ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට… කරන්නාගොඩ දඩයම මෙවරත් වරදියි – මනෝජ් අබයදීර
(24.11.2019 – divaina.com) ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව විසින් ගෙනගිය ඇල්මැරුණු ප්රතිපත්තියද ‘නොවැම්බර් දහසය ජයග්රහණය’ සඳහා වන ප්රධාන සාධකයක් ලෙස ක්රියා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා, ඊළඟ ජනාධිපති බවට, ජනතාව විසින් නම් කරන ලද්දේ යහපාලනය පැමිණ වසරක් ගතවන්නට පෙරය. ජාතික ආරක්ෂාව කෙරෙහි ඇතිකරගෙන තිබූ දියාරු ප්රතිපත්තිය හේතුවෙන්, පාස්කු ප්රහාරය වැනි සියලු තොරතුරු නොසඟවා ලැබුණු, අතිශයින් දුර්වල, …