ගම්පහ වෙඩි තැබීමක්; දෙදෙනෙක් (2) රෝහලේ

ගම්පහ වෙඩි තැබීමක්; දෙදෙනෙක් (2) රෝහලේ


ගම්පහ වෙඩි තැබීමක්; දෙදෙනෙක් (2) රෝහලේ

(08.03.2025 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ කිරිඳිවිට – අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතරකොටස් අලෙවිසැලක අද (08) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

එහිදී තුවාල ලැබූ දෙදෙනා (2) ගම්පහ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සඳහා ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් 9mm වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ, ‘චාමර නදී සඳරුවන්’ නමැති වයස අවුරුදු 36 ක කටුගස්තර, ගම්පහ පදිංචි එම ‘වෙළඳසැලේ හිමිකරු’ සහ ‘දොම්පෙ ආරච්චිලාගේ අසිත දේවින්ද’ නමැති වයස අවුරුදු 30 ක්වන කෙසෙල්වතුගොඩ, යක්කල පදිංචි එම ‘වෙළඳසැලේ සහායකයා’ ලෙස කටයුතු කළ අයෙක්.

ඉහත සඳහන් ‘චාමර’ යන අය සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කෙහෙල්බද්දර පද්මසිරි’ යන අයගේ සබඳතාවය මත මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයකු බවත්, එම ව්‍යාපාරය නතර කරන ලෙස ‘ගණේමුල්ල සංජීව’ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදුකරනු ලබන ‘තම්මිත සුමිත්’ නමැත්තා තර්ජනය කර ඇති බවටත් කරුණු වාර්තා වෙනවා.

වෙඩි වැදුණු දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවත් පොලිසිය සඳහන් කළා.

+

+


මගීන් 300 කගේ වගකීම දෝත දරන් අපේ කතුන් සාර්ථකව අවසන් කළ ‘ශ්‍රීලංකන් ගුවන් ගමන’

(08.03.2025 – 22:30 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ අද (08) විශේෂ ගුවන් ගමන් වාරයක් සංවිධාන කර තිබුණා.

එහි විශේෂත්වය වන්නේ අද (08) මේ ගුවන් ගමනට සහභාගීවන සියලුම ගුවන් කාර්ය මණ්ඩලය කාන්තාවන් වීමයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වසරක් පාසා කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ගුවන් ගමන්වාරයක් සංවිධාන කරන්නේ සමස්ත කාන්තාවන් ගේ ධෛර්යයට සහ කැපවීමට කරන අගය කිරීමක් ලෙසයි.

මෙවර එම විශේෂ ගුවන් ගමන් වාරය කොළඹ සිට තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ක්‍රියාත්මක වන අතර එම ගුවන් ගමනට එක් වීමට ‘හිරු ටීවී’ අපටත් අවස්ථාව හිමිවුණා.

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකම ඉදිරියට පැමිණෙමින් සිටින කාන්තාවන් අද අහස ජය ගනිමින් සිටින බවට මේ ගුවන්වාරය හොඳම සාක්ෂියක්.

ඒ, මෙම ගුවන් ගමනට සහභාගි වන 8 දෙනෙකුගෙන් යුත් ගුවන් කාර්යමණ්ඩලයේ සියලුම දෙනා කාන්තාවන් වීම හේතුවෙන්.

මාධිනී විජේසිංහ ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙසත් අයෝද්‍යා රණසිංහ සහය ගුවන් නියමුවරිය ලෙසත් මෙහිදී කටයුතු කරනවා.

මෙම විශේෂ ගුවන් ගමන් වාරය සඳහා මගීන් 90 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර, කාන්තා කාර්ය මණ්ඩලය ඔවුන් සියලු දෙනා ඉතා සුහදශීලීව පිළිගනු ලැබුවා.

ඒ අනුව, A320 ගුවන් යානය අද (08) උදෑසන 07:30 ට කටුනායක ගුවන් තොටුපළෙන් බැංකොක් බලා පිටත් වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම විශේෂ ගුවන් ගමන් වාරය සංවිධාන කර තිබුණේ ගුවන් ක්ෂේත්‍රය වෙනුවෙන් කාන්තා කාර්ය මණ්ඩලය දක්වන දායකත්වය ඇගයීම සඳහායි.

A320 ගුවන් යානය එරට වේලාවෙන් අද (08) දහවල් 12.30 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වුණා.

බැංකොක් සිට කොළඹ බලා ආපසු ගුවන් ගමන් වාරය ද එම කාර්ය මණ්ඩලය විසින්ම ක්‍රියාත්මක කරනු ලැබූ අතර කොළඹට පැමිණීම සඳහා මගීන් 130 දෙනෙකු ඊට එක්ව සිටියා.

ඒ අනුව අද (08) පස්වරු 04:20 ට පමණ යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟා වුණේ කාන්තා ගුවන් කාර්ය මණ්ඩලයට සුවිශේෂී දිනයක මතකයක් ඉතිරි කරමින්.

+


‘කමාන්ඩෝ රංග’ අත්අඩංගුවට

(08.03.2025 – 22:25 +0530 – sinhala.adaderana.lk)

වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ‘කමාන්ඩෝ රංග’ නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අපරාධ සඳහා භාවිත කළ බවට සැකකෙරෙන රිපීටර් වර්ගයේ ගිනිඅවියක් (1) ද සොයාගත් බව පොලීසිය පැවසීය.

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ද සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පල කරයි ෴


දරුවන්ට කායික දඬුවම් තහනම් කිරීමේ පනතක්

(08.03.2025 – 20:29 +0530 – sinhala.adaderana.lk)

දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර ලෙසය.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා :

“අපි යෝජනා කරනවා … මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර මූලික අයිතිවාසිකම්වලට විශේෂිතව ළමා අයිතිවාසිකම් එහෙම නැතිනම් ළමුන්ගේ අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ අනිවාර්යෙන්ම ඇතුළු විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත්කරවා. එපමණක් නොවෙයි අපි යෝජනා කරනවා … කාන්තා අයිතිවාසිකම් පිළිබඳ, ළමා අයිතිවාසිකම් පිළිබඳ අපි රටක් හැටියට එකඟවෙලා තිබෙන ඒ අවබෝධතාවයන්, ගිවිසුම් ශක්තිමත්ව ක්‍රියාත්ම කරන්නට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් යෝජනා කරනවා … මේ රටේ ළමුන්, දරු පරපුර වෙනුවෙන් වෙනම සහ කාන්තා පරපුර වෙනුවෙන් වෙනම විශේෂ ජනාධිපති කාර්යසාධක බළකා දෙකක් (2) ප්‍රකාශයට පත්කරලා ක්‍රියාවට නංවන්න ඕනේ.”

අනතුරුව හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළේය :

“අපි දන්නවා නීති පද්ධතියක් තිබිය යුතුයි. කාන්තාවගේ ආරක්ෂාවට එය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වියයුතුයි. විපක්ෂනායකවරයා කියූ විදිහට ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම බලන්න ඕනේ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීතියෙන් විතරක් කොළවල ලියලා මේ අයිතිය තහවුරු කරන්න පුළුවන්ද ? මේ ආකල්ප හැදෙන්න කොයි කාලෙද ? ළමා කාලේ. එතකොට ළමයාගේ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොමද ? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවට ගරුසරු ඇතිකරන සමාජයක් බිහිවෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙමනම් නීතිරීතිත් හදමු; ව්‍යවස්ථාත් හදමු. නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙකුටම, තාත්තා කෙනෙකුටම තමන්ගේ පිරිමි ළමයාට ඉගැන්නුවානම් කාන්තාවට ගරුකකරන්න පොඩිකාලයේදී මම හිතන්නේ පරම්පරාවක් දෙකක් (2) වැඩිහිටියෝ වෙනකොට කාන්තාවගේ ආරක්ෂාවට නීතිවෙනුවෙට සමාජයේ පිරිමි ඉදිරිපත්වෙන සමාජයක් ඉදිරියේදී නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට හානිකර කායික දඬුවම් තහනම් කරන්නට අවශ්‍ය වෙනවා. මෙන්න මේ කායික දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමේදී මා කියන්නට ඕනේ ඒ සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වෙලා තියෙනවා. එය පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ ඇමතිවරයා විදිහට මා පියවර ගන්නවා.”

+

+


කොළේ වහල ගේමක් ගහලා | අවු: 09 ක් එක දිගට නීතිය කඩද්දි නියාමන කොමිසම උඩ බලාගෙන ඉඳලා (08.03.2025)

+


දේශබන්දු අල්ලන්නේ නැති රහස මුල්වරට එළියට | අනුර ඉන්න කල් මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් වෙන්නේ නැහැ (08.03.2025)

+


අහිංසකයෙක්ට පොලීසිය අමානුෂික ලෙස පහර දීලා | නම් ගම් හා වීඩියෝ සාක්ෂි සමග කරපු හෙළිදරව්ව මෙන්න (08.03.2025)

+


පින්සල් තුඩින් ලොවක් දිනන්න වෙර දරන සිංහරාජ සිත්තරාවිය (08.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *