මහවංගුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට යෑමෙන් අද (13) පස්වරුවේ සිදුවූ අනතුර :

+


දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට

(14.05.2025 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පොදු මගී ප්‍රවාහනයේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට, කොත්මලේ – ගැරඬිඇල්ල බස් රථ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ඊට අදාළව ඊයේ (13) සිදුකළ මූලික විමර්ශන වලින් පසුවයි.

ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව ඊයේ (13) මෙම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා.

ඔවුන් අනතුර සිදුවූ ස්ථානය මෙන්ම ප්‍රතිකාර ලබන රෝගීන් හමුවටද ගොස් ප්‍රකාශ ලබාගත් අතර බස් රථය ද පරීක්ෂා කරනු ලැබුවා.

අදාළ බස් රථයේ රිය සහයක ද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමටයි මෙම කමිටුව කටයුතු කළේ. මොහු මොණරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මියගිය රියදුරුගේ පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම මෝටර් වාහන පරීක්ෂකවරයාගේ සහ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ද අවශ්‍ය බවයි කමිටුව සඳහන් කළේ.

මෙවන් අනතුරකදී සාමාන්‍යයෙන් රියදුරාට නඩු පැවරෙන අතර මෙහිදී රියදුරු මියගොස් ඇති බැවින් සිද්ධියට අදාළව වෙනත් වගකිවයුත්තන් සිටීද යන්න පිළිබඳවද කමිටුව සොයා බලනවා.

නියාමන ආයතන වල යම් යම් ගැටලු‍ පැවතියාද, සංඥා සලකුණුවල දෝෂ පැවතියාද යන්න සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව සියලු‍ තොරතුරු සලකා බැලීමෙන් පසු මෙවැනි අනතුරු යළි සිදු නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කමිටුව බලාපොරොත්තු වන බව සඳහන්.

මේ අතර, කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වනදා සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය 22 දෙදෙනාට පින් අනුමෝදන් කරමින් සහ තුවාලලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් එම අනතුර සිදු වූ ස්ථානයේ සර්ව ආගමික වතාවත් පවත්වනු ලැබුවා.

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්, අවට වතු කම්කරුවන් එක්ව සර්ව ආගමික වතාවන් පවත්වා පැන් වඩා පින් අනුමෝදන් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම දුරගමන් බස් සේවාවන් මහා මාර්ගයේ ධාවනය වීමේදී රිය අනතුරුවලට ලක් වීමේ අවස්ථා දිනෙන් දින ඉහල යෑම නිරීක්ෂණ වී ඇති බැවින් රාත්‍රි කාලයේදී එලෙස ධාවනය වන දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට යොමු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානධිපතිවරුන් ඇතුලු උසස් නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඒ ඒ පොලිස් කොට්ඨාශ වල තෝරාගත් ස්ථාන කිපයක නිලධාරීන් යොදවා රාත්‍රි කාලයේ මෙලෙස පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එහිදී බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන්නේද, අපරීක්ෂාකාරි ලෙස හෝ අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නේ ද යන්න සෙයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර වලපනේ – හරස්බැද්ද – මහඋව වංගුව ප්‍රදේශයේ දී බස් රථයක් ඊයේ (13) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී තිබෙනවා.

මඩකළපුව ප්‍රදේශයේ සිටි නුවරඑළිය ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණ, නැවත යමින් සිටි බස් රථයකුයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය තුළ පුද්ගලයින් 34 දෙනෙකු පමණ සිටි ඇති අතර ඉන් සිව් (4) දෙනෙකුට පමණක් සුළු තුවාල ලැබුවා එමෙන්ම මාතර – එළියකන්ද ප්‍රදේශයේ දී බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (13) සිදූ වූ අනතුරකින් 30 හැවිරිදි තරුණයෙකු සහ 25 හැවිරිදි තරුණියක මියගියා.

මොවුන් මාතර සහ තෙලිජ්ජවිල ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+++

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූ තවත් තරුණයෙක් (1) මියයයි – මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළට

(14.05.2025 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු (1) 14 වන දින උදෑසන මිය ගිය බව කොත්මලේ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක තරුණයෙකු බවයි පොලිසිය පවසා සිටියේ.

එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල් වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි කොත්මලේ පොලිසිය පවසා සිටියේ ෴

+++

ගැරඬි ඇල්ල බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් මුදල් නිකුත් කරයි

(14.05.2025 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා

ඒ අනුව අනතුරින් මිය ගිය එක් (1) අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇති.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත් වූ තිස්සමහාරාම, ලුණුගම් වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස් නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර තිබෙනවා ෴


‘ඩෙංගු’ සහ ‘චිකුන්ගුන්යා’ වැඩිවෙන ලකුණු

(14.05.2025 – 07:59 +0530 – hirunews.lk/sinhala)

දන්සල් පැවැත්වීමෙන් අනතුරුව ඉවත දමන අපද්‍රව්‍ය මගින් ‘ඩෙංගු’ සහ ‘චිකුන්ගුන්යා’ රෝගය පැතිර යා හැකි බැවින් සංවිධායකයන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළයුතු බව ‘මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ’ සභාපති උපුල් රෝහණ පවසනවා.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8742 ක් ලියාපදිංචිව ඇති අතර, ඒ අතුරින් වැඩිම දන්සල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

ඊයේ (13) දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 19,724 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා ෴


වෙන්නප්පුව මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්වූ දෙදෙනෙකු (2) ගේ මළසිරුරු සොයාගැනේ

(14.05.2025 – 10:09 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව – නයිනමඩම – වෙල්ලමංකරය මුහුදේ දියනාමින් සිටියදී අතුරුදන්වූ පුද්ගලයින් තුන්දෙනා (3) ගෙන් දෙදෙනෙකු (2) ගේ සිරුරු අද (14) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ සහෝදරයින් වන අවුරුදු 19 සහ 28 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

ඊයේ (13) පස්වරුවේ මොවුන් සමග 04 දෙනෙකු දියනෑමට ගොස් තිබූ අතර, එක් (1) අයෙකුගේ සිරුර ඊයේ (13) දිනයේදීම සොයගැනුණා.

අතුරුදන්ව සිටින අනෙක් (1) පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

+


තමාව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි ඉල්ලා මහින්දානන්දගෙන් පෙත්සමක්

(14.05.2025 – 14:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා.

එමගින් තමාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් සඳහා චීන සමාගමකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි අප වාර්තා කරු පවසන්නේ.

2021 වසරේ දී අදාල ගෙවීම සිදුකර තිබෙන බවද සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *