HelaGo දේශීය ටැක්සි සේවාව එළි දකී : සාධාරණ ගමනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ටැක්සි ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹේ
(07.01.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ නවතම දේශීය ටැක්සි සේවාව වන HelaGo, 05-01-2026 දින කොළඹ Waters Edge හිදී HelaGo රියදුරන් 200 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් එළිදැක්වුවා.
රියැදුරු-මගී දෙපාර්ශවය සඳහාම සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික වන පරිදි ගොඩනගා ඇති HelaGo නව ටැක්සි සේවාව, ශ්‍රී ලංකාවේ ටැක්සි ප්‍රවාහන ක්ෂේත්‍රය සැමට සාධාරණ නව යුගයක් කරා ගෙන යෑමේ ආරම්භය සනිටුහන් කරනවා.
වඩාත් විවෘත හා සාධාරණ දේශීය ටැක්සි සේවාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසෙන HelaGo හරහා මගීන්ට තෝරාගැනීම් සහිත වඩා උසස් ටැක්සි අත්දැකීමක් සහතික කරන අතර රියදුරන් සඳහා සාධාරණ ඉපැයීම් අවස්ථා සහතික කරයි.
දැනට පවතින ටැක්සි වෙන්කරවා ගැනීමේ සේවාවල මෙන් පද්ධතිය මගින් තීරණය කරන මිලක් වෙනුවට, මගීන්ට තමා අවට සිටින රියදුරන් කීපදෙනෙකු යෝජනා කරන මිල ගණන් සසඳා බලා, තම අවශ්‍යතාවයට සහ ගමනට වඩාත් ගැලපෙන ටැක්සිය තෝරගැනීමේ නවමු ක්‍රමවේදයක් HelaGo හඳුන්වා දෙයි.
මේ හරහා මගීන්ට ටැක්සියක් වෙන් කරවා ගැනීමේදී, වඩාත් දැනුවත් තීරණ ගැනීමට ඉඩ සලසන අතර එක් එක් වේලාවට අනපේක්ෂිත ලෙස වෙනස්වන මිල ගණන් සහ මුදල් ගෙවීම් ආශ්‍රිත ව්‍යාකූලත්වයන් නොමැති උසස් සේවාවක් සහතික කරයි.
එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්, HelaGo නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා එහි “විවෘත සහ සාධාරණ” නව මිල ක්‍රමය ගැන රියදුරන් දැනුවත් කළ අතර, මධ්‍යගතව පාලනය කරන මිල ක්‍රමයකට වඩා රියදුරු-මගී එකඟතාව හරහා තීරණය වන මිල ක්‍රමයක් මඟින් දෙපාර්ශවයටම සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික වන ආකාරය පැහැදිලි කළා.
අනපේක්ෂිත ගාස්තු වෙනස්වීම් මඟහරවමින්, මගීන්ට අවට සිටින රියදුරන්ගේ ගාස්තු සංසන්දනය කර ගමන් වෙන්කරවා ගැනීමට ඉඩ ලබා දීම තුළින්, සාධාරණත්වය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා මෙම නව මිල ක්‍රමවේදය නිර්මාණය කර ඇත. HelaGo ගමන් ගාස්තු මුදල් සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම යන දෙයාකාරයටම ගෙවීමට පහසුකම් සපයා ඇති අතර, මගීන්ට තමන් කැමති ක්‍රමයට මුදල් ගෙවීමට එමගින් ඉඩ සලසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍රවූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහය සමඟ ගොඩනගාගත් හවුල්කාරිත්වයක් හරහා පසුගියදා HelaGo ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය ආයෝජනක් ලබා ගැනීමට සමත් වූ අතර, HelaGo ටැක්සි සේවාව රට පුරා ව්‍යාප්ත කිරීමට සහ මගී ජනතාව අතර කඩිනමින් HelaGo ප්‍රචලිත කිරීම සඳහා එමඟින් මූල්‍ය ශක්තිය සැපයේ.
මෙම සමාගම් දෙකම 100% ක් ශ්‍රී ලාංකික හිමිකාරීත්වය දරන සමාගම් බැවින්, මෙම සහයෝගීතාවය මෙරට සමාජයීය ගැටළු සහ නව අවශ්‍යතා වෙනුවෙන් දේශීය නවෝත්පාදනයන් සහ ජාතික මට්ටමේ ඩිජිටල් විසඳුම් බිහිකිරීමට ඇති නැඹුරුව පිළිබිඹු කරයි.
HelaGo ටැක්සි වෙන් කරනවා ගැනීම් දැන් Android සහ iOS දුරකථන ඔස්සේ සිදු කළ හැකි අතර, මගීන්ට සේවාව පරිශීලනය කිරීමට පහසු ආකාර දෙකක් ලබාදී තිබෙනවා.
හෙළකුරු Superapp එක භාවිතා කරන පරිශීලකයින්ට ඒ හරහා සෘජුවම HelaGo ටැක්සි වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති අතර, දැනටමත් හෙළකුරු භාවිතා කරන මිලියන ගණනක ශ්‍රී ලාංකිකයින්ට ඒ හරහා ඉතා පහසුවෙන් HelaGo වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබේ.
හෙළකුරු භාවිතා නොකරන පරිශීලකයින්ට සහ විදෙස් සංචාරකයින් සඳහා, “Go by HelaGo” නමින් අලුත්ම ස්වාධීන ඇප් එකක් එළිදක්වා ඇති ඇති අතර, එය Google Play Store සහ Apple App Store හරහා ලබාගැනීමට හැකියාව පවතී.
ජනවාරි 06 වන දින සිට බස්නාහිර පළාත තුළ ආරම්භ වීමට නියමිත HelaGo ටැක්සි සේවාව ඉතා ඉක්මණින් රට පුරාම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
HelaGo ශ්‍රී ලංකාවේ ටැක්සි ක්ෂේත්‍රය සැමට සාධාරණ නව යුගයක් කරා ගෙන යෑමට අපේක්ෂා කරන අතර රියදුරු-මගී දෙපාර්ශවයටම සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් සැපයීමට අපේක්ෂා කරයි.
+++
+++
+++
For Android Phones :
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helago.passenger
+++
https://www.youtube.com/@helago/videos
නවගමුව ඇඟලුම් කම්හලක දැවැන්ත ගින්නක් (08.01.2026)
+++
+
අනුර සජබෙ හරෂගෙන් උදව් ඉල්ලුවේ ඇයි ? ඇත්තටම අනුර දැන් ඒ තරමටම අසරණයි ද ? (08.01.2026)
+
කතරගම දේවාලෙටත් අත තිබ්බොත් ? ඊළඟට මොනවා වෙයිද ? (08.01.2026)
+
16,600 ක් අනාථ කරමින් ලාල්, වසන්ත, මහින්ද, සූරියආරච්චි සැඟවෙයි ! (08.01.2026)
+
නුවරඑළිය, ග්‍රෙගරි වැවට කඩාගෙන වැටුණු ගුවන්යානය හිමින් සැරේ වතුරේ ගිලී යයි – යානය ගොඩට ගන්න විශේෂ හමුදා මෙහෙයුම් (08.01.2026)
+
06 පන්තියේ ආගම පොතෙත් ලොකු අවුලක් | රෝහිණි කවිරත්නගෙන් විශේෂ අනාවරණයක් | රෝහිණි දුන්න දීමනාව (08.01.2026)
+
දායාසිරි – සුජීව – අර්චුනා – දිලිත් ගේමට බහී – ජනාධිපතිට තියෙන්නේ ගම්මන්පිල භීතිකාව (08.01.2026)
+
චානක හෙළිකළ මහා ගල් අඟුරු වංචාව| වහාම අගමුල හොයන්න කියල අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (08.01.2026)
+
කුවේට් පොලිස් නිලධාරියාගේ රු. ලක්ෂ 13 ක බෑගය සොරාගත් රියදුරු අත්අඩංගුවට
(08.01.2026 – hirunews.lk)
මෙරට සංචාරයක් සඳහා පැමිණි කුවේට් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනා මුදල් සහ දේපළ අඩංගු බෑගයක් සොරාගත් කුලී රථ රියදුරෙකු සිද්ධියෙන් දින 12 කට පසු අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොරාගත් ඇමරිකානු ඩොලර් 2,000 ක්, කුවේට් ඩිනාර් 112 ක්, බැංකු කාඩ්පත් සහ වැදගත් ලියකියවිලි සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය මස 26 වනදා දිවයිනට පැමිණි මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියා කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ කොටුවේ හෝටලයක් වෙත පැමිණ ඇත්තේ සුඛෝභෝගී කුලී මෝටර් රථයකින්.
හෝටලයට ගොස් මඳ වේලාවකින් සිය කුඩා බෑගය රථය තුළ අමතක වී ඇති බව ඔහුට වැටහී ඇති අතර ඒ පිළිබඳව ඔහු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පොලිසිය පළමුව හෝටලයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ අතර එහිදී අදාළ නිලධාරියා සිය ඇඳුම් බෑගය පමණක් රැගෙන හෝටලයට ඇතුළු වන අයුරු සටහන්ව තිබෙනවා.
ඒ පිළිබඳව රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් එවැනි බෑගයක් නොදුටු බවයි.
කෙසේ වෙතත්, විමර්ශන කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළේ සීසීටීවී දර්ශන ද පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී අදාළ නිලධාරියා බෑග් දෙකක් (2) සහිතව රථයට ගොඩවන අයුරු පැහැදිලිව සටහන්ව තිබීම හේතුවෙන් සැකපිට පොලිසිය විසින් කුලී රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ බෑගය තමන් සන්තකයේ ඇති බව රියදුරු පාපොච්ඡාරණය කර ඇති අතර, ඔහු එහි තිබූ ඩොලර් 500 ක මුදලක් මීගමුවේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් මාරු කර රුපියල් 155,000 ක මුදලක් ලබාගෙන තිබූ බවට සඳහන් කර තිබෙනවා.
ඒ අනුව දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී බෑගය සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා ෴
මම ළමයෙකුගෙ ඇඟ ඇතුලෙ හිරවෙලා ඉන්නෙ වැඩිමල් මනුස්සයෙක් – ලෝකයේ ලාබාලම නාසා තානාපති පුනරුත්ථානය සොයා එයි (08.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴