‘ගණේමුල්ල සංජීව’ගේ දේහය මල් ශාලාවට
(20.02.2025 – 22:30 +0530 – hirunews.lk/sinhala)
අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුලදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් අපරාධ කල්ලි නායක ‘ගණේමුල්ල සංජීව’ගේ දේහය මීට සුළු මොහොතකට පෙර බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.
ඒ මරණ පරීක්ෂණයෙන් පසු අධිකරණ නියෝග මත දේහය ඔහුගේ මව වෙත බාරදීමෙන් අනතුරුවයි.
වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද (20) පස්වරුවේ නියෝග කරනු ලැබුවා.
ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ දී මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර, අධිකරණයෙන් වැඩිදුරටත් නියෝග කෙරුණේ ජීවිතක්ෂයට පත්වූ ‘ගණේමුල්ල සංජීව’ගේ දේහය භූමදානය කරන ලෙසයි.
දේහය මල් ශාලාව වෙත ගෙන යාමේ වීඩියෝව පහතින් :
+
‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරු සියල්ල පාපෝච්චාරණය කරයි… දින කිහිපයක් තිස්සේ පෙර පුහුණුවීම් (20.02.2025)
+
‘ගනේමුල්ලේ සංජීව’ව නටවපු දේශපාලන හස්තය මෙන්න (20.02.2025)
+
වෙඩික්කරු කොටු කර ගත්තත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ තවම නොවිසඳුණු අලුත්ම ටික මෙන්න (20.02.2025)
+
‘ගණේමුල්ල සංජීව’ගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට
(20.02.2025 – 22:56 +0530 – sinhala.adaderana.lk)
‘ගණේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙම ඝාතනය සඳහා වෙඩික්කරු සහ කාන්තාව පැමිණ ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන හෝටලයක සිට බව අනාවරණය කරගෙන ඇත.
අදාළ හෝටලයේ සිට අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට යොදාගත් ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයෙන් කුලී පදනමට ලබාගත් ෆිට් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයද කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ.
මේ අතර ඝාතනයට ලක්වූ ‘ගණේමුල්ල සංජීව’ගේ දේහය අද (20) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබීය.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී අද (20) දහවල් සිදුකෙරුණු අතර, දේහය භාර ගැනීම සඳහා ඔහුගේ වැඩිමහල් සහෝදරියක පැමිණ තිබුණි.
+
“අපරාධකරුවන් පැමිණිය හැකි බවට මින් පෙරත් බුද්ධි වාර්තා ලැබුණා” – හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න
(20.02.2025 – 21:19 +0530 – hirunews.lk/sinhala)
නඩු විභාග පැවැත්වෙන අතරවාරයේ නීතිඥවරුන් ලෙස සැරසී අවි ආයුධ හෝ වෙනත් දෙයක් සහිතව අපරාධකරුවන් අධිකරණ ශාලාවට ඇතුළු විය හැකි බවට මීට පෙර බුද්ධි වාර්තා ලැබී තිබූ බව හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.
එහිදී ඔහු සඳහන් කළේ, 2022 වර්ෂයේදී පාස්කු චූදිතයින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී “අදාල නඩු විභාග අවස්ථාවේදී නීතිඥවරුන්ගේ ස්වරූපයෙන් සැරසී අවි ආයුධ හෝ වෙනත් දෙයක් සහිතව යම් පුද්ගලයෙකු අධිකරණයට ඇතුළුවීමේ හැකියාවක් පවතින බැවින්, නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණ ශාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනාත්මක තත්ත්වයක් පවතින බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.” යනුවෙන් බුද්ධි අංශ වාර්තාවක සඳහන් කර ඇති බවයි.
ඔවුන් අධිකරණ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අවස්ථාවේදී එම සිද්ධිය වලක්වාගැනීමට හැකි වූ බවයි ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
ඒ අනුව, බුද්ධි අංශ සඳහා ලැබෙන තොරතුරු ඔස්සේ ඒ සඳහා නිවැරදි පියවර ගැනීමට ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කිරීමක් සිදු නොකළහොත් මේ තත්ත්වය තවදුරටත් බරපතළ වන බවයි ඔහු සඳහන් කළේ.
එම වීඩියෝව පහතින් :
+
‘විද්‍යා ඝාතනය’ට හිටපු DIGට බරපතල වැඩසහිත සිරදඩුවම්…
(20.02.2025 – 22:40 +0530 – lankacnews.com)
යාපනය පුන්කුඩතිව්හි ‘ශිවලෝහනාදන් විද්‍යා’ දැරියගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පළමුව මුදාහැරි බවට චෝදනා එල්ල වූ ‘හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ’ට වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මිහාල් මහතා විසින් අද (20) දින නියෝග කරනු ලැබීය.
මීට අමතරව ලලිත් ජයසිංහට රුපියල් 50,000 ක දඩයක් නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද නියම කිරීමට වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදි.
ඊට අමතරව ‘සිරිගජන්’ නැමති පොලිස් නිලධාරියාටද බරපතල වැඩසහිතව වසර 4 ක් සිරදඩුවම් නියම කෙරුනු අතර ඔහු මේ වන විට රටින් පැන ගොස් ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නියම කිරීමට ද වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා පියවර ගනු ලැබීය.
යාපනයේ පාසල් සිසුවියක වන ‘සිවලෝගනාදන් විද්‍යා’ 2015 වසරේ වසරේදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරනු ලැබූ අතර එම ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට (7) යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත.
එම ඝාතන නඩුවේ ප්‍රධන සැකකරු වූ ‘සුවිස් කුමාර්’ නැමත්තා අත්අඩංගුවට ගෙන මුදාහැරීමේ චෝදනාවට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙලෙස වරදකරුවීම හේතුවෙන් බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම විය.
වන්නි රොමේෂ් මධූෂංක
+
+
පැය 24 එක්දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම සම්බන්ධයෙන් නිවේදනයක්
(20.02.2025 – 22:14 +0530 – hirunews.lk/sinhala)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ‘එක් දින සේවය’ යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ.
ඒ අනුව, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව. 06:00 සිට සිකුරාදා මධ්‍යහ්න 12:00 වන තෙක් පමණක් සිදු කරන බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴
පාසැලේ ගස කුට්ටි කිරීම ගැන ඇතිවූ බහින්බස්වීමකදී අයෙකු මරුට
(20.02.2025 – 20:01 +0530 – hirunews.lk/sinhala)
අඹගස්දෝව ප්‍රදේශයේ පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් පසුව සිදු වූ පිහි අනුමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු වැලිමඩ මූලික රෝහලටත් පසුව බදුල්ල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව අද (20) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩකුඹුර, කන්දේ ඇල පදිංචි රත්නායක මුදියන්සේලාගේ ලාල් කරුණාරත්න නමැති 52 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 38, 23 හා 31 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා රැකියාව ලෙස ගස් කැපීමෙහි නිරතව සිටින අතර, ඔහු මුදල් අය නොකර එම ප්‍රදේශයේ පිහිටි පාසලක ගසක් කුට්ටි කරදීමට පොරොන්දු වී ඇති අතර, සැකකරුවන් විසින් එම ගස මුදල් අය නොකර ගස කුට්ටි කිරීමට හේතුව විමසීමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පිහියකින් ඇනීමෙන් හා පොල්ලකින් පහරදීමෙන් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මොහු රෝහල් ගතකර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴
රජරට විශ්වවිද්‍යාල කුලපති ධුරයෙන් ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ඉල්ලා අස්වෙයි
(20.02.2025 – 18:23 +0530 – hirunews.lk/sinhala)
තමන්වෙත ප්‍රධානය කළ ‘රජරට විශ්වවිද්‍යාලයේ කුලපති’ ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව, ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
එම ලිපිය මගින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, තමන්ට මෙම තනතුර ලබා දීම හේතුවෙන් යම් පාර්ශ්වයක සිත් රිඳවීමක් සිදුව ඇති බවත්, ඒ හේතූන් මත හිටපු කුලපති ස්වාමීන් වහන්සේට පක්ෂපාතී ඇතැම් ගිහි පිරිස් අසාධාරණ වූ ප්‍රකශයන් මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන බවයි.
එහෙයින් සංඝ භේදය ඇති වීම සහ ඇති කිරීම වළක්වාලනු පිණිස තමන් මෙම තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බවයි උන්වහන්සේ එම ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ.
ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් පසුගිය පෙබරවාරි 10 වනදා සිට ‘ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය’ සඳහා ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කරනු ලැබුවා.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවේ පසුගිය පෙබරවාරි 14 වැනිදායි.
+
කුලී පදනම මත වාහන ලබා දෙන ආයතනවලින් ගත් වාහන අලෙවි කිරීමේ ඡාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට
(20.02.2025 – 14:12 +0530 – hirunews.lk/sinhala)
කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනවලින් වාහන කුලියට ගෙන ඒවා අලෙවි කිරීමේ ඡාවාරමක නිරත වූ පුද්ගලයෙකු අතුරුගිරිය පොලිසිය විසින් වාහන 45 ක් ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් සුඛෝපභෝගී මෝටර් රථ 100 කට වැඩි සංඛ්‍යාවක් කුලී පදනම මත ලබාගෙන එම වාහන විවිධ පුද්ගලයින් හට අලෙවි කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු විවිධ නම්වලින් පෙනී සිටිමින් මෙම ඡාවාරමේ නිරත වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරත්
(20.02.2025 – 13:02 +0530 – hirunews.lk/sinhala)
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ, මුඛ හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවයි ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ ෴
‘මීනගයා දුම්රියේ’ ගැටී මිය ගිය වනඅලි ගණන 6 දක්වා ඉහළට
(20.02.2025 – 11:04 +0530 – hirunews.lk/sinhala)
‘මීනගයා දුම්රියේ’ ගැටී මිය ගිය වන අලි සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වනඅලි 7 දෙනෙකුගෙන් යුත් රංචුවක් ඊයේ (19) රාත්‍රියේ ‘මීනගයා දුම්රියේ’ ගැටී තිබූ අතර එහිදී කුඩා අලි පැටවුන් තුන්දෙනෙකු (3) ඇතුලු 5 දෙනෙකු පළමුව මිය ගියා.
පසුව මිය ගොස් තිබුණේ, දුම්රියේ යට සිරවී සිටි අලි දෙදෙනාගෙන් (2) එක් (1) අලියෙක්.
මෙම අනතුර හේතුවෙන් මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති අතර එය යථාවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම අනතුර හේතුවෙන් දුම්රිය එංජිම පෙරළී (? පීලිපැන) ඇති බවයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴