වැල්ලම්පිටිය කැලඹූ මළ සිරුර – ත්‍රිවිල් එකෙන් ඇවිත් දාලා යන හැටි CCTV කැමරාවේ
වැල්ලම්පිටිය කැලඹූ මළ සිරුර – ත්‍රිවිල් එකෙන් ඇවිත් දාලා යන හැටි CCTV කැමරාවේ
(21.03.2025 – 17:07 +0530 – sinhala.adaderana.lk)
අද (21) උදෑසන 11:45 ට පමණ වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේ වෙලේවත්ත, රම්‍යවීර මාවත අසල ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මියගිය පුද්ගලයෙකුව මහ මඟ දමා ගොස් තිබේ.
අදාළ ස්ථානයට යාබද වූ නිවසෙහි හිමිකරුට ඔවුන් පවසා ඇත්තේ, එම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිහිමූර්ජා වී සිටින බවය.
කෙසේ නමුත් එම අවස්ථාව වන විටත් අදාළ පුද්ගලයා මිය ගොස් සිට ඇති බව පැවසේ.
මෙම සිදුවීම එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
එහි දැක්වෙන්නේ එක් (1) පුද්ගලයෙකු ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණෙන අතර, අනෙක් පුද්ගලයා විසින් මෘත ශරීරය බිමට ඇද දමන අයුරුය.
ප්‍රදේශවාසීන් 1990 හදිසි ගිලන් රථ සේවය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් එහි පැමිණිය ද මියගිය පුද්ගලයෙකු හේතුවෙන් ඔවුන් මෘත ශරීරය භාර නොගෙනම පිටව ගොස් තිබේ.
මෙලෙස මහ මඟ දමාගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා මෙලෙස මහ මඟ දමා යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ත්‍රීරෝද රථය සහ ත්‍රීරෝද රථ රියැදුරා සොයා වැල්ලම්පිටිය පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
+++
මහ දවල් වැල්ලම්පිටිය අබිරහස් මරණයේ තොරතුරු රැසක් එළියට
(21.03.2025 – 23:29 +0530 – hirunews.lk/sinhala)
වැල්ලම්පිටිය රම්‍ය මාවත අසල තිබියදී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලිසිය මේ සම්බන්ධයෙන් CCTV කැමරා ඔස්සේ කළ විමර්ශනයකදී ත්‍රීරෝද රථයකින් මියගිය පුද්ගලයාව ගෙනැවිත් දමන අයුරුද හෙළිවී තිබෙනවා.
මෙම පුද්ගලයා නඩු කටයුත්තකට සහභාගී වී පැමිණෙන අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ දී තිබෙන බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ රම්‍ය මාවත අසල පුද්ගල මළ සිරුරක් ඇති බවට අද (21) උදෑසන 11:45 ට පමණ ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කළා.
ඒ අනුව කළ CCTV පරික්ෂාවකදී වැල්ලම්පිටිය රම්‍ය මාවත අසලට ත්‍රී රෝද රථයකින් පැමිණෙන පුද්ගලයෙකු පිටුපස අසුනේ සිටි තවත් පුද්ගලයෙකුව ඔසවා ත්‍රිරෝද රථයෙන් බස්සවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.
එම අවස්ථාවේ ඔහු ත්‍රිරෝද රථයට මුදල් ගෙවනු ලැබුවේද සිහි මුර්ජා තත්ත්වයෙන් මෙන් සිටි පුද්ගලයාගේ පසුම්බියෙන් බවද දැක්වෙනවා.
පසුව සිහි මුර්ජා තත්ත්වයෙන් සිටි පුද්ගලයාව රම්‍ය මාවත අසල දමා ඔහුගේ පසුම්බියද රැගෙන එම පුද්ගලයාද පලා ගොස් තිබෙනවා.
මාර්ගය අසල අවසිහියෙන් මෙන් සිටි පුද්ගලයා දුටු යාබද නිවසක අයෙකු ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පසුව වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කළා.
පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ‘සිසිර ප්‍රනාන්දු’ නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (21) උදෑසන නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් CCTV ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය එම ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත්තා.
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් මෙම පුද්ගලයා හා අනෙක් පුද්ගලයාව කුලී ගමනක් යාම සඳහා නංවාගෙන පැමිණි බවත් අතරමගදී එක් අයෙකු යම් දෙයක් පානය කිරීමෙන් අනතුරුව සිහි මුර්ජා වූ බවයි.
පසුව තමන් ඔවුන් දෙදෙනා (2) වැල්ලම්පිටිය රම්‍ය මාවත අසලින් බස්සවා එම ස්ථානයෙන් පිටව ගිය බවද ඔහු පොලිසියට පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ පැමිණි අනෙක් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු සොයා වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන සිදු කරනවා.
+
පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිහින්තලේදී
(21.03.2025 – 16:28 +0530 – sinhala.adaderana.lk)
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ අද (21) පැවසීය.
උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතව තිබේ.
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් සිරිවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු 40 කට අධික රාජ්‍ය ආයතන නියෝජන කරන වගකිවයුතු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ ෴
+
+
රාජ්‍ය ආයතනවල නීතිරීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි
(21.03.2025 – 16:25 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ‘රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය’ විසින් ජනතාව වෙත මෙය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතානඨ යටත්විජිත සමයේ ආඥා පනත් සහ 1950 සිට 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුවය.
එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බව අදාළ අමාත්‍යාංශය දැනුම් දෙයි.
එ් අනුව පහත සඳහන් ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටී.
සම්බන්ධීත රාජ්‍ය ආයතන :
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල
- මහ නගර සභා
- ප්‍රාදේශීය සභා
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
අදහස් එවිය යුතු ලිපිනය :
විද්‍යුත් ලිපිනය – inforar@moha.gov.lk
Whatsapp – 0740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර, ඇල්විටිගල මාවත, කොළඹ 05
- [අදාල නිවේදනය] (pdf file)
Pro Care තහනම් පිරමීඩ සමාගමක් බවට මහ බැංකුවෙන් නිවේදනයක්
(21.03.2025 – 15:59 +0530 – sinhala.adaderana.lk)
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
= තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම =
1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇත.
Published Date : Friday, March 21, 2025
‘ශාන් පුතා’ට ඇප
(21.03.2025 – 18:14 +0530 – hirunews.lk/sinhala)
මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායක ‘ශාන් පුතා’ නැමැත්තාට ඇප ලබා දී තිබෙනවා.
රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ ශරීර ඇප මත ඔහුව සහ ඔහුගේ කළමනාකරුට මෙසේ ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි පසුගිය 14 වැනිදා ඔහුව මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයා මෙහිදී අත්අඩංගුවට ගත්තා ෴
පුංචි ඡන්දයේ නාම යෝජනා 425 ක් ප්‍රතික්ෂේපයි
(21.03.2025 – 22:42 +0530 – hirunews.lk/sinhala)
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබාදුන් නාම යෝජනා පත්‍ර 425 ක් පමණ ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව වැඩිම නාම යෝජනා පත්‍ර සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එය 57 ක්.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක සමගි ජන බලවේගයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අවධාරණය කරනවා.
+
+
‘ශිරන්ති රාජපක්‍ෂට’ CID පරීක්‍ෂණ.. ඉඹුල්ගොඩ පන්සල් ඉඩම ඇගේ නමින්..
(21.03.2025 – 22:02 +0530 – lankacnews.com)
ඉඩම් ගනුදෙනු දෙකක් සම්බන්ධයෙන් ‘හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ’ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
කැලණිය ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ අදාළ ඉඩම විහාරස්ථානයකට අයත් නොවන බවය.
ඉඩම් කිහිපයක පත්ඉරු පෙන්වමින් ඔහු පැවසුයේ ඒවා ලියාපදිංචි කර ඇත්තේ ‘ශිරන්ති රාජපක්‍ෂ’ නමින් බවයි.
එම පත් ඉරු කිසිවක පන්සලක හෝ භික්‍ෂුවකගේ නමක් සදහන් නොවන බවත් හෙමෙ පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය ෴
+
+
සාගරිකා ගෝමස් නිරුවත් කරලා වෙරළේ මරලා දැම්මා – JVP විසින් ඝාතනය කල 1300 කගේ නම් රෝහිණි සභාගත කරයි (21.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴