දඹුල්ලේ ගමක අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් – බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම පුපුරයි

දඹුල්ලේ ගමක අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් – බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම පුපුරයි


දඹුල්ලේ ගමක අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් – බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම පුපුරයි

(18.12.2025 – hirunews.lk)

අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් දඹුල්ල කළුන්දෑව ප්‍රදේශයෙන් ඊයේ (17) රාත්‍රියේ වාර්තා වුණා.

දඹුල්ල කළුන්දෑව අලුත්ගම ප්‍රදේශයේ නිවෙසක බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම ඊයේ (17) ඉදිරි ඒවා පුපුරා ගොස් ඇතැයි එම නිවෙස් හිමියා පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ රාත්‍රී 08:30 ට පමණ එක වරම තම දරුවන් පාඩම් කරමින් සිටින අවස්ථාවේදී නිවෙස තුළ බිමට අල්ලා තිබූ පිඟන් ගඩොල් රතිඤ්ඤා පුපුරන හඬින් පුපුරා යන්නට වූ බවයි.

පසුව සොයා බැලීමේදී නි‍වෙසේ ස්ථාන කිහිපයේ සහ බිත්ති පුපුරා ඉරිතලා ගොස් ඇති බවට දුටු බව ඔවුහු පෙන්වා දෙනවා.

ප්‍රදේශවාසීන් කඩිනමින් එම ස්ථානයට පැමිණ සොයා බැලීම්වලදී එම ආසන්නයේ ම තවත් නිවෙස් කිහිපයක මීට දිනය කිහිපයක සිටම බිත්ති ඉරිතලා පුපුරා යෑම සිදුවෙමින් තිබෙන බවත් තවත් ස්ථානයක වැසිකිලියක් ගිලා බැසීමට ලක්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා.

මේ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දුන් බවත් ඔහු ඡායාරූප රැගෙන එවන ලෙස දන්වා සිටි බවද ඔවුන් ප්‍රකාශ කළා.

මේ පිළිබඳව කඩිනමින් සොයා බලා සිදුවන්නේ කුමක්ද යන්න අනාවරණය කර දෙන්නැයි එම ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

+++

+


උඩුදුම්බර අති භායානක තත්ත්වයක් – වහාම මේ තැන්වලින් අයින් වෙන්න – නායයෑම් අත ළඟ (18.12.2025)

+


CIDය ළඟ උණුසුම් තත්ත්වයක් – බාල බෙහෙත් නිසා ගර්භණී මවක් මැරිලා (18.12.2025)

+


ඔයාලට සබ්බුව හම්බවෙයි බලාගෙන ඉන්න – මරික්කාර් ආණ්ඩුවේ සායම යවයි (18.12.2025)

+


වැලි ටිපර් ඩ්‍රයිවර්ව අත-පය-කට ගැට ගහලා කැලෑවක මරලා දාලා – මනම්පිටියේ උණුසුම් තත්ත්වයක් (18.12.2025)

+


දැන දැනම දහස් ගණනකගේ ජීවිත බිළි දුන් නරුමයෝ (18.12.2025)

+


මේ ආණ්ඩුවෙන් දුන්නු බෙහෙත් විස වීම නිසා හිරේ යන්නේ කවුද ? බොරු කියමින් දිගටම කිච වෙන නලින්ද (18.12.2025)

+


119 අංකය එක්ක සෙල්ලම් දැම්ම සෙට් එකකට වැඩ වරදියි | පොලිසිය ගත්ත තීන්දුව මෙන්න (18.12.2025)

+


මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට හෙට (19) සිට යළිත් නිවාඩු

(18.12.2025 – hirunews.lk)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට හෙට (19) සිට යළිත් නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අද (18) සිදුකළ සාකච්ඡාවකින් පසුයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

මේ අනුව ලබන 22 වැනිදා ද මධ්‍යම පළාතේ පාසල්වලට නිවාඩු ලබා දීමට නියමිතයි.

නත්තල් නිවාඩුවෙන් පසු සැළසුම් කළ පරිදි මෙම මස 29 දින යළි පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන පැවසුවා ෴


විපක්ෂයේ ප්‍රබලයෝ මල්පාරේ දී රනිල්ව හමුවෙයි – සියල්ල සාර්ථකයි – විපක්ෂය අප්‍රේල් බලය අල්ලයි (18.12.2025)

+


ආණ්ඩුව කිරි කළයක්ද, ගොම කළයක් ද ? රන්වල කළේ මොකක්ද ? (18.12.2025)

+

පාර්ලිමේන්තුව UNP – 3M ස්ටුඩියෝව JVP… කුලී හිපාටුවන්ගේ ගොබ්බ කතා (18.12.2025)

+

මේ ආණ්ඩුවෙන් දුන්නු බෙහෙත් විස වීම නිසා හිරේ යන්නේ කවුද ? බොරුම කියා දිගටම කිච වෙන නලින්ද (18.12.2025)

+


ලෙඩ්ඩු මරණ ඉන්දියන් ඖෂධ ගිවිසුමේ ඇත්ත කතාව (18.12.2025)

+


කොට්ටහච්චි මගේ කතාව පටන් ගන්නකොටම නැගිටල ගියා. ආණ්ඩුව V8 එකක් දුන්නේ නැති තරහ ද ඔබ වහන්සේට තියෙන්නේ (18.12.2025)

+


මාලිමාව ආපහු 3% ට ගෙනියන්න රංජන් ජයලාල්ලා රජ ගේමක් දෙනවා! (18.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ houses suffering from cracks in tiles. It appears to me that following government’s announcement of cash compensation to those that lost their houses and land of up to Rs One-Crore, certain resourceful but criminal minded people are queing up to claim these funds based on artifcally created excuses. For them, it is too good an opportunity to miss. Suddenly indiscriminate cracking of tiles, probably due to carefully delivered sledge hammer blows or such crafty means. May be even whole neighbourhoods are organized to deceive the authorities. I just hope that the government departments responsible for these compensation schemes would carefully investigate if these claims are genuine, and not organized by opposition politicians, or other crafty gangs, and that claims are based on verifiable physical land movements caused by the storm alone.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *