කොත්මලේ, රම්බොඩ, ගැරඩිඇල්ල බස් අනතුරට හේතුව ‘රියදුරුට නින්ද යාම’ බව හෙලිවේ ?
කොත්මලේ, රම්බොඩ, ගැරඩිඇල්ල බස් අනතුරට හේතුව ‘රියදුරුට නින්ද යාම’ බව හෙලිවේ ?
(13.05.2025 – 10:40 +0530 – lankacnews.com)
කොත්මලේ, රම්බොඩ ‘ගැරඩිඇල්ල’ ප්‍රදේශයේදි පසුගිය (11) දින සිදු වූ අනතුරින් මිය ගිය 22 දෙදෙනාට පින් අනුමෝදන් කරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව (12) දින සිදු කරනු ලැබූවා.
එම පිරිස ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මල් ඉස පහන් දැල්වීම සිදු කරනු ලැබුවා.
මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 40 නට ආසන්න පිරිසක් නුවරඑලිය, නාවලපිමිය, ගම්පොළ යන මූලික රෝහල් වල සහ පේරාදෙණිය, මහනුවර, යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එම රෝගීන්ගෙන් කිහිප දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, අනතුරින් පසු අස්ථානගත වූ බස් රථයේ ‘ටිකට් පොත’ කොත්මලේ පොලිසිය විසින් සොයාගෙන ඇති බව කොත්මලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර දේවප්‍රිය මහතා පැවසීය.
මේ අතර මෙම බස් අනතුර සිදු වී ඇත්තේ රියදුරාට නින්ද යෑම නිසා බව දැනට කරන ලද මූලික පරික්ෂණවලදී නුවරරලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
අප කල විමසුමකදී ජාලිය බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ “බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් අනතුරට හේතු වී නොමැති බවත්, බස් රථයේ ආසන සංඛ්‍යාවට වඩා මගින් විශාල පිරිසක් බස් රථය තුල සිටගෙන යෑම නිසා බස් රථය අනතුරට පත් වූ අවස්ථාවේ විශාල පිරිසක් මිය ගොස් වැඩි පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බවයි”
තවද ‘බස් රථය අන්තරාදායක ලෙස ධාවනය කලේ ද’ යන්න පිලිබදව එම මාර්ගයේ ස්ථාන කිහිපයක සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂාකල බවත්, ඒ අනුව බස් රථය රියදුරා විසින් අන්තරාදායක ලෙස ධාවනය කර නොමැති බවට තහවුරු වු බවත්, මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්වි බස් අනතුර පිළිබදව විමර්ෂණයක් සිදුකර අවසන් නිගමනයට එළබෙන බවයි පරික්ෂකවරයා තව දුරටත් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
+++
කොත්මලේ මාරක බස් අනතුර විමර්ශනයට පංච (5) පුද්ගල කමිටුවක්
(13.05.2025 – 08:36 +0530 – hirunews.lk/sinhala)
22 දෙදෙනෙකුට මරු කැදවූ කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් පංච (5) පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම අනතුරට හේතුවූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි අරමුණ බවයි පොලිසිය මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය පරික්ෂාවේදී එහි යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට අනාවරණය නොවූ බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ජ්‍යෙෂ්ඨ මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සැදුම්ලත් කමිටුව, සවිස්තරාත්මක වාර්තාව සකස් කර මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා හරහා විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දෙන බව ද ඔහු කියා සිටියා.
මේ අතර, අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ කිහිපයක් ඔවුන්ගේ ඥාතීන්ට ඊයේ (12) භාරදුන් අතර හඳුනා නොගත් එක් (1) මෘත ශරීරයක් ද පවතින බව පොලිසිය සඳහන් කළා.
අතතුරින් තුවාල ලැබූ 43 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඉන් එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
එමෙන්ම, අනතුරින් තුවාල ලැබූ රිය සහායක මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මියගිය රියදුරුගේ දේහය ඊයේ (12) තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යනු ලැබුවා.
මේ අතර, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මාස 9 ක් වයසැති බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වෛද්‍යවරුන් පවසනවා.
තම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දිවි පරදුවට තැබූ මවගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ දේහ බණ්ඩාරවෙලෙ, කොස්ලන්ද, මීරියබැද්දේ පිහිටි එම නිවස වෙත ඊයේ රැගෙන එනු ලැබුවා ෴
+
අනතුරින් අත ගැලවී එල්ලී තිබියදීත් අසරණ වූ කිරිකැටියකුට මව් සෙනෙහස දුන් සරසවි දියණිය (13.05.2025)
+
කොට්ටාවේ නිවසක බිහිසුණු ගින්නක් – තරුණියකට දිවි අහිමි වෙයි
(13.05.2025 – 09:23 +0530 – hirunews.lk/sinhala)
කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ නිවසක ගින්නක් ඇතිවී තිබෙනවා.
එම ගින්නෙන් 19 හැවිරිදි තරුණියකට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
+
+
දිවයින පුරා ලුණු හිඟයක්?
(13.05.2025 – 06:48 +0530 – sinhala.adaderana.lk)
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවය.
එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.
ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.
කැට ලුණු කිලෝ ග්‍රෑම් 1 ක පැකැට්ටුවක මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.
ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ‘පාරිභෝගික අධිකාරියෙන්’ විමසීමක් කළේය.
එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් ‘පාරිභෝගික අධිකාරිය’ට ද පැමිණිලි ලැබී ඇති බවය.
ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය ෴
දිවි නසාගත් කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයකට ලක්වූ බව හෙලිවුනා.. – පොලිසිය
(13.05.2025 – 11:20 +0530 – lankacnews.com)
සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 16 හැවිරිදි සිසුවිය බම්බලපිටිය පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
එම සැකකාර ගුරුවරයා මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.
මෙම සිසුවිය කොටහේනල ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයේදී අප්‍රේල් 29 වැනිදා එහි 6 වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන තිබිණි.
ඇයගේ පාසලේ ගුරුවරයකුගේ හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය තම දියණියගේ මරණයට බලපෑ බවට මවුපියන් චෝදනා කරන අතර සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 08 වැනිදා කොළඹ ස්ථාන 3කදී උද්ඝෝෂණ ද පැවැත්විණ.
අදාල ගුරුවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත ෴
ඝාතන සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(13.05.2025 – 14:16 +0530 – sinhala.adaderana.lk)
ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි 05 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් පුද්ගලයෙකුට වෙඩි තබා එම ඝාතනය සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු (2) ගල්කිස්ස පොලිස් වසමේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16 ක් අත්අඩංගුවට
(13.05.2025 – 12:24 +0530 – sinhala.adaderana.lk)
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් (4) සමග යතුරුපැදි 16 ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.
වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.
ඒ අනුව අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අධිබලැති යතුරුපැදි හතරෙහි (4) ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම පොලිස් භාරයට ගත් අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළේය.
එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය ෴
ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට
(13.05.2025 – 11:09 +0530 – sinhala.adaderana.lk)
ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලෙස කටයුතු කරන බවත් අදාළ දැරිය හොඳින් ඉංග්‍රී අධ්‍යාපනය ලබන බැවින් ඇය සමග සමීපව කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව ලැබී ඇති පෙත්සම් කිහිපයක් සමග දැරියගෙන් ලබා ගත් ප්‍රකාශ මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පවසයි.
මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු ලිංගික අතවර සහ ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8 ක් අත්හිටුවයි
(13.05.2025 – 10:18 +0530 – sinhala.adaderana.lk)
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8 ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17 ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.
වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ (12) දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.
අද (13) දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය ෴
‘දෙරණ 24 පැයේ මහා බත් දන්සල’ට නන්දෙසින් විශාල පිරිසක්
(13.05.2025 – 08:56 +0530 – sinhala.adaderana.lk)
පැය 24 පුරා පැවැත්වෙන මෙරට විශාලතම වෙසක් දන්සල දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් මේ වන විටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.
ඊයේ (12) රාත්‍රී 07:00 ට බත් දන්සලේ කටයුතු ආරම්භ වූ අතර අද (13) උදෑසන 06:00 වනවිට 16,000 ක පමණ පිරිසක් දන්සලට සහභාගී වී තිබේ.
දන්සලේ කටයුතු අද (13) පස්වරු 07:00 න් අවසන් කිරීමට නියමිතය.
දන්සලට පැමිණෙන ඔබට ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවෙයි.
මෙම බත් දන්සලේ කටයුතු සඳහා ‘ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය’ සහ ‘කොළඹ මහ නගර සභාව’ ‘දෙරණ’ සමඟ අත්වැල් බැඳගෙන සිටී.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴