ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල

ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල


ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල

(15.04.2025 – 20:45 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ – පලෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම්වලට කඩා වදින සංවිධානාත්මක පිරිසක් එම භූමිවල ඇති වැලි නිධි බලහත්කාරයෙන් කපා රැගෙන යන බව, ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කරගත්තා.

එහි සේවයේ යොදවා සිටින පොලිස් නිලධාරීන් පවසන්නේ, වැලි ජාවාරම්කරුවන් පොලිස් අණට ද අවනත නොවෙමින් මෙම ජාවාරමේ නිරත වන බවයි.

කිලිනොච්චියේ – අලිප්පලෙයි – පලෙයි ප්‍රදේශය පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට දැඩිව නතුව තිබූ ප්‍රදේශයක්.

ඔවුන් ඉවක් බවක් නොමැතිව මෙම ප්‍රදේශයේ බිම් බෝම්බ වළලා තිබූ අතර, මේ වනවිටත් ඒවා ඉවත් කරමින් පැවතීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ඉඩම්වල ජීවත්වීමට අවශ්‍ය පසුබිම තවමත් සැකසී නැහැ.

‘හිරු සී.අයි.ඒ.’ කළ නිරීක්ෂණයේදී හෙළි වූයේ, කෙදිනක හෝ බිම් බෝම්බ ඉවත් කර යළි මෙම පෞද්ගලික ඉඩම් ජනතාවට ලබා දීමේදී ඔවුන්ට හිමිවන්නේ සාමාන්‍ය ඉඩම් නොව අනවසර වැලි කැණීම් හේතුවෙන් ජලාශ බවට පත්කළ භූමි ප්‍රදේශ බවයි.

අප මෙම ප්‍රදේශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ශ්‍රී ලංකා පොලිසියේ ටී ෂර්ටයක් හැඳ සිටි නිලධාරියෙකු පැවසුවේ, ඔත්තුකරුවන් රැසක් යොදා ජාවාරම්කරුවන් වැලි ජාවාරම කරගෙන යන බවයි.

සුන්දරත්වයෙන් පිරි කිලාලි කලපුව ආසන්නයේ පවතින මෙම පෞද්ගලික ඉඩම් විශාල ජලාශ බවට පත්කර මේ වනවිටත් වැලි කියුබ් ලක්ෂ ගණනක් ජාවාරම්කරුවන් ඉවත් කර අවසන්.

ගොඩබිම් මාර්ගය ඔස්සේ ගමන් කරන විට, වැලි ජාවාරම්කරුවන් තැත තැන එක් රැස්කර ඇති වැලි තොග මෙලෙස දැකගත හැකියි.

වැලි ජාවාරම්කරුවන් පොලිස් අණට ද අවනත නොවන බව, මෙහි සිටි පොලිස් නිලධාරීන් පවසනවා.

වැලි ජාවාරම්කරුවන්ට රිසි සේ මෙම පෞද්ගලික ඉඩම් සුනුවිසුනු කිරීමට ඉඩ දී පලෙයි පොලිසිය තව කොතෙක් කලක් බලා සිටිනවා ද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳව අවධානයෙන්.

+


අද (15) ගමෙන් කොළඹට එන්න බස් 8,000 ක්

(15.04.2025 – 14:14 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීම සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ 8,000 ක් අද (15) දින යොදවා ඇති බව, ප්‍රවාහන සංගම් සහ ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, දුම්රියෙන් පැමිණෙන මගීන් සඳහා ද අද (15) සිට අතිරේක දුම්රිය ගමන්වාර 20 ක් යොදවා තිබෙන බවයි.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීම සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, අද (15) දිනයේදී සියලු ඩිපෝ හරහා අතිරේක බස් රථ ඇතුළුව බස් රථ 3,000 ක් පමණ යොදවා තිබෙන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප්‍රාදේශීය කාර්යාල 12 හරහා සියලු බස් රථ යොදවා ඇති අතර අනුරාධපුර, හැටන්, මහනුවර, බදුල්ල නගරවල මෙන්ම උතුර නැගෙනහිර පළාත්වල සිටත් විශේෂ බස් රථ යොදවා තිබෙනවා.

අධිවේගී මාර්ගවල ද විශේෂ බස් රථ සේවා අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ගමන් වාර සඳහා අධිවේගී බස් රථ 800 ක් 17 වැනිදා සිට ආරම්භ කරන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් අද (15) දින සිට පෞද්ගලික බස් රථ 5,000 ක් ද ධාවනයට යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර දුම්රියෙන් පැමිණෙන මගීන් සඳහා ද අද (15) සිට අතිරේක දුම්රිය ගමන්වාර 20 ක් යොදවා තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, කන්කසන්තුරය, ගාල්ල, බෙලිඅත්ත සහ බදුල්ල සිට මෙම අතිරේක දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි.

අද (15) දින දෛනික දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා.

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ග භාවිත කිරීම හේතුවෙන් ගෙවුණු දින 4 තුළ රජය ලබා ඇති ආදායම රුපියල් කෝටි 17 ඉක්මවා තිබෙනවා.

+


පිල්ලෙයාන්, හඬා වැටෙයි

(15.04.2025 – 20:13 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ‘සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ හමු වී තමන් සාකච්ඡා කළ බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස ගොස් ඔහු හමු වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීමට අවස්ථාව දුන් බවයි.

පැය භාගයක (½) කාලයක් තමන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය ‘සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ බව උදය ගම්මන්පිල කියා සිටියා. එහිදී තමන් සිරමැදිරියක් තුළ ගෙවන වේදනාත්මක ජීවිතය පිළිබදව පිල්ලෙයාන් කරුණු පැහැදිලි කර ඇති අතර, ඇතැම් අවස්ථාවල පිල්ලෙයාන් කඳුලු‍ සලමින් හඬා වැටුණු බව ද නීතීඥ උදය ගම්මන්පිල පැවසුවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද, දැනට රදවාගෙන ප්‍රශ්න කෙරෙන පිල්ලෙයාන් සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් එම ඉල්ලීමට අවස්ථාවක් නොදුන් බවත්, එලෙස රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බවත් අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළා.

නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පසුගිය 08 වනදායි.

මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන්නේ දින 90 ක රැදවුම් නියෝග යටතේයි.

+

+


මෝදි විවෘත කළ දඹුල්ල ශීතාගාරයට, හර්ෂ ද සිල්වා යයි

(15.04.2025 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි අතින් පසුගියදා විවෘත වූ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය, තවමත් විවෘත කිරීමකට පමණක් සීමා වී ඇති බව, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, අද (15) පෙරවරුවේ එම ගබඩා සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්.

එම ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කළේ යහපාලන රජයෙන් බවත්, වැඩ අවසන් කර ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටියදී පවා තමන් දැඩි වෙහෙසක් ගත් බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කළ අතර ඔහු සඳහන් කළේ, එම සංකීර්ණයට යොදා තිබූ ‘‍ප්‍රභාෂ්වර’ යන නාමය ද වත්මන් ආණ්ඩුව ඉවත් කර ඇති බවයි.

+


රුපියල් ලක්ෂ 57 කට අධික මුදලක් සමග දෙදෙනක් (2) අත්අඩංගුවට

(15.04.2025 – 20:37 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13 වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පසුගිය 13 වන දින උදෑසන කාලයේ කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී, ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර ඇත.

එම ත්‍රිරෝද රථයේ සිටි සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විමර්ශනයක් ආරම්භ කරන ලදී.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබි රුපියල් 5,745,000/- ක මුදලක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ප්‍රදේශයේ ගෑස් වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර මොහු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයෙකු බවටද සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබේ.

මේ අතර අනෙක් සැකකරු මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ස එක් සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගත් මුදල් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ගන්නා ලද මුදල් ද එසේ නොමැති නම් එම වෙළෙඳසැල පවත්වාගෙන යාමෙන් උපයාගන්නා ලද මුදල්ද යන්න සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කිරුළපන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (16) පූර්වභාග 09:04 ට

(16.04.2025 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලු‍ත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පූර්වභාග 09:04 ට යෙදී තිබෙනවා.

හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවි යන්න නැකැත් සීට්ටුවේ සඳහන්. හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මේ අතර, ‘හිරු ටී.වී.’ සංවිධාන කරන හිසතෙල් ගෑමේ මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාර පරිශ්‍රයේදීයි.

අද (16) උදෑසන 9 වනවිට එම පරිශ්‍රයට පැමිණෙන ලෙස සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට හිරු මාධ්‍ය ජාලය ආරාධනා කරනවා ෴


දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් (2) අතුරුදන්

(16.04.2025 – 07:39 +0530 – sinhala.adaderana.lk)

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන් වී තිබේ.

ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පානම පොලීසය පවසයි.

අතුරුදන් වූ තරුණයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+

මේ අතර හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී විදෙස් ජාතික යුවළක් දියවැළකට හසු වී මුහුදෙහි ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබේ.

හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් කොස්තාපල් 96221 දුමින්ද, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 101510 අදීෂ යන නිලධාරීන් විසින් ඔවුන්ව බේරාගෙන ඇත.

අනතුරින් බේරාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 47 ක් වන අතර කාන්තාව වයස අවුරුදු 46 ක් වන රුසියානු ජාතික අඹු සැමි යුවළකි ෴


රාජපක්ෂ පවුලේ ආරවුල අධිකරණයට. පුංචි ඡන්දයෙන් පත්වන මාලිමා මන්ත්‍රීවරුන්ගේ ධූර අහිමිවීමේ අනතුරක් (13.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Gommanpila you foolish man, opportunistic politicians with the traits of a hyena.. So, you were observing Pilleyan in tears for reducing his dwelling from a palace to a remand cell. Why did you forget to ask him if he was shedding any tears when he and Karuna Amman were giving orders to their rebel forces to round up 600 or so policemen in the Eastern provinces, transporting them to the jungle and murdering them in cold blood?

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *