හිටපු පොලිස්පති දේශබන්දු සොයා නිවාස 04 ක් පිරික්සයි
(01.03.2025 – 14:20 +0530 – hirunews.lk/sinhala)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව ‘හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්’ අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ ඇතුලු ඔහු රැදී සිටි බවට තොරතුරු වාර්තා වූ නිවාස 04 ක් ඊයේ (28) පරික්ෂාවට ලක් කෙරුණු අතර එම නිවාස කිසිවක ඔහු සිට නැහැ.
වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ‘මාතර මහේස්ත්‍රාත් අධිකරණය’ නියෝග කර තිබුණේ,පෙරේදා (27) යි.
මේ සම්බන්ධයෙන් 6314/323 නඩු අංකය යටතේ ‘මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ’ නඩුවක් ගොනු කර පවතින අතර, එහිදී ‘මනුෂ්‍ය ඝාතනයක් සදහා කුමන්ත්‍රණය කිරීම’ චෝදනා යටතේයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ භාරයේ පසුවන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ, 2023 වසරේ දෙසැම්බර් 31 වනදායි ෴
+++
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්
(01.03.2025 – 19:32 +0530 – hirunews.lk/sinhala)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ‘විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්’ නිකුත්කර තිබෙනවා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි ද මේ වන විට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළවයි මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ ෴
“රටේ ජනතාව දන්නෙත් නෑ වුණ දේ… ඉන්ධන පිරවුම්හල් හිමියෝ දන්නෙත් නෑ” – පුබුදු ජාගොඩ (01.03.2025)
+
+
සුසන්තා චන්ද්‍රමාලිට සමුදෙන්න නිවසට මහ සෙනගක් (01.03.2025)
+
+
මනුෂගේ ජයගමු ශ්‍රී ලංකා කෙරුවාව | විදේශ සේවා කාර්යාංශයේ කෝටි ගණන් සල්ලි පිල්ලි ගහපු හැටි එළියට (01.03.2025)
+
සැබෑ දන්ත ධාතූන් වහන්සේ … (15.02.2025)
+
දළඳා වහන්සේ වැඩ සිටින්නේ කොහේද? මහනුවරින් රජෙක් පහළ කරන්නේ කොහොමද? දියවඩන නිලමේ යනු … (ධම්මරාජ මහා බෝසතානෝ – 26.02.2025)
+
අනේ පැටියෝ ඔයාලා හැමෝම මගේ දරුවෝ, සුසන්ත අක්කා සමග සුදත්ත කරපු අවසන් වැඩසටහන
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴