2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති මාර්තු 11 මධ්‍යම රැයෙන් අවසන්
2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති මාර්තු 11 මධ්‍යම රැයෙන් අවසන්
(07.03.2025 – 10:48 +0530 – hirunews.lk/sinhala)
2024 සාමාන්‍ය පෙළ විභාගය සදහා වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුලු ලබන 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි ෴
මාර්ග සංඥා පුවරු අලුත් වෙයි
(07.03.2025 – 08:14 +0530 – hirunews.lk/sinhala)
නගරවල සවිකර ඇති මාර්ග සංඥා පුවරු 200 ක් සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් ප්‍රතිපාදන සපයන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.
පළමු අදියර සඳහා රුපියල් මිලියන 56 මුදලක් එම අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් රුපියල් මිලියන 33 ක් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී තිබෙනවා.
මෙම මාර්ග සංඥා ක්‍රියාත්මකවන විට රිය ධාවනය කළ යුතු වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වන හෙයින් එම වේලාව එනතුරු වාහනයේ එංජිම ක්‍රියාත්මක නොකර සිටිය හැකියි.
එමගින් ඉන්ධන කාර්යාක්ෂමතාවයක් ඇති වන අතර, අනවශ්‍ය වායු විමෝචනය ද අවම වන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴
ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් වීඩියෝ තාක්ෂණයෙන් අද (07) අධිකරණයට
(07.03.2025 – 09:16 +0530 – hirunews.lk/sinhala)
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 10 දෙනා සම්බන්ධ නඩුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (07) කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අධිකරණ රෙජිස්ටාර්වරියට දැනුම් දී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරිය කර තිබෙන දැනුම්දීමට අනුව ඊට අවශ්‍යය කටයුතු සූදානම් කරන ලෙස රෙජිස්ටාර්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
මේ වන විට ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දොළොස් දෙනෙකු (12) අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දස දෙනෙකු (10) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
කෙසේ වෙතත්, ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රහසිගතව රැගෙන ආ බව කියන ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැත්තිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැහැ ෴
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා තවදුරටත් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මෙම සැකකරුවන් skype තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා ෴
ඉදිරියේදී දුම්රියට සහ බස් රථයට රියදුරුවරියන්
(07.03.2025 – 12:17 +0530 – hirunews.lk/sinhala)
හෙටට (08) යෙදෙන ‘කාන්තා දිනය’ නිමිත්තෙන් අමාත්‍යංශයේ ඇමතිවරු තිදෙනා (3) සමග සාකච්ඡා කර දුම්රිය සේවයට මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රපත්තිමය තීන්දුවක් ලබාගෙන තියෙන බව සභානායක බිමල් රත්නායක පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු මෙසේද පැවසුවා :
+
අක්කර පහට (5) අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්
(07.03.2025 – 12:25 +0530 – hirunews.lk/sinhala)
මෙම වසරේ අක්කර 36,000 ක් අලුතින් පොල් වගාව සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් 16,000 ක් උතුරු පොල් ත්‍රිකෝණයටත්, ඉතිරි අක්කර 20,000 අනෙකුත් ප්‍රදේශවලටත් අයත් වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ ඔහුගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5 ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
තවද දැනට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න්, මෙට්‍රික් ටොන් 27,500 ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000 ක් සකස් කිරීම සිදු කරමින් පවතින බවත්, එමගින් අක්කර පහට (5) අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මෙහිදී සඳහන් කර තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රු. 9500 ක් වන කි.ග්‍රෑම් 50 පොහොර මිටිය රු. 4,000 ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවයි.
‘සීසන් නිසා ගන්න බෑ’ කියලා කොන්දොස්තර ළමයින් බස් එකෙන් බස්සයි
(07.03.2025 – 13:59 +0530 – hirunews.lk/sinhala)
ගිනිගත්හේන සිට හැටන් දක්වා ඊයේ (06) ගමන් ගත් බස්රථයක සිටි පාසැල් වාර ප්‍රවේශපත්‍රවලින් ගමන් ගත් පාසැල් සිසුන් පිරිසක් එම බස් රථයේ කොන්දොස්තරයා විසින් බැස්සවීමට කටයුතු කර තිබෙනවා.
එම සිදුවීම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් පවසනේ එම බස් රථයේ කොන්දොස්තරයාට එරෙහිව විමර්ෂණයක් සිදු කරන බවයි.
පාසල නිමවීමෙන් පසු ගිනිගත්හේන නගරයේ පැවති බාහිර පන්තියකට සහභාගී වී නිවස කරා යාමට ගිනිගත්හේන කඩවල දක්වා වාර ප්‍රවේශපත්‍ර අතැතිව බස් රථයට නැග ඇති ළමුන් පිරිසකුයි මෙලෙස කොන්දොස්තරවරයා විසින් බස්සවා ඇත්තේ.
ගිනිගත්හේන සිට හැටන් දක්වා කෙටිදුරක් ධාවනයවන එම බස් රථයට වාර ප්‍රවේශපත්‍ර අතැතිව සිටින කිසිඳු පාසල් සිසුවෙකු ප්‍රවාහනය නොකරන බවත්, හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් කරන පාසල් ළමුන් සහ මගීන්ව බස් රථවලට නංවා නොගන්නා බවටත්, ප්‍රදේශවාසින් චෝදනා කර කරනවා.
+
+
නුවරඑළියේ සංචාරක හෝටලයක ගින්නක්
(07.03.2025 – 14:29 +0530 – hirunews.lk/sinhala)
නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් පාරේ පිහිටි සංචාරක හෝටලයක ගබඩා කාමරයක් තුළ ඇති වූ ගින්න නුවරඑලිය පොලිසිය විමර්ෂණක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (06) පස්වරු 05:00 ට පමණ ඇති වූ ගින්නෙන් එම ගබඩාව තුළ තිබු සංචාරක හෝටලයට අයත් ගෘහ භාණ්ඩ ඇතුලු විදුලි අපකරණ රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභයද මෙතෙක් තක්සේරු කර නැහැ.
මෙම ගබඩා කාමරයට කිසිවෙකුත් ගිනි තැබුවේද නැතහොත් විදුලි කාන්දුවක් ඔස්සේ ගින්න සිදු වුනේද යන්න නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තිහාරියේ ටයිල් වෙළඳසැලක ගින්නක්
(07.03.2025 – 14:58 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය නගරයේ පිහිටි ටයිල් වෙළෙඳසැලක අද (07) දහවල් 12:30 ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් එම ටයිල් වෙළඳසැලේ නාන කාමර කට්ටලවලට සහ ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදු ඇති බවයි පොලිසිය පවසා සිටියේ.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ දෙකක් (2) පැමිණ ගින්න මැඩ පවත්වා ගැනීමට කටයුතු කර ඇති අතර ගින්න ඇතිවීමත් සමග කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට පිහිටි ධාවන තීරුව සම්පූර්ණයෙන්ම වසා දමා නුවර දෙසට වූ ධාවන තීරුව රථවාහනවල ගමනාගමනයට ඉඩ සැලසීමට නිට්ටඹුව පොලිස් රථවාන අංශය කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ නිසා විනාඩි 45 ක පමණ කාලයක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී තිබුණා.
ගින්නෙන් කිසිවකටත් හානි සිදුවී නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට පොලිසිය සැක කරන අතර මෙම ගින්න සම්බන්ධව නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
+
මෙවර පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නැවතත්
(07.03.2025 – 14:59 +0530 – hirunews.lk/sinhala)
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීයි.
මිහින්තලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත පොසොන් උත්සව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරස්ථානයේදී රැස්වුණා ෴
කොටහේනෙදී ඝාතනය වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණය ලබන 14 වැනිදා
(07.03.2025 – 15:31 +0530 – hirunews.lk/sinhala)
ඉකුත්දා කොටහේන ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීම සිද්ධියෙන් මරණයට පත් වූ පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණය ලබන 14 වනදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
එදිනට මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පොලිසියට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනකු (2) මරණයට පත් වූ බවත් ඊට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී පොලිසිය ප්‍රකාශ කළේ මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන නොමැති බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මේ සම්බන්ධ සියලු සාක්ෂිකරුවන් ලබන 14 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කරන බවයි ෴
වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්
(07.03.2025 – 18:14 +0530 – hirunews.lk/sinhala)
2023 වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා ෴
බැඳුම්කර වංචාවට සම්බන්ධ ‘පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ’ ගිණුම් වාර්තා කැඳවීමට නියෝග
(07.03.2025 – 19:16 +0530 – hirunews.lk/sinhala)
2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩු සිදුකළේ යැයි කියනු ලබන ‘පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම’ විසින් ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම්’ පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය’ විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
2015 පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකු විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
‘මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ’ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා ‘පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම’ විසින් ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම’ සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළා.
එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර, එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළා.
මෙම අපරාධය සම්බන්ධයෙන් ‘හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්’ ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් ‘පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය’ අධිකරණයට දැනුම් දී තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴