බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට

බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට


බිරිය ඝාතනය කර සිරුර දෙකට කපා ඇළට දැමූ සිද්ධියට සැමියයි බෑණයි අත්අඩංගුවට

(27.04.2025 – 16:20 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා මගින් ස්ටේට්පුර කුණු ඇළට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගෑන්ඩ්පාස් ස්ටේට්පුර පදිංචිව සිටි 65 හැවිරිදි දෙදරු මවක් බවයි පැවසෙන්නේ.

සැකකරු එම කාන්තාවගේ දෙවැනි (2) විවාහයේ සැමියා බව සඳහන්.

ඝාතනයට ලක් වූ කාන්තාව සිය දියණියක් සමග ස්ටේට් පුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ජීවත්ව තිබෙනවා.

උඩු මහලේ දියණිය සැමියා සමගත් ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා සමඟ පහත මහලේ ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සිදු කරන අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.

මෙම ඝාතනයට මූලික හේතුව එය බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

+


නුවරඑළිය ජලයෙන් යටවෙයි

(27.04.2025 – 19:01 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළියට අද (27) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

ධර්මපාල වටරවුම අසල, බෞද්ධ මන්දිරය සහ නුවරඑළිය – වැලිමඩ ප්‍රධාන මාර්ගය මෙලෙස ජලයෙන් යටවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ හේතුවෙන් අද (27) දින දහම්පාසල් අවසන්කළ සිසුන්ට පන්සලෙන් පිටතට යාමට මහත් අපහසුකාරී තත්ත්වයක් ඇතිවූ බවද සඳහන් ෴

+

+


අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අකුණු සැර වදී

(27.04.2025 – 19:23 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අද (27) අකුණු සැර වැදී තිබෙනවා.

මෙම පිරිස අතර තරුණයින් හතර (4) දෙනෙක් සහ එක් (1) තරුණියක් සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් ක‍ර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතල බවයි සඳහන් වන්නේ ෴


ජලභීතිකාව වැලඳීමෙන් පාසල් සිසුවෙක් මරුට

(27.04.2025 – 17:31 +0530 – sinhala.adaderana.lk)

ජලභීතිකාව වැලඳීමෙන් හත් (7) හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද (27) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉකුත් 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඉකුත් මස නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු මෙම සිසුවාගේ මුහුණ ප්‍රදේශය පහුරු ගා ඇති බවත් පසුව මේ පිළිබඳව සිසුවා විසින් කිසිවක් නිවැසියන්ට නොපවසා බිම වැටීමෙන් සිදුවූ තුවාලයක් බවට අඟවා තිබේ.

පසුව ජලයට සහ සුළඟට බියවී දරුවාගේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ප්‍රතිකාර සඳහා සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.

මරණ පරීක්ෂණ අද (27) ගාල්ල ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් පසු සිරුර දෙමව්පියන්ට භාර දී තිබේ ෴


ට්‍රම්ප්ට වඩා දරුණුයි ඉන්දියාව කරපු කැත වැඩේ | පාකිස්තානයටත් මෙහෙම කරා නම් ලංකාවට කොහොම කරයිද? (27.04.2025)

+


අහිංසකයෝ අමු අමුවේ මරපු පොලිසියේ කාලකන්නි බල්ලො. මේ ගේම ගැහුවේ රනිලයි උගේ ගෝලයොයි (27.04.2025)

+


රජයට රුපියල් මිලියන 400 ක් පාඩු කළ ගුවන්පාලම

(28.04.2025 – 22:23 +0530 – sinhala.adaderana.lk)

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400 කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පිළිබඳ අද (28) හෙළිදරව් කළේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුවය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ගුවන් පාලම් 3 න් ‘බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිවෙමින් පවතින ගුවන් පාලම’ කොම්පඤ්ඤවීදිය පොලිස් පැරණි නිල නිවාස හරහා ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව නිල නිවාස 6 ක් කඩා ඉවත්කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් වසර දෙකක් (2) පමණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබුණි.

ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (28) එහි නිරීක්ෂණයක නිරත විය.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා :

“ගොඩනැගිලි 6 ක් කඩා ඉවත්කරන්න සිදුවෙනවා. එම ගොඩනැගිලිවල පදිංචි වී සිටින ගොඩක් නිලධාරීන් පොලීසියේ සහ ආණ්ඩුවේ ඉල්ලීම මත වෙනත් ස්ථානවලට ගිහින් තිබෙනවා. නමුත් සීමිත පිරිසක් තවමත් රැඳී සිටි නිසා ඒ නිසා ඉදිරිකිරීම් කටයුතු වසර දෙකක (2) කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. මේක ප්‍රමාදවීම නිසා දිනකට (1) රුපියල් ලක්ෂ 5 ක අමතර මුදලක් රජය දැරිය යුතුයි. දැනට රුපියල් මිලියන 400 කට අධික මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙව්වා. දැනට පදිංචි වී සිටින පවුල්වල අයට කිසිම අගතියක් වෙන්නේ නැතුව තාවකාලික ස්ථාන ලබාදෙනවා යන්න. අපි උපරිම මාස එකහමාරක් (1½) ඇතුළත ඒ අයටත් ස්ථීර ස්ථාන ලබාදෙනවා.”

+

+


සමාජ මාධ්‍ය ගිණුම් 6 ක තොරතුරු ලබා ගැනීමට අධිකරණ නියෝගයක්

(28.04.2025 – 20:54 +0530 – sinhala.adaderana.lk)

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු ‘බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්’ මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක (6) තොරතුරු ලබා ගැනීම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය’ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබාන්නාය.

අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහෙන්ද්‍රන් මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රශ්න නමයක් යොමු කර ඊට අදාලව පිළිතුරු ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසට එම බුද්ධි ඒකකය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එලෙස නියම කෙරුණි.

රට තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ ‘ජෝසප් පරරාජසිංහම්’ මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ‘පිල්ලෙයාන්’ යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් ‘පිල්ලෙයාන්’ නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් ඒ සඳහා තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූපද පළ කර ඇති බවත් විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ එම ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර නඩු කෘත්‍යයක් ලෙස විභාග නොවූ බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධීකරණ රෙජිස්ටාර්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවද විනිසුරුවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වාදී ඇති බවය.

එම සිද්ධියට අමතරව තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද එම සමාජය මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට අභයාචනාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට හමුවේ පැවසීය.

පැමිල්ලිකාර අභියාචනාධිකරණ විනිසුරුවරයා තම බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව එම සමාජය මාධ්‍ය ජාලා ඔස්සේ පලකර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධහන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව ලැබී තිබෙන බලතල ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද ‘බුද්ධි ඒකකය’ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය ෴


විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

(28.04.2025 – 20:28 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ‘ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු’ අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංච් 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද (28) උදෑසන 08:35 ට ඩුබායි සිට ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 83,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 418 ක් සඟවා ගෙන තිබී, රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත ෴


බස් රථ රියදුරන්ට දැනුම්දීමක්

(28.04.2025 – 19:11 +0530 – sinhala.adaderana.lk)

බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීමට ‘ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය’ තීරණ කර තිබේ.

එමෙන්ම බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම ඇතුළු තීරණ රැසක් පසුගිය දා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ගෙන ඇත.

එම සාකච්ඡාව සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් 9 යට අදාළ ‘මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්’ වල සභාපතිවරු සහභාගී වී තිබුණි.

එහිදී NTC, SLTB සහ ‘පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි’වල නිලධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරුව විශේෂ තීරණ රාශියකට එළඹෙණ ලදී.

ගන්නා ලද තීරණ පහතින් :‍

  • පුත්තලම මාර්ගයේ ඒකාබද්ධ කාල සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.
  • සියලු බස් රථ තනි සංගමයක් යටතේ ධාවනය කර ලාභය බෙදාදීම යටතේ 138 බස් මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම.
  • බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම.
  • විධිමත් ලෙස Online ticket booking සඳහා ක්‍රමවේදයක් (Digital අමාත්‍යාංශය සමග එක්ව) සැකසීම.
  • බස් රථ වල රියදුරන්ගේ Random drug and Alcohol test සිදු කිරීම.
  • Ticket machine මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීම(යම් කාලයක් ලබා දී)
  • මගී ප්‍රවාහන බස් රථ සඳහා Specification සෑදීම.
  • බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම.
  • නව බස් රථ සඳහා මාර්ග හඳුනා ගැනීම.
  • සියලුම බස් රථ වල වැරදි දැනුම් දීමට whatsapp අංක ලබා දීම(NTC, SLTB සහ පළා 9 සඳහා) හා ඒවා බස් රථවල ප්‍රදර්ශනය කිරීම.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වැඩකටයුතු කඩිනමින් සකසන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා මේම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය නිතර සොයාබලන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදුනි ෴


ජීවිතයක් බේරාගත් පොලිස් මෙහෙයුම

(28.04.2025 – 15:11 +0530 – sinhala.adaderana.lk)

‘කොළඹ පෝට් සිටි වෙරළ තීරයේ’දී දිය වැලකට හසු වී ගසාගෙන ගිය තරුණයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය 26 වනදා මෙම තරුණයා ‘පෝට් සිටි වෙරළ තීරයේ’ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවය.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම තරුණයා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු පිටත්කර හරින ලදි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකි.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 38015 අරියරත්න, පොලිස් සැරයන් 66269 ප්‍රසාද්, පොලිස් කොස්තාපල් 90744 නිලන්ත පොලිස් කොස්තාපල් 96793 ඒකනායක විසින් මෙම තරුණයාගේ දිවි බේරාගැනීම සිදුකර ඇත ෴


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

(28.04.2025 – 11:10 +0530 – sinhala.adaderana.lk)

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ‘ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව’ පවසයි.

ඒ අනුව, https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිර්ම සඳහා පහසුකම් සලසා ඇත.

එමෙන්ම , http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය.

මේ අතර, සියලුම විදුහල්පතිවරුන් හට https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිසීම මඟින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර ‘අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය’ බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර https://onlineexams.gov.lk සබැඳිය මඟින් පළාතේ / කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගැනීම/නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවති.

පාසල්වල මුද්‍රිත විභාග ප්‍රතිඵල ලේඛන, විදුහල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරන බව දැනුම් දී ඇත.

ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දී තිබේ ෴


දක්ෂිණ අධිවේගයේ සිදුවූ බිහිසුණු අනතුර “මාව දාලා යනවාද ඇහුවා… යාළුවා නැතිවුණා….” (28.04.2025)

+++

+


ඔස්ට්‍රේලියාවට යන්න සිහින මැවු විදෙස් සිසුන්ට ලැබුණු දුක හිතෙන ආරංචිය | වීසා ගාස්තුව තවත් ඉහළට ? (28.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *