උප්පැන්න සහතිකයක් ගැනීමට පැමිණි අයෙක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නටයි
උප්පැන්න සහතිකයක් ගැනීමට පැමිණි අයෙක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නටයි
(06.03.2025 – 20:12 +0530 – hirunews.lk/sinhala)
‘හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ’දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට හානි කළ පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 50 හැවිරිදි හම්බන්තොට – බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු පෙරේදා (04) සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඊට අදාළ ලේඛන පුරවා භාරදී තිබෙනවා.
කෙසේ වෙතත්, නියමිත වේලාව ඉක්මවා යෑම හේතුවෙන් උරණ වූ මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනෙකුගෙන් විමසීම් කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කාර්යාලයේ පුටුවක් ගෙන මේසයට හා ජනෙල් වලට පහරදී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම පුද්ගලයා ‘මානසික ආතතියෙන් පෙලී සිටින බව’ ද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
+
ඇස්පනාපිටම මුදල් කොල්ලකන සුදු යුවලගේ ඇස්බැන්දුම – ඔබත් මේ මැජික් එකට අහුවෙන්න කළින් මේක බලන්න (06.03.2025)
+
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන ඥානසාර හිමි ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (06.03.2025)
+
මිහින්තලේ පොසොන් උත්සවය ගැන මාලිමා රජය ගත් තීරණය කියද්දී සිදුවූ දේ – මිහින්තලේ හිමි යළි කරළියට (06.03.2025)
+
මනෝ ගනේෂන් හා එක්ව රට බෙදන්නට වෙර දරන කාදිනල්තුමා (06.03.2025)
+
ගෙදරටම ඇවිත් දොරට තට්ටු කරන වනඅලියා
(06.03.2025 – 19:17 +0530 – hirunews.lk/sinhala)
රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරට තට්ටු කරමින් දොර විවෘත කරවා ගැනීමට උත්සහ කරමින් නිවාස හානි සිදුකරන වනඅලියෙකු සම්බන්ධයෙන් පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම වනඅලියා පසුගිය දිනකද රාත්‍රි කාලයේ කැකිරාවේ නිවෙසකට පැමිණ එම නිවසේ ප්‍රධාන දොරට කිහිප වරක් තට්ටුකර තිබෙනවා.
එම අවස්ථාවේ නිවැසියන් නිවසට පැමිණ ඇත්තෙ වනඅලියකු බව දැන ගැනිමෙන් අනතුරුව නිවසේ කාමරයක් තුළ සැඟව ඇති බවයි වාර්තා වන්නේ.
සුළු වේලාවක් දොරට තට්ටු කරමින් සිටි මෙම වනඅලියා පසුව එම දොරට පහරදී කඩා බිඳ දමා එහි දොරගුලේ කොටසක් ද රැගෙන කලාවැව ජාතික උද්‍යානය දෙසට පලා ගොස් තිබෙනවා.
දොර කඩා දැමූ වන අලියා එම නිවස ආසන්නයේ තිබූ කෙසෙල් වගාවන්ටද හානි කර තිබෙනවා.
එදිනම මෙම වනඅලියා විසින් ඒ ආසන්නයේ වූ කාන්තාවක් තනිව ජීවත් වන තවත් කුඩා නිවාසයකට ද පහරදී එහි දේපලවලටද හානි කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස රාත්‍රී කාලයේ නිවාසවල දොරවල්වලට තට්ටුකරමින් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රදේශයේ සැරිසරන්නේ කලාවැව ජාතික උද්‍යානයේ සිටින වනඅලියෙකු බවට අනුමාන කෙරෙනවා.
තම නිවෙස්වලට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් එම නිවෙස් හිමියන් අදාළ අංශ වෙත හා පොලිසියට පැමිණීලි කිරීමටත් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම වනඅලියා සිදුකර ඇති මෙම නිවාස හානි සම්බන්ධයෙන් මේ වනවිට ‘කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය’ මඟින් විමර්ශන හා හානි තක්සේරු වාර්තා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරණයට පෙර දිනයේ පැන්නූ රුපියල් කෝටි 25 ක මැණික් මල්ලක් ගැන ‘කෝප් කමිටුවේ’දී හෙළිවේ
(06.03.2025 – 19:41 +0530 – hirunews.lk/sinhala)
පසුගිය ජනාධිපතිවරණය පැවති දිනට පෙර දින අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය’ සතු රුපියල් කෝටි 25 ක් වටිනා ‘මැණික් තොගයක්’ රහසේ මුදා හැර ඇති බවට ‘කෝප් කමිටුවේ’දී අනාවරණ වුණා.
එවක ‘හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක’ විසින් පත් කළ සභාපතිවරයාගේ දැනුවත්භාවය මත එය සිදුවූ බවයි කමිටුව හමුවේ අදහස් දක්වමින් ‘මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ’ නිලධාරීන් ප්‍රකාශ කළේ.
+
+
+
එකම ලියාපදිංචි අංකය තියෙන කාර් දෙකක් (2) පොලිස් භාරයට
(06.03.2025 – 13:25 +0530 – sinhala.adaderana.lk)
එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 2 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ පවසයි.
ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෝටර් රථයේ ලියාපදිංචි පොත හා වාහන පැවරුම් අයඳුම්පත් සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරු කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂයේදී ඊයේ (05) දින රාත්‍රී කාලයේදී වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේදී වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු සන්තකයේ තිබී ඉහත කාර් රථයේ ලියාපදිංචි අංකය සහිත එම කාර් රථයේ වර්ණයෙන් යුත් කාර් රථයක් හමුවීමෙන් පසු කාර් රථ දෙකම (2) පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථ 2 ක හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබේ ෴
වැල්ලවත්ත, ගාලුපාරේදී ලොරි රථයක් ගිලා බසී
(06.03.2025 – 22:59 +0530 – hirunews.lk/sinhala)
ගාලුපාර වැල්ලවත්ත හංදියේ පිහිටි මැනිං පෙදෙසට (කොළඹ සිට මොරටුව දෙසට ඇති මංතීරුවෙන්) ඇතුල්වන ස්ථානයේ දී අද (06) රාත්‍රී 09:00 ට පමණ ලොරි රථයක් ගිලා බැසීමකට ලක් වී තිබෙනවා.
මෙසේ ගිලා බැසීමට ලක්ව ඇත්තේ සිමෙන්ති ගල් පටවන ලද ලොරි රථයක් බවයි වාර්තා වන්නේ.

ගේ ළඟ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකුට දිවි අහිමි වෙයි
(07.03.2025 – 07:10 +0530 – hirunews.lk/sinhala)
ආරච්චිකට්ටුව පොලිස් වසමේ වෛරම්කට්ටුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී ඊයේ (06) කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 01 ක් වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්.
මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා ෴
විදෙස් කතකගෙන් අල්ලස් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ තිදෙනෙකු (3) අත්අඩංගුවට
(07.03.2025 – 07:29 +0530 – hirunews.lk/sinhala)
කොල්ලුපිටිය පොලිසියේ සැරයනයෙකු (1) සහ කොස්තාපලුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නීති විරෝධී විදේශීය සිගරට් සන්තකයේ තබා ගැනීමට එරෙහිව පියවර නොගැනීම සඳහා ඔස්ට්‍රියානු කාන්තාවකගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වීම නිසයි ෴
බිරිඳගේ පැමිණිල්ලෙන් පසු අපරාධයක සුලමුල හෙළිවෙයි
(07.03.2025 – 06:56 +0530 – sinhala.adaderana.lk)
දෙමටගහකන්ද, නව්දගල ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (6) හමුවූ බව ඇල්පිටිය පොලීසිය පවසයි.
වයස අවුරුදු 42 ක් වූ මෙම මෙම පුද්ගලයා අතුරුදහන් බවට ඔහුගේ බිරිඳ විසින් පසුගිය මස 14 වනදා ඇල්පිටිය පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කරනු ලැබූ විමර්ශනයේදී මෙම මෘත ශරීරය හමුව තිබේ.
මෙම අතුරුදහන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය දෙම්ටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාලු ළිඳකට දමා පස්දමා වසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු විසින් වනසතුන් දඩයම් කිරීමට අදින ලද විදුලි රැහැනක ගැටී මෙම පුද්ගලයා මියගොස් සිටි බව පවසා තිබේ.
ඒ අනුව ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග එක්වී මෘත ශරීරය එම පාළු ළිඳට දමා වසා ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඉඩමේ හිමිකරු හා ඔහුට සහය දුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 38 හා 46 වයස්වල පසුවන දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
එකම ලියාපදිංචි අංකය තියෙන කාර් දෙකක් (2) පොලිස් භාරයට
(06.03.2025 – 13:25 +0530 – sinhala.adaderana.lk)
එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 2 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ පවසයි.
ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෝටර් රථයේ ලියාපදිංචි පොත හා වාහන පැවරුම් අයඳුම්පත් සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරු කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂයේදී ඊයේ (05) දින රාත්‍රී කාලයේදී වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේදී වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු සන්තකයේ තිබී ඉහත කාර් රථයේ ලියාපදිංචි අංකය සහිත එම කාර් රථයේ වර්ණයෙන් යුත් කාර් රථයක් හමුවීමෙන් පසු කාර් රථ දෙකම (2) පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථ 2 ක හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබේ ෴
අපි නිවටයෝ නෙවෙයි. දරුවන්ගේ මොළ හේදීමේ දේශණවලට එරෙහිව අක්මීමන හිමියන්ගෙන් සැර කථාවක් (06.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴