ව්‍යාජ වාර්තා සකස් කර කාන්තාවන් විදෙස් ගතකරන මරදානේ පිහිටි හොර විදේශ රැකියා එජන්සියක් වැටලූ හැටි

ව්‍යාජ වාර්තා සකස් කර කාන්තාවන් විදෙස් ගතකරන මරදානේ පිහිටි හොර විදේශ රැකියා එජන්සියක් වැටලූ හැටි


ව්‍යාජ වාර්තා සකස් කර කාන්තාවන් විදෙස් ගතකරන මරදානේ පිහිටි හොර විදේශ රැකියා එජන්සියක් වැටලූ හැටි

(14.04.2025 – 20:27 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස්ගත කරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවිය.

‘අද දෙරණ උකුස්සා’ මරදානේ පිහිටි විදේශ රැකියා එජන්සියක් වෙත මෙලෙස පැමිණියේ එහි ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස්ගත කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලද තොරතුරක් අනුවය.

ඒ අනුව ‘උකුස්සා’ අදාළ ස්ථානයට ගොස් සිදුකළ ගවේෂණයේදී නිරීක්ෂණය වුණේ ග්‍රාම නිලධාරීන්ගේ හා සංවර්ධන නිලදාරීන්ගේ ව්‍යාජ නිල මුද්‍රා කිහිපයක් එහි ඇති බවටයි.

එම නිල මුද්‍රා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන්ගේ නම්වලට සකස්කර තිබුණි.

අනතුරුව ‘අද දෙරණ උකුස්සා’ විසින් මේ පිළිබඳව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකය’ට කළ දැනුම්දීමට අනුව එහි නිලධාරින් කණ්ඩායමක් පැමිණ අදාළ ස්ථානය වටලනු ලැබීය.

එහිදී අනාවරණය වුණේ මෙම විදේශ රැකියා ඒජන්සියට ලියාපදිංචි සහතියක් පවා නොමැති බවය.

එමෙන්ම එහි තිබී විදෙස්ගමන් බලපත්‍ර 128 ක් ද සොයාගනු ලැබීය.

අනතුරුව ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු (2) ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්’ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

+


දරුඵල සිහිනය සැබෑ කරන ශුක්‍රාණු බැංකුව – ‘සියල්ල නොමිලේ ලබා දෙන ප්‍රතිකාර’ (14.04.2025)

දරුඵල අහිමිවූවන්ට එම සිහිනය සඵල කරගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් නව ඒකකයක් පිහිටුවීමට කාසල් වීදියේ කාන්තා රෝහල පියවර ගෙන තිබේ.

මෙම ඒකකය හඳුන්වන්නේ ‘ශුක්‍රාණු බැංකුව’ ලෙසය.

දරු ප්‍රසූතිය මෙන්ම සියලු කාන්තා රෝග වෙනුවෙන් දෛනිකව දහස් ගණනකට ප්‍රතිකාර සිදුකරන කාසල් වීදියේ කාන්තා රෝහල මෙරට පිහිටි සුවිශේෂී රෝහලකි.

මාතෘ රෝහල් ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට රජයේ රෝහලක ප්‍රථම වරට ක්‍රියාත්මක ශුක්‍රාණු බැංකුව පසුගියදා මෙම රෝහලේදී ස්ථාපිත කෙරුණි.

එම නව ඒකකය සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසුවේ දරුඵල ලැබීමට නොහැකිවීම මත විවාහ වූ යුවලකට ඒ සම්බන්ධව දැන් බිය විය යතු නැති බවය.

ඒ අනුව අදාළ යුවල මෙම ඒකකයට පැමිණිමෙන් මෙම කාර්ය විසඳා ගත හැකි බව පැවසූ වෛද්‍යවරයා පැවසුවේ මෙම සියලුම කාර්යන් නොමිලයේ මෙන්ම සම්පූර්ණයෙන්ම රහසිගතව සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් සිදුකළ හැකි බවය.

තවද මෙම සියලු ප්‍රතිකාර නොමිලයේ රජය විසින් ලබා දෙන ප්‍රතිකාර බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එම ශුක්‍රාණු බැංකුව සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝව නැරඹීමෙන් ලබා ගත හැකිය.

+


කටුගස්තොට පාලමින් වැටුණ තරුණියගේ දිවි බේරාදුන් රාළහාමි – ‘මේකත් හරියට සිවුරක් දාගත්ත වගේ තමයි’ (12.04.2025)

+


පොලිස් රාජකාරියට සහයවන නිල සුනඛයින්ගේ මහගෙදර (09.04.2025)

+


වර්ග කිලෝමීටර් 1,300,000 ක ලොව විශාලතම ශිෂ්ටාචාරය (13.04.2025)

+


පළමු වතාවට බිරිඳ ඉස්සරහ තියාගෙන ‘මගෙ රත්තරං හෙලේනා’ ගයපු අපූරුව | මට තාම අවුරුදු 90 යි | අදටත් මම වැඩ (11.04.2025)

+


නිහීන ලෙස සියල්ල පාවා දීලා.. ඉන්දියානු හමුදාවත් ලංකාවට.. ලංකාව ඉන්දියාවේ ‘අඛණ්ඩ් භාරතය’ට ඇතුළු කර සිතියමකුත් ඇඳලා..

(15.04.2025 – 15:00 +0530 – lankacnews.com)

අනුර කුමාර ජනාධිපති ඇතුළු මාලිමා ආණ්ඩුව නරක නිහීන ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාවට පවා දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඇතිකරගත් එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ දක්වාම කිසිදු ආකාරයකින් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවය.

නමුත් වාර්තා වන අන්දමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බරපතළ ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අභියෝගයට ලක් කරමින් ගිවිසුම් කිහිපයකට එළැඹී ඇති බවද ඔහු සඳහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වය යටතේ ක්‍රියාවට නංවා ඇති ‘අඛණ්ඩ් භාරත්’ ව්‍යාපෘතියට ලංකාවද ඈඳාගෙන ඇති බවත්, ඇතිකරගත් ගිවිසුම් අනුව ඉන්දියානු බර අවි කම්හල් ගබඩා සහ හමුදා සෙබළුන් මෙරට ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

+


ගතවූ දින 04 ට අධිවේගී මාර්ගවලින් මිලියන 173 ක ආදායමක්

(15.04.2025 – 09:20 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දි 04 තුළ අධිවේගී මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, දින 04 තුළ දී ලක්ෂ 5 කට ආසන්න වාහන අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බව සඳහන්.

ඊයේ (14) දිනයේ දී පමණක් වාහන 1,09,637 ක් ගමන් කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 39 ක් ෴


අධික උණුසුම ප්‍රදේශ රැසකට

(15.04.2025 – 12:45 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ දිනවල මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක් පවතිනවා.

එබැවින් ඒ ගැන දැඩි අවධානය යොමුකළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙලෙස මිනිස් සිරුර වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවත් වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙසේ අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ෴

මේ දිනවල අවුරුදු උත්සව සහ අවුරුදු ක්‍රිඩා පැවැත්වීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දිවයිනේ ප්‍රදේශ බොහොමයක උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යාම ඊට හේතුවයි ෴


උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග වන විට නිකුත් කරන ලකුණු

(15.04.2025 – 16:01 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අග වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම මේ වන විට අවසන් වී ඇති අතර, ප්‍රතිඵල සකස් කිරීම හා පරීක්ෂා කිරීම ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට නියමිත බවයි.

2024 උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පසුගිය නොවැම්බර් 25 වනදා ආරම්භ වුණා.

ඒ සඳහා අයදුම්කරුවන් 3,33,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් 2,53,390 ක් පාසල් අයදුම්කරුවන්.

විභාගයට පෙනි සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 79,795 ක් ෴


කෙටි පණිවිඩයක් ලැබෙන අය පමණක් සෝලා පද්ධති විසන්ධි කරන්නැයි මණ්ඩලය කියයි

(15.04.2025 – 17:12 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සදහා කෙටි පනිවුඩයක් ලැබුණු විටදී වහල මත සූර්ය බල ශක්තිය ස්ථාපනය කරන සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන ලෙස ‘ලංකා විදුලි බල මණ්ඩලය’ ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් තුළින් පසුගිය දින 03 තුළ සැපයුම් කළමනාකරණය පිළිබදව ද පැහැදිලි කර ඇති අතර එහිදී ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර භාවිත කිරීමක් සිදුකර නොමැති බව ද ප්‍රකාශ කරනවා ෴


සිරි දළදා වන්දනාවට යන්න ප්‍රවේශ මාර්ග 3 ක්

(15.04.2025 – 17:13 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පිවිසුම් මාර්ග 3 ක් ස්ථාපනය කර තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය කාර්යංශය පවසන්නේ :

පළමු ප්‍රවේශ මාර්ගය (අංක (01)) වශයෙන්, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම් මාර්ගය නම්කර තිබෙන බවත්,

අංක (02) පිවිසුම වශයෙන් ‘රතු බෝක්කුව’ දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය නම්කර බවත්,

මේ අතර අංක (03) පිවිසුම ලෙස ‘රතු බෝක්කුව’ දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය නම්කර තිබෙන බවත් ය.

සිරි දළදා වන්දනාව අප්‍රේල් මස 18 සිට 27 වැනිදා තෙක් පැවැත්විමට සියලු කටයුතු යොදා තිබෙනවා ෴


හුළංදාව ඕලු දොළට පාලමක් ඉල්ලයි

(15.04.2025 – 18:02 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස, හුළංදාව ඕලු දොළ හරහා ගමනාගමන කටයුතු ඉටු කර ගැනීමට පාලමක් නොමැති වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දී සිය දුෂ්කරතාව අවසන් කරදෙන ලෙසයි.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලේනම උතුර, ග්‍රාම නිලධාරී වසමේ හුළංදාව ගම්මානය පිහිටා තිබෙනවා.

හුළංදාව- කෑකිල්ල මාර්ගයේ ඕලු දොළ හරහා ගමන් කිරීමට පාලමක් නොමැතිවීමෙන් මෙම ගම්වැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ගම්මානයේ පවුල් 75 කට අධික පිරිසක් ජීවත් වන අතර ඔවුන් පවසන්නේ මෙම ගැටලුව හමුවේ සිය ආර්ථිකයට බලවත් තර්ජනයක් එල්ල වී ඇති අතර දෛනික කටයුතුද අඩාල වී ඇති බවයි.

තේ දළු නෙලීම වෘත්තිය කරගත් මෙම ජනතාවට දළු රැගෙන ඒමත් මේ හේතුවෙන් දැඩි දුෂ්කර කාර්යක් බවට පත්ව ඇති අතර පාසල් දරුවන්ටද සිප් සතර හැදෑරීමට දිනපතා ඕලු දොළ තරණය කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් අපතේ යන බවයි ගම්වැසියන් පවසන්නේ.

වර්ෂා කාලයේදී දොළේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටින අතර රෝගී තත්ත්වයකදී ජිවිත අනතුරේ හෙළා කටයුතු කිරීමට සිදුවන බවයි ගම්වැසියන් පවසන්නේ.

මේ හේතුවෙන් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගමනාගමන ගැටලුව පිළිබඳ අවධානය යොමු කර ඕලු දොළ හරහා කඩිනමින් පාලමක් ඉදි කර දීමට කටයුතු කරන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *