අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි

අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි


අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි

(14.01.2026 – 19:34 +0530 – sinhala.adaderana.lk)

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.

ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කළේය.

ඒ අනුව ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10 ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවත්ය.

ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++

නැගෙනහිර රෝහල් වර්ජනයේ තිත්ත ඇත්ත එළියට | සෞඛ්‍ය අමාත්‍යංශය හිරවෙන සිද්ධියක් (14.01.2026)

+


කන්නාඩි කඩන්නා, රැවුල් රංජි සහ ජෙප්පෝ (14.01.2026)

+


හරිනිට ඕනේ දේවල් කරන්න එයා වෙන රටක් හොයාගන්න (14.01.2026)

+


පරණ නිර්දේශයට පාසල්වලට පෙල පොත් යවයි.. මදිනම් PDF බාගන්නලු…

(15.01.2026 – lankacnews.com)

2026 වර්ෂය සඳහා වන පාසල් අධ්‍යාපන කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

2026 ජනවාරි 13 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණිය සඳහා වන නව විෂය මාලාවේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 29 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වසර දක්වා කල් දමා තිබේ. ඒ අනුව, 2026 වසරේ දී 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයම ක්‍රියාත්මක වන අතර, ඔවුන් ඉගෙනුම් කටයුතු සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් භාවිතා කළ යුතුය.

පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන්ගෙන් එකතු කර නැවත බෙදා හැරීමට විදුහල්පතිවරුන් වෙත උපදෙස් නිකුත් කෙරේ.

අවශ්‍යතාව අනුව නව පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමට පියවර ගැනේ.

6 ශ්‍රේණියේ පෙළපොත්වල මෘදු පිටපත් (Soft copies) ‘e-තක්සලාව’ වෙබ් අඩවියට ඇතුළත් කෙරේ.

2026 වසරේ දී 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කර ඇති අතර, එක් කාල පරිච්ඡේදයක් විනාඩි 40 ක් විය යුතුය. පාසල් කාලසටහන් සකස් කළ යුත්තේ පෙර වසරවල පැවති ආකාරයටමය.

එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව දන්වා සිටියි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ මොඩියුලයන් පුළුල් මහජන සංවාදයක් සඳහා විවෘත කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අමතරව, නව ප්‍රතිසංස්කරණවලට අදාළ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී තෝරාගත් පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම තීරණ සම්බන්ධයෙන් වන නිල චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *