ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරමක් ගැන ‘අද දෙරණ උකුස්සා’ ගෙන් ..

ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරමක් ගැන ‘අද දෙරණ උකුස්සා’ ගෙන් ..


ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරමක් ගැන ‘අද දෙරණ උකුස්සා’ ගෙන් ..

(01.05.2025 – 13:34 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය හරහා විවිධ භාණ්ඩ අලෙවිකිරීම අද වනවිට ඉතා සුලබව සිදුවන්නකි.

සමාජ මාධ්‍ය ගිණුම් මඟින් බහුල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව නැඹුරු වෙන්නේ එහි ඇති පහසුව පිළිබඳ සලකා බලමිනි.

එහෙත්, ඇතැමුන් ෆේස්බුක් හරහා ක්‍රියාත්මක කරන ජාවාරම් හේතුවෙන් ජනතාව රැවටීමට ලක්වන අවස්ථාද බොහෝය.

එලෙස ජනතාව රවටමින් ෆේස්බුක් පිටුවක් ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණේ එම ජාවාරමට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙකු මඟිනි.

වෙළෙඳපොළෙහි පවතින වටිනාකමට වඩා අඩු මිලකට ආරක්ෂණීය ගෘහ භාණ්ඩ අලෙවිකරන බව හුවාදක්වමින් මෙම ජාවාරම සිදුකෙරේ.

විවිධ ගෘහ භාණ්ඩ මිලදීගැනීමට මුදල් බැර කිරීමෙන් අනතුරුව අදාළ පාරිභෝගිකයාගේ දුරකතන අංකයට ජාවාරම්කරුවන් ප්‍රතිචාර නොදක්වන අතර ඇණවුම් කළ ගෘහ භාණ්ඩ ලබාදීමද සිදුකරන්නේ නැහැ.

මෙම ජාවාරමට මේ වනවිටත් සැලකියයුතු පිරිසක් හසුව තිබේ.

ඒ අනුව මෙම ජාවාරම තවදුරටත් ක්‍රියාත්මකද යන්න විමසාබැලීම සඳහා අප අදාළ ෆේස්බුක් පිටුවෙහි සඳහන් දුරකථන අංකයකට ඇමතුමක් ලබා ගත්තේය.

එම ඇමතුමෙන් අනතුරුව වට්ස්ඇප් මාර්ගයෙන් ගෘහ භාණ්ඩවල ඡායාරූප අපවෙත යොමුකරන්නටද ඔවුන් පියවර ගත්තේය.

ඒ අනුව තහවුරු වන්නේ පොලීසියට පවා පැමිණිලි කළද මෙම ජාවාරම තවදුරටත් ක්‍රියාත්මක බවය.

නීතියේ රැහැනට හසුකරගැනීම පවා අපහසු මෙවන් ජාවාරම්වලට හසු නොවී විමසිලිමත්ව ක්‍රියාකිරීම ඔබ සතු වගකීමක් බව උකුස්සා සිහිපත්කර සිටී.

+


අධිවේගේ මෙහෙම කන්න පුළුවන් ද? බුකිය රත්කළ වීඩියෝවේ නොදුටු දසුන් මෙන්න පොලීසියෙන් විශේෂ විමර්ශනයක් (01.05.2025)

+++

ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින සමරුමට සහභාගි වූ ආධාරකරුවන් රැගෙන පැමිණි බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් අද (01) දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත.

ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබෙයි.

බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසල නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

+

+


දැදුරු ඔයේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු (2) අතුරුදන්

(01.05.2025 – 20:02 +0530 – hirunews.lk/sinhala)

හලාවත, දැදුරු ඔයේ දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු (2) අතුරුදන් වී තිබෙනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ 22 අතර පසුවන තරුණයින් දෙදෙනෙකු (2) බවයි වාර්තා වන්නේ ෴


මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

(01.05.2025 – 16:31 +0530 – sinhala.adaderana.lk)

‘පරිගණක අපරාධ මූලස්ථානය’ ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව ‘විශ්වාස කිරීම (CONVICTION)’ යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපිය සම්බන්ධව තවදුරටත් මහජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් ‘Cyber Crime Headquarters Colombo, Sri lanka’ නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ‘ශ්‍රී ලංකා පොලීසිය’ මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට තවදුරටත් දන්වා සිටී.

ඉහත ‘විශ්වාස කිරීම (CONVICTION)’ නම් ඉංග්‍රීසි ලිපිය උපයෝගී කරගෙන මුදල් ඉල්ලමින් මහජනතාව නොමඟ යවා අපහසුතාවයට පත් කරන බවද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය දැනුම්දෙයි.

ඒ අනුව, එම ලිපිය කෙරෙහි විශ්වාසය තබා කිසිදු ආකාරයක මුදල් යොමු කිරීමක් සිදු නොකළ යුතු අතර මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය පවසයි ෴


වෙනදා නොමිලේ … මේ සැරේ පැයකට රු. 93,000 යි | උපසම්පදා පිංකමට නාවික හමුදාවෙන් බිලක් | භික්ෂුන් වහන්සේලා අන්ත අසරණ වෙලා | පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (02.05.2025)

+


මාව දූෂණය කරලා මරල පුච්චන්න අපේ ගෙදරට කට්ටිය එව්වේ, චොර වෙන්න විස්කි බීලා වෙරි මතේ හිටපු චන්ද්‍රකා (02.05.2025)

+


සරත් ෆොන්සේකාගෙන් ජනපති අනුරට පණිවිඩයක් | සටන පටන් ගන්න සාක්ෂි අරගෙන එනවා (02.05.2025)

+


විදුලි සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු (2) මරුට

(02.05.2025 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ඊච්චලම්පත්තුව සූර්නගර් ප්‍රදේශයේ කුඹුරු ඉඩමක අලි වැටක් අලුත්වැඩියා කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) විදුලි සැර වැදී ඊයේ (01) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 47 ක් වූ පුද්ගලයෙකු සහ වයස අවුරුදු 29 ක් වූ ඔහුගේ බෑණා බවයි පොලිසිය පවසන්නේ.

‘මෙම කුඹුරු ඉඩමේ හිමිකරු ඉඩම වටා අදින ලද අලි වැට’ අළුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී ඔහුට විදුලි සැර වැදී ඇති අතර, ඔහු බේරා ගැනීමට උත්සහ කළ දියණියගේ ස්වාමි පුරුෂයාට ද විදුලි සැර වැදී ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා ෴


ආක්‍රමණශීලි ජලජ ජීවීන් 3500 කට අධික ප්‍රමාණයක් රැගෙන ආ තුන්දෙනෙකු (3) කටුනායකදී අත්අඩංගුවට

(02.05.2025 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් 3500 කට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ගුවන් මගීන් තිදෙනකු (3) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැනුනා.

ඒ රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මතයි.

මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරික කටයුතු වල නිරත කාන්තාවක (1) සහ පිරිමින් දෙදෙනෙක් (2).

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අදාළ ගමන් මලු‍ තුළ ‘රතු කන් ඉබ්බන්, ඇළි රතු කන් ඉබ්බන්, රතු වළිග මගුරන්, ඇළි කිඹුල් මත්ස්‍යයන්, විවිධ වර්ග වල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන්’ ද සිටිනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති ‘රතු කන් ඉබ්බන්’ වර්ග දෙක (2) දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත්, එසේම ‘රතු වළිග මගුරන්’ ද, එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරීවරයෙකු පැවසුවා.

රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තය බලා ප්‍රති අපනයනය කිරීම සදහා භාර දීමට නියමිතයි.

+


ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග සමාගම් අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට

(02.05.2025 – 09:04 +0530 – hirunews.lk/sinhala)

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකුට අයත් වැලිකඩ නාවල පාසල් පටුමගේ පිහිටි නිවසක තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.

පසුව සිදු කළ පරීක්ෂණවලදී එම අධ්‍යක්ෂවරයා ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම වැටලීමේදී බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රිපිටර් වර්ගයේ ගිනි අවියක් හා බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ එම ජීව උණ්ඩ 20 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40 ක් සිවිල් වැසියන් වෙත

(02.05.2025 – 09:45 +0530 – hirunews.lk/sinhala)

යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40 ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කර තිබෙනවා.

ඊට අදාළ ලියකියවිලි ඊයේ (01) යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් වෙත භාරදීම සිදු කෙරුණා.

ඒ අනුව, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාසවිලාන් කොට්ඨාශයේ ඉඩම් අක්කර 20 ක්, මාන්කොල්ලෙයි ගම්මානයේ ඉඩම් අක්කර 15 ක්, යාපනය – කට්කෝවලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 5 ක් එලෙස සිවිල් වැසියන් වෙත නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එසේම, අදාළ ඉඩම් කඩිනමින් ඉඩම්වල මුල් අයිතිකරුවන් වෙත නිදහස් කරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා ෴


විද්‍යුත් (විදුලි) යතුරුපැදි ආනයනය සඳහා පැවති තවත් සීමාවක් ඉවතට

(02.05.2025 – 10:07 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් (විදුලි) යතුරු පැදි ආනයනය සදහා පැවති සීමා ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර පසුගිය 29 වනදා සිට මෙය බලපැවැත්වෙන බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව නව විද්‍යුත් යතුරු පැදියක් ආනයනය කරන්නේනම් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට පැවති සීමාව ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ‘පරිහරණය කරන ලද විද්‍යුත් යතුරු පැදි’ ආනයනය කරන්නේ නම් තවදුරටත් බලපත්‍රයක් ලබා ගත යුතු වනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *