“එදා යුද්ධයෙන් LTTEයට කරගන්න බැරි වුණු දේ අද මේ ආණ්ඩුවෙන් කර දෙනවා” – පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
“එදා යුද්ධයෙන් LTTEයට කරගන්න බැරි වුණු දේ අද මේ ආණ්ඩුවෙන් කර දෙනවා” – පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
(17.11.2025 – hirunews.lk)
ත්‍රිකුණාමලය සම්බුද්ධ විහාරස්ථානයේ බුදු පිළිමය ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර විහාරස්ථානවල ගැටලු සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අම්පාර මඩකළපුව උප ප්‍රධාන සංඝනායක, මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ දැඩි ප්‍රකාශයක් සිදු කළහ.
උන්වහන්සේගේ ප්‍රකාශයට අනුව, “එදා යුද්ධයෙන් LTTEයට කරගන්න බැරි වූ දේ අද වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවෙමින් පවතිනවා” උතුරු නැගෙනහිරින් ධර්මතාවයන් අතුගා දමා ඊළමක් පිහිටුවීමට ඩයස්පෝරාවට අවශ්‍ය දේ කරන රජයක් වර්තමානයේ සිටින බවට උන්වහන්සේ චෝදනා කරනවා.
“පොලිසිය ධර්ම ලාංඡනය ගහගෙන බුදු පිළිමය අරගෙන දුවනවා” යැයි පැවසූ පූජ්‍ය සුමනරතන හිමියෝ, මෙය අම්පිටියේ සුමනරතන හිමියන්ට හෝ එක් විහාරයකට වූ ප්‍රශ්නයක් නොව, සමස්ත රටේ බුදු දහමට ගහන පාරක් බව අවධාරණය කළා.
උන්වහන්සේ මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ආණ්ඩුව බුද්ධාගම රකින බවට ප්‍රතිඥාව දෙන තුරු කිසිදු රජයේ නායකයෙකු විහාරස්ථානවලට ගෙන්වා නොගෙන සෙත් නොපතන ලෙස සංඝ ආඥාවක් නිකුත් කරන ලෙසයි.
“ආරක්ෂක අංශ යොදවා අපිට පහර දෙන වැඩපිළිවෙළක් යනවා. එදා අපි ගුටිකෑවේ එල්.ටී.ටී.ඊ. එකෙන්, අද ගුටිකන්න වෙලා තියෙන්නේ වර්තමාන රජයේ පාලනය යටතේ ආරක්ෂක අංශවලින්” යැයි බියෙන් තොරව රටට ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම ගැටලුව වහාම නතර නොකළහොත් හෙට දවසේදී වීදිවලට බසින බවට අවවාද කළ උන්වහන්සේ, අවසානයේදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ, කුසට සාගිනි තිබුණත්, බුදු දහම, සංස්කෘතිය හා ජාතිය ආරක්ෂා කරගැනීම සඳහා අවදිවන ලෙසයි.
+++
+++
මේ මමයි නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරිය – මෙන්න සාක්ෂි බලා ගන්න – මමයි දන්නේ ඔක්කෝම (17.11.2025)
+++
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය – ගිනි ඇවිලෙන අනාවරණය (17.11.2025)
+++
මොකක්ද මේ වෛරය? අනවසරනම් කරන්න තිබුනේ මේකද? ත්‍රිමලේ බුදුපිළිමය ඉවත් කිරීමේ සිද්ධියට වරුණ සැරට කියයි (17.11.2025)
+++
ත්‍රිකුණාමලය සිද්ධියේ මෙතෙක් සිදුවූ සියල්ල මෙන්න | පාර්ලිමේන්තුවත් උණුසුම් (17.11.2025)
+
ත්‍රිමලේ බුදු පිළිමයට නැති අනුමැතිය, LTTE තිලීපන්ගේ අනවසර පිළිමයට! ත්‍රිමලේට එහා සිද්ධියක් හෙළිකරයි (17.11.2025)
+
සජිත්ගේ කාර්යාලයේ උණුසුම් තත්ත්වයක් (17.11.2025)
+
අපි ලංකාව පුර බස් ධාවනයෙන් ඉවත් වෙනවා … (17.11.2025)
+++
අපේ බස් නැත්තන් කාටද දේශපාලනය කරන්න පුලුවන් ? (17.11.2025)
+
මීටියාගොඩදී වෙඩි වැදුණු කත මරුට
(17.11.2025 – hirunews.lk)
මීටියාගොඩ – කිරළගහවෙල මංසන්ධියේ හෝටලයක් අසල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව හෝටලයේ මුදල් අයකැමි බවයි සඳහන්.
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිත කර ඇති බව පොලිසිය පවසනවා.
මිය ගිය තැනැත්තිය 48 වැනි වියේ පසු වූ මීටියාගොඩ පදිංචිකාරියක්.
යතුරුපැදියක් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
+++
+
ඇමතිලාගේ නඩු ඇසූ විනිසුරුවන්ට හදිසි ස්ථාන මාරු.. පොලිස්පතිගේ පැමිණිලිවලටත් විනිසුරුවන්ට ස්ථාන මාරු
(18.11.2025 – lankacnews.com)
පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතළ වැරදි පුර්වාදර්ශයක් සපයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශ වැයශිර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදී ය.
කිසියම් විනිසුරුවරයෙක් වැරදි තීරණයක් ලබාදුන්නේ යයි පොලිස් පැමිණිලිකරුවන්ට හැගේ නම් ඊට පිළියම වන්නේ විනිසුරුවරයා ස්ථාන මාරු කිරීමනොව ඉහළ අධිකරණයකට ඒ තීන්දුව සම්බන්ධව අභියාචනා කිරීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
විනය හේතු මතයයි කියමින් මෙලෙස හදිසියේ සිදු කරනු ලබන ස්ථාන මාරුවීමි නිසා විනිසුරුවරුන් ගේ දරුවන් පවා පාසල් වලට ඇතුලත් කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
රජය කුමක් කීවත් අධිකරණ අමාත්‍යංශය වැඩියෙන්ම දේශපාලනීකරණය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටින ඇමතිවරුන්ට සම්බන්ධව නඩු විභාග කරමින් යුක්ති සහගත නියෝග ලබා දුන්ඇතැම් විනිසුරුවරියන්ට හදිසියේ ස්ථාන මාරු ලැබීමද ප්‍රශ්න සහගත බව නාමල් රාජපක්ෂ අවධාරණයෙන් පැවසීය.
මේ ආණ්ඩුවේ පාරිශුද්ධ භාවය ආරක්ෂා කර ගැනීමට නම් මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බව ඔහු වැඩිදුරටත් කීය ෴
ටිල්වින් කියාපු හතුරො කවුද කියලා දැන් හොඳටම පැහැදිලියි (17.11.2025)
+
ත්‍රී මලේ වරාය පොලිස් විගඩම කාගේ ඉහළ නියෝගයක්ද ? විජේපාල දැන් දොඩවන්නේ මොනවාද ? (17.11.2025)
+
ජාත්‍යන්තර කණ්ඩායමක් ශ්‍රී ලංකා තැපැල් ගනුදෙනුකරුවන්ට විදේශ මුදල් වංචා කරයි
(2025.11.17 – dailymirror.lk) (Google Translate)
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර සංවිධානයක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තැපැල් ගනුදෙනුකරුවන්ට විදේශ මුදල් වංචා කරමින් දෙපාර්තමේන්තුවේ නම උපයෝගී කරගනිමින් මූල්‍ය වංචා සිදු කරමින් සිටින බවයි.
තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළේ දේශීයව සහ ජාත්‍යන්තරව මාර්ගගත මිලදී ගැනීම් හරහා ක්‍රියාත්මක වන මෙම වංචනික කණ්ඩායම තවමත් හඳුනාගෙන නොමැති බවත්, වංචා කරන ලද මුළු විදේශ මුදල් ප්‍රමාණය තීරණය කිරීමට දැනට නොහැකි බවත්ය.
මෙම වංචාව සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන්ට මාර්ගගත පාර්සලයක් ලබා ගැනීම සඳහා කුඩා මුදලක් – බොහෝ විට රු. 100 ට අඩු – ගෙවන ලෙස ඉල්ලා කෙටි පණිවුඩයක් ලැබීම ඇතුළත් වේ. ගනුදෙනුකරුගේ බැංකුව හරහා ගෙවීම සිදු කළ පසු, වංචාකරුවන් සංවේදී බැංකු ගිණුම් තොරතුරු පිටපත් කරයි. මෙම කණ්ඩායම නිල ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි ද නිර්මාණය කරන අතර අනවසර ගනුදෙනු සිදු කිරීම සඳහා OTP කේත භාවිතා කරයි.
මෙම වංචාව හරහා හඳුනාගත් සියලුම මූල්‍ය අලාභයන්ට ඇමරිකානු ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක් සහ බ්‍රිතාන්‍ය පවුම් ඇතුළු විදේශ මුදල් ඇතුළත් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශන ඒකකය, පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SART) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට දැනුම් දී ඇත.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින මෙම වංචාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චම්මි විජිතපාල තහවුරු කළේය.
දෙපාර්තමේන්තුව එවැනි පහසුකම් ලබා නොදෙන බැවින්, ණය හෝ හර කාඩ්පත් භාවිතා කරමින් තැපැල් දෙපාර්තමේන්තුව හරහා කිසිදු මාර්ගගත ගෙවීමක් නොකරන ලෙස සත්කුමාර මහතා සහ විජිතපාල මහත්මිය සියලුම තැපැල් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිති.
“වගකිව යුතු පුද්ගලයින්ගේ හෝ කණ්ඩායම්වල අනන්‍යතා තවමත් තහවුරු කර නොමැත,” රට පුරා තැපැල් පරිශීලකයින් අතර ප්‍රවේශම් වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සත්කුමාර මහතා පැවසීය.
- International group defrauds Sri Lanka Postal customers of foreign currency
(17.11.2025 – dailymirror.lk)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Ampitiye Sumanarathana. Before criticizing the government, look inwards and examine yourself, according to Lord Buddha’s teachings. He has not advised devotees to worship clay idols, and deposit them here and there for crows to shit on his head and shoulders. You people are disgracing the very Lord Buddha, that you claim to be respecting. Anyone that learns his teaching properly and follows his teachings would have paid proper homage to him, according to the teachings of Lord Buddha. Forgetting all what he taught, political monks like you are using the robe and clay images as your political tools to agitate foolish devotees, as well as breaking the law of the land where you live. If you do not have the discipline to refrain from political agaitation, and to break the law, then you should be in jail. You have given a pledge to uphold vinaya rules, and that we do not see. People like you arepaid sabatouers and agents acting for corrupt political parties of the opposition. If this is the sort of work you want to do, then it would be best for you to abandon your robes, be a layman and cook your own food, go earn a proper living with your own eforts. we do not owe you a living, except telling you where the road to Hell is.