අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
(14.01.2026 – 19:34 +0530 – sinhala.adaderana.lk)
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කළේය.
ඒ අනුව ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10 ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවත්ය.
ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය ෴
+++
නැගෙනහිර රෝහල් වර්ජනයේ තිත්ත ඇත්ත එළියට | සෞඛ්‍ය අමාත්‍යංශය හිරවෙන සිද්ධියක් (14.01.2026)
+
කන්නාඩි කඩන්නා, රැවුල් රංජි සහ ජෙප්පෝ (14.01.2026)
+
හරිනිට ඕනේ දේවල් කරන්න එයා වෙන රටක් හොයාගන්න (14.01.2026)
+
පරණ නිර්දේශයට පාසල්වලට පෙල පොත් යවයි.. මදිනම් PDF බාගන්නලු…
(15.01.2026 – lankacnews.com)
2026 වර්ෂය සඳහා වන පාසල් අධ්‍යාපන කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
2026 ජනවාරි 13 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණිය සඳහා වන නව විෂය මාලාවේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 29 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වසර දක්වා කල් දමා තිබේ. ඒ අනුව, 2026 වසරේ දී 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශයම ක්‍රියාත්මක වන අතර, ඔවුන් ඉගෙනුම් කටයුතු සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් භාවිතා කළ යුතුය.
පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන්ගෙන් එකතු කර නැවත බෙදා හැරීමට විදුහල්පතිවරුන් වෙත උපදෙස් නිකුත් කෙරේ.
අවශ්‍යතාව අනුව නව පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමට පියවර ගැනේ.
6 ශ්‍රේණියේ පෙළපොත්වල මෘදු පිටපත් (Soft copies) ‘e-තක්සලාව’ වෙබ් අඩවියට ඇතුළත් කෙරේ.
2026 වසරේ දී 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කර ඇති අතර, එක් කාල පරිච්ඡේදයක් විනාඩි 40 ක් විය යුතුය. පාසල් කාලසටහන් සකස් කළ යුත්තේ පෙර වසරවල පැවති ආකාරයටමය.
එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව දන්වා සිටියි.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ මොඩියුලයන් පුළුල් මහජන සංවාදයක් සඳහා විවෘත කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අමතරව, නව ප්‍රතිසංස්කරණවලට අදාළ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී තෝරාගත් පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම තීරණ සම්බන්ධයෙන් වන නිල චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි ෴
සාරා ජෙස්මින් මේ රටින් පැන්නුව කෙනාත් මාලිමාවේ ඇමති කෙනෙක් – ශානි අබේසේකරත් දැන් හිරවෙලා ඉන්නෙ (14.01.2026)
+
තොරතුරු දෙන්න එපා යයි ආණ්ඩුව දන්වලා… RTI ලොක්කා අස්වෙයි..
(15.01.2026 – lankacnews.com)
ජාතික ජන බලවේග රජය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) අකර්මන්‍ය කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ක්‍රියාකාරී කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කළේය.
ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරන සිවිල් සංවිධාන එකතුවක් වෙනුවෙන් හෝටල් නිපොන්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ, තොරතුරු කොමිසමේ සාමාජිකයෙකුව සිටි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම ආයතනයේ ස්වාධීනත්වයට රජය විසින් එල්ල කරන ලද බලපෑම් හේතුවෙන් බවයි.
තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය අවහිර කරමින්, කොමිසමේ නිදහස සීමා කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී වැඩපිළිවෙළ මීට ප්‍රධාන හේතුව වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කැෆේ (CaFFE) සංවිධානයේ හිටපු ප්‍රධානී තෙන්නකෝන් මහතා මෙහිදී අවධාරණය කළේ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ පනතට පටහැනිව ක්‍රියා කරන ලෙසත්, තොරතුරු ලබා නොදෙන ලෙසත් රජය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවයි.
මෙමගින් ජාතික ජන බලවේග රජය තොරතුරු පනත හෑල්ලුවට ලක් කර ඇති බව ඔහු චෝදනා කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල පැවැත්ම රට තුළ දැනට පවතින තත්ත්වය භයානක බවත්, විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම මෙන්ම රජයට සම්බන්ධ පාර්ශවයන් විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴
ඊයේ (14) දින වාද්දුව මාවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙලද සැලකට බිස්කට් පැකට් එකක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු එම බිස්කට් පැකට්ටුව මිලදී ගැනීම සඳහා රුපියල් 5000 ක නෝට්ටුවක් ලබාදී වෙළෙඳ සේවිකාව නොමග යවා රුපියල් දහ දාහකට (10,000) ආසන්න මුදලක් නැවත එම වෙලද සැලෙන් රැගෙන යන අයුරු එම වෙළඳසැලේ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
+
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි බන්ධනාගාර ආහාර ප්‍රතික‍්ෂේප කරයි
(15.01.2026 – hirunews.lk)
වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වනවාසී පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි සිය දිවා ආහාරවේල ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් (බුද්ධි) සහ මාධ්‍ය ප්‍රකාශක චම්මික ගජනායක පවසනවා.
ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින උන්වහන්සේව බැලීම සඳහා අද (15) පෙරවරුවේ අමුත්තන් ද පැමිණ ඔවුන් ගෙනා විවිධ ද්‍රව්‍ය පවා ලබාගෙන තිබූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එහෙත් උන්වහන්සේ අද (15) දහවල් ආහාර වේල ප්‍රතික්ෂේප කර තිබූ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාලව භික්ෂූන් වහන්සේලා සිව් දෙනකු ඇතුළු 09 දෙනෙක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් නියෝග කළේ ඊයේ (14) දිනයේදී යි.
ඒ අනුව, ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී පූජ්‍ය ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස, වනවාසී පූජ්‍ය බලන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය ආනන්දාරාම (ගිරිහඩු සෑය ශාඛාව ) විහාරවාසි පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද යන හිමිවරුන් හා මේ සඳහා ආධාර අනුබල දුන් සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති, හිටපු නාගරික මන්ත්‍රීනි එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දිපානි, ලියනගේ තිලක් පෙරේරා, එම්.සී. පියල් හේමසිරි හා දුලාර ගුණතිලක යන අයවලුන්ද මේ වන විට රක්ෂිත භාරයේ පසුවෙයි.
මොවුන්ට එරෙහිව පොලිසිය චෝදනා නගා තිබුණේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 14 (01) වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම පනතේ 28(01) වගන්තිය ප්‍රකාරව වෙරළ කලාපය තුළට අනවසරයෙන් ඇතුල් වී වලංගු බලපත්‍රයක් නොමැතිව අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම ලෙසයි.
සුනාමි ව්‍යසනයට පෙර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට අයත් ඉඩමක තිබූ විනාශ වි දහම් පාසල් ගොඩනැගිල්ලක් 2025 නොවැම්බර් 17 හෝ ඊට ආසන්න දිනකදී ඉදිකිරීමට යෑමේදී මෙම ගැටලුව මතුව තිබුණා.
ඒ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරන දෙපාර්තමේන්තුව වරාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම ඉදිකිරීම් ඉවත් කිරීමට යෑමේදී මෙම ගැටුම ඇතිවුණා.
පසුව මෙම විහාරයේ කොටසක් කඩා ඉවත් කරන්නැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කළ අතර, එය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබූණා. එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී එම ගැටළුව සාමකාමීව විසඳා ගන්නා ලෙස අධිකරණයෙන් දෙපාර්ශ්වයට දැනුම් දී තිබුණා ෴
දිව්‍යත්වය සැබැවින්ම දෑස හමුවේ දුටු හැටි.. | Deegoda Kumara Spiritual Power (15.01.2026)
+
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර දිවි සැරිය නිම කරයි
(15.01.2026 – 20:00 +0530 – sinhala.adaderana.lk)
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 65 වැනි වියේ පසුවිය.
මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කඳුලැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද, ඇතුළු ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත මෙරට ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴