කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි
(19.12.2025 – lankacnews.com)
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තාවේ.
ඒ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයක් මත මෙම පියවර ගෙන ඇතැයි සදහන්ය.
රෝහලේ ප්‍රධාන රසායනාගාරවල සිදුවූ බවට කියන අක්‍රමිකතා, දූෂණ සහ වංචාවන් හෙළිදරව් කිරීම හේතුවෙන් තමන් පළිගැනීමකට ලක්වෙමින් සිටින බවට වෛද්‍ය බෙල්ලන මහතා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පසුගියදා ලිඛිතව දැනුම් දී තිබින.
වෛද්‍ය බෙල්ලන මහතා විසින් 2025 ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන රසායනාගාර තුළ සිදුවූවා යයි සැලකෙන අක්‍රමිකතා, දූෂණ හා වංචාවන් පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
මෙම පැමිණිල්ල සමගම, ප්‍රතික්‍රියක මිලදී ගැනීම් සම්බන්ධයෙන් රු. කෝටි 900 කට අධික විශාල වංචාවක් පිළිබඳව විගණකාධිපති විසින්ද විගණන විමසුමකට ලක් කර ඇති අතර, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.
මෙම සිදුවීමෙන් පසු, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තමන්ට එරෙහිව විවිධ කරුණු ඔස්සේ විනය පරීක්ෂණ පවත්වමින් දැඩි පීඩනයකට ලක්කර ඇති බවට වෛද්‍ය බෙල්ලන මහතා චෝදනා කරයි.
මේ වනවිට තමන්ගෙන් විවිධ කාරණා සම්බන්ධයෙන් විමර්ශන 6 ක් පමණ සඳහා ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එම විමර්ශන වංචා හා දූෂණ අක්‍රමිකතාවයන්ට අනුකූලව නොව, තම පරිපාලනමය රාජකාරි පිළිබඳව වන බව ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය ලේකම්වරයා මූල්‍ය වංචාවන්ටත් එහා ගිය විලසින් බරපතල චෝදනා විලසින් විමර්ශන පසුපස හඹා යමින් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.
වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ වසර 10 කට පෙර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ, පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූ වෛද්‍ය අනිල් ජාසිංහ රසායනාගාරයේ අක්‍රමික මිලදී ගැනීම්වලට වගකිව යුතු ආකාරයෙන් ක්‍රියා කළ බවත්, තමා එය විගණන පරීක්ෂණයේදී සනාථ කළ බවත්ය.
ඉන් අනතුරුව පත් වූ අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ද (වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – වෛද්‍ය සේවා) ඔහුගේ එම අක්‍රමික ක්‍රියාපිළිවෙළ දිගටම පවත්වා ගෙන ගිය බවට චෝදනා කරයි.
ඔවුන් දෙදෙනා (2) එක්වී පසුගිය මාස කීපය තුළ අසාමාන්‍ය ලෙස තමාගෙන් විනය විරෝධී ක්‍රියාවන් යයි සැලකෙන කරුණු අරඹයා පරීක්ෂණ සිදුකළ බවත්, තමාට එරෙහිව ක්‍රියාත්මක වීමට නිර්දේශයක් සහ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවත්, ඒ තුළින් වැඩ තහනම් කිරිමක් හෝ ස්ථාන මාරුවක් ලබා දීම තුළින් පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවකු වශයෙන් තමාට බලපෑම් කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම තම නිල බලයෙන් සිදුවෙන රසායන ප්‍රතික්‍රියක මිලදී ගැනීම තමා විසින් වර්තමානයේ නවත්වා ඇති බැවින් ඒය නැවත ආරම්භ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය බෙල්ලන මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ යම් කිසි විනය පරීක්ෂණ වාර්තාවක් ඇත්නම්, එය සම්පූර්ණයෙන් කියවා බලා ඔප්පු කිරීමට සාධාරණ සාක්ෂි ඇත්නම් පමණක් තමාට එරෙහිව ක්‍රියා කරන ලෙසටය.
තවද, සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගය පක්ෂපාති වී ඇති බවද ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දන්වා සිටී ෴
+++

+++
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර ඇත්තේ බාල බෙහෙත් ගැන මාධ්‍යයට ප‍්‍රකාශ කලා කියා..
(19.12.2025 – lankacnews.com)
බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළේ යැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ තහනමකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බාල බෙහෙත් හේතුවෙන් දෙදෙනෙකු (2) මිය ගොස් ඇති බවත් මෙය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.
චෝදනා පදනම පවත්වා ඇති මූලික විමර්ශනයකට අනුව (MH/FS/PI/14/2025/A-197/377), වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස පූර්ව අනුමැතියකින් තොරව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම වෛද්‍ය බෙල්ලන මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
එම ප්‍රකාශ හරහා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මෙන්ම මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයාගේ නියමයකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 31:1:15 වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.
වැඩ තහනමට ලක්ව සිටින කාල සීමාව තුළ වෛද්‍ය බෙල්ලන මහතාට බලපැවැත්වෙන පරිදි පහත කොන්දේසි පනවා ඇත :
- තම භාරයේ ඇති රජයේ බඩු බාහිරාදිය ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කරන අයෙකුට භාර දිය යුතුය.
- වැඩ තහනම් කාලය තුළ දිවයිනෙන් බැහැරව නොයා යුතුය.
- පදිංචි ලිපිනයේ වෙනසක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නිසි බලධාරීන් දැනුවත් කළ යුතුය.
- රාජ්‍ය නිලධාරියෙකුට හිමිවන සාමාන්‍ය අනුග්‍රහයන් මෙම කාලසීමාව තුළ ඔහුට අහිමි වනු ඇත.
- මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ සියලුම අංශ සහ උසස් නිලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ ෴
+++
+
අශෝක රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට
(18.12.2025 – 21:23 +0530 – sinhala.adaderana.lk)
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (18) නිවේදනය කළේය.
ඒ අනුව රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටප්‍ර කථානායක අශෝක රන්වල මහතා ධාවනය කළ ජිප් රථය ඉකුත් දෙසැම්බර් 11 වැනිදා රාත්‍රීයේ සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පසුව ඇප මත මුදා හැරිණි.
කෙසේවෙතත් අනතුර අවස්ථාවේ බීමත්කම පරීක්ෂා කිරීම පමාවීම ඇතුළුව නීතිය ක්‍රියාත්මක කිරීමේ පමාවන් සම්බන්ධව විවිධ පාර්ශ්වවලින් මෙහිදී විවේචන එල්ල විය.
ඒ අනුව එහිදී සපුගස්කන්ද පොලිස් නිලධාරීන් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා විමර්ශනයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.
එහි වාර්තාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාවෙත භාර දී ඇත.
අදාළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, ඉකුත් 11 වනදා රාත්‍රී 07:25 ට පමණ අනතුර සිදුව ඇති අතර ඉන් මිනිත්තු 25 කට පසුව එනම් රාත්‍රී 07:50 ට පමණ සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයෙකු අදාළ ස්ථානයට ගොස් ඇති බවය.
අනතුරුව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රී 08:00 ට පමණය.
ඒවන විටත් රන්වල මන්ත්‍රිවරයා හා ඔහු අනතුරට ලක් කිරීමෙන් තුවාල ලැබූ දරුවා හා කාන්තාවන් දෙදෙනා (2) එම ස්ථානයේ සිට නොමැත.
එදින රාත්‍රී 09:30 ට පමණ අනතුර සිදු වූ ස්ථානයට ගිය සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා කිරිබත්ගොඩ රෝහලට ගොස් ඇති බවත් ආදළ වාර්තාවේ සඳහන් වේ.
ඔහු එහි ගේට්ටුව අසල සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ, රෝහල් ගතකළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවය.
අනතුරුව අදාළ සැරයන්වරයා රෝහලේ කිසිඳු බලධාරියෙකුගෙන් ඒ පිළිබඳව විමසා හෝ පෞද්ගලිකවම පරීක්ෂා කර නොමැති බව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත.
කෙසේවෙතත් ඒවන විට රන්වල මහතා කිරිබත්ගොඩ රෝහලේ සිට ඇති අතර ඔහු රෝහලෙන් රාත්‍රී 10:35 ට පමණ පිටව ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.
අනතුරුව රන්වල මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ ප්‍රතිකාර සඳහා ඊට ඇතුළත්වීමට උත්සහා දැරීමේදී ඔහු විසින් අනතුරට ලක් කළ පිරිසේ ඥාතීන්ගෙන් දැඩි දෝෂාරෝපනයක් එල්ල වී තිබේ.
එම ස්ථානයේ අදාළ අනතුර පිළිබඳව සොයාබැලීමට පැමිණි සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා සිට ඇති නමුත් රෝහලේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමග ඔහු කිසිඳු විමර්ශනයක් නොකර එම ස්ථානයෙන් පිටත්ව ඇති බව පොලිස්පතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.
මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහු මත්පැන් පානය කර සිටියේද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන බීමත්කම පරීක්ෂා කරන නල පිම්බීමට ලබාදීමට පොලිසියට නොහැකි වී ඇති බව ද අදාළ වාර්තාවේ දැක් වේ.
එහෙත් එවැනි අවස්ථාවක පොලිසිය විසින් භාවිත කරනු ලබන අධිකරණ වෛද්‍ය පෝරමයවත් කිරිබත්ගොඩ රෝහලේදී සපුගස්කන්ද පොලිසියෙන් ලබාදීමක් කර නොමැත.
එය ඔහුට ලබාදී ඇත්තේ අනතුර සිදුවීමෙන් පසුදින කොළඹ ජාතික රෝහලේ ‘රෝහල් පොලිසිය’ විසිනි.
ඉන් අනතුරුව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙවැනි ආන්දෝලනාත්මක අනතුරක් සිදුව ඇති පසුබිමක විමර්ශන සඳහා සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හෝ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අවම වශයෙන් කිරිබත්ගොඩ හෝ කොළඹ ජාතික රෝහලට ගොස් නොමැති බවත් අදාළ විමර්ශනයේදී හෙළි වී ඇත.
පසුදින රන්වල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ සෘජුව මැදිහත්වීමෙන් සිදුකළ විමර්ශනයේදී බව ද වාර්තා වේ.
රිය අනතුරෙන් පසුව රන්වල මන්ත්‍රීවරයා මත්පැන් පානය කර ඇති බවට විවිධ පිරිස් චෝදනා කිරීම, ඔහු විසින් අනතුරට ලක් කළ තිදෙනෙකු (3) රෝහල්ගතව සිටීම වැනි තත්ත්වයකදී නියත වශයෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය කටයුතු කළ යුතු වූවද එසේ සිදුකර නොමැති බවත් පොලිස්පතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.
අදාළ විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත්තේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධව විමර්ශනය කළ රථවාහන අංශයේ ස්ථානාධිපති හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයා හා දිස්ත්‍රික්භාර නිලධාරීන් රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති බවය.
ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.
මේ අතර අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුරට අදාළ නඩුව හෙට (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවිමට නියමිතය.
+
ජනපතිට නඩු ගොඩක් එනවා.. සිරිසේනට හපන්.. ජවිපෙ දන්න රාජ්‍ය පාලනයක් නෑ.. – මිත‍්‍ර උවිඳු ලන්ඩනයේ සිට යලිත්
(19.12.2025 – lankacnews.com)
ජනාධිපතිට අනිවාර්යෙන්ම පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන සිදුවන බව ඔහුගේ දීර්ඝකාලීන මිත්‍රයෙකු වන ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරැකුළසූරිය සඳහන් කරයි.
තම සමාජජාල ගිණුමේ දීර්ඝ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය :
අනිවාර්යයෙන්ම ජනාධිපතිට පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ‘දිත්වා’ සම්බන්ධයෙනුත් එක්ක. ජනාධිපතිගෙ නීති අධ්‍යක්‍ෂ විදියට දාගෙන ඉන්න යූඑන්පීකාරයාගෙන් වත් අහල දැන ගන්න පුළුවන් නඩු කන්දරාව ගැන. පුදුමාකාර විදියට වගකීම් විරහිතව වැඩකරල තියෙන්නෙ. සිරිසේනටත් හපන් විදියට වැඩකරල තියෙන්නෙ ගොඩක් වැඩවලදි.
මට දුක මේ ආණ්ඩුව වැටුනොත් එන්නෙ කවුරුවත් නෙමෙයි ‘අන්ත දක්‍ෂිණාංශික’ [far right] කණ්ඩායමක් දිලිත්ගෙ නායකත්වය යටතේ. මට නම් කිසිම පුද්ගලික ප්‍රශ්ණයක් නැහැ, ඇරගත්තට දිලිතයත් බොක්කෙ යාලුව නිසා. රටට තමා කෙලවෙන්න. නමුත් ‘ෆාරයිට්’ කණ්ඩායමක් බලයට ඒම හරිම භයානයකයි. ඒකයි ‘හරියට වැඩකරපං ****’ කියන්නෙ. නිදිමරාගෙන වැඩකරාටත් වැඩක් නැහැ. අහිංසකකමයි අවංකකමයි විතරක් තිබ්බටත් මදි!
අනික කැම්පස් එකේ ගොං යාලුවො ටිකකුයි, ලොකු බිස්නස්කාරයො ටිකකුයි ලංකරගෙන රාජ්‍ය පාලනය කරනවා. ජවිපෙ දේශපාලන මණ්ඩලයෙවත් ඉන්නවද රාජ්‍ය පාලනය ගැන දන්න අය. විශ්‍රාම ගිය හරි ඒ ඒ දේවල් ගැන විශේෂඥ දැනුමක් තියෙන අය කණ්ඩායමක් දාගෙන උපදෙස් ගන්න කීවෙ ඒකයි. දැනුත් පරක්කු නැහැ. අඩුගානෙ තව නඩු වැටෙන එකෙන්වත් බේරෙන්න පුළුවන්.
අනික අරගලයේ පාඩම ඉගෙන ගෙන තියෙනවද? Gen Z සිට අලුත් පරම්පාරව හිතන පතන විදිය ගැන ඔය පක්‍ෂයේ එකෙකුට තේරුමක් තියෙනවද? අරගලයෙන් ඉල්ලුවෙ ‘ගෝටා ගෝ හෝම්’ කියල ‘ගෝටව එලවන එක විතරක්’ කියල හිතං ඉන්න මෝඩ රැලක් වටේ ඉන්නෙ.
අටුවම් බැහැපු පාක්‍ෂිකයො, අනුග්‍රාහකවාදී ජනයා එහෙම හැරුනම අනිත් පාවෙන ඡන්ද පට ගාල වෙනස් වෙනව. විශේෂයෙන්ම තරුණ අයගෙ මතය පටගාල වෙනස් වෙනව. ඒ අයට කයිය විතරක් මදි!
මේව ප්‍රසිද්ධියෙම ලියන්නෙ අර ‘ජෙපි මඩ බලකාය’ කියන විදියට මට ජනාධිපති උපදේශකම නොදුන් නිසා! අනේ *කේ නන්නානේ. කියල දීපං උන්ට මම කවුද කියල ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Bellana, this is the man that was leading and organizing fake medical evidence for Ranil W to bale himself out at the courts. If anything, Bellana is a UNP activist holding an importanbt medical post, hence his unprofessional conduct makes him not fit for the post in my opinion.