අමෙරිකානු තීරුබදුවලට මුහුණ දීම ගැන ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක
අමෙරිකානු තීරුබදුවලට මුහුණ දීම ගැන ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක
(10.04.2025 – 15:25 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව මත පනවා ඇති එක්සත් ජනපද නව තීරුබදු හේතුවෙන් ඇති වන දුෂ්කරතා අවම කිරීම සඳහා විකල්ප උපාය මාර්ග සෙවීමට විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට ප්‍රමුඛතම අපනයනකරුවන් 50 දෙනාටම ආරාධනා කර තිබෙනවා.
ඒ ඇමරිකානු වෙළදපොල වෙත අපනයනය සිදු කරන අපනයනකරුවන් සමග අද පැවති රැස්වීමකදීයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මෙම අර්බුදයට මුහුණ දීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ ආයෝජකයින්ට පැහැදිලි කර කරමින් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිටත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සිදු කර ඇති බවයි.
විශේෂිත ආර්ථිකයන් කෙරෙහි එක්සත් ජනපදයේ බලපෑම අවම කර ගැනීමට සහ තවදුරටත් වෙළඳ සබඳතා සෙවීම සඳහා බොහෝ රටවල් විකල්ප වෙළඳ ගිවිසුම් හා නව වෙළඳපල අවස්ථා සොයමින් සිටින බව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා ෴
+++
Hiru TV Balaya Live | Episode 589 | 2025-04-10
+++
‘අමෙරිකානු තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම’ සම්බන්ධ පක්ෂ නායක හමුවේ තීරණය මෙන්න
(10.04.2025 – 20:41 +0530 – hirunews.lk/sinhala)
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක හමුවක් අද (10) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී නව තීරු බදු සම්බන්ධ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව ඇති අතර අදාළ ගැටලුව සම්බන්ධයෙන් රජය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගවලට සහය පළ කිරීමටද විපක්ෂයේ දේශපාලන නායකයින් එහිදී එකඟතාව පළ කර තිබෙනවා.
මෙම පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම මනෝ ගනේෂන්, ජීවන් තොන්ඩමන්, දයාසිරි ජයසේකර, ඩී.වී. චානක, ශානක්‍යන් රාසමානික්‍යන්, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් එක් වුණා.
එහිදී අදාළ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා හා ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳවත් ජනාධිපතිවරයා විපක්ෂයේ අවධානයට යොමු කර තිබෙනවා.
පක්ෂ නායකයන් ඉදිරිපත් කළ යෝජනා ද ඒකරාශි කර ගෙන වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී වැඩිදුටරටත් තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
COPE කමිටුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවක
(10.04.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කර තිබුණා.
ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ මුලිකත්වයෙන් ඊයේ (09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත වී තිබෙනවා.

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණා.
එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවටයි මෙහිදී නිරීක්ෂණය වී ඇත්තේ.
මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්ත වූවද, එය එසේ තිබියදීම මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබූ බවට කාරක සභාවට නිරීක්ෂණය වී තිබෙනවා.
තවද, මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීම ද මෙහිදී සිදුව තිබුණා.
මෙහිදි කෝප් කාරක සභා සාමජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක නිරත වී තිබෙනවා.
එමෙන්ම මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.
එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාව දින තුනක් අත්හිටුවයි
(10.04.2025 – 17:55 +0530 – hirunews.lk/sinhala)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාව අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල අත්හිටුවන බව ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා සඳහන් කරනවා.
එක්දින සහ සාමාන්‍ය සේවාවන් සැපයීම සඳහා ටෝකන් පත් එම දිනවල දහවල් 12 දක්වා නිකුත් කරන බවයි වාර්තා වන්නේ ෴
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 ක් අත්අඩංගුවට
(10.04.2025 – 20:59 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු (2) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ත් – 35 ත් අතර පසුවන්නන් බවද සඳහන්.
මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03 කට පමණ පෙර මෙරටට පැමිණ ඇති බවයි සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.
ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මතයි.
එමෙන්ම අනෙක් පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස මේ වනවිට වැළිසර පිහිටි තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටිනවා ෴
අමෙරිකාවෙන් චීනයට 145% ක තීරුබදු පනවා ඇති බව නිල වශයෙන් නිවේදනය කරයි
(10.04.2025 – 23:33 +0530 – hirunews.lk/sinhala)
ඇමරිකා එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු 145% ක් වන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා රටවල් 60 ක් වෙත පැනවූ 10% සිට 50% ක් දක්වා වූ තීරු බදු පැනවිම ඊයේ (09) සිට ක්‍රියාත්මක වූ අතර, චීන භාණ්ඩ වෙනුවෙන් 104% ක දැවැන්ත තීරු බද්දක් පැනවීමද එහි අන්තර්ගත වුණා.
කෙසේවෙතත් චීනය විසින් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු භාණ්ඩ වෙත පනවා තිබු 34% ක් වූ තීරු බදු ප්‍රතිශතය 84% ක් දක්වා තවදුරටත් ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.
එම බදු ඉහළ දැමීමට ප්‍රතිචාරයක් ලෙසින් ජනපති ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ චීන ආනයන භාණ්ඩ මත පැනවු 104% ක දැවැන්ත තීරු බදු පැනවීම 125% ක් දක්වා ඉහළ දමන ලෙසයි.
ඒ අනුව පෙර පැවති 20% තීරුබද්දත් ඇතුළත් කිරීමත් සමඟ සියලුම බදුවල එකතුව 145% ක් බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ ෴
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
(10.04.2025 – 13:30 +0530 – hirunews.lk/sinhala)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වාසය කරන දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ භාග්‍යය උදා කරන ‘සිරි දළදා වන්දනාව’ පැවැත්විමට අදාළ සියලු කටයුතු මේ වන විට සංවිධානය කෙරෙමින් පවතිනවා.
‘සිරි දළදා වන්දනාව’ එලඹෙන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි.
අප්‍රේල් 18 දින පස්වරු 3 සිට පස්වරු 05:30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ දැකගැනීමට අවස්ථාව හිමිවන අතර අප්‍රේල් 19 වැනිදා සිට අප්‍රේල් 27 වැනිදා දක්වා දහවල් 12 සිට පස්වරු 05:30 දක්වා පැවැත්වීමට නියමිතයි.
+
Pamban Bridge revives age-old dream, a direct train from Chennai to Colombo
(09.04.2025 – indiatoday.in/)
කිරිබත්ගොඩ පොලිස් වෙඩි තැබීමකින් අයෙකු රෝහලේ
(11.04.2025 – 06:59 +0530 – hirunews.lk/sinhala)
කිරිබත්ගොඩ – ගාල හන්දිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසිය අද (11) අලුයම වෙඩි තබා තිබෙනවා.
එහිදී යතුරු පැදිකරු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි බියගම – හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අපරාධ මර්දන මෙහෙයුම්වල නිරත ව සිටි පොලිස් නිලධාරීන් අදාළ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසළ සැකකටයුතු ලෙස රැදී සිටි මෙම පුද්ගලයා දැක තිබෙනවා.
පසුව යතුරුපැදියට නැග ඔහු එම ස්ථානයෙන් පළා යාමට උත්සහ කර ඇති අතර එහිදී නතර කරන ලෙසට ඔහුට අණකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එහෙත් අණ නොතකා පළා යාමට තැත් කළ සැකකරුට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
ඔහුගේ ශරීරයේ පිටුපස ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කළේ ෴
+
යතුරපැදි අනතුරකින් වයස අවුරුදු 05 ක පිරිමි දරුවෙකු මියගොස් තව 3 කට බරපතල තුවාල
(11.04.2025 – 07:16 +0530 – hirunews.lk/sinhala)
මිනුවන්ගොඩ කුරුණෑගල මාර්ගයේ ගල්කන්ද හන්දිය ආසන්නයේදී දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදිකාරිය, ඇයගේ වයස අවුරුදු 05 ක් පමණ වන නිවුන් දැරුවන් දෙදෙනා (2) හා නැන්දණිය (1) බරපතල තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී එක් (1) පිරිමි දරුවෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටත් පසු පැදිකාරිය හා අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වන වෑගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
‘පැය තුනකින් (3) අල්ලස් කොමිසම රැස්කර ලිපි ගොනු සකසා මට සිතාසිත් එවලා.. හරි පුදුමයි..’ – හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ
(11.04.2025 – 18:30 +0530 – lankacnews.com)
ප‍්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් කර ඇති කැදවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීම සම්බන්ධයෙන් 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය.
ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළුය.
ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ප්‍රචාරය වූයේ ඊයේ (10) සවස හයට (6) ය.එදින රාත්‍රියේ සිට පසු දින කාර්යාල විවෘත වන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වෙයි.
කොමිසමට කැඳවීමට අදාළ ලිපිය 8 වැනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද (11) දහවල් 12:30 ට පමණය. කොමිෂන් සභාවේ නියමය පරිදි හිටපු ජනාධිපතිවරයා එය හමුවට කැඳවන බව ලිපියේ සඳහන්ය. මේ අනුව පැහැදිලි වන කරුණු කීපයකි.
ප්‍රකාශය කර පැය 18 ක් ගත වීමට මත්තෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත දැනුම් දීම කර තිබේ.
නිලධාරීන් කොමිසමේ රාජකාරි නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදුව ඇත්තේ පැය තුනක (3) පමණ කාලයක් ඇතුළතය. එම කාලය තුළ ඉහත ප්‍රකාශයට අදාළ ලිපි ගොණුව නිලධාරින් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස්කර තිබෙන බව පැහැදිලිවම නිරීක්ෂණය වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙ ක්‍රියාකාරිත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන වේ. අල්ලස් කොමිසම මීට පෙර ඒ ආකාරයට කිසි විටක ක්‍රියා කර නැත.
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස 8 වන විධායක ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළය. හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතීඥයනුත් මේ කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴