පාස්පෝට් කන්තෝරුවේ පලක් නැති රෑ වැඩ මුරය ගැන ‘හිරු CIA’ අනාවරණයක්
පාස්පෝට් කන්තෝරුවේ පලක් නැති රෑ වැඩ මුරය ගැන ‘හිරු CIA’ අනාවරණයක්
(13.03.2025 – 22:07 +0530 – hirunews.lk/sinhala)
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය මෙරට ජනතාව කලක් තිස්සේ මුහුණ දෙන ගැටලුවක්.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පසුගිය පෙබරවාරි මස සිට පැය 24 පුරා විවෘත කරන බව බලධාරීන් පැවසුවේ ඊට පිළියමක් ලෙසයි.
කෙසේ වෙතත් එම රාත්‍රී සේවාව මගින් අපේක්ෂා කරන විසඳුමක් නොලැබීමෙන් ජනතාවට සිදුවන පීඩාව පිළිබඳවයි අද (13) ‘හිරු සි.අයි.ඒ.’ අනාවරණය.
මෙරට ආගමන විගමන කාර්යාලයට අරක් ගෙන සිටි තැරැව්කරුවන් ජනතාව සුරා කන අයුරු අප පසුගිය කාලයේ ‘හිරු සි.අයි.ඒ.’ හරහා දිගින් දිගටම හෙළි කළා.
ඒ සමග ඔවුන් අවස්ථා කිහිපයකදී නීතියේ රැහැනට ද කොටු වුණා.
ඉන් අනතුරුවද පාස්පෝට් පෝලිම කිලෝ මීටර් ගණනන් දිගුවුණේ පැවති ප්‍රශ්නයට ඇලවූ පැලැස්තර ප්‍රමාණවත් නොවූ පසුබිමකයි.
එම මහජන පීඩාව අප පෙන්වා දුන් පසු බලධාරීන් සිදු කළේ එම පෝලිම් පිටතට ප්‍රදර්ශනය නොවීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ රථවාහන ගාල් කිරීමේ මහල් තුළම පෝලිම් පවත්වාගෙන යාමයි.
මේ අතරතුර ආගමන විගමන දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙලක් දියත් කරමින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිට පැය 24 පුරා ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට තීරණයක් ගෙන තිබුනා.
කෙසේ වෙතත්, එම රාත්‍රී සේවා මුරය සදහා ප්‍රමාණවත් පරිදි නිලධාරීන් අනුයුක්ත කර නැහැ.
විවිධ පළාත්වලින් විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි ජනතාව ඒ හේතුවෙන් අපහසුතාවට පත්වන අයුරුයි මේ.
ජනතාව චෝදනා කරන්නේ රාත්‍රියේ ජනතාව පිරී පැවතිය ද ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන කවුළුවල නිලධාරීන් සේවයේ නොමැති බවයි.
ඉවසීමේ සීමාව ඉක්ම ගිය ජනතාව නිලධාරීන් ගෙන්වා දෙන ලෙස එහි රාජකාරියේ නිරත පොලිසියෙන් ඉල්ලා සිටියා.
පසුව ජනතාව හමුවේ පෙනී සිටි ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කලේ රාත්‍රී සේවය සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බවයි.
අධික පිරිවැයක් ද දරමින් පැය 24 පුරා ආගමන විගමන දෙපාර්තමේන්තුව විවෘත කලේ ජනතාවට කාර්යක්ෂම සේවයක් සැපයීමට නම් නිලධාරීන් තිදෙනෙකු (3) පමණක් යොදවා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදයට විසඳුම් සෙවිය හැකි ද?
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මේ පිළිබඳ ගන්නා ඉදිරි පියවර පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්.
+
‘ෆ්ලැට්’ එකම මලාපද්‍රව්‍යවලින් වැසෙයි
(13.03.2025 – 16:12 +0530 – hirunews.lk/sinhala)
මොරටුව එගොඩඋයන ධීවර නිවාස ව්‍යාපෘතියේ මලාපද්‍රව්‍ය සහ නිවෙස්වලින් බැහැර කරන අප ජලය එක්රැස්වන ටැංකි සියල්ලම උතුරා යාම හේතුවෙන් එම නිවැසියන් පීඩාවට පත්ව සිටිනවා.
එම නිවැසියන් පෙන්වා දෙන්නේ, මලාපද්‍රව්‍ය සහ අප ජලය නිසි අයුරින් බැහැර කිරීමට නොහැකිව තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.
ඉතා අපහසුවෙන් තම එදෙනෙදා ජීවිතය සරි කරගන්නා ජනතාවක් ජීවත්වන මොරටුව එගොඩඋයන ධීවර නිවාස ව්‍යාපෘතියේ මළාපවහන බැහැර කරන පද්ධතියේ මෝටර් (පොම්ප) දෙක මීට මාස තුනකට (3) පමණ පෙර සිට අක්‍රිය වීම හේතුවෙන් එම නිවාස සංකීර්ණයේ වාසය කරන ජනතාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
මේ වනවිට එම මහල් නිවාස ව්‍යාපෘතියේ මලාපද්‍රව්‍ය සහ නිවාසවල එදිනෙදා භාවිත කරන ජලය මුදා හරින පද්ධතියේ ටැංකි සියල්ලම උතුරා එම මහල් නිවාස පද්ධතියේ මාර්ග හරහා ගලායන ආකාරයක් දක්නට ලැබෙන අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ, එම ප්‍රදේශයේ වාසය කිරීමට නොහැකි වන මට්ටමට දුගඳක් හමායන බවයි.
මේ හේතුවෙන් විශාල ලෙස මැසි මදුරුවන් බෝවීමේ තත්ත්වයක් ද මේ වනවිට හටගෙන තිබෙනවා.
ප්‍රදේශය පුරා මැසි මදුරුවන් බෝවීම වර්ධනය වීමෙන් ඩෙංගු අවදානමක් ද පවතින අතර, මැසි මදුරුවන් හේතුවෙන් නිවෙස්වල විසීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
මලාපද්‍රව්‍ය සහ ජලය උතුරා යාම නැවැත්වීම සඳහා තාවකාලික පියවර කිහිපයක් ගැනීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණ ද මෙම ගැටලුවට ඔවුන් ඉල්ලා සිටින්නේ ස්ථිර විසඳුමක්.
+
කෝවිලේ පෙරහැරට රැගෙන ආ අලියා තරුණයෙකුට පහර දෙයි
(13.03.2025 – 16:26 +0530 – hirunews.lk/sinhala)
හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක ඊයේ (12) පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර තිබෙනවා.
හින්දු කෝවිලේ පෙරහැර අවසන් වී අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.
ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී තිබෙනවා ෴
බස්නාහිර හිටපු මන්ත්‍රි සංජය සිරිවර්ධන රිමාන්ඩ්
(13.03.2025 – 16:50 +0530 – hirunews.lk/sinhala)
ගිනි අවි කිහිපයක් සමගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සංජය සිරිවර්ධන ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ ගේ නියෝගයකට අනුවයි.
හිටපු මන්ත්‍රිවරයාට අයත් අත්තනගල්ල වැලිකඩමුල්ල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක තිබී පසුගියදා ටී.56 ගිනි අවියක්, එම මැගසින් 02 ක් හා ජීව උණ්ඩ 133 ක් බෝර 12 ගිනි අවියක් සහ එම උණ්ඩ 06 ක් සොයා ගැනුනා.
අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ, අදාළ ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි ෴
හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
(13.03.2025 – 17:28 +0530 – hirunews.lk/sinhala)
ග්‍රාම නිලදාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් හෙට (14) මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ‘ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය’ පවසනවා.
ඒ අනුව, එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත්තේ රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවයි.
අනාරක්ෂිත හා ජන ශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදු කිරීම මෙන්ම පස්වරු 01 දක්වා පමණක් කාර්යාලයේ රැදී සිටීම එම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඇතුළත්.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ ග්‍රාම නිලධාරීනියන්ගේ ජීවිත ආරක්ෂාව සදහා කඩිනම් විසදුම් ලබාගැනීම සදහා බැවින්, ඊට කඩිනම් විසදුම් ලබාදෙන තෙක් සියලු ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා සම්බන්ධ වන බව ද ‘ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය’ වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා ෴
සාමාන්‍ය පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
(13.03.2025 – 19:19 +0530 – hirunews.lk/sinhala)
සාමාන්‍ය පෙළ සිසුන්ට ‘ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි’ ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට මාර්තු 15 වන දින (සෙනසුරාදා) පෙ.ව. 08:30 සිට දහවල් 12:30 දක්වා ‘පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්’ ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය යන ‘ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ශාඛාවලින්’ ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබා ගත හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴
හිනිදුම රෝහල අසල ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් (2) අතුරුදන්
(13.03.2025 – 20:37 +0530 – hirunews.lk/sinhala)
හිනිදුම රෝහල අසල ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු (2) අතුරුදන්ව තිබෙනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 38 ක් සහ 49 ක් වන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් (2) බවයි වාර්තා වන්නේ ෴
පෝදා එළියට ආ රාජකීය ජාවාරම | අම්බුළුවාවේ ප්‍රවේශපත්‍ර ආදායම කන්දෙන් පහළට වැටුණු වැටිල්ල (13.03.2025)
+
කුලියට මිනී මරපු මහමොලකරු මෙන්න, බටලන්ද වගේ තව ඒවා රට වටේම තිබිලා. සේරම කලේ JVP නම විකුණමින් (13.03.2025)
+
ඇඟ හිරිවැටෙන බටලන්ද වධකාගාරයේ ඇත්ත කතාව (13.03.2025)
+
බටලන්ද වධ කඳවුරේ සම්පූර්ණ කතාව (09.03.2025)
+
බටලන්ද වාර්තාවෙන් එළියට එන රනිල්ගේ කෙරුවාව මෙන්න! (13.03.2025)
+
බටලන්දෙන් දිවි ගලවාගත් බැසිල් ප්‍රනාන්දු රනිල්ගේ කලිසම ඔලුවෙන් ගලවයි (11.03.2025)
+
බටලන්ද සිද්ධිය එළියට ගත්ත මාධ්‍යවේදියා කට අරී | චම්පිකත් වදකාගාරයේ හිටපු කෙනෙක් | මේක අහන්නම ඕන එකක් (13.03.2025)
+
ඇස දෙක ගලවලා මිරිස් කුඩු දැම්මා – බටලන්දේ විසූවෙකු කියූ බටලන්දේ කතාව (11.03.2019)
+
බටලන්දේ වධක ලැයිස්තුව එලියට කැබිනට්ටුව රත් වේයි (10.03.2025)
+
හිරුණිකා බටලන්ද ගොඩගනී – ප්‍රේමදාසයි රනිලුයි දෙන්නම ඉවරයි (10.03.2025)
+
බටලන්දේ වධ කඳවුර – තිරිසන් සමයක ඇත්ත කතාව (18.02.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴