ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ ඇතුළාන්තය

ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ ඇතුළාන්තය


ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ ඇතුළාන්තය

(05.04.2025 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව එළඹුණු ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇතුලු අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ද අදහස් පළ කළා.

මේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි දැක්වූ අදහස්.

“බොහෝදෙනා අවධානය යොමුකරන්නේ ආරක්ෂිත සහයෝගීතාවය ගැන.

ඒ පිළිබඳව නායකයින් දෙපළ අතර ඉතා හොඳ සාකච්ඡාවන් පැවැත්වුණා.

එම සාකච්ඡා ආරම්භ වුණේ පසුගිය දෙසැම්බර් මසදී ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේ සිදුකළ සංචාරයත් සමගින් එය මේ දක්වා අඛණ්ඩව පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේ සැබෑ හරය නම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ස්වාභාවය පිළිගෙන තිබීමයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ දිල්ලි සංචාරයේදී, මෙම අවස්ථාවේදී සහ වෙනත් අවස්ථාවන් හීදී ඉතා සුපහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ භූමිය ඉන්දියාවේ අවශ්‍යතාවලට අහිතකර හෝ අහිතකර ආකාරයකින් භාවිතා කිරීමට හෝ භාවිතා කිරීමට ඉඩ නොදෙන බව මේ පිළිබඳව අද (05) සාකච්ඡා අතරතුරදී ද ශ්‍රී ලංකාවේ භූමිය හෝ ඒ අවට සාගර ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර කිසිදු ආකාරයකින් භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා.

මේ තමයි රටවල් දෙක අතර ආරක්ෂිත සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ පසුවිපරම. පළමුවරට එළැඹි මෙම අවබෝධතා ගිවිසුම හරහා පවත්නා ආරක්ෂක සහයෝගීතා මුලපිරීම් වඩාත් ව්‍යුහගත කරන රාමු ලේඛනයක් බවට කටයුතු කරනවා.

එහි ව්‍යුහාත්මක අයුරින් ආරක්ෂක සහයෝගීතාව මෙන්ම විවිධ ක්‍රියාකාරකම්ද අන්තර්ගත වනවා.

දෙරට අතර ඉහළපෙළේ සංචාරයන්, ඒකාබද්ධ යුධ ක්‍රියාකාරකම්, විවිධ අංශයන්හී ධාරිතාවයන් ඉහළ දැමීම වගේම ඉහළ ගතික පරාසයක් තුළ සිදුකරනු ලබන මෙහෙයුම් වගේ දෙරට අතර නාවික හමුදාවන් අතර සහයෝගීතාවයන් දෙරට අතර ආරක්ෂණ සහයෝගීතාවයන් ගවේෂණය ද ඇතුළත්.”

මේ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය නිසි අයුරින් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියා සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ, එම ගිවිසුම අත්සන් කරන්නේ වසර 05 ක් සඳහා බවයි.

2023 වසරේදී පැවති ආරක්ෂක සංවාදයේදී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ඊට එකඟත්වය පළ වූ බව එහි සදහන්.

අදාළ අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම, මෙම අවබෝධතා ගිවිසුම මාස තුනක (3) පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 05 ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති බවයි එහි දැක්වෙන්නේ ෴


යහපාලන කාලෙ වැඩක් බෝඩ් එක වෙනස් කර මෝදි ලවා අද (05) විවෘත කරලා..

(05.04.2025 – 22:22 +0530 – lankacnews.com)

2019 වසරේ යහපාලන රජය කාලයේ ආරම්භ කරන ලද දඹුල්ල කෘෂි ගබඩාව නම වෙනස්කර අද (05) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලවා විවෘත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටියි.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය :

දඹුල්ල කෘෂි ගබඩාව විවෘත කිරීම ගැන අවංකවම සතුටුයි.

අද මගේ ජීවිතයේ තවත් ඓතිහාසික දවසක්. එසේ වන්නේ දඹුල්ලේ අපි ඇරඹූ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එය මෝඩි අගමැතිවරයා සහ අනුර ජනාධිපතිවරයා විසින් විවෘත කිරීම නිසයි. මෙය විවෘත කිරීමට ලැබීම රටක් ලෙස ජයග්‍රහණයක්. ඒ පිළිබඳව මා අවංකවම සතුටු වෙනවා. අපි විසින් මෙය ඉදිරියට රැගෙන යාම සඳහා අවශ්‍ය ව්‍යාපාරික සැලසුම පවා හදලයි තිබුණේ. යහපාලන ආණ්ඩුව පරාජය වීම නිසා මෙම ව්‍යාපෘතිය අපිට අවසන් කර ගැනීමට නොහැකි වුණා. පසුව, බලයට පැමිණි අයට මෙහි වැඩ අවසන් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නෑ. අපි ගොඩනැගූ ව්‍යාපාරික සැලසුමෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා. ගොවියන්ගේ එළවළු සහ පළතුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කරමින් කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුතු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකීර්ණය ලෙසයි අපි මෙය ආරම්භ කළේ. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට එදා මා සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සාන්ධු මහතා සහභාගී වුණා.

ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක්ද සහිතව ඉදිකළ මෙම වැඩසටහන එදා අපි නම්කළේ ‘ප්‍රභාෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැරවුම’ නමිනුයි.

මෙම ශීතාගාර සංකීර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම් වලින් යුත් කොටස් හයකින් (6) සමන්විත අතර අස්වැන්න වැඩි කාලයට ඉතාමත් සහන මිලකට මෙම ගීතාගාරයේ තම අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව ප්‍රදේශයේ ගොවීන්ට ලබාදීමටයි අපි සැලසුම් කළේ.

මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීමේ අවස්ථාවට එදා මා සහභාගී වෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස මෙසේ කිව්වා. ඒ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

“මෙරට ගොවීන් අස්වැන්න වැඩි කාලයට අතිරික්ත අස්වැන්න අලියන්ට කන්න විසිකරනවා. මෙම ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. මේ සඳහා මම උනන්දු වුණේ 2002 වසරේ ඉඳලයි. මම ඒ කාලයේ ගොවියන්ට නිසි වේලාවට වෙළඳපොළ තොරතුරු දෙන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එකතුවෙලා ‘ගොවිඥාන’ කියල වැඩසටහනක් කළා. මට එදා තිබුණු වුවමනාව ඉෂ්ට කරගන්න අද අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා.”

මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීමටයි අපි ‘ප්‍රභාෂ්වර’ වැඩසටහන මගින් සැලසුම් කර තිබුණේ.

එය යථාර්තයක් බවට පත්කිරීමට අනුර ජනාධිපතිවරයාට හැකිවේවා ෴

+

+


දමිළ නායකයන් හමුවී මෝදි කිව්වේ මොනවාද? (05.04.2025)

+++

‘ජානිපෙ’ දැක්වූ විරෝධයට ‘පචාධිපතිගෙන්’ පොලිස් සාත්තුවක් ! – මෝඩිගේ දෙපා මුල ‘ජාතික ආරක්ෂාව’ පූජා කළ ‘ඉස්කිරිඥං ආණ්ඩුව’

2025 පලාත් පාලන මැතිවරණය සඳහා මතුගම ප්‍රාදේශීය සභාව සඳහා ‘පංචා යුධය ලකුණින්’ තරග වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා අද (05.04.2025) දින එළිදැක්වූ ‘ලස්සන මතුගම’ වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකළ කතාව :

+


පෙරටුගාමීන් කොළඹ කොටුවේ විරෝධතාවයක

(05.04.2025 – 21:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (05) කොළඹ කොටුවේදී විරෝධතාවයක නිරත වුණා.

ඒ ඉන්දියාව සමග රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන ලෙසට රජයට බල කරමින්.

‘ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

කෙසේවෙතත් අදාළ විරෝධතාවට කොටුව පොලිස් ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබූ අතර ගාලු මුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර නොකරන ලෙසට හා මුදල් අමාත්‍යාංශය ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය යන ස්ථාන හා ඒවායේ පිවිසුම් මාර්ග අවහිර කිරීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කර තිබුණා.

ඒ අනුව ඔවුන් විරෝධතාවය පවත්වනු ලැබුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටයි.

+

+


හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ බිරිඳගෙන් ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය’ ප්‍රකාශයක් ගනී

(05.04.2025 – 22:32 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ බිරිඳ වන දිනූෂා රණසිංහ ගෙන් ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය’ පැය 3 ක් පමණ ප්‍රකාශ සටහන් කර ගත්තා.

ඒ, නීති විරෝධීව එකලස් කරන ලද ලොරි රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පසුගියදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ, එම ලොරිය දිනූෂා රණසිංහ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන සමාගමකින් මිල දී ගත් එකක් බවට අනාවරණය වීම හේතුවෙන්.

+


හින්දුස්ථානී සංගීතයේ නවතම තාලය – ‘තාල් නන්ද ශ්‍රී’ | Peshala Manoj | Narendra Modi (05.04.2025)

+++

‘තාල නන්දශ්‍රී’ සහ සංගීත ගමනෙහි විශිෂ්ට අවස්ථාවක්

(05.04.2025 – web.facebook.com/peshala.manoj)

මගේ රිද්මයානුකූල ගමනේ දී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබුණි. එහෙත්, අද දිනය ඉතාම අරුත්පූර්ණ, පූජනීය සහ අභිමානවත් අවස්ථාවක් බවට පත්විය. ඒ සඳහා හේතුව වන්නේ, මෙදින මගේ නවතම නිර්මාණය වන ‘තාල නන්දශ්‍රී’ (8½ මාත්‍රා චක්‍රය) ජනතාවට හඳුන්වාදීමයි.

මෙය මගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස කරන ලද නිර්මාණයකි.

මගේ නිර්මාණයට අගයක් එක්කරමින්, එය සංගීත කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීමටත්, පටිගත කිරීමටත්, බෙදා හැරීමටත් සහාය වූ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්ට, ඔහුගේ කාර්ය මණ්ඩලයට, එමෙන්ම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන්ට සහ කාර්ය මණ්ඩලයටත් මාගේ හද පිරි ස්තුතිය පළකරමි.

මගේ නිර්මාණය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ඉදිරිපත් කරන විට, ඔහු ඒ සම්බන්ධයෙන් සත්‍යයෙන්ම සාවධානීව හිඳීම පුදුම සහගත ය. ජීවිතය පිළිබඳව මට උතුම් උපදෙස් ද ලබාදෙමින් මට ආශිර්වාද කිරීමට ද එතුමා නොපැකිලි විය.

මට අධ්‍යාපනය ලබාදුන්, මට නව පරිණාමයකට ලක් වීමට හේතු වූ, ලඛ්නඌ ඝරානාවේ ඛලීෆා, උස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් මාගේ ගුරුතුමාට ගෞරවය හා ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

අවසන් වශයෙන්, මෙම සියලු ක්‍රියාවලියේදී මා සමඟ දිවා-රාත්‍රි මහන්සිවී පුහුණුවීම් සහ පටිගත කිරීම් සිදු කළ මාගේ ශිෂ්‍යයන්ටද මාගේ ආභාරය පළකරමි.

සංගීත ක්ෂේත්‍රය තුළ නව ආයාමයක් නිර්මාණය කිරීම සඳහා, අනාගතයේ වැඩි වශයෙන් දායක විය හැකි යැයි බලාපොරොත්තු වෙමි.

ස්තුතියි!

පේෂල මනෝජ්

+++

+


එකම පවුලේ 5 ක් එකට කරපු ජාවාරම (05.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Harsha, this is your Sri Lankan mentality. Stop bellyaching, what happens at national level is not party politics. The country and the nation goes forward, against a timeline, and not according to scoring smarty points. If you want your way, why don’t you come and fix mega billboards announcing The Central Bank Robbery, Batalanda, Green Tigers, 1953 Hartal and 12 dead demonstrators. Public school boys never change. It is time for “gamey kollas” now. Happy?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *