ගම්පහ, අකරවිට වෙඩි තැබීම ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ගේ වැඩක්
ගම්පහ, අකරවිට වෙඩි තැබීම ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ගේ වැඩක්
(09.03.2025 – 13:44 +0530 – hirunews.lk/sinhala)
ගම්පහ, අකරවිට ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රීයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ නැමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම කර ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2), ගම්පහ අකරවිට ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරුවේ මෙම වෙඩි තැබීම කර තිබුණා.
යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර වෙඩි තැබීම කර තිබූ අතර බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා (2) ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).
ඒ අතුරින් 34 හැවිරිදි ‘චාමර සඳරුවන්’ නමැත්තා ‘කෙසෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, පසුගියදා ජීවිතක්ෂයට පත්වූ ‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ‘තම්මිට සුමිත්’ නමැත්තා මීට පෙර ‘චාමර සඳරුවන්’ නමැත්තාට තර්ජනය කර තිබූ බවත්, ඒ අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටත් සැකයක් පවතින බවයි.
මේ අතර ගම්පහ මිනුවන්ගොඩ පත්තඬුවන ප්‍රදේශයේදී පසුගිය මස 26 වැනිදා ‘සංජීව’ගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ පාර්ශ්වයේ පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ත්‍රිරෝද රථයක පසුපස අසුනේ නිදා සිටි තරුණයෙකු ඉලක්ක කර කළ, එම වෙඩි තැබීමෙන් ‘ළහිරු’ නමැති ‘කෙසෙල් බද්දර පද්මේ’ගේ ගෝලයෙකු තුවාල ලැබුවා.
‘ළහිරු’ නමැති පුද්ගලයාට වෙඩි තබා තිබුණේ, ‘ගණේමුල්ල සංජීව’ගේ පාර්ශ්වයෙන් බවත් එය ‘සංජීව ඝාතනය’ට පළිගැනීමක් බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.
+
+
‘ඉෂාරා සෙව්වන්දි’ පිටුපස පාතාල කල්ලි සමාජිකයින් රැසක්
(09.03.2025 – 17:46 +0530 – hirunews.lk/sinhala)
පාතාල කල්ලි නායක ‘ගණේමුල්ලේ සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ‘ඉෂාරා සෙව්වන්දි’ පිටුපස පාතාල කල්ලි නායකයින් රැසක් සිටින බවට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
මේවන විට ‘ගනේමුල්ලේ සංජීව’ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනද එහි මහ මොළකාරිය වන 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.
ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක්ම ඇය සොයා විමර්ශන තවත් තීව්‍ර කර තිබෙනවා.
එවැනි පසුබිමක් තුළ ඇය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පලා ගොස් ඇති බවට වූ තොරතුරක් මත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
+
පොලිසිය ඇතුළේම කොස්තාපල් ‘අයිස් ගහලා’
(09.03.2025 – 16:55 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර පොලිස් ස්ථානයේ වැසිකිලිය තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිතා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන එක ඇත්තේ එම පොලිසියටම අනුයුක්තව රාජකාර කරමින් සිටි කොස්තාපල්වරයෙක්.
සැකකාර කොස්තාපල් ඊයේ (08) පස්වරුවේ වැසිකිළිය තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ පානය කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දැක, ඒ බව ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇති අතර ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා සතුව ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 170 ක් ප්‍රමාණයක් තිබූ බවයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින්නෙකු බවට මේ වන විට තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
අනුරාධපුර මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴
දුම්රියෙන් ඇදවැටුණු විදෙස් කතට බරපතලයි
(09.03.2025 – 18:07 +0530 – hirunews.lk/sinhala)
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක ගමන් ගත් චීන ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.
නාණුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් කාන්තාවක් මෙසේ අද (09) අනතුරට ලක්ව තිබෙනවා.
ඒ හපුතලේ ඉදල්ගස්හින්න19 බිංගෙය අසළ දී බවයි පොලිසිය පවසන්නේ.
ඇය හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලටත් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් ඇතුලත කර ඇතැයි හපුතලේ පොලීසිය පවසනවා.
‘යං ජී’ (YANG JIE) නැමැති 35 හැවිරිදි එම කාන්තාවගේ හිස, ඉදල්ගස්හින්න 19 වන බිම්ගෙයි වැදීමෙන් අනතුරුව දුම්රියෙන් ඇද වැටී තිබෙන අතර හිසට හා පාදයට බරපතළ තුවාල සිදුව තිබෙනවා.
පසුව 1990 ගිලන් රථයක් මගින් හපුතලයේ රෝහලටත් අනතුරුව දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව තවදුරටත් ප්‍රතිකාර ලබාදීම සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි පැවසෙන්නේ.
තුවාල ලැබූ ඇයගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴
+
+
යතුරුපැදි අනතුර මාරාන්තික ආරවුලක් වෙලා
(09.03.2025 – 19:44 +0530 – hirunews.lk/sinhala)
ඥාතීන් දෙදෙනෙකු (2) පැදවූ යතුරුපැදි දෙකක් (2) එකිනෙක ගැටී සිදුවු අනතුරක් සම්බන්ධයෙන් පැදිකරුවන් දෙදෙනා (2) අතර ඇතිවු ආරවුල දුරදිග යෑමෙන් 63 හැවිරිදි අයෙක් ඝාතනය කර ඇතැයි වරකාපොළ පොලීසිය පවසනවා.
වරකාපොළ, ඇත්නාවල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන බවයි පැවසෙන්නේ.
ඊයේ (08) රාත්‍රියේ දී යතුරුපැදි දෙක (2) එකට ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යෑමෙන් එක් පැදිකරුවෙකු වන 42 හැවිරිදි පුතෙකු විසින් අනෙත් පැදිකරු වන 63 හැවිරිදි බාප්පාට පහරදී තල්ලු කර තිබෙන බව පැවසෙනවා.
එම අවස්ථාවේ බාප්පා බිම වැටී තුවාල ලබා තිබෙනවා.
ඒ අවස්ථාවේ හිස කොන්ක්‍රීට් කොටසක වැදී ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
තුවාලකරු රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සැකකාර 42 හැවිරිදී ඥාති පුතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴
දළ කැඩුණු සුමේධ සොයා රිටිගල රක්ෂිතයේ මෙහෙයුමක්
(09.03.2025 – 19:44 +0530 – hirunews.lk/sinhala)
හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා අනතුරට ලක්ව මේ විට සොයාගැනීමට නොහැකිව සිටින සුමේධ නැමැති ඇතා රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතය හා මානන්කට්ටිය රක්ෂිතයට ආසන්නව ගමන් කර ඇති බව හදුනාගෙන තිබෙනවා.
ඒ, රුධිර පැල්ලම් සහ පා සටහන් ඔස්සේ සිදුකල සොයා බැලීම්වලදීයි.
අනතුරට ලක්වූ ඇතා සෙවීමේ මෙහෙයුම තුන්වන (3) දිනටත් අද ක්‍රියාත්මක අතර එය පුළුල් කිරීමට ද වනජීවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර, තිරප්පනේ, ගනේවල්පොල සහ රිටිගල ප්‍රදේශවල වනජීවි කාර්යාලය නිලධාරින් 35 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව සදහන්.
මේ අතර, මෙම මෙහෙයුම සදහා ඩ්‍රෝන කැමරා භාවිතා කලද, සන්නිවේදන පහසුකම් නොමැතිවීම හේතුවෙන් සහ රක්ෂිතයේ වන අලි විශාල සංඛ්‍යාවක් රැදී සිටීම හේතුවෙන් අනතුරට ලක්වූ ඇතා සෙවීමේ මෙහෙයුම්වලට බාධා වී තිබෙනවා.
හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී මෙම ඇතා ලොරි රථයක පසුගියදා ගැටී තිබූ අතර, ගනේවල්පොල වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් සදහන් කලේ අනතුරෙන් ඇතාගේ එක් දළක් කැඩී සිරුරෙන් වෙන් වී ගොස් මාර්ගය මත වැටී තිබූ බවයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
+
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
(09.03.2025 – 21:34 +0530 – hirunews.lk/sinhala)
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීම හේතුවෙන් මෙසේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ ෴
තාත්තා පොලිසියේ කියලා පුතා අල්ලස් අරන්
(09.03.2025 – 23:33 +0530 – hirunews.lk/sinhala)
යාපනය මුලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ පුතා විසින් සිය පියාගේ නම විකුණා රුපියල් 20,000 අල්ලසක් ලබා ගැනීම නිසා පියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා.
බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීම තම පියාට දන්වා වළක්වා දෙන බව පවසමින් මෙම ස්ථනාධිපතිවරයාගේ පුතා වැරදිකරුගෙන් රුපියල් 20,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් පොලීසිය එම රියදුරාට එරෙහිව නඩු දැමීමෙන් පසුව ඔහුට රුපියල් 25,000 ක දඩයක් නියම කොට මාස 9 ක කාලයකට රියදුරු බලපත්‍රයද අවලංගු කර තිබෙනවා.
පසුව එම රියදුරා යාපනය පොලීසිය වෙත පැමිණ සිද්ධිය විස්තර කර පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
එම පැමිණිල්ල වෙනුවෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව පියා විසින් සිය පුතාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාල වැඩ බලන ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මුලතිව් ප්‍රදේශයට මාරු කර යවා තිබෙනවා ෴
ඉඩම් බෙදා දීමක් ගැන රාහුල හිමි කළ චෝදනාවට කෝප් කමිටු සභාපතිගෙන් ප්‍රතිචාර (09.03.2025)
+
රු. මිලියන 300 ක් වැයකර මිහින්තලේ අනුලා ස්ථූපයේ හැදුවේ මොනවාද? – “සල්ලි ගත්තේ හිටපු මැති ඇමතිවරු” (09.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴