උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්


උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

(24.03.2025 – 13:52 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය.

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ විත්තිකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර සිඩ්නි ජයසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.

+

+


දළදා ප්‍රදර්ශනයට මුදල් රැස් කරන්නේ නෑ – දළදා මාලිගාවෙන් පැහැදිලි කිරීමක්

(24.03.2025 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ව්‍යාජ දැන්වීමක් පිළිබදව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පැහැදිලි කිරීමත් සිදු කරනවා.

දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම්දී ඇත්තේ ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු‍ පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බවයි.

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති පුද්ගලයෙකුට ආධාර ලබාදිය හැකි බවත්, මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවත්, පවසමින් සමාජ ජාල ඔස්සේ ව්‍යාජ දැන්වීමක් හුවමාරු වන බවයි දළදා මාළිගාව සදහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන්නේ, මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවයි.

එමෙන්ම දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ද එහි දැක්වෙනවා ෴

+

+++

+


ඇමති වසන්තට මාලිමා පාක්ෂිකයින් වදයක් වෙයි – අයියෝ මල්ලී එකදිගට මට කෝල් ගන්න එපා – හඬපට එළියට (23.03.2025)

+


මගමරුවෙකුගේ තවත් වීරක්‍රියාවක් | මෙහෙම ගිහින් පාරේ යන අපි නොමැරී බේරුණොත් තමයි පුදුමේ (23.03.2025)

+


පිච්චුවා වගේ හිටියට පිච්චිලා නෑ – මීගොඩ මළ ගෙදරක ආදාහනේ යුදපිටියක් වූ හැටි මෙන්න – හෝමාගම ප්‍රාදේශීය සභාවේ සුපිරි පාලනේ (24.03.2025)

+


LTTE සාමාජිකයෝ විසින් හමුදාව යාපනයේ තිස්ස විහාරයෙන් ඉවත් කරයි ? (24.03.2025)

+++

තිස්ස විහාරයේ විරෝධය ආණ්ඩුවේ බළල් අතක්ද? සරත් වීරසේකර සියල්ල හෙළි කරයි (24.03.2025)

+


ඊශ්‍රායලයේ සේවය කිරීමට නීත්‍යානුකුල වීසා ලබාදෙන බව පවසමින් මුදල් රැස් කිරීමේ ජාවාරමක්

(24.03.2025 – 10:20 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලය තුළ දැනට රැඳී සිටින සරණාගත වීසා හිමියන්ට එරට සේවය කිරීමට නීත්‍යානුකුල වීසා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ‘ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය’ පවසනවා.

‘ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති’ නිමල් බණ්ඩාර සදහන් කළේ, එවැනි කිසිඳු වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අතර එවැනි දේ පවසමින් මුදල් එකතු කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙසයි.

ඇතැම් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ පහළොව (15) බැගින් ඉල්ලා එයින් කොටසක් අත්තිකාරම් ලබාදෙන ලෙස පවසමින් මුදල් එකතු කරන බවට ද වාර්තාවී තිබෙනවා.

ඒ අනුව, ‘ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය’, ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ හෝ ‘ඊශ්‍රායල රජය’ මෙවැනි කිසිඳු වීසා නිකුත් කිරීමේ කාර්යයකට සම්බන්ද නොමැති බවයි, ‘ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති’ නිමල් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴


නාගලගම්වීදිය වෙඩි තැබීමට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(24.03.2025 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදියේ පසුගියදා සිදුවු වෙඩිතැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව දුරකතන සබඳතා ඔස්සේ ලුහුබැඳ ගොස් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

ඔහු සතුව තිබී ජංගම දුරකතන දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නාගලගම්වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට (2) යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා තුවාල සිදුකර තිබුණේ පසුගිය 17 වනදායි.

එමෙන්ම මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තුන්දෙනෙකු (3) හා එක් (1) සැකකාරියක් අත්අඩංගුවට ගනු ලැබුවා ෴


පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබූ ව්‍යාපාරික ‘මොහොමඩ් ඊබ්‍රාහීම්’ට එරෙහි නඩු විභාගය කල් යයි

(24.03.2025 – 12:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු (2) පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කළේ යැයි චෝදනා ලබා සිටින දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික ‘මොහොමඩ් ඊබ්‍රාහීම්’ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූලි මස 02 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවේ දෙවන (2) සාක්ෂිකාරිය වශයෙන් නම්කර තිබූ කෝටිපති ව්‍යාපාරික ‘මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ නිවසේ මෙහෙකාරිය’ වශයෙන් සේවය කළ තැනැත්තිය විදේශගත වී ඇති බව අනාවරණය වුණා.

තවත් සාක්ෂිකාරියක විදේශගත වීමේ අවධානමක් පවතින බවත්, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව අදාල සාක්ෂිකාරිය වෙත යලි සිතාසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම තැනැත්තිය විදේශගතවීමට අදාල වාර්තා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලකළ මරා ගැන මැරෙන බෝම්බකරුවන් වන ‘ඉන්සාබ් අහමඩ්’ සහ ‘ඉල්හාම් අහමඩ්’ යන යන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික ‘මොහොමඩ් ඊබ්‍රාහීම්’ සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකුට (2) එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *