පිටකොටුව, බංගසාල වීථියේ ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 16 ක් සමග භටයින් 60 ක්
පිටකොටුව, බංගසාල වීථියේ ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 16 ක් සමග භටයින් 60 ක්
(05.03.2025 – 21:46 +0530 – hirunews.lk/sinhala)
පිටකොටුව, බංගසාල වීථියේ වෙළඳ සැලක හටගෙන තිබෙන ගින්න පාලනය කිරීම සඳහා යෙදවූ ගිනිනිවන රථ ප්‍රමාණය වැඩිකර තිබෙනවා.
ඒ අනුව ගිනි නිවීමේ රථ 16 ක් සමග ගිනි නිවන් භටයින් 60 දෙනෙකු යොදවා තිබෙන බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.
හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් මෙහෙයුම් සිදුකෙරෙනවා.
+
+
+
+
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා CID අත්අඩංගුවට
(05.03.2025 – 22:31 +0530 – hirunews.lk/sinhala)
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පැවසෙන්නේ.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ ෴
විමල් වීරවංශට ලොකු අකරතැබ්බයක් – පුනරුද යුගයේ හෙළුව එළියට – ‘සඳේ ගින්දර’ පත්තුවෙයි – ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න (05.03.2025)
+
‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය’ තාවකාලිකව අත්හිටුවයි
(05.03.2025 – 17:49 +0530 – hirunews.lk/sinhala)
‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය’ හෙට (06) සිදුකිරීමට නියමිතව තිබූ ‘දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය’ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා හා සාකච්ඡාවේදී ලද ලිඛිත එකඟතාවන් මතයි එම වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.
ඒ අනුව එම වර්ජනය මාර්තු 17 වැනිදා උදෑසන 8 දක්වා තාවකාලිකව කල් තබන ලද බවයි ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය’ පවසන්නේ ෴
EPF අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පවතින කොන්දේසි ලිහිල් කරනවා – නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
(05.03.2025 – 18:18 +0530 – hirunews.lk/sinhala)
‘සේවක අර්ථ සාධක අරමුදලෙන්’ ප්‍රතිලාභ ලබා ගැනීමේදී දැනට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.
ඒ තුළින් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අයවැය තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (04) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ‘සේවක අර්ථ සාධක අරමුදලින්’ 30% ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුත් පෙළඹී සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා :
“කම්කරු අමාත්‍යංශය යටතේ ආයතන හයක් (6) පවතිනවා. ඉන් ප්‍රමුඛ ආයතනයක් තමා ‘කම්කරු දෙපාර්තමේන්තුව’. මෙවර අයවැයෙන් ‘කම්කරු දෙපාර්තමේන්තුව’ට පෙරට වඩා රුපියල් මිලියන 598 ක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව කම්කරු නීති සහ කම්කරු සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 128 ක්. තවත් මිලියන 163 ක් කම්කරුවන්ගේ සුරක්ෂාව, සෞඛ්‍ය සහ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එපමණක් නොවේ, ‘සේවක අර්ථ සාධක අරමුදල’ වෙනුවෙන් රුපියල් මිලියන 1,640 ක් මෙන්ම ‘මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව’ට රුපියල් මිලියන 622 ක් වශයෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. මෙතෙක් අක්‍රීය වෙලා තිබුණු ‘පඩි පාලක සභා’ 44 අපි යලි සක්‍රීය කර අදාළ පත්කිරීම් සිදුකර තිබෙනවා. වසර ගණනාවක් කැඳවා නොතිබුණු ‘කම්කරු උපදේශක සභාව’ත් අපි කැඳවලා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළා.” යැයි පැවසුවා ෴
2025 රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ
(05.03.2025 – 19:15 +0530 – hirunews.lk/sinhala)
2025 රාජ්‍ය වෙසක් උත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා.
ඒ අනූව මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 වැනිදා තෙක් ක්‍රියාත්මකයි.
එබැවින් මෙවර රාජ්‍ය වෙසක් උත්සව සැමරුම එම සතිය පුරා ක්‍රියාත්මක කරන බවයි බුද්ධශාසන අමාත්‍යාංශය පවසන්නේ ෴
“ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බැහැ. එහෙම වුණොත් හොඳින් හෝ නරකින් අපි බලාගන්නම්” – කොටහේන ස්ථානාධිපතිට මරණ තර්ජන
(05.03.2025 – 20:13 +0530 – hirunews.lk/sinhala)
කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ස්ථානාධිපතිවරයාට ‘මෝදර නිපුන’ නමැත්තෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී මරණ තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සදහන් කළේ, පසුගිය මස 21 වැනිදා කොටහේන ප්‍රදේශයේ දුරකථන අළෙවිසැලකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා (2) පොලිස් වෙඩි පහරින් මියගිය දින පස්වරුවේ ඔහු එම තර්ජනය එල්ල කර තිබූ බවයි.
ඇමතුම ලබාදුන් පුද්ගලයා තමන් හදුන්වා ඇත්තේ “මම මෝදර නිපුන” ලෙසයි.
“ගම්පහ දාපු සෙල්ලම් මෙහෙ දාන්න බැහැ. එහෙම වුණොත් හොඳින් හෝ නරකින් අපි බලාගන්නම්” යනුවෙන් ද ඔහු තර්ජනය කර තිබෙනවා.
පසුව මෙම තර්ජනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, එහිදි අධිකරණය පොලිසියට නියෝග කළේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
අදාළ දුරකථන දත්ත ලබාගැනීමට ද අධිකරණය අවසර ලබා දී තිබූ අතර, පොලිසිය සදහන් කළේ, දේශීය දුරකථන අංකයකින් එම ඇමතුම ලැබී තිබු බවයි.
+
+
හමුදාවෙන් පැන්න 679 ක් අත්අඩංගුවට
(05.03.2025 – 20:22 +0530 – hirunews.lk/sinhala)
හමුදා සේවයෙන් පලා ගොස් සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ‘ආරක්ෂක අමාත්‍යාංශය’ නිවේදනය කරනු ලබනවා.
ඒ 2025/02/22 සිට මේ දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදීයි ෴
පොලිස් රථවාහන නිලධාරීන්ගේ ත්‍යාග මුදල් 25% කින් වැඩිවෙයි
(05.03.2025 – 20:51 +0530 – hirunews.lk/sinhala)
‘පොලිස් රථවාහන අංශයේ’ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 25% කින් වැඩිකර ගෙවන්නැයි චක්‍රලේඛණයක් නිකුත් කර තිබෙනවා.
පෙබරවාරි (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම චක්‍රලේඛණය වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කොට ඇත්තේ.
එම නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගෙනයි මේ පියවර ගෙන තිබෙන්නේ.
අදාල දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දන්වා තිබෙනවා ෴
දළදා වහන්සේගේ හාස්කම් ගැන නොර්වේජියානු තානාපතිගේ සාක්ෂි මෙන්න (04.03.2025)
+
වස්කඩුවේ කෝච්චි පාර හරහා යන්න ගිය ත්‍රීවිල් එක සුනේ සුං (05.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴