දින 20 ක් සැඟව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි
දින 20 ක් සැඟව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි
(19.03.2025 – 09:09 +0530 – hirunews.lk/sinhala)
විවෘත වරෙන්තු ලැබ, දින 20 ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණා.
ජනාධිපති නීතීඥ ශානක රණසිංහ ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් ඔහු මෙලෙස භාර වූ අතර, ඊට අදාළ නඩුව අද (19) පස්වරුවේ කැදවීමට නියමිතයි.
+
+++
‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්’ රිමාන්ඩ්
(19.03.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)
අධිකරණයට භාර වූ ‘පොලිස්පති දේශබදු තෙන්නකෝන්’ හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
විවෘත වරෙන්තු ලැබ, දින 20 ක කාලයක් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) පෙරවරුවේයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණේ.
ජනාධිපති නීතීඥ ශානක රණසිංහ ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් ඔහු මෙලෙස භාර වුණා.
මේ අතර, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වත්කම් තහනම් කිරීම සදහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.
පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය මස 27 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.
කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ.
එවන් පසුබිමක පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කෙරුණා.
මේ අතරතුර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිට් පෙත්සමක් ගොනු කළත් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.
මේ අතර, ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර පිහිටි නිවස ද පරීක්ෂා කළා.
කෙසේ වෙතත්, අධිකරණ නියෝගයකින් තොරව මෙම පරික්ෂාව සිදුකර ඇති බව පවසමින් පොලිස්පතිවරයාගේ බිරිද ඊයේ (18) පස්වරුවේ අතුරුගිරිය පොලිසිය වෙත පැමිණීල්ලක්ද ගොනු කර තිබෙනවා.
එමගින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, නිවස සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේ ඒ සදහා අධිකරණ නියෝගයක් ඇද්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසූ අවස්ථාවේ එවැනි නියෝගයක් නොපෙන්වා තම නිවස සෝදිසි කළ බවයි.
කෙසේ වෙතත්, අදාළ පරික්ෂාවේදී මත්පැන් බෝතල් 1,009 ක් සහ පොලිස්පතිවරයාගේ රාජකාරි පිස්තෝලය පොලිසිය විසින් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
+
දින 20 කට පසු එළියට ආ දේශබන්දු සැඟව සිටි කථාව – අතිරේක සොලිසිටර් ජනරාල්ගෙන් දැඩි දෝෂාරෝපණයක් (19.03.2025)
+++
දේශබන්දු අඟුණකොළපැලැස්සට රැගෙන යයි
(19.03.2025 – 17:13 +0530 – sinhala.adaderana.lk)
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ.
ඒ අනුව ඔහු එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
අද (19) පෙරවරුවේ අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් මාතර මහෙස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි ෴
බහින්බස් වීම දුරදිග ගොස් ‘පෙම්වතා’ සිය ‘පෙම්වතිය’ ඝාතනය කරයි
(19.03.2025 – 07:56 +0530 – hirunews.lk/sinhala)
ප්‍රේමසබඳතාවයක් මත ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ‘පෙම්වතා’ විසින් ‘පෙම්වතිය’ ඝාතනය වී තිබෙනවා.
වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළදීයි මෙම ඝාතනය සිදුකර ඇත්තේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 20 ක තරුණියක්.
ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි ‘පෙම්වතා’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
+
මාතර පොල්හේනේ ඉදිවන්නේ, ක්‍රීඩාංගනයක් නොවේ – ඇමති හදුන්නෙත්ති
(19.03.2025 – 08:19 +0530 – hirunews.lk/sinhala)
මාතර – පොල්හේන ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර ඇත්තේ, ‘ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්’ නොව ‘ක්‍රීඩා පුහුණු පාසලක්’ බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා
ඒ, ‘තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ’ සහ ‘කර්මානත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ’ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.
මේ අතර ‘වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂය’ අද (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනවා ෴
ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර 8 කදී මන්ත්‍රී අර්ච්චුනාට වාරණයක්
(19.03.2025 – 09:48 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම අත්හිටුවන බව කතානායකවරයා අද(19) ප්‍රකාශ කළා.
ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින්.
ඊට අමතරව, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කරන බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව හෙට (20) සිට මැයි 08 දක්වා වූ දින 08 තුළ අර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.
එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
+
අධිවේගයේ සිදුවූ අනතුරකින් කථිකාචාර්යවරයෙකුට දිවි අහිමි වෙයි
(19.03.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala)
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානි ‘ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී ඊයේ (18) රාත්‍රී කාලයේ කුරුණෑගල දෙස සිට මිරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී තිබුණා.
අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මිරිගම රෝහලට ඇතුලත් කිරීමේදීයි මොහු මියගොස් ඇත්තේ.
ආචාර්යවරයා වයස අවුරුදු 46 ක් වූ මාකොළ, දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය මිරිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මිරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මාරක අනතුරකින් විදෙස් කතක් මරුට
(19.03.2025 – 10:51 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල පොලිස් වසමේ අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රී කාලයේ දී දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ කාර් රථයක් වෙළෙඳසැලක් ඉදිරිපිට නැවැත්වීම සඳහා මාර්ගයේ වම්පසට ගන්නා අවස්ථාවේදී එම කාර් රථයේ පිටුපසින් එම දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයක් කාර් රථයේ පිටුපස ගැටී තිබෙනවා.
එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එම දිසාවටම ගමන් ගත් තවත් ත්‍රීරෝද රථයක් එම වාහනවල ගැටීම වලක්වා ගැනීම සඳහා එක්වරම මාර්ගයේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී තිබුණා.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ විදෙස් ජාතික පිරිමින් දෙදෙනෙකු (2) හා කාන්තාවන් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් (1) කාන්තාවක් මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 54 ක් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක්.
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
පොලිසියට පහරදී සැකකරු පැනයයි
(19.03.2025 – 14:05 +0530 – hirunews.lk/sinhala)
තෙලිප්පලෙයි, යාලි ප්‍රදේශයේදී ඊයේ (18) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබෙනවා.
ඒ සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.
කෙසේ වෙතත් ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴
සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර රැගෙන ගිය වෑන් රථයකට මග හරස් කරලා
(19.03.2025 – 14:10 +0530 – hirunews.lk/sinhala)
අ.පො.ස සා/පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අතරමග නවත්වා බාධා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත ධාවනය වූ මෙම වෑන් රථය ත්‍රීරෝද රථයකින් හරස්කර තිබෙනවා.
එම වෑන් රථයේ ගමන් ගත් විභාග මධස්ථානයේ ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට ඊයේ (18) පස්වරුවේ එම ත්‍රීරෝද රථ රියදුරු බැන වැදුණු බව කියමින් යොමුකළ පැමිණිල්ල පිළිබඳව නොර්වුඩ් පොලිසිය විමර්ෂණයක් ආරම්භකර ඇති බවයි පවසන්නේ.
නෝර්වුඩ්, පුලියාවත්ත විභාග මධ්‍යස්ථානයේ (18) දින පැවති අපොස සා/පෙළ විභාගය අවසන් වීමෙන් පසු එහි පිලිතුරු පත්‍ර ශ්‍රීපාද විද්‍යාලයේ පිහිටවා ඇති විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත භාර දීම සඳහා ශාලාධිපතිවරයාගේ පෞද්ගලික වෑන් රථයෙන් ගොස් තිබෙන බව සඳහන්.
එහිදී පුලියාවත්ත පාසලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව ත්‍රීරෝද රථ රියදුරා විසින් අවහිර කරමින් සිටීම සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ත්‍රීරෝද රථ රියදුරාට ත්‍රීරෝද රථය ගේට්ටුවෙන් ඉවත්කර ගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.
ත්‍රීරෝද රථය ඉවත් නොකරගත් නිසා විභාග ශාලාධිපතිවරයා විසින් දැඩි පරිශ්‍රමයක් දරා මාර්ගය හරස්කර තිබූ ත්‍රිරෝද රථයේ නොගැටී තම වෑන් රථය ඉදිරියට ධාවනය කර ඇති බව සඳහන්.
පසුව ත්‍රීරෝද රථ රියදුරු වෑන් රථය මීටර් 500 ක් පමණ දුරට පසුපස හබාගෙන විත්, වෑන් රථය හරස්කර ත්‍රීරෝද රථය නතර කර, වෑන් රථයේ සිටි ශාලාධිපතිවරයාට සහ උප ශාලාධිපතිවරයාට බැන වැදුණ බවට එම විභාග ශාලාධිපතිවරයා විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ අදාළ ත්‍රීරෝද රථ රියදුරා හඳුනාගෙන ඇති බවයි.
ඔහු පුලියාවත්ත දමිළ පාසල අසල ත්‍රිරෝද රථ රියදුරෙක් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴