ගිනිඅවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග මුදල් ඉහළට
ගිනිඅවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග මුදල් ඉහළට
(07.03.2025 – 15:45 +0530 – hirunews.lk/sinhala)
මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධව සලකා බැලීමේදී දිවයින තුල නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ තවදුරටත් සංසරණය වන බව නිරීක්ෂණය වන බැවින් අපරාධ මැඩපවත්වා මහජනතාවට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමි පරිසරයක් බිහි කිරීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර තිබෙනවා.
මෙහි එක් පියවරක් ලෙස නීති විරෝධී ගිනිඅවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින අතර, ඒ සඳහා සියළු පොලිස් නිලධාරින් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම මෙම ගිනිඅවි හා අත්බෝම්බ සම්බන්ධ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර බවද මේ සම්බන්ධව තොරතුරු වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසද ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
- [ගෙවන මුදල් ත්‍යාග පිළිබඳ විස්තර] (pdf file)
මන්ත්‍රී නිවාස ලබාගෙන රජයට පාඩු කළ මන්ත්‍රී ලැයිස්තුව එළියට
(07.03.2025 – 16:59 +0530 – hirunews.lk/sinhala)
අරගලයෙන් විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට ලබාදුන් නිවාස 76 න් නිවාස 26 ක් ඔවුන් ලබාගෙන ඇති බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ටික ටික ගෙවීමේ පදනමෙන් අඩු මුදලට වසර 15 ක් දක්වා කාලය ලබා දී මෙම නිවාස ඔවුන්ට දී ඇති බවයි.
එසේ නිවාස ලබාදීම නිසා රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එසේ නිවාස ලබාදීම මගින් සිදු වූ පාඩුව සහ මන්ත්‍රී ලැයිස්තුව ඔහු මෙසේ සඳහන් කළා :
“වියත්පුර මාවත නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබාදුන්නා. මේ අරගලය කාලයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කථානායකවරයා අත්සන් කරලා නිවාස ලබාදෙන්න කියලා තියෙනවා. එතකොට ඒ නිවාස ලබා දෙද්දී නිවාස වල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා තියෙනවා ඒ මන්ත්‍රීවරු. මේ නිවාස සංකීර්ණයේ D බ්ලොක් එකෙන් නිවාස 101 ක් තියෙනවා; ඒ සඳහා ඒකෙන් 76 ක් වෙන් කරලා තියෙනවා.
නිවාස හදන වෙලාවෙ තිබ්බ වටිනාකම සහ නිවාස හැදුවට පස්සේ තියෙන වටිනාකම … මේ දෙක එකට එකතු කරලා ඒක දෙකෙන් (2) බෙදලා ඒ එන උත්තරයෙන් සියයට 25 ක කොටසක් අවුරුද්දක් (1) ඇතුළත ගෙවන්නත් ඉතුරු ටික අවුරුදු 15 කින් ගෙවන්නත් කියලා… සාමාන්‍ය අයට වසරකින් මුළු ගාන ගෙවන්න ඕන.
ඒ අනුව (රුපියල් වලින්):
ප්‍රසන්න රණතුංග (වෙන් කරපු ගෙට) මිලියන 9.9 ක් ගෙවලා (තියෙනවා,) ආණ්ඩුවට මිලියන 11 ක් පාඩුයි.
මුසම්මිල් මිලියන 3.3 ගෙවලා, ආණ්ඩුවට මිලියන 10 ක් පාඩුයි.
නිමල් පියතිස්ස මිලියන 3.3 ක් ගෙවලා, මිලියන 9.9 ක් පාඩුයි.
ගාමිණී වලේබොඩ මිලියන 3.3 ක් ගෙවලා, ආණ්ඩුවට මිලියන 9 ක් පාඩුයි.
මහින්ද යාපා අබේවර්ධන මිලියන 5.3 ක් ගෙවලා, මිලියන 16 ක් පාඩුයි.
ගාමිණී ලොකුගේ මිලියන 4 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
කුමාරසිරි රත්නායක මිලියන 3.3 ක් ගෙවලා, මිලියන 9.9 ක් පාඩුයි.
අජිත් රාජපක්ෂ මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12.6 ක් පාඩුයි.
චින්තක අමල් මායාදුන්නේ මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
මිලාන් සජිත් ජයතිලක මිලියන 4.6 ක් ගෙවලා, මිලියන 13 ක් පාඩුයි.
තිස්ස කුට්ටිආරච්චි මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
වීරසිංහ දේවගේ වීරසිංහ මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
අසංක නවරත්න මිලියන 3.3 ක් ගෙවලා, මිලියන 9.9 ක් පාඩුයි.
බණ්ඩාර හේරත් මිලියන 4.2 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
එස්.එම්. චන්ද්‍රසේන මිලියන 4.6 ක් ගෙවලා, මිලියන 13 ක් පාඩුයි.
දේවගේ ප්‍රියන්ත අශෝක මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12 ක් පාඩුයි.
එස්.ඒ. සේමසිංහ මිලියන 4.6 ක් ගෙවලා, මිලියන 13.8 ක් පාඩුයි.
ශාන්ත බණ්ඩාර මිලියන 4.1 ක් ගෙවලා, මිලියන 12.5 ක් පාඩුයි.”
+
දළේ කැඩුවාට ලොරි රියදුරු රිමාන්ඩ්
(07.03.2025 – 19:56 +0530 – hirunews.lk/sinhala)
අද (07) අලුයම පලුගස්වැව ප්‍රදේශයේදී මහා මාර්ගයේදී ලොරි රථයක ඇතෙකු ගැටී සිදුවූ අනතුරකින් ඇතාගේ දළය මුලින්ම ගැලවී මාර්ගයේ වැටී තිබෙනවා.
හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී ඇතෙකු ලොරි රථයක ගැටීමේ සිද්ධියට අදාළව එහි රියදුරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔහු අද (07) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මෙම අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
සැකකාර ටිපර් රථ රියදුරා අධිකරණයට ඉදිරිපත් කරමින් ගනේවල්පොල වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් සඳහන් කලේ අනතුරෙන් ඇතාගේ එක් දළක් කැඩී සිරුරෙන් වෙන් වී ගොස් මාර්ගය මත වැටී තිබූ බවයි.
පසුව සැකකාර ටිපර් රථයේ රියදුරු එය නොනවත්වාම ධාවනය කර පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවද ඔවුන් අධිකරණය හමුවේ සදහන් කළා.
එමෙන්ම, මෙම ඇතා ‘සුමේධ’ නමින් ප්‍රචලිත ඇතා බවට සැක කරන බවත්, එය තවමත් තහවුරු වී නොමැති බවත් අධිකරණයේදී කරුණු අනාවරණය වුණා.
මෙම නඩුවට ‘අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ලෝක සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජතයින්’ වෙනුවෙන් ද නීතිඥවරයෙකු පෙනී සිට තිබුණා.
කෙසේ වෙතත්, අනතුරින් පසුව තුවාල ලැබූ ඇතා හඹරණ කැලයට ඇතුලු වී ඇති අතර, වනජීවි නිලධාරීන් එම ඇතාට සොයා මේ වන විට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.
+
කළුගං ඉවුරට ගොඩගැසූ කාන්තා මළසිරුර ගැන කරුණු රැසක් අනාවරණය වෙයි
(07.03.2025 – 21:04 +0530 – hirunews.lk/sinhala)
බුලත්සිංහල, ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළුගං ඉවුරට ගොඩගසා තිබූ මළසිරුර මීට දින කිහිපයකට පෙර ඉංගිරිය, රයිගමවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ තරුණියකගේ බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම තරුණිය සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගිය පාසැල් ගුරුවරයෙක් ද සිය දිවි හානි කරගෙන ඇති බවයි.
බුලත්සිංහල ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ කළු ගඟේ ඉවුර ආසන්නයට ගොඩ ගසා තිබුණු නාදුනන කාන්තා මළ සිරුරක් බුලත්සිංහල පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
එම මළ සිරුර හොරණ, වගවත්ත ප්‍රදේශයෙන් ගොඩ ගැනුණේ ඉලුක්මණ්ඩිය ප්‍රදේශයේ පවතින දුෂ්කරතාවයන් හේතුවෙන්.
එම සිරුර මීට දින පහකට (5) පමණ උඩදී ඉංගිරිය ප්‍රදේශයෙන් අතුරුදන්වු බව කියන විසි හැවිරිදි (20) තරුණියකගේ බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගෙන තිබුණා.
එමෙන්ම බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයෙන් ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයෙකුගේ මරණයක් ද වාර්තාවී තිබුණා.
එම සියදිවි හානි කර ගත් පුද්ගලයා අදාළ තරුණිය සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබූ බවත් වාර්තා වුණා.
ඔහු බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේම පදිංචි තිස් හැවිරිදි (30) දමිළ පාසැල් ගුරුවරයෙක් වන අතර අදාළ තරුණිය අතුරුදන් වීමෙන් පසු එම පුද්ගලයාව පොලිසියට කැඳවා ප්‍රශ්න කර මුදා හැර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් පසුව අදාළ පුද්ගලයා නිවැසියන් නින්දට ගොස් සිටින අවස්ථාවේ නිවසින් බැහැරව ගොස් ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පැවසුවා.
+
“සත්ව සංගණනයේ පත්‍රිකා මුද්‍රණයට රු. හත්කෝටි තිස් ලක්ෂයක් (7,30,00,000) වියදම් කරලා” – ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
(07.03.2025 – 22:37 +0530 – hirunews.lk/sinhala)
ලබන 15 වැනිදා සිදු කෙරෙන්නේ ‘සත්ව සංගණනයක්’ නොව ‘දත්ත ලබා ගැනීමේ සරළ සමීක්ෂණයක්’ පමණක් බව ‘පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි’ පවසනවා.
කෙසේවෙතත්, ‘ජාතික ගොවිජන එකමුතුව’ චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් රු. කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.
කෘෂි බෝග සඳහා හානි පමුණුවන රිලවා, වඳුරා, දඬු ලේනා සහ මොණරා යන සතුන් සම්බන්ධයෙන් ජාතික සංගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ අනුව මේ මස 15 වැනිදා සෙනසුරාදා පෙරවරු 8 සිට 08:05 දක්වා මිනිත්තු 5 ක කාලයක් මෙම සංගණනය සිදු කිරීමට නියමිතයි.
සත්ත්ව සංගණනය කර ඒ පිළිබඳ තොරතුරු රජයට ලබා ගැනීම මෙමගින් අපේක්ෂිතයි.
ලබන 15 වැනිදා දීපව්‍යාප්තව සිදු කිරීමට නියමිත මෙම ජාතික සත්ත්ව සංගණනය සඳහා නිවාසවලට බෙදා හැරීමට නියමිත දත්ත ඇතුළත් කළ යුතු පත්‍රිකා ලක්ෂ 70 ක් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට එම පත්‍රිකා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා බෙදා හැර ඇති අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහාද ඉදිරි දින කිහිපයේ ඒවා බෙදා හැරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම සත්ත්ව සංගණනය පිළිබඳව මේ වනවිට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති පසුබිමක ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ සංගණනය වෙනුවෙන් පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක (7,30,00,000) පමණ මුදලක් මේ වන විට වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර ‘සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය’ චෝදනා කරන්නේ මෙම සංගණනය සඳහා තම සේවය අවශ්‍ය බවට රජය ප්‍රකාශ කර ඇතත් තමන් ඒ පිළිබඳව දැනුවත් වූයේ මාධ්‍යයෙන් බවයි.
අදාළ සංගණනය ගැන නිසි ක්‍රමවේදයක් හෝ දැනුවත් කිරීමක් මෙතෙක් තමන් වෙත සිදු කර නොමැති බවයි එම සංගමය පවසන්නේ.
+
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴