පළාත් පාලන ඡන්ද විමසීම 2025 : මහ ඡන්දෙට වඩා ලක්ෂ 23 ක් පහළ ගිය ‘මාලිමාවේ ඡන්ද’

පළාත් පාලන ඡන්ද විමසීම 2025 : මහ ඡන්දෙට වඩා ලක්ෂ 23 ක් පහළ ගිය ‘මාලිමාවේ ඡන්ද’


පළාත් පාලන ඡන්ද විමසීම 2025 : මහ ඡන්දෙට වඩා ලක්ෂ 23 ක් පහළ ගිය ‘මාලිමාවේ ඡන්ද’

(07.05.2025 – 20:56 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ‘ජාතික ජන බලවේගය’ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 23 කින් පමණ අඩුවී තිබෙනවා.

ඇතැම් දිස්ත්‍රික්කවල ‘සමගි ජන බලවේගය’ සහ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව වැඩිවී ඇති අයුරු ද දක්නට ලැබෙනවා.

මේ ඒ පිළිබඳ සොයා බැලීමක්.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ‘ජාතික ජනබලවේගය’ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 4,503,930 ක්.

එය පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද 1,130,985 ක අඩුවීමක් වන අතර, මහමැතිවරණයට සාපේක්ෂව ඡන්ද 2,359,256 ක පහළ යෑමක්.

‘ජාතික ජනබලවේගය’ කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්ද 476,182 ක් ලබාගත් අතර, එය ප්‍රතිශයක් ලෙස 47.8% ක් ලෙස දැක්වුණා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන් එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසකට (1,50,000) අධික සංඛ්‍යාවකින් පහළ ගියා.

මහ මැතිවරණයට සාපේක්ෂව ද ‘ජාතික ජනබලවේගය’ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තුනකින් (3) පමණ පහළ ගොස් තිබෙනවා.

‘සමගි ජන බලවේගය’ ද පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර ලබාගෙන තිබුණේ අඩු ඡන්ද සංඛ්‍යාවක් වන අතර, ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සිය ඡන්ද සංඛ්‍යාව වැඩිකරගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ‘ජාතික ජනබලවේගය’ මෙවර ලබාගත් ඡන්ද සංඛ්‍යාව ද පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකින් (2) පමණ පහළ ගිය අතර, මෙවර ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ඡන්ද 599,906 ක් පමණයි.

පසුගිය මහ මැතිවරණය හා සැසඳීමේදීද ‘ජාතික ජනබලවේගය’ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තුනකින් (3) පමණ පහළ ගොස් තිබෙනවා.

පසුගිය මහමැතිවරණයට සාපේක්ෂව ‘සමගි ජන බලවේගය’ සහ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ සිය ඡන්ද සංඛ්‍යාව වර්ධනය කරගෙන තිබෙනවා.

‘ජාතික ජනබලවේගය’ මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්ද 203,400 ක් ලබාගත්තද පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව එම සංඛ්‍යාව ඡන්ද 80,000 කින් පමණ පහළ ගියා. මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂවද මෙවර ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂයකට අධික සංඛ්‍යාවකින් පහළ ගොස් තිබෙනවා.

‘සමගි ජනබලවේගය’ පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු ඡන්ද සංඛ්‍යාවක් මෙවර ලබාගෙන තිබුණද, පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව සිය ඡන්ද සංඛ්‍යාව වැඩි කර ගැනීමට එම පක්ෂය සමත් වුණා.

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ද පසුගිය ඡන්ද විමසීම් දෙකටම (2) වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් ලබාගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 394,534 ක් ලබාගත් ‘ජාතික ජන ‍බලවේගය’ මෙවර එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 323,957 ක්.

එය ඡන්ද හැත්තෑ දහසකින් (70,000) පමණ පහළ යෑමක් වන අතර, පසුගිය මහමැතිවරණයට සාපේක්ෂව එක්ලක්ෂ හැත්තෑදහසකින් (1,70,000) පමණ මෙවර ඡන්ද සංඛ්‍යාව පහළ ගියා.

සමගි ජන බලවේගය පසුගිය මහමැතිවරණයට සාපේක්ෂව මෙවර සිය ඡන්ද සංඛ්‍යාව හතලිස් දහසකින් (40,000) පමණ වර්ධනය කරගෙන ඇති අතර, ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ ඡන්ද සංඛ්‍යාව ද තිස් දහසකින් (30,000)පමණ ඉහළ ගොස් තිබෙනවා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ‘ජාතික ජන බලවේගය’ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 188,296 ක්.

ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේදි ඡන්ද 197,283 ක් සහ මහ මැතිවරණයේදී ඡන්ද 275,180 ක් ලබාගත් නමුත් මෙවර ‘ජාතික ජනබලවේගය’ට හිමිවුණේ එම ඡන්ද දෙකටම වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක්.

කෙසේ නමුත් ‘සමගි ජනබලවේගයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්’ පසුගිය මහමැතිවරණයට සාපේක්ෂව සිය ඡන්ද සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සමත්ව තිබෙනවා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ‘ජාතික ජනබලවේගය’ට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හිමිවූ ඡන්ද සංඛ්‍යාව 235,841 ක්.

එම ඡන්ද සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව පනස් පන්දහසකින් (55,000) පමණ පහළ යෑමක් වන අතර, පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව එක්ලක්ෂ තිස් දෙදහසකින් (1,32,000) පමණ පහළ යෑමක්.

කෙසේ වෙතත් ‘සමගි ජන බලවේගය’ සහ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව සිය ඡන්ද සංඛ්‍යාව මෙවර ඉහළ දමාගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ‘ජාතික ජනබලවේගය’ මෙවර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 159,242 ක්.

එය 42.31% ක් ලෙස දැක්වුණ අතර, පසුගිය ඡන්ද විමසීම්වලට වඩා පහළ යෑමක් ද වනවා.

‘ජාතික ජන බලවේගය’ මෙවර ලබාගත් ඡන්ද සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද පනස් දහසකින් (50,000) පමණ පහළ ගොස් ඇති අතර, පසුගිය මහමැතිවරණයට සාපේක්ෂව ඡන්ද අසූ දහසකින් (80,000) පමණ පහළ ගොස් තිබෙනවා.

‘සමගි ජනබලවේගය’ සහ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව සිය ඡන්ද සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සමත් වුණා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ‘ජාතික ජනබලවේගය’ මෙවර ලබාගත් ඡන්ද සංඛ්‍යාවද පසුගිය ජනාධිපතිවරණ සහ මහ මැතිවරණයට සාපේක්ෂව අඩු සංඛ්‍යාවක්.

ජනාධිපතිවරණයේදී ඔවුන් ඡන්ද 130,880 කුත්, මහ මැතිවරණයේදී ඡන්ද 159,010 කුත් ලබාගත් අතර, මෙවර ඔවුන්ට ලබගැනීමට හැකිවුණේ ඡන්ද 115,296 ක් පමණයි.

පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව ‘ජාතික ජන බලවේගය’ උතුර සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්කවලින් ලබාගත් ඡන්ද සංඛ්‍යාවද පහළ ගොස් තිබෙනවා ෴

+++

“විපක්ෂයේ සෙසු පක්ෂ සමග එක්ව කොළඹ ඇතුලු ආයතන රැසක බලය පිහිටුවනවා” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(07.05.2025 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ජනවරමට ගරු කරමින් විපක්ෂයේ පක්ෂ සමග එක්ව පළාත් පාළන ආයතනවල බලය පිහිටු වීමට නායකත්වය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵල පිළිබද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර කොළඹ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ කොළඹ මහ නගර සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය දිනා ගත්ත ද බහුතරය විපක්ෂය සතු නිසා නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී අනෙකුත් පක්ෂවල සහය ලබා ගන්නා බවයි ෴

+

+

+++

කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව ‘සර්වජන බලයේ’ නායක දිලිත් ජයවීර කියයි

(07.05.2025 – 18:25 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ‘සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා’ පවසයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සිය පක්ෂයට හිමි වූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය.

‘සර්වජන බලය’ අනෙකුත් පක්ෂ සමඟ එකතුවී ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම්ද යනුවෙන් මාධ්‍යවේදියෙකු එහිදි වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

“සර්වජන බලය එවැනි තීරණයක් ගැනීමට කිසිදු සූදානමක් නෑ. අපි විශ්වාස කරනවා ලංකාවේ දැනට පවතින අනෙකුත් දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන, රටට අවශ්‍ය උන්නතියට අවශ්‍ය දර්ශනයක් තියෙන පක්ෂ නෙමෙයි. අපි ඔවුන්ව පවා උනන්දු කරවන්නේ මේ රට ඉදිරියට ගෙන යාමට පුළුවන් වුණ මෙන්න මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. මේ රටේ ව්‍යාජ දේශපාලනය, දූෂිත දේශපාලනය, පවුල් දේශපාලනය මේ සියල්ලෙන් ඔබ්බට ගියපු විශාල වැඩ පිළිවෙලකටයි අපි ඔවුන්ට ආරාධනා කර සිටින්නේ. ඉතින් එසේ නොමැති වෙන පටු දේශපාලන සාම්ප්‍රධායික වැඩකදී අපිට ගිහිල්ලා සභාවක් පිහිටුවන්න කොටස්කරුවෙක් වෙමින් සභාපති කෙනෙක් උප සභාපති කෙනෙක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. අපි බලන්නේ රටේ උන්නතියට ප්‍රදේශයේ නගරයේ උන්නතියට අපිට කොහොමද දායක වෙන්න පුළුවන් අපිට මේ ලැබී ඇති තීරක බලය පාවිච්චි කරලා කියන එක. අපි මේ ඡන්දෙට අවේ ප්‍රාදේශීය සභා දිනීමෙන් ඔබ්බට ගියපු විශාල වැඩකට…..”

“අපි නිෂ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා ‘සර්ව ජන සභා’ පිහිටුවන්න. එකට අපිට කාගෙවත් සහායක් අවශ්‍ය වන්නේ නෑ…”

“අපි වෙනත් කිසිදු සම්ප්‍රදායික දේශපාලන පක්ෂයන් ඔය දැන් දේශපාලන පක්ෂ වගේ ඔබේ භාෂාවෙන් කිව්වොත් ‘මුක්කු ගහන්න’ බලාපොරොත්තු වෙන්නේ නෑ…. “

+++

රටම කතාවෙන ප්‍රශ්නෙට උත්තරේ ‘හිටපු මැකොස’ සරලව දෙයි – සමාන වුනොත් බලය සභාපති අතේ (07.05.2025)

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *