දෙවුන්දර වෙඩි තැබීම ‘බාලේ මල්ලි’ ගේ වැඩක් බවට සැක
(22.03.2025 – 19:58 +0530 – hirunews.lk/sinhala)
මාතර, දෙවුන්දර ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම ඩුබායි හි සැඟව සිටින ‘ෂෙහාන් සත්සර’ හෙවත් ‘බාලේ මල්ලි’ නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම වෙඩි තැබීමෙන් 28 හා 29 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය ගිනි තබා තිබියදී සොයා ගැනුණා.
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11:45 ට පමණ වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) ඉලක්ක කරමින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.
ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් (2) මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු තරුණයින් දෙදෙනා (2) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි අසල්වැසි මිතුරන් වූ 28 හැවිරිදි ‘යොමේෂ් නදීෂාන්’ හා 29 හැවිරිදි ‘පසිඳු තාරුක’ නම් දෙදෙනා (2) යි.
ඔවුන් දෙදෙනාට (2) දෙවුන්දර ප්‍රදේශයේ නිවසක පැවැති මිතුරෙකුගේ උපන්දින සාදයකට ඊයේ (21) ඇරයුම් ලැබී තිබූ නමුත් ඔවුන් එම නිවසට නොයා ඒ අසල පිහිටි තවත් මිතුරෙකුගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.
එම නිවස අසලටද වෙඩික්කරුවන්ගේ වෑන් රථය පැමිණෙන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබූ අයුරුයි මේ.
වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ තරුණයින් දෙදෙනා (2) මත්පැන් සාදය අවසන් වීමෙන් පසු යළි සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදීයි.
තරුණයින් දෙදෙනා (2) පැමිණි යතුරුපැදිය පසුපසින් වෑන් රථයෙන් පැමිණි වෙඩික්කරුවන් එය යතුරුපැදියේ හප්පා අනතුරුව වෙඩිතබා ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ තිබි ටී-56 උණ්ඩ කොපු 39 ක්, හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 03 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි දෙවුන්දර වරාය මාර්ගයේ ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
එම වෑන් රථය තුළ තිබී ටී-56 ගිනි අවි සඳහා යොදන මැගසීනයක් (1) හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය විසින් අද (22) අළුයම සිදු කළා.
ඩුබායි හි සැඟව සිටින ‘ෂෙහාන් සත්සර’ හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරන අතර මියගිය ‘යොමේෂ් නදීෂාන්’ නමැත්තාට ‘බාලේ මල්ලි’, ‘ඔය මුළු පවුලම මරනවා’ ලෙස දුරකථන පණිවුඩයක් මීට පෙර එවා ඇති බවයි වාර්තා වන්නේ.
‘බාලේ මල්ලි’ නමැත්තා සහ මෙම තරුණයින් දෙදෙනා (2) අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටද පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කාන්තාවක (1) ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් (3) පොලිසිය විසින් අද (22) පස්වරුවේ අත්අඩංගවට ගනු ලැබුවා.
මියගිය තරුණයින් දෙදෙනාගේ (2) දේහයන් මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු දේහයින් ඔවුන්ගේ පවුල්වල ඥතීන් වෙත භාර දීමට නියමිතයි.
මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 26 කින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
+
වරකාපොල බස් අනතුරේ තුවාලකරුවන් ඉහළට
(22.03.2025 – 20:33 +0530 – hirunews.lk/sinhala)
වරකාපොල – දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.
ඉන් තුවාල ලැබූ මගීන් 35 කට වැඩි පිරිසක් ඇතුළත් කෙරුණේ වරකාපොළ මූලික රෝහලටයි.
අද (22) පස්වරු 03:30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදීයී.
මෙලෙස අනතුරට ලක් වුණේ කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තවත් ලංගම බස් රථයක්.
බස් රථ දෙක (2) මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබූ අතර තුවාල ලැබූ මගීන් 35 කට වැඩි පිරිසක් ඇතුළත් කෙරුණේ වරකාපොළ මූලික රෝහලටයි.
අනතුර හේතුවෙන් මඳ වේලාවක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද දක්නට ලැබුණා.
අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
+
කන්තලේ සීනි ඉඩම් බෙදිල්ලේ ගැටුමක්
(22.03.2025 – 21:44 +0530 – hirunews.lk/sinhala)
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස් කර ගොවි ජනතාව වෙත බෙදාදීමේදී අලුතින් ඉඩම් ලබා ගත් සහ මෙතෙක් වගා කටයුතුවල නිරත වූ දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් හට ගත්තා.
එහිදී ගොවීන් තිදෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 11,000 ක් කෙටිකාලීන බෝග වගා කිරීම සඳහා ගොවීන්ට ලබා දීමට රජය තීරණයක් ගෙන තිබුණා.
ඒ අනුව ඉඩම් කොටස් ගොවි ජනතාව වෙත බෙදාදීම පසුගිය දින කිහිපය තුළදී සිදු වුණා.
කෙසේ වෙතත් මෙලෙස ඉඩම් බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව මේ වන විටත් එම බිම්වල වගා කරමින් සිටින ගොවීන් පිරිසක් චෝදනා කරනවා.
අලුතින් ඉඩම් ලබා ගත් සහ මෙතෙක් වගා කටයුතුවල නිරත වූ දෙපිරිසක් අතර මෙම තත්ත්වය මුල්කර ගනිමින් ගැටුම්කාරී තත්ත්වයක්ද හට ගත්තා.
එහිදී ගොවීන් තිදෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී ඉඩම් බෙදාදීම පොලිස් ආරක්ෂාව යටතේ සිදු කරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
+
දඹුල්ල ආර්ථිකේ නීතිවිරෝධී මත්පැන් යට දේශපාලක බිරියක්
(22.03.2025 – 23:15 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල මහ නගර සභාවට මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ මෙහෙයවීමෙන් ඔහුගේ බිරිය පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා.
දඹුල්ල දෙමහල් නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් මෙසේ ඊයේ (21) දිනයි පොලිසිය වටලා තිබෙන්නේ.
දඹුල්ල, 4 ඇල, අතුපාරයාය ප්‍රදේශයේ අදාල දෙමහල් නිවස පිහිටා ඇති බවයි පොලිසිය පැවසුවේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉලක්ක කරගෙන නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන ජාවරමක් කාලයක පටන්ම සිදුවනවා.
එවැනි ජාවාර්ම්කරුවන්ට තොග වශයෙන් මෙම ස්ථනයෙන් මත්පැන් සපයා ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම නිතිවිරොධි ස්කාරය පවත්වාගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට පත් කාන්තාවගේ ස්වාමියා මෙවර දඹුල්ල මහ නගර සභාවට ප්‍රසිද්ධ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු කලක් යුද හමුදා සේවයේ සිට විශ්‍රාම ලබා ඇති අයෙක් බවද පැවසෙනවා.
මොවුන් මහවැලි ඇල ආසන්නයේ සිට බට මාර්ගයෙන් ඉතා දිගු කාලයක් තිස්සේ සුක්ෂම අයුරින් මෙම කසිප්පු ජාවාරම ව්‍යාපාරයක් ලෙස කරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉලක්ක කරගෙන නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන ජාවරමක් කාලයක පටන්ම සිදුවනවා.
එවැනි ජාවාර්ම්කරුවන්ට තොග වශයෙන් මෙම ස්ථනයෙන් මත්පැන් සපයා ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම වටලිමෙන් ගෝඩා මිලිලීටර් ලක්ෂ 8 ක් පමණ හා ස්ප්‍රීතු මිලිලිටර් 15,000 ක් අඩංගු බෝතල් තොගයක්. කෑන්- බැරල්-දඟර ඇතුළු උපකරණ රැසක් පොලිස් බාරයට ගැනිමට දඹුල්ල පොලිසිය සමත්ව තිබෙනවා.
මෙම ජාවාරමේ වග කීම අදාල දේශපාලකයාගේ බිරිය විසින් බාරගෙන ඇති බව සඳහන්.
පොලිස් ඇප මත නිදහස් කළ සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකළේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
NGO නිලධාරියෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් අල්ලස් ගනිද්දී අල්ලයි
(22.03.2025 – 22:32 +0530 – sinhala.adaderana.lk)
පාරම්පරික වෛද්‍යවරියකට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය ලබා දෙන බව පවසා අල්ලස් ලබා ගැනීමට තැත් කළ ව්‍යාපාරිකයෙකු සහ තවත් තිදෙනෙකු (3) අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පනාමුර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක විසින් අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වෛද්‍යවරියට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ලබා දීමේ කටයුතු කර දෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු, පිළිමතලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙකු ය.
සැකකරුවන් අද (22) කොළඹ ප්‍රසිද්ධ හෝටලක් තුළදී අල්ලස් මුදල් ලබා ගැනීමට තැත් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ ෴
අනාගත සිංහලේ රජු රටට සම්මත වන තැන…|මල්වතු , අස්ගිරි නායක හිමිවරුන්ට මහාවිෂ්ණුගේ පණිවිඩය (23.03.2025)
+
විස්පෝ රජයේ මුද්‍රණාලයේ රුපියල් මිලියන 26 ක වංචාවේ අගමුල් හොයා FCCID විමර්ශණ – ගබඩා පාලක ගුවන්තොටේදි අත්අඩංගුවට
(21.03.2025 – facebook.com/AndaharayaNEWS)
බස්නාහිර පලාත් සභාවට අයත් විස්පෝ මුද්‍රණාලයේ සිදුවූවා යැයි කියන රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක (2,65,00,000) වංචාවකට අදාලව ප්‍රධාන සැකකරු වන 2015 සිට ගබඩා පාලකවරයෙකු ලෙස සිටි ‘ලොකුබාහිටිගේ දිල්ෂාන් විජේසිංහ’ විදේශගත සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද අධිකරණයට (20) ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.
බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ විමර්ෂණය කරන FCCID ආයතනය වෙත විස්පෝ මුද්‍රණාලයේ වර්තමාන විධායක අධ්‍යක්ෂ ශාන්ත පෙරේරා මහතා කළ පැමිණිල්ලකට අනූව (2024 අප්‍රේල්) අපරාධ පරීක්ෂණ කොට්ඨාසය අංක 01 අංශයේ CI සංජීවනි ධර්මලතා මහත්මිය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (SI) සරත් කුමාර හේරත් මහතා විමර්ෂණය ආරම්භ කරන ලදි.
මෙම රුපියල් මිලියන 26 ක වංචාව තහවුරු කරගනු ලබන්නේ ඉතා ඉමහත් පරිශ්‍රමයකිනි. එයට හේතුව විස්පෝ මුද්‍රණාලයේ පවතින අවිධිමත් පරිපාලන ක්‍රමවේදය නිසා වංචනික පුද්ගලයින්ට රිසිසේ දූෂණයට, වංචාවට පාර කපන වටපිටාවක් විමර්ෂණ නිලධාරීන් විසින් අනාවරණය කරගැනීමත් සමගයි.
මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිළධාරීන් මෙම වංචාවේ අගමුල සොයාගන්නේ ලිපිද්‍රව්‍ය සැපයුම්කරුවන් මාර්ගයෙනි. විස්පෝ මුද්‍රණාලයට භාණ්ඩ ලබා දෙන ලියාපදිංචි ආයතනයක් වන SAIFI සමාගම හරහා විස්පො මුද්‍රණාලයට ලබා ගන්නා භාණ්ඩ ඉතා සූක්ෂමව ග්‍රෑන්ඩ්පාස්හි ප්‍රදේශයේ තවත් ලිපිද්‍රව්‍ය විකුණන තොග වෙළද ආයතනයකට අලෙවිකර තිබේ. මෙය අවස්ථා ගණනාවකදී මෙලෙස මුද්‍රණාලයට අවශ්‍ය කරන බඩු ලෙස මුද්‍රණාලයේ මුදල්වලින් SAIFI ආයතනයෙන් ලබා ගෙන කාර්යාල ප්‍රයෝජනයට නොගෙන කුලී රථ මගින් ග්‍රැන්ඩ්පාස්හි පිහිටි ආයතනයට අලෙවි කර ඇත.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විමර්ෂණවලට අදාලව තහවුරු කරගෙන තිබෙන කරුණුවලට අනූව අධිකරණයට වාර්තා කර ඇත්තේ, මුද්‍රණාලය පලාත් සභාවෙන් හෝ වෙනත් ආයතනයකින් මුද්‍රණමය කටයුත්තක් ආ විට ඒ සදහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලියාපදිංචි ආයතනවලින් මිල ගණන් කැදවා මිලදී ගැනීම් සිදුකරන අතර, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට ආයතන ප්‍රධානියාට හැකි බවත් ඒ අනුව හදිසි මිලදී ගැනීම් යටතේ අදාල රුපියල් මිලියන 26 ක භාණ්ඩ පිටකොටුවේ SAIFI ආයතනයෙන් මිලදී ගෙන විස්පෝ නමට බිල්කර අදාල භාණ්ඩ කුලී රථවලින් ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයට ගබඩා පාලක විසින් රැගෙන ගොස් අලෙවිකර ඇති බවයි.
මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි අවස්ථාවල මෙම හදිසි මිලදීගැනීම් සිදු කර ඇත්තේ වංචා කිරීමෙන් බව මූල්‍ය අපරාධ කොට්ඨාසය තහවුරු කර ගෙන තිබේ.
මෙම වංචාව තනිව සිදුකරාද, සාමුහිකව සිදුකරාද යන්න සෙවීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය බාර ප්‍රධානියා වන සහකාර පොලිස් අධිකාරි ඇන්ජිල් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව ඉදිරියේදී තවත් පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
SI සරත් කුමාර හේරත් මහතා මෙම සිද්ධිය ගැන උසාවියට කරුණු වාර්තා කිරීමකදී, අත්අඩංගුවට පත් සැකකරු දිල්ශාන් විජේසිංහගේ නිතීඥයින් ප්‍රකාශ කර සිටියේ අදාල සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට පුනරුත්තාපනය වී ඇති අයෙකු බවයි.
මෙම වංචාව පිළිබදව පරීක්ෂණ FCCID අංක 01 අංශය යටතේ දිගටම ක්‍රියාත්මකයි ෴
ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් හා සැකකාරියන් 76 දෙනෙකු අත්අඩංගුවට
(23.03.2025 – 07:16 +0530 – hirunews.lk/sinhala)
සීදුව පොලිස් වසමේ කිදීගොඩන් බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ඊයේ (22) පස්වරුවේ ලද පැමිණිල්ලක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී, මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ හා ‘ගංජා’ පානය කරමින් සිටි බවත්, මොවුන් සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’, ‘කේරළ ගංජා’ හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සමඟ සැකකාරියන් 03 කුත්, සැකකරුවන් 14 කුත් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, මෙම සාදය සඳහා සහභාගි වී සිටි තවත් තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴