පැලවත්ත, අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය හෙට (08) විවෘත වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පැලවත්ත, අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය හෙට (08) විවෘත වෙයි (විඩියෝ)

• දූවිලිවලාව ගැන කරුණු සොයන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වයි

• ජාතික ආරක්ෂාව තහවුරු කරනවා – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• පා ච රණවකයාගේ ජාතික හෙළ උරුමයේ තවත් පිරිසක් පොහොට්ටුව හා එක්වෙයි

• කීර්ති නාමයට හානි කළාට වන්දි ඉල්ලා මංගලට එරෙහිව නඩු දානවා – උදය ගම්මන්පිල (විඩියෝ)

• පූර්ණ ලෙස බලය බෙදීම යනු රට බෙදීමයි – මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරණාගම

• ගම්මන්පිල, මුදල් ඇමතිගෙන් මිලියන 500 ක වන්දියක් ඉල්ලයි

+++++++++++++++++++++++++++++++++++

පැලවත්ත, අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය හෙට (08) විවෘත වෙයි

(07.11.2019 – 16:11 +0530 – hirunews.lk/sinhala)

අතිනවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරෙණු ඇති.

යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77 ක භූමි භාගයක ඉදිකෙරෙනු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වූවා.

අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධ වීම විශේෂත්වයක්.

හෙට (08) සිදුකෙරෙන මෙම විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැගීලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50 කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/415627839360646/

+++++++++++++++++++++

පැලවත්ත, අකුරේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය හෙට විවෘත වෙයි

(07.11.2019 – 16:11 +0530 – hirunews.lk/sinhala)

අතිනවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරෙණු ඇති.

යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77 ක භූමි භාගයක ඉදිකෙරෙනු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වූවා.

අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධ වීම විශේෂත්වයක්.

හෙට (08) සිදුකෙරෙන මෙම විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැගීලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50 කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අලුත් පිටුවක් අරඹමින් යුද හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුරට

අමෙරිකාවේ ජනාධිපති ධුරය ඉසිලූ ෆ්රෑන්ක්‌ලින් ඩී රූස්‌වෙල්ට්‌ (Franklin D Roosevelt) 1941 දී නව ආරක්‌ෂක දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය මතු කරනු ලැබීය‍. කොන්ග්‍රස්‌ මණ්‌ඩලයේදී කළ එම යෝජනාවට එකල වර්ජිනියාවේ කොන්ග්‍රස්‌වරයා ලෙස කටයුතු කළ ක්‌ලිෆ්ටන් වුඩ්රම් (Clifton Woodrum) 1941 ජුලි 07 වැනිදා ඒ සඳහා වූ යෝජනා කරනු ලැබීය. එමගින් තැනින් තැන විසිරී ඇති ආරක්‌ෂක දෙපාර්තමේන්තු ශාඛා එක්‌ තැන් කිරීමටත් ඉඩකඩ අවශ්‍යතාවට නියම විසඳුම ලැබෙන බවත් වුඩ්රම් විසින් බ්‍රිගේඩියර් ජෙනරල් ඉයුජින් රීබෝල්ඩ් (Eugene Raybold) හට පැවසීය.

ඉන් පසුව මේ දැවැන්ත ඉදිකිරීම 1941 සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ කරනු ලැබීය. මේ කටයුත්තට වාස්‌තු විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් 327 දෙනෙක්‌, ක්‌ෂේත්‍ර නිරීක්‌ෂණ නිලධාරීන් 117 ක්‌ එක්‌ වූහ. ඉතා ඉක්මනින් මෙහි කටයුතු නිම කිරීම වෙනුවෙන් දිනයේ පැය 24 පුරාම සේවා මුර ක්‍රියාත්මක කෙරුණි.

මෙසේ ඇරඹුණු පෙන්ටගන් ව්‍යාපෘතිය මාස 16 ක්‌ වැනි සුළු කලකින් නිමා කිරීම තවත් විශ්මයක්‌. 1943 ජනවාරි 15 වැනිදා මෙහි වැඩකටයුතු අවසන් කෙරුණු අතර මීටර් 23 ක උසකින් සමන්විත මේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිස්‌ නම දහස්‌ හය ලක්‌ෂයක්‌ (49,600,000) ක්‌ වැය කර තිබුණි. සම්පූර්ණ භූමි සැකසීම හා අනෙකුත් වියදම්ද එකතුව ව්‍යාපෘතියේ මුළු වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් කෝටි අසූපන් ලක්‌ෂයක්‌ සටහන් විය.

ඇමරිකාව ඒවැනි පියවරක් ගනිමින් ඒ සඳහා ඒසා විශාල මුදලක් වැය කළේ ආරක්ෂාව හා සම්න්ධයෙන් වූ සියලු ආයතන ඒකම පරිශ්‍රයක පිහිටුවීම් අවශ්‍යතාව හොඳින් අවබෝධ කර ගත් නිසාවෙනි‍. පළමුවැනි ලෝක යුද සමයේ මේ ආරක්‌ෂක කටයුතු සඳහා ඔවුන් ස්‌ථාන කීපයක කාර්යාල යොදා ගත් නමුත් එම ස්‌ථානවල ඉඩකඩ කල්යත්ම ප්‍රමාණවත් නොමැතිවීම පෙන්ටගය බිහිවීමට තවත් හේතුවකි‍.

සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රී ලංකාවත් මෙවැනි ආරක්ෂක මූලස්ථානයක් පිළිබඳ අවධානය යොමු කළ අතර 1979 දී කොළඹ ප්‍රධාන සැලැස්ම මගින් වාණිජ කාර්යාල සඳහා රජයේ කාර්යාල කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර නව පරිපාලන අගනුවරට මාරු කිරීම අපේක්ෂා කරන ලදී. වාණිජ සංවර්ධනය සඳහා ඉහළ වාණිජ වටිනාකමක් ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් මුදා හැරීම මින් අපේක්ෂා කෙරුණි.

මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සහ පාර්ලිමේන්තුව මාරු කිරීම 1982 වන විට අවසන් කෙරුණු අතර රට තුළ දිග හැරුණු අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන්, රාජ්‍ය ආයතන නැවත ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි කඩිනමින් සිදුවූයේ නැත‍. කෙසේ වෙතත්, තිස්වසරක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසුව, ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යාල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ කාර්යාලය සහ යුද හමුදා, නාවික හා ගුවන් හමුදාවේ මූලස්ථාන මුලුමනින්ම බත්තරමුල්ල අකුරෙගොඩ වෙත මාරු කිරීම සඳහා ක්‍රියාවලියට පිඹුරුපත් සකස් කෙරුණි. එවැනි මධ්‍යගත ආයතනික ව්‍යුහයක් ත්‍රිවිධ හමුදාව අතර සහයෝගිතාවය සහ මෙහෙයුම් කර්තව්‍යය ඵලදායී ලෙස සම්බන්ධීකරණය කරනු ඇති අතර ආරක්ෂක ධූරාවලිය තුළ සම්පත් බෙදා ගැනීම තුළින් කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇතැයි ද අපේක්ෂා කරන ලදී.

ඒ අනුව 2011 මාර්තු 11 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඊ.ඒම්.ඒම්. අඹන්පොල සහ අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩී.ඒස්. වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට මුල්ගල් තැබීම සිදු කෙරුණි.

මේ වෙනුවෙන් රුපියල් බිලියන 53.3 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබුණි. මේවන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 25.5 ක මුදලක් මේ වෙනුවෙන් වැයකර තිබෙන අතර නවීන අංගෝපාංග රැසක් සමඟින් යුද හමුදා මූලස්ථානය ඒහි පළමු පියවර වශයෙන් ඉදි කර හමාරය‍.

මෙලෙස ඉදිකෙරුණු යුදහමුදා මුලස්ථාන පරිශ්‍රයට සන්නිවේදක හා ආරක්ෂක අංශ, පානීය හා ගිනි නිවීමේ ජල පද්ධති, පොම්පාගාර සහ අවශ්‍ය විදුලි ජෙනරේටර් අංගනයක්, කැළිකසල හා අපජල බැහැර කිරීමේ පද්ධති, වැහි ජලය ලීටර් 40,000 ක් එක්රැස්කර නවීන තාක්ෂණය භාවිත කර පිරිපහදුකිරීමේ පද්ධති වැනි උපකාරක සහ යටිතල පහසුකම් වලින් සමන්විතය.

ඒසේම යුද , ගුවන්, නාවික මුලස්ථාන ගොඩනැඟිලි ඒකාබද්ධ කරමින් ගුවන් පාලම් සකස් කර ඇති අතර ඒ මඟින් ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් අතර සබඳතාව ශක්තිමත් කර ඇත. ගුවන් පාලම් 13 කින් ඒම පද්ධතිය සමන්විත වේ. ඒසේම ගොඩනැඟිලි සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණික ආරක්ෂණ උපක්‍රම භාවිත කර ඇත්තේ ආරක්ෂක මූලස්ථානයක තිබිය යුතු උපරිම ආරක්ෂාව ගොඩනැඟීම වෙනුවෙනි. ඒ වෙනුවෙන්ම සීසීටීවී කැමරා පද්ධති නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඒල්සීඩී තිර 16 කින් සමන්විත නිරීක්ෂණ ඒකයක්ද ස්ථාපිත කර ඇත. ඒසේම මෙම මූලස්ථාන සංකීර්ණය විදුලි සෝපාන 19 කින් පරිපූර්ණ අතර මෙගා වොට් 15 ක අතිරේක විදුලි සැපයුම් පද්ධතියකින්ද පරිපූර්ණය.

ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන භූමියට ඒකාබද්ධ කර ඇති විවිධ බිම් කොටස් අත්පත් කර ගනිමින් ක්‍රීඩා පිටියක් සහ ආගමික කටයුතු වෙනුවෙන් භූමියක් මෙම පරිශ්‍ර සංකීර්ණයේ උතුරු කෙළවරේ පිහිටුවීමට අපේක්ෂා කරන අතර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ආසන්නයේ මාර්ග ජාලය සංවර්ධනය කිරීම ද සිදු කර ඇත.

ආරම්භයේ දී මෙම ව්‍යාපෘතිය අදියර දෙකකට වෙන් කරන ලද අතර පළමු අදියර යටතේ සැලසුම් කර ඇති ප්‍රධාන ගොඩනැගිල්ල සහ නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිල්ල සහ අනෙකුත් අංගෝපාංග දෙවන අදියරේදී ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, 2016 දී ඇති වූ මූල්‍යමය බාධාවන් හේතුවෙන් පළමු අදියර නැවත අදියර දෙකකට කොටස් කිරීමට සිදුවූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වෙන් කර ඇති ගොඩනැගිලිවලට ප්‍රමුඛතාවය දී ඒවා නිම කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉදිකිරීම් සැලැස්ම සංශෝධනය කෙරුණා ෴

+++++++++++++++++++++

08-11-2019

***************************************

දූවිලිවලාව ගැන කරුණු සොයන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වයි

(07.11.2019 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ඉහළින් ඇති දූවිලි අංශු වලාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම්දී තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි මහතා සඳහන් කළේ මෙම දූවිලි අංශු වලාව මෙරටට පැමිණියේ කුමන ආකාරයටද යන්න සොයාබලන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවටද දැනුම් දුන් බවයි.

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි ඊයේ (06) කරුණු හෙළිවුණේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉහළ අහසේ දිස්වූ මීදුමක් වැනි තත්ත්වය පිළිබඳ වැඩිදුර සොයාබැලීමේදියි.

වායු දූෂණ මට්ටම සොයාබැලීම සඳහා මාපක දෙකක් බත්තරමුල්ලේ මධ්‍යම පරිසර අධිකාරි පරිශ්‍රයේ මෙන්ම මහනුවර ප්‍රදේශයේ ද ස්ථාපිත කර තිබෙනවා. එය මේ වනවිටත් මධ්‍යම අගයට තරමක් පහළින් පවතින බවයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ ෴

***************************************

ජාතික ආරක්ෂාව තහවුරු කරනවා – ගෝඨාභය රාජපක්ෂ

(07.11.2019 – 12:43 +0530 – hirunews.lk/sinhala)

රටේ ජනතාවගේ ඉල්ලීම වන ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මතුගම ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

***************************************

පා ච රණවකයාගේ ජාතික හෙළ උරුමයේ තවත් පිරිසක් පොහොට්ටුව හා එක්වෙයි

(07.11.2019 – 12:38 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

ජාතික හෙළ උරුමයේ තවත් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිවහල් ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකු වන ඉහළ ගමගේ දයාරත්න මහතා කියා සිටියේ ජාතික හෙළ උරුමය රට විනාශ කරන බලවේග සමඟ කටයුතු කරන බවයි

***************************************

කීර්ති නාමයට හානි කළාට වන්දි ඉල්ලා මංගලට එරෙහිව නඩු දානවා – උදය ගම්මන්පිල

(07.11.2019 – 18:37 +0530 – sinhala.adaderana.lk)

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විවාදයකට පැමිණන ලෙසට පාඨලී චම්පික රණවක හා මංගල සමරවීර යන මහත්වරුන්ට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යළිත් අභියෝග කරයි.

අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව මෙසේ ඔහු අදහස් පල කළේය.

“මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් පාලු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මා සමඟ විවාදයකට පැමිණෙන්නැයි මම මංගල සමරවීර මහතාටත් පාඨලී චම්පික මහතාටත් අභියෝගයක් ඉදිරිපත් කළා.

ඇයි මේ අභියෝගය භාර නොගන්නේ?

මංගල සමරවීර මහතා නම් ඊයේ (06) කිව්වා මම පිටරටවල වංචා කරලා තියෙන නිසා මාත් එක්ක විවාදයකට එන්නේ නෑ කියලා.

මම පිට රටක කිසිම වංචාවක් කරලාත් නෑ, කළ බවට බොරු චෝදනාවක්වත් නෑ.

කිසිම වනචරකමත් ගැන හතුරෙක්වත් චෝදනා කරලා නෑ.

ඒ නිසා මගේ කීර්ති නාමයට හානි කිරීමට එරෙහිව මංගල සමරවීරගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසියක් යවලා අනිවාර්යයෙන්ම නඩු දානවා.

නොවැම්බර් 16 ට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්න.

ඒ විවාදය මෙම ගිවිසුම ආශ්‍රිත කරුණුවලට සීමා කිරීමේ පොරොන්දුව මම ලබා දෙනවා.”

කෙසේ වෙතත් අදාළ ගිවිසුම සම්පූර්ණයෙන් අහෝසි කරන බවට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ප්‍රකාශයක් කළ යුතු බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද අද (07) අභියෝග කළේය ෴

+++++++++++++++++++++

***************************************

පූර්ණ ලෙස බලය බෙදීම යනු රට බෙදීමයි – මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරණාගම

(07.11.2019 – divaina.com)

හංසයා ලකුණින් තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ :

ප‍්‍රශ්නය – “ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය තීරණය කරලා තිබෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදෙන්න. එම තීරණය ඔබ දකින්නේ කෙසේද?”

පිළිතුර – “මීට දින කිහිපයකට පෙර දෙමළ සන්ධානය යෝජනා 13 කින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එම යෝජනා ඉදිරිපත් කළේ සියලු අපේක්‍ෂකයන් සඳහා. ඒ සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය ප‍්‍රධාන තවත් පක්‍ෂ 4 ක් සම්බන්ධ වී තිබුණා. ඉල්ලීම් 13 ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් සඳහන් කළා ඔවුන්ගේ සහයෝගය හිමිවන්නේ එම ඉල්ලීම් පිළිගන්නා අපේක්‍ෂකයාට බව.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරලා තිබුණා එම අවස්ථාවේදී. නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා ඒ පිළිබඳව වචන මාත‍්‍රයක් සඳහන් නොකර නිහඬව සිටියා. ඒ අතරේ නොවැම්බර් 03 වැනි දින දෙමළ සන්ධානය ප‍්‍රකාශ කළා ඔවුන්ගේ සහයෝගය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදෙන බව.

සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 පිළිගෙනද? සජිත් පේ‍්‍රමදාස එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරලා නම් නැහැ.

මේ අවස්ථාවේදී අපි බලන්න ඕනෑ පසුගිය කාලයේදී දමිළ සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර තිබුණ සම්බන්ධය. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ දෙමළ සන්ධානය සම්බන්ධ වෙලා. 2013 දී ‘සිංගප්පූරු මූලධර්ම’ කියන ලියැවිල්ල සකස් කිරීම සඳහා මූලිකත්වය ගත්තෙත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්. සුමන්තිරන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා යෝජනා 10 ක් ඉදිරිපත් කළා. එම යෝජනා අතර තිබුණ එක් කාරණයක් තමයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබිය යුතු කාරණා මොනවාද කියන එක.

පසුගිය ඉරිදා සුමන්තිරන් කළ ප‍්‍රකාශයක් විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රචාරය වූවා. එහිදී සුමන්තිරන් ප‍්‍රකාශ කළා සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කියවා බලා ඒ අනුව ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කළ බව.

එයින් පැහැදිලි වන්නේ කුමක්ද? එයින් පැහැදිලි වනවා සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 ඉෂ්ට කිරීමට අවශ්‍ය දේ තිබෙන බව.”

ප‍්‍රශ්නය – “දෙමළ සන්ධානය ඉල්ලපු ඉල්ලීම් 13 මොනවාද?”

පිළිතුර – “ඉතා භයානක ඉල්ලීම් 13 ක් තමයි ඔවුන් ඉල්ලලා තිබෙන්නේ. එක ඉල්ලීමක් තමයි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං නිර්ණ අයිතිය ලබාගැනීම. ස්වයං නිර්ණ අයිතිය කියන්නේ වෙන්වීමේ අයිතිය.

දෙවැනි භයානක ඉල්ලීම තමයි උතුර සහ නැගෙනහිර රජයේ ඉඩම් නිදහස් කරන්න කියන එක. ඒ කියන්නේ එම පළාත්වල රජයේ ඉඩම් තියෙන්න බැහැ කියන එක.

තුන්වැනි යෝජනාව තමයි උතුර සහ නැගෙනහිර සිංහල ජනාවාසකරණය නතර කිරීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම. එම ඉල්ලීම අනුව අම්පාර, වැලිඔය, සේරුවිල යන ප‍්‍රදේශවල සිටින සිංහල ජනතාවත් එම ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට සිද්ධ වෙනවා.

ඊළඟ භයානක ඉල්ලීම තමයි මහවැලි සංවර්ධන ක‍්‍රියාවලිය යටතේ උතුර සහ නැගෙනහිර පළාත්වල සිදුකර ඇති සිංහල ජනාවාසකරණය නැවැත්වීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම. මොරගහකන්ද ජලාශයෙන් උතුරට වතුර දෙන්න ඕනෑ; නමුත් සිංහල ජනාවාස බෑ. එපමණක් නොවෙයි පිහිටුවා ඇති ජනාවාසත් ඉවත් කළ යුතුයි. මේ කියන්නේ වවුනියාව, කිළිනොච්චිය යන ප‍්‍රදේශවල සිංහල ජනතාව ඉවත් කරන්න කියන එක තමයි.

ඊළඟ ඉල්ලීම තමයි පුරාවිද්‍යා, වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේතු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරීම. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ දෙමළ ජනතාවගේ භූමි නෑ. ඒ ඉඩම් සියල්ලම රජයේ ඉඩම්. මෙම ඉල්ලීමේ තේරුම තමයි උතුර – නැගෙනහිර තිබෙන සියලුම පුරාවස්තු විනාශ කිරීම සඳහා මේ අයට දෙන්න කියන එක.

අනෙක් භයානක යෝජනාව තමයි යුද සමයේදී සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසට කරපු යෝජනාව.

මේ වගේ යේජනා මීට පෙරත් කරලා තිබෙනවා. ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවති තිම්පු සාකච්ඡාවලදීත් උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශ දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. වඩුක්කොඩේ සම්මේලනයේදීත් ඔය යෝජනා ඉදිරිපත් කළා. 1949 සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය එම යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.

එපමණක් නොවෙයි දෙමළ සන්ධානය ඔය යෝජනා මාලාව ඉතා පැහැදිලිව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහාත් ඉදිරිපත් කරලා තිබෙනවා.”

ප‍්‍රශ්නය – “සජිත් පේ‍්‍රමදාස මහතා ඔය යෝජනා පිළිගෙන තිබෙන බව ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද?”

පිළිතුර – “සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 15 සහ 16 යන පිටුවල සඳහන් ‘ජනතාවගේ ව්‍යවස්ථාව’ යන කොටසේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සඳහා ඉදිරිපත් කළ යෝජනා මාලාවේ තිබුණේ භයානක යෝජනා.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටියා දෙමළ සන්ධානය සමග කතා කරලා එන්න කියලා. ඒ අනුව ඔහු දෙමළ සන්ධානය සමග සාකච්ඡා කළා. නමුත් කතා කළේ මොනවද කියල කිව්වේ නෑ. ඔවුන් සමග එකඟතාවට ආපු නිසා තමයි සජිත් මහතාට නාමයෝජනා ලබාදුන්නේ.

සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කරලා තිබෙනවා ඔහු පූර්ණ ලෙස බලය බෙදීමට එකඟ බව. නමුත් පූර්ණ බලය බෙදීම කියන්නේ කුමක්ද කියලා කොහේවත් පැහැදිලි කරලා නෑ. පූර්ණ බලය බෙදනවා කියන්නේ ඉල්ලන ඉල්ලීම් ටික දෙනවා කියන එක තමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව 2003 දී පමණ උතුර සහ නැගෙනහිර පළාත් දෙකකට වෙන් කළා. නමුත් ඊට පසුව 2006 දී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා යෝජනාවක් ගෙන ආවොත් ඒ සඳහා එ. ජා. පක්‍ෂයේ සහයෝගය ලබාදෙන බව. ඒ අනුව පැහැදිලි වනවා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම එ. ජා. පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වන බව.

සජිත් පේ‍්‍රමදාස මහතාට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අපේක්‍ෂකත්වය ලබාදුන් අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා අලුත් ආණ්ඩුවේ පළමු කාරණය ලෙස හය මාසයක් තුළ අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන එන බව.

දෙවැනි කාරණය තමයි සජිත් මහතාගේ නායකත්වය යටතේ මගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරන බවට රනිල් මහතා කළ ප‍්‍රකාශය. එම න්‍යාය පත‍්‍රයේ පළමු කාරණය තමයි උතුරට සහ නැගෙනහිරට ස්වාධීන පාලනයක් ලබාදෙන විධියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන එක. මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඊට අවශ්‍ය දේ තිබෙනවා. එහි තිබෙනවා නව පාර්ලිමේන්තුව විසින් අග‍්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය මත විධායක ජනාධිපති ධුරයේ ක‍්‍රියාකාරීත්වය අහෝසි කිරීම පිළිබඳව. එම ධුරය අහෝසි කළ ගමන් දෙමළ සන්ධානයේ ඉල්ලීම් ටික ලැබෙනවා. ඒ වගේම බලය බෙදීමේ ක‍්‍රියාවලිය ප‍්‍රමාදයකින් තොරව අවසන් කරන බවත් එහි තිබෙනවා. ඒ වගේම මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තවදුරටත් සඳහන් කරලා තිබෙනවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කරන ලද ස්වාධීන රජයේ අභිචෝදකයකු බිහිකරන බව. ඒ කියන්නේ උතුර සහ නැගෙනහිරට වෙනම ඇටෝර්නි ජනරාල් කෙනකු දෙනවා කියන එක තමයි. ඊළඟට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ අර්ථ නිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයට යොමු කරන බව සඳහන් කරලා තිබෙනවා. එමඟින් පළාත් අතර ආරවුල් නිශ්චය කරන බවත් එහි සඳහන් කරලා තිබෙනවා. මේ කියන්නේ වෙනම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවනවා කියන එක තමයි. නොබෙදුණු සහ වෙන් කළ නොහැකි ශ‍්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදාහැරීමක් කරන බවත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මුල් වූ අය සඳහන් කළා අපට ලේබල් වැඩක් නොමැති බවත් අවශ්‍ය වන්නේ ක‍්‍රියාකාරීත්වය පමණක් වන බවත්. එහි හරය තමයි බලය දෙනවා නමුත් ඒකීය යන වචනය යොදනවා. නමුත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඒකීය රටක් ගැන කිව්වත් ඒකීය රාජ්‍යයක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ.

ඒ වගේම මොවුන් සිංහලෙන් ඒකීය යන වචනය යෙදුවත් දෙමළ පිටපතට යොදන්නේ ‘ඔරුමිත්තනාඩු’ යන වචනය. ඔරුමිත්තනාඩු කියන්නේ ‘එක්සත්’ කියන එක මිස ‘ඒකීය’ කියන එක නෙවෙයි. සම්බන්ධන් 2016 දී අපට ලේබල් වැදගත් නොවන බව සඳහන් කරලා තිබෙනවා. සම්බන්ධන් කියලා තිබෙනවා එක්සත් නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් තුළ නව ව්‍යවස්ථාව සකස් කරන බව. එම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව මහ ආණ්ඩුව, ආරක්‍ෂාව, විදේශ කටයුතු, එක් මුදල් ඒකකයක්, එක් විදේශ ගමන් බලපත‍්‍රයක් පමණක් ඉතිරි කර අනෙක් සියලු බලතල ඔවුන්ට අවශ්‍ය බව ප‍්‍රකාශ කරලා තිබෙනවා. පූර්ණ බලය බෙදීම කියන්නේ ඒක තමයි. ඔය ටික දුන්නට පස්සේ උතුර සහ නැගෙනහිරින් සිංහලයන් එලවන එක ප‍්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම පුරාවස්තු ටික විනාශ කරන එකත් ප‍්‍රශ්නයක් නෙවෙයි.

මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවැනි සභාවක් හෙවත් සෙනට් සභාවක් පිහිටුවන බවත් සඳහන් වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සකසපු යෝජනා මාලාවෙන් සෙනට් සභාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඉල්ලන ඒවාටත් වඩා දෙන්න තමයි මේ සූදානම් කරලා තිබෙන්නේ. මුදල් රැස්කිරීමේ බලයත්, බෙදාහරින ලද බලය ක‍්‍රියාත්මක කිරීමේ බලයත් ලබාදෙන බවත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබෙනවා. දැන් පළාත් සභාවලට මුදල් බලතල නෑ. එම බලතල තිබෙන්නේ මහ ආණ්ඩුවට පමණයි. ඒ වගේම රජයේ නිලධාරීන් ආණ්ඩුවේ කටයුතු සහ පළාත් සභාවල කටයුතු කරන බවත් සඳහන් කරලා තිබෙනවා. එතකොට හැඳුනුම්පත හදන්න, පාස්පෝට් එක හදන්න එතනට දෙන්න පුළුවන්. මෙම යෝජනාවල ත‍්‍රිවිධ හමුදාව පිළිබඳව සඳහන් කළත් පොලිසිය පිළිබඳව සඳහන් කරලා නෑ. එයින් පැහැදිලි වෙනවා පොලිස් බලතලය ලබාදෙන බව.

පොලිස්, ඉඩම් සහ මුදල් ලැබුණට පසු බිහිවන්නේ වෙනම රටක් තමයි. මේ අනුව පැහැදිලි වනවා සජිත් පේ‍්‍රමදාස මහතා දෙමළ සන්ධානයේ ඉල්ලීම් 13 ලබාදීමට එකඟ වී ඇති බව. එම නිසා තමයි දෙමළ සන්ධානය ඔහුට සහයෝගය ලබාදීමට තීරණය කරලා තිබෙන්නේ.

මේ කියන්නේ සජිත් දිනුවොත් ශී‍්‍ර ලංකාව තවදුරටත් එක් රටක් වශයෙන් පවතින්නේ නැහැ කියන එක තමයි. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දේවල් රනිල් සහ සජිත් එකතු වෙලා දෙනවා.

උතුර සහ නැගෙනහිර ජල විදුලිය උපදවන්න බෑ. ඒ වගේම එම ප‍්‍රදේශවල ජලය නැහැ. ගංගාවක් හරවල තමයි එම ප‍්‍රදේශයට ජලය දෙන්නේ. එම පසුබිම තුළ සජිත් මහතාගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කළහොත් ඇති වන්නේ එළදෙනගේ කිරි තිබෙන ප‍්‍රදේශය ඔවුන්ට දීලා තණකොළ කැවීම අපි භාරගත්ත වගේ වැඩක්. ඒ කියන්නේ මෙම ප‍්‍රදේශවල වියදමින් උතුර සහ නැගෙනහිර වෙනම රටක් ලෙස පාලනය වනවා. එම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙන්කර ගන්නවාට වඩා එම තත්ත්වය ඔවුන්ට වාසිදායකයි “

***************************************

ගම්මන්පිල, මුදල් ඇමතිගෙන් මිලියන 500 ක වන්දියක් ඉල්ලයි

(07.11.2019 – 20:06 +0530 – hirunews.lk/sinhala)

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, හම්බන්තොට වරාය ලබාගත් චීනයේ සමාගම් දෙකකට බදු සහන ලබාදීම නීත්‍යානුකූලභාවයක් නොමැති බැවින් එය බලශූන්‍ය බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ රීට් ආඥාවක් ගොනු කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද කොළඹ දී අද (07) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් තම කීර්තිනාමයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර ගෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා මෙම සතිය ඇතුළත එන්තරවාසියක් යොමුකර නඩු පැවරීමට පියවර ගන්නා බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *