අගමැති හරිනි මෙනවිය ඇමති ධූරයන් ගෙන් ඉවත් කරන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති ගෙන් ඉල්ලයි
අගමැති හරිනි මෙනවිය ඇමති ධූරයන් ගෙන් ඉවත් කරන්නැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපති ගෙන් ඉල්ලයි
(11.01.2026 – lankacnews.com)
දැනට ඉදිරිපත් කර ඇති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අත්හිටුවා ඒවා අවලංගු කරන ලෙස ඉල්ලමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සංදේශයක් යොමු කර තිබේ.
හය (6) ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කර ඇත.
අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිසංස්කරණ සඳහා නිසි ප්‍රතිපත්ති රාමුවක් සකස් කර නොමැති බවත්, භික්ෂූන් වහන්සේලා, ගුරුවරුන් හෝ අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන නොමැති බවත් එම සංදේශයේ සඳහන් වේ.
මෙම ක්‍රියාවලිය අත්තනෝමතික සහ විනිවිදභාවයෙන් තොර එකක් බවයි. ප්‍රතිසංස්කරණ මුවාවෙන් මෙවැනි නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රම මගින් දරුවන්ට කෘතිමව විෂම ලිංගික දිශානතීන් ආරෝපණය කිරීමට කූට ලෙස උත්සාහ කිරීම සමාව දිය නොහැකි පාපයක් බව උන්වහන්සේ අවධාරණය කරති.
මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි දශක ගණනාවක කාලය තුළ මානසික රෝගීන්ගෙන් පිරි රටක් බිහි කිරීමට අඩිතාලම දමා ඇති බවට ද උන්වහන්සේ චෝදනා කරති.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විදේශ ආධාර මත වසර ගණනාවක සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවත්, මෙයට වගකිවයුත්තන් දණ්ඩ නීති සංග්‍රහය සහ ළමයින් අපයෝජනයට අදාළ අපරාධ නීති යටතේ දඬුවම් ලැබිය යුතු බවත් සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම, වත්මන් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට නුසුදුසු බවත්, ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඇයගේ ධුරයන් අහෝසි වී ඇති බවත් උන්වහන්සේ පවසති.
මේ හේතුවෙන් වහාම කැබිනට් සංශෝධනයක් සිදු කර, එම තනතුරු සඳහා දේශප්‍රේමී සහ යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙස ද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති ෴
මේක ටිල්වින් එක්ක තියෙන හරිනිගේ ගැටුමක් – පාපිසි මොනවා කිව්වත් අපි කලබල නෑ (11.01.2026)
+
බයියන්ට ශාප කරපු දර්ශනට නිවන් සුව ! – හඬ ඇමිණුම් සහිතයි (11.01.2026)
+
තම දරුවන් වෙනුවෙන් ජීවිත කාලයක් දුක් විඳින අම්මලා… කා වෙනුවෙන්ද මේ පාරට ආවේ ? (11.01.2026)
+
ගුරුවරුනි,දෙමාපියනි මේ අධ්‍යාපන විගඩම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න (11.01.2026)
+
අපේ දරුවන් විනාස කරන LGBTQ උමතුවට එරෙහිව යුද වදිමු… උන් ඊලෝන් මස්ක්ටත් ඇරියා නම්, අපි මොනවාද? (11.01.2026)
+
කොට්ටච්චිගෙ අභියෝගෙට හේමා ප්‍රේමදාසගෙ පිළිතුර (11.01.2026)
+
හරිනිට මුවා වී නිලන්තිලාගේ රෙද්ද ගැලවුණා ද? | මතුගම රැලියේ ඇත්ත කතාව (11.01.2026)
+
කවුරු විරුද්ධ උනත් වනචර ප්‍රතිසංස්කරන කරන බවට අනුර-හරිණි දිවුරයි! (11.01.2026)
+

+
රාජ්‍ය ලාංඡනය විකෘති කරලා මහජන ආරක්ෂක වෙබ් අඩවියේ පල කරලා | චමල් තකහනියේම CID දුවයි (12.01.2026)
+
බාල ගල් අගුරු ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ දුෂිත හාල් සමාගමකින්..
(12.01.2026 – lankacnews.com)
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 750 කට අධික පාඩුවක් සිදුව ඇති බවට බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය චෝදනා කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන පරිදි, ඉදිරි වසර සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය ‘ට්‍රයිඩන්ට් චෙම්බර්’ (Trident Chamber) නම් ඉන්දියානු සමාගමකට ලබා දී ඇත. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී කැඳවිය යුතු මෙම ටෙන්ඩරය ජූලි මාසය දක්වා ප්‍රමාද කර ඇති අතර, එම කාලය තුළ මෙම සමාගම ඇතුළු සමාගම් දෙකක් අලුතින් ලියාපදිංචි වී තිබේ.
විශේෂයෙන්ම, ලංකාවට ගල්අඟුරු සැපයීම සඳහා තිබිය යුතු මෙට්‍රික් ටොන් මිලියනයක වෙළඳ පළපුරුද්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ මැදිහත්වීම මත මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා අඩු කර ඇති බව මූලාශ්‍ර සඳහන් කරයි. මෙම වෙනස් කිරීම ප්‍රසම්පාදන කොමිසමේ කිසිදු අනුමැතියකින් තොරව සිදු කර ඇති බවටද පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
දූෂණ චෝදනා සහිත සමාගමක් මෙම ටෙන්ඩරය ලබාගත් ‘ට්‍රයිඩන්ට් චෙම්බර්’ සමාගම 2014 වසරේ සතොසට සහල් ආනයනය කිරීමේදී ප්‍රසම්පාදන රෙගුලාසි උල්ලංඝනය කළ බවට 2016 විගණකාධිපති වාර්තාවකින් පෙන්වා දී ඇත.
මෙම සමාගමේ හිමිකරු වන ‘සරත් රෙඩ්ඩි’ සහ දේශීය නියෝජිතයා වන ‘සරත් බණ්ඩාර ජයසුන්දර’ යන අය දූෂණ චෝදනා එල්ල වූවන් බවට පක්ෂය වැඩිදුරටත් පවසයි.
ගෙන එන ලද ගල්අඟුරු සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවා ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී ඇති අතර, මෙම රුපියල් කෝටි 750 ක පාඩුව අවසානයේ විදුලි පාරිභෝගිකයාගේ බිලට එකතු වනු ඇති බවට අනතුරු අඟවා තිබේ ෴
දැයට කිරුළෙන් කට්ටියම ගහපු ගැහැලි එළියට එයි, රු. මිලියන සිය ගාණකට ශොට් එක දීලා,හිතාගන්න බැරි හෙළිදරව්වක් (12.01.2026)
+
පොල් ගහන්න ගිහින් හැංගුන චරිත් අබේසිංහ (12.01.2026)
+
හරිනි අධ්‍යාපන ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතුමයි… එහෙම නැතුව දරුවන්ව පාසල් (12.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Elle Gunawansa is getting too big for his boots. He should be focusing on the reasons why he bore robes, and concentrate in meditation and living according to the Noble Eightfold path which the Buddha advised his disciples to follow. Here, this monk is getting involved in governing the country as if he is a self appointed senior advisor to the government. If some crooked person has corrupted the teaching module for young students, you cannot go around blaming the PM and asking her to be removed. PM has accepted that some corruption has taken place, and so have appointed the specialist investigators to deal with it. A top level manager cannot micromanage and look over the shoulders of small functionaries in an organization; that is done through delegation of responsibilities at different layers of management, which is part of Management Concept: Planning, Provisioning, Direction and Control. Control is through delegation. Elle Gunawansa is not the owner of this country that he had delegated it to PM to go and read what little functionaries do at deask level. So get real, and let authorities sort out the individual crook that corrupted the module. Go, do your meditation at a quiet place so that you do not get disturbed by all these background clutter that upsets your Samma Samadhi!