පළාත් පාලන ආයතන කිහිපයක පුංචි ඡන්දයට අතුරු තහනම් නියෝගයක්

පළාත් පාලන ආයතන කිහිපයක පුංචි ඡන්දයට අතුරු තහනම් නියෝගයක්


පළාත් පාලන ආයතන කිහිපයක පුංචි ඡන්දයට අතුරු තහනම් නියෝගයක්

(07.04.2025 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඊට අමතරව අමතරව හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.

සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

එම අවස්ථාවේදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් සඳහන් කළේ මෙම පෙත්සම කඩිනමින් විභාග කොට තීන්දුවක් ලබාදීමට සූදානම් බවයි.

මෙම පෙත්සම්බවලට අදාළ විරෝධතා ඔබ හෙට (08) දින ගොනු කරන්නේ නම් මෙම නිවාඩු කාලය තුළ පෙත්සම විභාග කොට තීන්දුව ලබාදීමට අධිකරණය සූදානම් බවත් ඔහු පැවසුවා.

එම අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට සති තුනක (3) කාලයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව මෙම පෙත්සම් වලට අදාල විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වන දා පැවැත්වීමටද නියම වුණා.

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මේ අතර උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛනය යටතේ සිදු කළ යුතු දිවුරුම විධිමත්ව සිදු නොකිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 53 ක් යලි බාරගන්නා ලෙස අදාල තේරුම් බාර නිලධාරින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අලුතින් ගොනු කෙරුණු පෙත්සම් ද සලකා බැලීම සඳහා අභියාචනාධීකරණය හමුවේ අද (07) කැඳවනු ලැබුවා ෴


මෙරට මුළු ජනගහනය 21,763,170 ක් – ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

(07.04.2025 – 20:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2024) සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට ජනගහනය 21,763,170 ක් බවට අනාවරණය වී තිබෙනවා.

2012 වසරේ අවසන් වරට සිදුකළ ජන හා නිවාස සංගණනය හා සැසදීමේදී මෙරට ජනගහන වර්ධන වේගය 0.5 දක්වා අඩුවී ඇති අතර එය මෙරට ඉතිහාසයේ අඩුම ජනගහන වර්ධන වේගය වීමද විශේෂත්වයක්.

මෙරට 15 වන සංගණනය වන මෙය, 2024 ඔක්තෝම්බර් මස සිට පසුගිය පෙබරවාරී දෙවන සතිය දක්වා සිදුකරනු ලැබුවා.

ඒ සංගණන පවත්වනු ලැබූවේ ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම සඳහා ටැබ් පරිගනක හා සුහුරු ජංගම දුරකතන ද භාවිතා කරමින්.

ඒ අනුව, එහි අවසන් වාර්තාව අද (07) ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්න විසින්.

එම වාර්තාවට අනුව, මෙරට ජනගහනය 21,763,170 ක් ලෙස ගණනය කර ඇති අතර, එය අවසන් වරට සිදු කළ 2012 ජන හා නිවාස සංගණනයේ වාර්තා වූ මුලු ජනගහනයට වඩා 1,403,731 ක වැඩිවීමක් බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මුඵ ජනගහනයෙන් හතරෙන් එකකට (¼) වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එහි ප්‍රතිශතය 28.1% ක්.

අඩුම ජනගහනයක් පදිංචිව සිටින්නේ උතුරු පළාතේ වන අතර, එම ප්‍රතිශතය මුලු ජනගහනයෙන් සියයට 5.3% ක්.

දිස්ත්‍රික් මට්ටමින් ජනගහණ ව්‍යාප්තිය සැලකීමේදී වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අතර එය 2,433,685 ක් වනවා.

ඉන් අනතුරුව වැඩිම ජනගහනයක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අතර, එය 2,374,461 ක්.

ඉන් අනතුරුව වැඩිම ජනගහනයක් පිළිවෙලින් වාර්තා වන්නේ කුරුණෑගල, මහනුවර, කඵතර, රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.

අඩුම ජනගහනය වන 122,542 මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, තවදුරටත් වැඩිම ජන ඝණත්වය පවතින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර, එහි වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3549 දෙනෙකු ජීවත්වන බවටයි හෙළි වී ඇත්තේ.

එමෙන්ම, පුද්ගලයින් 2281 දෙනෙකු හිසට වහලක් නොමැති ජනගහනය ලෙස, එනම් සාමාන්‍ය පදිංචි ස්ථානයක් නොමැතිව එළිමහනේ ජීවත් වන්නන් ලෙස හදුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිස වන 841 දෙනෙකු ජීවත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේයී ෴


මාලිමා ආණ්ඩුව තුළ අධිකරණයට ස්වාධීනත්වයක් නෑ – උදය ගම්මන්පිල

(07.04.2025 – 23:16 +0530 – hirunews.lk/sinhala)

මාලිමා ආණ්ඩුව තුළ අධිකරණයට ස්වාධීනත්වයක් නැතැයි ‘පිවිතුරු හෙළ උරුමයේ නායක’ උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව කියා සිටි‍යේ ‘හිරු සලකුණ’ සමග එක්වෙමින්.

මේ අතර ජනාධිපතිවරයා තමාට වෛර කරන බවයි උදය ගම්මන්පිල පැවසුවේ.

මැතිවරණය හමුවේ බොහෝ පිරිස් ආණ්ඩුව විවේචනය කිරීම අත්හැර මගහැරියද තමා දිගින් දිගටම එම විවේචන සිදුකරමින් කටයුතු කළ බවද ඔහු පවසා සිටියා.

එසේ හුදකලාව ආණ්ඩුවට එරෙහිව තමා සටන් කළ බැවින් ජනාධිපතිවරයා තමාට වෛර කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අනුව තමා මාලිමා ආණ්ඩුවට හිසරදයක් වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

+++

Hiru TV Salakuna Live | Udaya Gammanpila | Episode 477 | 2025-04-07

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Gommanpila. Not only to the government, indeed to the entire nation, you have become not only a headache but also a pain in the backside. You are like a toddler that is always stamping his feet on the ground and rolling in the dust screaming, seeking attention when they cannot get what they want. Go back to momma little kid, behave yourself, then you might get that lolly!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *