Category «නීතිය සහ අධිකරණ»

රන්ජන් සහ ශානිගේ තවත් මතභේදාත්මක හඬපටයක්

(09.01.2020 – 19:50 +0530 – sinhala.adaderana.lk) පොලිසියේ ඉහළ තනතුරුවල පත්කිරීම් සිදුකිරීම සඳහා යහපාලන රජයේ ඉහළම පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව සඳහන් ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක හඬපටයක් අද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර සිදුකෙරුණු සංවාදයක් එම හඩපටයේ ඇතුළත්ය. එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා …

රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට

= මේ පිටුවේ සිරස්තල = • රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට (විඩියෝ) • රන්ජන්ගේ තවත් පටිගත කිරීම් කිහිපයක් මාධ්‍යයට (විඩියෝ) • රංජන්ගේ හඬපට ගැන විවිධ අදහස් (විඩියෝ) • පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ ගැන මහින්දානන්ද හෙළි කරයි (විඩියෝ) • රන්ජන් ගැන තීරණයක් ගන්නා බව එජාපය කියයි (විඩියෝ) • බැදුම්කර …

ශානි අබේසේකරගේ වැඩ තහනම් – පොලීසිය අපකීර්තියට පත් කළ බවට චෝදනා

(07.01.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත …

දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ

(06.01.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala) = දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ – රහස් රැසක් ඇතුළත් හඬ පටත් එළියට = හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව කිහිපයක් සිදුකළ කුමන්ත්‍රණයක තොරතුරු අද අනාවරණ කෙරුණා. …

රාජ්‍ය ආයතනවලට බුද්ධි අංශ

(04.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය ආයතනවලට යුද හමුදා සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොමු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට චෝදනාවක්

= මේ පිටුවේ සිරස්තල = • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට චෝදනාවක් (විඩියෝ) • පාස්කු ප්‍රහාරයට පෙර පුපුරණ ද්‍රව්‍ය හමුවූ ලැක්ටෝවත්ත යළි පරීක්ෂාවට • ගුවන් යානා අනතුරෙන් මියගිය ගුවන් විරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද (06) (විඩියෝ) • ‘හිරු සී.අයි.ඒ.’ : උමං මාර්ගයක් නිසා ලග්ගල ජනතාවට දැඩි පීඩාවක් (විඩියෝ) • අගමැතිගෙන් හෙළිදරව්වක් (විඩියෝ) • ජනපතිගේ ප්‍රධානත්වයෙන් …

රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් රාමනායක විනිසුරුවරියට බලපෑම් කල හඬ ඇමුණුම මෙන්න..

(06.01.2020 – 03:23 +0530 – lankacnews.com) අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬඇමුණුමක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා …

නිකවැරටියේ දැරියකට අමානුෂිකව පහරදුන් 3 ක් අත්අඩංගුවට

(03.01.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala) නිකවැරටිය ප්‍රදේශයේ දැරියකට තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් අප ‘6.55 ප්‍රවෘත්ති ප්‍රකාශය’ ඔස්සේ විකාශය කළා. පහරදීමට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතරල පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුළත්කර තිබෙනවා. නිකවැරටිය – ගනේගොඩ – යාපලාන – අංක 40 ග්‍රාමසේවා වසමේ පදිංචි 13 හැවිරිදි …

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි… (03.01.2020)

Address by the President at the 4th Session of the 8th Parliament . (03.01.2020 – pmdnews.lk) . Full text of the speech: . Honourable Speaker, Honourable Prime Minister, . Honourable Leader of the Opposition, . Honourable Ministers, Honourable State Ministers, Honourable Members of Parliament, . I have this opportunity to address you as the Head …

සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ සංවිධායක ගයන්ත

(02.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නම් මෙලෙස පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවයි. මේ අතර, 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායානුකූලව, උත්සවාකාරයෙන් …