දෙවුන්දර, දෙවිනුවර දේවාලය අසල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට

දෙවුන්දර, දෙවිනුවර දේවාලය අසල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට


දෙවුන්දර, දෙවිනුවර දේවාලය අසල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මරුට

(22.03.2025 – 06:28 +0530 – hirunews.lk/sinhala)

දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රි 11:45 ට සිදුකල වෙඩි තැබිමකින් තරුණයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට (2) වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් ටි-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිණි අවි දෙකකින් (2) මෙම වෙඩි තැබිම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ (2) යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගි වි නැවත සිය නිවෙස් වෙත පැමිනෙමින් සිටියදි පසුපසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා යතුරු පැදියේ ගමන් කල තරුණයින් දෙදෙනාට (2) ඉන් අනතුරුව මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලීසිය සිදු කල මුලික විමර්ශන වලදි අනාවරණය වූ බවද පොලීසිය පවසනවා.

වෙඩි තැබිම සිදුවු ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39 ක් ජීව උණ්ඩ 02 ක් ද මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02 ක් හා ජීව උණ්ඩ 02 ක් සොයා ගැනිමට පොලිසිය සමත්වි තිබෙනවා.

වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන ‘එවුරි’ වර්ගයේ වෑන් රථයක් වෙඩි තැබිම සිදුවු ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිණි තබා ගොස් තිබියදි පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර එය තුල ටි-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටි-56 උණ්ඩ කොපු හමුවූ බවද පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි ‘යොමේෂ් නදිෂාන්’ හා ‘පසිදු තාරුක’ නැමති 28 හැවිරිදි වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක් (2).

වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය විසින් අද (22) අලුයම් කාලයේදිම සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි තැබිම සිදු කල පුද්ගලයින් හෝ මෙම වෙඩි තැබිමට හේතුව පිලිබදව මේතෙක් කිසිවක් අණාවරණය නොවන බවත් වෙඩිතැබිම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදව විමර්ශන කටයුතු සිදුවන බව පොලසිය පවසයි ෴

+

+

+


‘ගණේමුල්ල සංජීව ඝාතනය’ සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

(22.03.2025 – 06:46 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව ඝාතනය’ සම්බන්ධයෙන් අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මෙම ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ක පුද්ගලයෙක්.

මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


දේශබන්දුගේ වත්කම් තිබෙන්නේ, ජයනෝරිස් අයියාගේ පුතාගේ නමින් (22.03.2025)

+


‘පියුමි හංසමාලි’ ගැන අලුත් පාරකින් විමර්ශන

(21.03.2025 – lankadeepa.lk)

කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි ‘පියුමි හංසමාලි’ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව ‘රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ’ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (21)පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා ලැබ සිටින පුද්ගලයකු බවත්, රක්ෂිත බන්ධනාගාර ගත සැකකරු රුපියල් මිලියන දහයක් (10) හංසමාලීට ලබාදීම, හංසමාලී නමින් ලියාපදිංචි ‘බි එම් ඩබ්ලිව්’ වර්ගයේ මෝටර් රථය ජාවාරම්කරුගේ නිවසේ දැනටත් පැවතීම සහ එම රථයට හංසමාලී විසින් රුපියල් මිලියන විස්සක (20) ලිසින් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත හංසමාලී සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිභෝගිකයින් 34,786 කට ක්‍රීම් වර්ග විකුණා ඇති හංසමාලි සැබැවින්ම අලෙවි කරන ලද්දේ ක්‍රීම් වර්ග ද නැතහොත් වෙනයම් දෙයක්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

පියුමී හංසමාලිගේ ක්‍රීම් මිලට ගන්නා ගනුදෙනුකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් ව්‍යාපාරයන්ට බාධා එල්ල කරන බවට ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ මෙම මෝසෙම කැඳවීය ෴


‘නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන’ 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිකිරිමේ තීරණයක්

(22.03.2025 – 11:17 +0530 – hirunews.lk/sinhala)

රටම ආවරණය වන පරිදි ‘නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන’ 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ‘ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය’ පවසනවා.

ඒ අනුව, මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාලඹේ, අතුරුගිරිය සහ කටුනායක සහ උප නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

එමෙන්ම, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවට ප්‍රදේශයේ තවත් ‘බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන’ දෙකක් (2) ද, ඉදිකිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම, අනුරාධපුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ ඉදිරිකිරීම්වලින් සියයට 40 ක් පමණ මේ වන විට අවසන්ව ඇති බවත් සෙසු ‘බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල’ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


මෙත් වඩන්න අද (22) සවස 04:00 ට අනුරපුර ජේතවනයට එන්න (22.03.2025)

+


වරකාපොල බස් රථ දෙකක් (2) එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

(22.03.2025 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නුවර පාරේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේ අද (22) බිහිසුණු බස් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ ලංගම බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරෙන් පුද්ගලයින් 30 ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

+


රහස් මෙහෙයුමක තොටුපලක් කරන්න ඇමරිකාව ලංකාවට ඇවිල්ලා… මෙන්න සම්පූර්ණ විස්තරේ (22.03.2025)

+


ස්වාමි පුරුෂයා විසින් බිරිදව කපා කොටා ඝාතනය වෙයි

(22.03.2025 – 12:04 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරාවුලක් දුර දිග යාම හේතුවෙන් රත්තොට ප්‍රදේශයේ දී අද (22) අලුයම ස්වාමි පුරුෂයා විසින් බිරිදව කපා කොටා ඝාතනය කරනු ලැබ තිබෙනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ දෙදරු මවක්.

අදාළ කාන්තාව මාතලේ රෝහලේ පිරිසිදු කරන්නියක් වන අතර ස්වාමි පුරුෂයා එම රෝහලේම සාත්තු සේවකයෙක් වනවා.

ස්වාමි පුරුෂයා සිය බිරිඳව ඝාතනය කර පලා ගොස් ඇති අතර සැඟව සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


තරුණයෙකුගේ මළසිරුරක් ඇළක තිබී හමුවෙයි

(22.03.2025 – 12:41 +0530 – hirunews.lk/sinhala)

බටපොළ පොලිස් වසමේ බොරළුව ඇලේ කොළ රොඩු සමග හිර වී තිබූ මල සිරුරක් බටපොළ පොලිසිය ඊයේ (21) සොයා ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔරු බෝට්ටු ආධාරයෙන් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් පසු මෙම මළසිරුර සොයා ගත් බවයි වාර්තා වන්නේ.

මෙය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණ පසු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් ඝාතනයක් බවට වූ සැකය මේ වන විටත් පොලීසියට ඇති වි තිබෙන බවත් බටපොළ පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මියගිය අය අතුරුදන් වූ දින ඔහු සමග ගතකල ඔහුගේ ‘මිතුරා සහ ඔහුගේ සහෝදරයා’ මේ වන විට දුරකතන ක්‍රියා විරහිත කොට සැඟවී සිටින නිසා මෙම සැකය ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිය තරුණයා සිය මිතුරාගේ වැඩි මහල් සහෝදරයගේ විවාහ මංගල උත්සවයක් සදහා ඇදුම් පැලදුම් ගෙන ඒමට මිතුරාගේ නිවසට ගොස් තිබෙනවා.

එදින මධ්‍යම රාත්‍රිය වන තෙක්ම මොවුන් දෙදෙනා මංගල ශාලාවේ විනෝද වෙමින් සිට ඇති බවත් දෙදෙනා එක යතුරු පැදියකින් පිට වී ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

සිය පුතා අතුරුදන්ව තිබෙන බව දන්වමින් මියගිය අයගේ මව පසුගිය 16 දින ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා ෴


කඩා වැටුණු ජෙට් යානයේ සියළු රහස් ඇතුලත් SVR පද්ධතිය සොයාගනී

(22.03.2025 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ, ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩා වැටීමේ සිද්ධියට අදාළ ස්ථානීය පරීක්ෂණය අද (22) අවසන් කෙරුණා.

එම පරීක්ෂණය සිදු කළේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ විශේෂ කණ්ඩායමක්.

මේ අතර අනතුරට පත් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා (2) ගෙන් අනතුරට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කටුනායක ගුවන් හමුදා රෝහලට මාරු කර ඇති බවයි ගුවන් හමුදාව සදහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් පුහුණුවක් අතරතුර ඊයේ (21) පෙරවරු 07:55 ට පමණ වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණා.

අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි ප්‍රධාන ගුවන් නියමුවා සහ සහය ගුවන් නියමුවා පැරෂුට ආධාරයෙන් නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණි අතර ඔවුන් ප්‍රතිකාර සදහා ඇතුලත් කෙරුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලටයි.

ප්‍රතිකාර ලබමින් සිටි යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සහ සහය ගුවන් නියමුවා කටුනායක ගුවන් හමුදා රෝහලට මාරුකළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනි ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසිමකදි සඳහන් කලා.

මේ අතර අනතුරට ලක් වූ K8 වර්ගයේ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයේ ස්ථානීය පරික්ෂණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර කඳවුරේ විශේෂ කණ්ඩායමක් විසින් සිදු කළා.

යානය ගුවන්ගත වූ මොහොතේ සිට අනතුරට පත්වූ අවස්ථාව දක්වා වූ සියලු තොරතුරු අන්තර්ගත වී ඇති SVR පද්ධතිය ස්ථානීය පරීක්ෂණය සිදුකළ ගුවන් හමුදා නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

අනතුරුව කඩාවැටී ගිනි ගැනීමට ලක් වූ යානයේ සුන්බුන් කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර අනතුරට පත් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් සුදර්ශන බණ්ඩාර සහ සහය පුහුණු නියමුවා ලෙස කටයුතු කළ පියසර නිලධාරී සචිත් දවුලගලගෙන් අනතුරට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානා අනතුරට ලක්වූ තුන්වන (3) අවස්ථාව මෙයයි.

මේ අතර ඊයේ (21) සිදු වූ K8 වර්ගයේ පුහුණු ප්‍රහාරක ජෙට් යානා අනතුර පිළිබඳව විමර්ශණය සඳහා ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් සත්පුද්ගල (7) කමිටුවක්ද පත්කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *