බිරිය යැයි කියන කතක් හා තවත් 5 ක් සමඟ ‘හරක් කටා’, ‘කුඩු සළිඳු’ මැඩගස්කරයේදී කොටු වෙති

බිරිය යැයි කියන කතක් හා තවත් 5 ක් සමඟ ‘හරක් කටා’, ‘කුඩු සළිඳු’ මැඩගස්කරයේදී කොටු වෙති


බිරිය යැයි කියන කතක් හා තවත් 5 ක් සමඟ ‘හරක් කටා’, ‘කුඩු සළිඳු’ මැඩගස්කරයේදී කොටු වෙති

(07.03.2023 – dinamina.lk)

• පැමිණ තිබුණේ පෞද්ගලික ජෙට් යානයකින් ආපසු යන්න යද්දී අත්අඩංගුවට
• මැඩගස්කර් මුදලින් මිලියන 32 ක සල්ලිත් තිබිලා
• පෙනී සිටියේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින්

මෙරට මත්කුඩු ජාවාරමේ ඉහළින්ම සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක් කටා’ සහ ‘සළිඳු මල්ෂිත ගුණරත්න’ නොහොත් ‘කුඩු සළිඳු’ ඇතුළු 08 දෙනකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් ඉකුත්දා (01) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය ඊයේ (06) වාර්තාකර ඇති ආකාරයට අනුව මොවුන් 08 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය. ඒ අය අතර ‘හරක් කටා’ගේ බිරිඳ බව කියන තැනැත්තියක්ද සිටින බවයි. එම වෙබ් අඩවිය වාර්තාකර ඇති ආකාරයට අනුව ඇය මැලගාසි ජාතික තැනැත්තියකි.

මෙම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරට ‘නොසි බි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික ජෙට් යානයකිනි. පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන්තොටුපොළට පැමිණ ඇති බවද එහි සඳහන්ය. පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යයි.

අත්අඩංගුවට ගන්නා විට ‘හරක් කටා’ පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි. ඔහු නිල්පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී සිට ඇත. ව්‍යාපාරික සංචාරයක් ලෙස ඔහු එරටට ඇතුළු වී ඇති බවද පෙනී ගොස් තිබේ. ‘කුඩු සළිඳු’ ඇතුළු සෙසු පිරිස ‘හරක් කටා’ගේ සහායකයින් මෙන්ම ආරක්ෂකයින් ලෙස පෙනී සිට ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් ලබාගත් නියෝග හා පොලිස් වාර්තාවන්ට අනුව ජාත්‍යන්තර පොලිසිය මඟින් ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ ඇතුළු පාතාලයේ අපරාධකරුවන්ට එරෙහිව රතු නිවේදන නිකුත්කර තිබී ඇත. ඒ මිනිස් ඝාතන, මත්කුඩු ජාවාරම සහ ආවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙනි.

මෙහිදී මැඩගස්කර ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව පැහැදිලිවම හඳුනාගෙන ඇත්තේ ‘හරක් කටා’ව පමණි. ‘කුඩු සළිඳු’ව හඳුනාගෙන ඇත්තේ ප්‍රශ්න කිරීම් හා විමර්ශන ඔස්සේ බව කියැවෙයි.

මැඩගස්කරයට පැමිණි ‘හරක් කටා’ ඇතුළු පිරිස ඉවාටෝ සහ අම්බෝහිමංගකේලි හි පිහිටි සුඛෝපභෝගි හෝටල්වල නවාතැන් ගෙන සිට ඇති බවද අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම හෝටල්වල ඇති ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව ඔහුගේ හැසිරීම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් ආරක්ෂක අංශ මේ වන විට නිරීක්ෂණය කරමින් විමර්ශන පවත්වන බව සඳහන්ය.

ඉවාටෝ ගුවන්තොටුපොළ වෙත හෝටලයේ සිට ‘හරක් කටා’ ඇතුළු පිරිස පැමිණ ඇත්තේ සුඛෝපභෝගි මෝටර් රථ දෙකක (2) නැඟී බවද එම රථවල වර්ගයන්ද සමඟ එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට අවසානයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගේ සියලුම ජංගම දුරකතන මෙන්ම ඔවුන් ගුවන්තොටුපොළට පැමිණි වාහනද සමඟිනි. ‘හරක් කටා’ගේ බිරිඳ බවට පෙනී සිටින කාන්තාව සතුව තිබී එරට මුදල් මිලියන තිස් දෙකක් (32) ද තිබී සොයාගෙන තිබේ. එම මුදල් රාජසන්තක කළ බවද එරට මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇති ආකාරයට අනුව ‘හරක් කටා’ ඩුබායි, මලයාසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින සහ මැඩගස්කරය යන රටවල මත්කුඩු බෙදා හරින බවය. ‘හරක් කටා’ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

‘හරක් කටා’, ‘කුඩු සළිඳු’ ඇතුළු අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර මෙරට තවත් මත්කුඩු ජාලයට සම්බන්ධ පිරිසක් සිටින බවට තොරතුරු නිල නොලත් මෙරට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත. එහෙත් මෙම අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජත්‍යන්තර පොලිස් ශාඛාවට නිල වශයෙන් ලැබී තිබුණේ නැත. ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගැනීමට කටයුතු කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවා මේ ගැන තොරතුරු ලැබී තිබුණේ නැත. මේ ගැන කළ විමසුමකදී වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම ගැන මැඩගස්කරයෙන් තොරතුරු විමසා බලා මෙම අත්අඩංගුවට ගැනීම ගැන කරුණු තහවුරුකර ගන්නා බවය.

එම කරුණු තහවුරුකර ගැනීමෙන් අනතුරුව එරට සමඟ නිල වශයෙන් සාකච්ඡා පවත්වා සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම නිලධාරියා කීය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මෙන්ම රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එරටට යැවීමට පවා එහිදී සිදුවනු ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙයට පෙරත් ‘හරක් කටා’ව ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයකට අනුව ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ 2022 වසරේ අගෝස්තු 11 වෙනිදාය. ඩුබායි සිට මලයාසියාව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේදීද ඔහු සමඟ ‘කුඩු සළිඳු’ සිටි අතර ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකිනි. එසේම ‘හරක් කටා’ගේ බිරිඳ බව සඳහන් කාන්තාවක්ද එදාත් ඔහු සමඟ රැඳී සිටියේය.

එදා ‘හරක් කටා’ව ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා විට ඔහු භාවිතකරමින් සිටියේ ‘එම්. 6692136’ අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. ‘හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක’ නමින් සකස්කර තිබුණු විදෙස් ගමන් බලපත්‍රකින් පෙනී සිටි ‘හරක් කටා’ව එසේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් එම විදෙස් ගමන් බලපත්‍ර අංකය හඳුනාගෙන ජාත්‍යන්තර පොලිසියට කර තිබුණු දැනුම් දීමකට අනුවය. එසේ අත්අඩංගුවට ගත් ‘හරක් කටා’ව මෙරටට පිටුවහල්කර ගැනීමට අවශ්‍ය වූ නීතිමය කරුණු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වූ බැවින් ඩුබායි පොලිසිය ඔහුව ඔක්තෝබර් 03 වෙනිදා නිදහස්කර තිබුණි.

ගයාන් කුමාර වීරසිංහ

+

TRAFFIC – Sri Lankan drug lord arrested in Ivato

(06.03.2023 – lexpress.mg)

= Google Translation from French to English =

Sri Lankan Wickramarathne Nadun Chinthaka, an all-powerful transnational drug smuggler, and seven other people were captured at Ivato airport.

Wickramarathne Nadun Chinthaka aka Harak kata. This Sri Lankan known to have led a vast drug trafficking network in several countries, a Malagasy woman he claims to be his wife and her father were intercepted at Ivato international airport on March 1 . Five other Sri Lankans were captured with them. All eight are now in custody at the Criminal Squad (BC) in Anosy. The national central bureau (BCN) of the International Criminal Police Organization (Interpol), the criminal investigation section of the gendarmerie, customs and the BC carry out their investigation together, of course with one or more interpreters. Wickramarathne and a member of the underworld, identified as Salindu Malshika Gunarathne, have been wanted for arms trafficking, heroin trafficking and murder. The BCN of Interpol of Sri Lanka has been sticking to them for several months. Harak kata in particular has traveled a lot and crossed countries, always with a foreign passport. From reliable sources, five of these Sri Lankans landed in Nosy Be with a private jet on February 12. They reached Antananarivo with a domestic flight the next day.

Smuggling

Once in the capital, they took a large hotel in Ivato and another in Ambohimangakely. The recordings of the surveillance cameras of these establishments should make it possible to know what they have done. At the end of their stay, they were dropped off at the airport by two cars, a Senova and a Chevrolet. The gendarmes at the border recognized and arrested them thanks to the wanted notices that had come into their hands. The Secretary of State for the Gendarmerie, Lieutenant General Serge Gellé, General Director of Customs Lainkana Zafivanona Ernest, Director of the Judicial Police of the National Police Hector Razafindrazaka, the BCN of Interpol and Senior Gendarmerie officers joined Ivato as soon as they were informed of the arrest of these drug giants. The two vehicles mentioned and the telephones of all the suspects were seized. A sum of thirty-two million eight hundred and ten thousand ariary, found on the supposed wife of the head of the smugglers, was confiscated. The investigation is in full swing. Wickramarathne Nadun Chinthaka was previously arrested at Dubai Airport in August 2022 by a heavy entity of International Police Service and Narcotics Bureau of Sri Lanka. He wanted to fly to Malaysia and was accompanied by a woman who identifies herself as his wife. He and his mafia distribute drugs in Dubai, Malaysia, Singapore, Seychelles, Maldives and now Madagascar. He was to be extradited to Sri Lanka for his trial.

https://lexpress.mg/06/03/2023/trafic-un-baron-de-la-drogue-sri-lankais-arrete-a-ivato/

+

sinhala.adaderana.lk

+


+


+


+


+


+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *