Wild Cookbook ශ්‍රී ලංකා YouTube ඉතිහාසය අලුතින් ලියයි
(29.03.2025 – 09:02 +0530 – sinhala.adaderana.lk)
YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.
ඒ අනුව මිලියන 10 ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය.

2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4 කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත.
චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් විය.
මෙම සන්ධිස්ථානයට ළඟා වූ චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙනි.
YouTube ග්‍රාහකයින් සංඛ්‍යාව අනුව ඒ ඒ කඩඉම්වලදී එය සංකේතවත් කරමින් විවිධ Play Button ලබා දේ.
පළමු ප්‍රේක්ෂක ලක්ෂයට Silver ලෙසත්, පළමු මිලියනයට Gold Play ලෙසත්, පළමු මිලියන 10 ට Diamond ලෙසත් එම Play Button ලබාදීම සිදුකෙරේ.
ඒ අනුව චරිත් යාමට තිබෙන ඊළඟ කඩඉම Red Diamond Play Button එක වන අතර, ඒ සඳහා ඔහු ග්‍රාහකයින් මිලියන 100 සම්පූර්ණ කළ යුතුය.
+
+
දෙවිනුවර, වෙඩිතැබීමේ සිද්ධියට සැක සිව්දෙනෙක් (4) රිමාන්ඩ්
(29.03.2025 – 18:30 +0530 – hirunews.lk/sinhala)
දෙවිනුවර, වෙඩිතැබීමට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් ඇතුළු තිදෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ එම සැකකරුවන් අද (29) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
එම සැකකරුවන් අවුරුදු 29, 44, 23, 30 වයසේ පසුවන ගන්දර සහ දෙවිනුවර පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
වෙඩිතැබීම සම්බන්ධයෙන් ආධාර අනුබලදීම යටතේ ඉකුත් 21 දින අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත අද (29) දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කළා.
වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයාගේ බිරිඳ, වෙඩි තැබීමට නියෝග ලබා දුන් ‘දෙහි පොඩ්ඩා’ යන අයගේ ඥාති සහෝදරයෙකු, වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට නවාතැන් ලබා දුන් අයෙකු මෙන්ම තවත් අයෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා ෴
+++
මගේ පුතාව මරපු ‘දෙහි ගෙදර මිනීමරුවෝ’ අපි දෙන්නව මරනවා කිව්වේ සවලින් කෑලි එකතු කරන්න. මෙන්න සාක්ෂි. (29.03.2025)
+
කියන දේවල් අහන්නෙත් නැහැ…බලන්නෙත් නැහැ | වාහන ආනයනකරුවෝ මැසිවිලි නගයි | ආනයනකරුවෝ තීන්දුවක් ගනී (29.03.2025)
+
සෝලාර් ගහපු අයත් ඉවරයි, සමාගමුත් ඉවරයි | වගකීමෙන් කියන්නේ, යළි විදුලි කප්පාදුවක් එන එක නවත්වන්න බෑ (29.03.2025)
+
අවිද්‍යාත්මක සත්ත්ව සංගණනය නිසා රතු දත්ත පොතට ලෙඩක් | මනුවර්ණගේ ‘රිලා ප්‍රොජෙක්ට්’ එක අවිද්‍යත්මකයි (29.03.2025)
+
ජනාධිපති ලැජ්ජා සහගත විදිහට මගේ නඩුවට බලපෑම් කළා
(29.03.2025 – mawbima.lk)
දිලිත්ගෙ ‘සර්ව ජන බලය’ට ජැක් ගැහුවෙ හරි හමන් සන්ධානයක් හදාගන්න කට්ටිය නැති හින්දනෙ?
අපි අවස්ථානුකූලව මැතිවරණවලදී සන්ධානගත වෙනවා. ඒ අනුව පහුගිය මැයි මාසයේ ‘සර්ව ජන බලය’ කියන නැවුම් සන්ධානයේ – නැවුම් ජාතිකවාදී සන්ධානයේ ආරම්භක සාමාජිකයෙක් බවට ‘පිවිතුරු හෙළ උරුමය’ පත් වුණා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වගේම පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙත් ඒ සන්ධානයෙන්. ඒ කියන්නෙ දිලිත් සමග එනවා කියලා නෙමෙයි. දිලිත් කියන්නේ මේකේ ඉන්න එක පක්ෂෙක නායකයෙක් විතරයි.

ඇත්ත ගත්තොත් ඔබ දැන් දේශපාලනයේ අනාථයෙක් බවට පත්වෙලා. මොකක් හරි අලුත් සන්ධානයකට හේත්තු වෙනවා ඇරෙන්න ගම්මන්පිලට විකල්පයක් නැති හින්දනෙ?
එහෙම කියන්නේ දේශපාලනේ නොතේරෙන අය.
හරි. දේශපාලනය තේරෙන ඔබම කියන්න එහෙනම් ඇත්ත තත්ත්වය?
ඔබ ඔය චෝදනාව මීට අවුරුදු පහකට (5) කලින්ම සීයට තුනක් (3%) අරන් පරාජිතව හිටිය අනුර දිසානායක මැතිතුමාට කියලා නෑ හොඳ වෙලාවට. එතුමාගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා නම් දුර්මුඛ වෙයි එදා. ජයග්‍රහණයක් ගැන හිතපු නැති හින්දා තමයි 3% ක් ගත්ත අනුර දිසානායක මැතිතිතුමා ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කළේ. එතකොට දේශපාලනය සහ ජීවිතයේ ස්වභාවය එහෙමයි. බෞද්ධයෙක් විදිහට අපි කවුරුත් ඉගෙන ගන්නවා අටලෝදහම කැරකෙන බව. ජනාධිපති, මැති ඇමැතිවරු වෙලා ඉන්න අය තනතුරු නැතුව පරාජයට පත්වෙනවා. තනතුරු නැතුව හිටිය අය රටේ බලය ලබා ගන්නවා. මීට අවුරුදු දහයකට (10) කලින් හරිනි අමරසූරිය ඊළඟ අගමැතිතුමී කියලා කවුරුහරි හිතුවද. මේ අමුතු දෙයක් නෙමෙයි.
60 ක් 65 විතර ඇතුළට දානවා කිව්වට ගම්මන්පිල නිදොස් කොට නිදහස් වුණා. සතුටුද දැන්?
ඔව් මම සතුටු වෙනවා. මට මන්ත්‍රි ධුරයක්වත් නොමැති මොහොතක අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ සිටින මොහොතක අධිකරණය මාව නිදොස් කට නිදහස් කිරීම් සම්බන්ධව. නැති නම් ඒකත් ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. දැන් එතුමා ජනාධිපති ධුරයේ. මට විපක්ෂයේ කිසිම මන්ත්‍රි ධුරයක්වත් නැහැ ඒ නිසා.
ඉතින් ඔබටම තේරෙනවනෙ දැන් නීතිය සාධාරණව ඉටු වෙනවා කියලා?
නෑ. ඇත්තෙන්ම ඒ නඩුවේ මං හිතනවා අනුර කුමාර මැතිතුමාලා කිසිම සම්බන්ධයක් නෑ මේ නඩුව දාන්න. ඒ යහපාලන ආණ්ඩුවේ එක්තරා ඇමැතිවරයෙක් මාත් එක්ක ඇති පෞද්ගලික තරහක් නිසා දාපු බොරු නඩුවක්.
කවදද ඒ නඩුව දැම්මේ?
1997 මම කූටලේඛනයක් හැදුවා කියලා නඩුව දාන්නේ 2016. අවුරුදු 19 කට පස්සේ තමා ඒ චෝදනාව මට එල්ල කරන්නේ. අවුරුදු විස්ස (20) සම්පූර්ණ වුණා නම් නීතියට අනුව නඩුවක් එහෙම දාන්නත් බෑ. හදපු කූටලේඛනය අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. අත්අකුරු විශේෂඥයාගේ වාර්තාවකුත් නෑ. ඊළඟට කූට ලේඛනය කියන ලේඛනය සාක්ෂියට අස්සන් කරපු අයගෙන් අඩුම තරමේ පොලිස් ප්‍රකාශයක්වත් අරන් නැහැ. එවැනි නඩුවක් සතුරෙක්ගේ අතට පත්වුණත් ආත්මගරුත්වයක් තියාගෙන නඩු තීන්දුවක් මට එරෙහිව ලියන්න බැහැ. මොකද මහාධිකරණයෙන් එවැනි තීන්දුවක් දුන්නොත් අපි අනිවාර්යයෙන්ම අභියාචනාධිකරණයට යනවා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මෙවැනි පසුබිමක් තුළින් පරම සතුරෙක් විනිසුරු පුටුවේ හිටියත් එවන් නඩු තීන්දුවක් දීමේ හැකියාවක් නැහැ.
ඕකට සම්බන්ධ විදේශිකයා දැන් වයසයි. ඔහුට සිහියත් අඩුයි කියලා කියනවා. දැන් එහෙම කෙනෙකුගෙන් කොහොමද සාක්ෂි ගන්නේ? ඔහු ඇවිල්ලා පුරුද්දක් විදිහට බොරු කියන, ඕස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියලා වැරදිකරු වුණ පුද්ගලයෙක්. ඕස්ට්‍රේලියාවේදී බංකොලොත් පුද්ගලයෙක්. ඒ කියන්නේ කිසිම ආදායමක් නොමැතිව සිටි අයෙක්. එවැනි පුද්ගලයෙක් මුදල් ගෙවාගෙන ඇවිත් නාටකයක් රඟපාන්නෙ. නමුත් අධිකරණය එය නාටකයක් බව තහවුරු කළා.
ඔබලා දිගටම චෝදනා කළා ජේවීපී එකේ ඉන්නෙ කුහකයෝ පළිගන්නවා; ද්වේෂ සහගතයි කියලා. ඕනෙ නම් ඉතින් මේක මොකක් හරි කරලා ඔබ හිරගත කරලා දාන්න තිබුණනේ නේද එහෙම හැසිරුණා නම්?
ඇත්තෙන්ම මාව හිර කරන්න උත්සාහ කරා මේ නඩුවෙදි.
කවුද?
ජනාධිපතිවරයා. ඇත්තටම ලැජ්ජාසහගත විදිහට මගේ නඩුවට බලපෑම් කළා.
වගකීමෙන් කියන දෙයක්ද මේ?
ඔව්. වගකීමෙන් කියන්නෙ. ඒකනෙ පත්තරේ දාන්නෙ. මං මේක බොරු කියලා කියනවා නම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්නේ. මේ නඩුව පැවරීමෙන් පසු ජනාධිපතිවරු හතර දෙනෙක් (4) සිටියා. මේ නඩුව ගැන ඒ උගත් මහත්තුරු වචනයක් කතා කළේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ ජාතිකයකුට කූට ලේඛන හදලා වංචා කළා කියලා අවස්ථා තුනකදී (3) මා ගැන ප්‍රකාශ කිරීම හරහා අධිකරණයට අනිසි බලපෑමක් කළා.
කොයි කාලයේද ඒ අවස්ථා තුන (3) සිදුවුණේ?
අවස්ථා තුන (3) තමා ජනාධිපතිතුමා කුරුණෑගලදී කරපු කතාවක්; ඒ වගේම යාපනය සුහද හමුව; තුන්වැනි එක පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව ජනාධිපති වුණාට පස්සේ.
මොකක්ද කරපු චෝදනාව?
මේ නඩුව ගොනු කිරීමෙන් පසු රටේ ජනාධිපතිවරු හතරදෙනකු (4) හිටියා. වෙනත් කිසිම ජනාධිපතිවරයකු නොකළ අයුරින් වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා නඩුව ගැන ප්‍රසිද්ධියේ කතා කළා. නඩුවක් විනිශ්චයට භාජනය වී තිබෙන අවස්ථාවේ එම නඩුව පිළිබඳව කිසිම කෙනකු ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තියෙන කාරණයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තියෙනවා විනිශ්චයට භාජනය වූ කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරන්නට බැහැ කියලා.
ඔබ ඉතාමත් බරපතළ ප්‍රකාශයක් සිදුකරන්නේ?
එවැනි තත්ත්වයක් ඇති කරලා සිදුකළේ ‘දෑස් බැඳ සිටින යුක්තියේ දෙවඟන’ට අනිසි බලපෑමක් එල්ල කිරීමයි. ඒ කියන්නෙ හිඟන්නකුටවත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බැහැ විනිශ්චයට භාජනය වූ කරුණක් පිළිබඳව. විනිසුරුවරුන්ගේ උසස්වීම් ඉහළට නිර්දේශ කරන තැනැත්තා – ඒ විතරක් නෙමෙයි මහාධිකරණ විනිසුරුවරුන්ගේ විනය බලධරයා බවටත් පත්වෙන ජනාධිපතිවරයා නඩුවක් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම විනිශ්චකාරවරුන්ට කරන අනිසි බලපෑමක්. මේ රටේ තවමත් ස්වාධීන නීතිගරුක විනිසුරුතුමන්ලා සිටින නිසා ඒ බලපෑම් කිරීමේ උත්සාහයෙන් ප්‍රයෝජනයක් ගන්න ජනාධිපතිවරයාට නොහැකි වුණා.
ඔබ ඒක ‘පොයින්ට්’ එකක් කිව්වා කිසිම ජනාධිපතිවරයකු මේ වගේ මැදිහත් වෙලා නෑ කියලා?
නැහැ. මම නැවත කියන්නම්. මේ නඩුව ප්‍රකාශයට පත්වුණාට පස්සේ ජනාධිපතිවරු හතර දෙනෙක් (4) සිටියා. මෙම ජනාධිපතිවරයා හැර අනෙක් සියලුම අය මහත්වරුන් ලෙස හැසිරුණා මේ නඩුව ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැතුව.
දැන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය ජනාධිපතිවරුන්ගේ කාලයේ අර ෆයිල් අස්ථානගත වුණා නේද. එතකොට ඒවා මතක් වෙන්නේ නැද්ද?
මා දන්නා තරමින් පියන් තනතුරයි, ක්ලාක් තනතුරයි, ජනාධිපති තනතුරයි වෙනස්. ජනාධිපති තනතුරේ ඉන්න අතරේ ජනාධිපතිතුමා යටතේ ලක්ෂ පහළොවක (15) රජයෙන් නිලධාරීන් සිටිනවා. ඔවුන් සතුව කෝටි ගණනාවක ලිපිගොනු තියෙනවා. කොහේ හරි ලිපි ගොනුවක් අස්ථානගත වුණොත් ඒ පමණින් ජනාධිපතිවරයාට ඇඟිල්ල දික් කිරීම හරි නැහැ. ඒ නිසා ජනාධිපතිවරයකුගේ බලපෑම නිසා නිශ්චිතවම ලිපිගොනුවක් අස්ථානගත වෙලා තියෙනවා නම් ජනාධිපතිවරයාට එරෙහිව අදටත් කටයුතු කරන්න පුළුවන්. ඔබ දන්නවා ජනාධිපතිවරයාගේ මුක්තිය. ඒත් ඔහු ජනාධිපති ධුරයෙන් සමුගත්තාට පස්සේ ඒක අහිමි වෙනවා. මම මේ චෝදනාව නඟන්නේ මගේ නඩුව සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිතුමාට මිසක් අනෙක් ජනාධිපතිවරුන් ගැන නෙවෙයි. මගේ වාසියට කතා කරලා අධිකරණයට බලපෑම් කරන්න පුළුවන්. මගේ අවාසියට කතා කරලා අධිකරණයට බලපෑම් කරන්නත් පුළුවන්. කිසිම ජනාධිපතිවරයෙක් එවැනි පහත් මට්ටමකට වැටුණේ නෑ.
ඔබ රටේ විධායක ජනාධිපතිවරයාට බරපතළ චෝදනාවක් එල්ල කළානෙ. ඉතින් නීතිය හමුවට යන්න පුළුවන්නෙ?
ජනාධිපති තනතුරේ සිටිද්දි ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ජනාධිපතිවරයාට මූලික අයිතිවාසිකම් නඩුවක් පමණක් ගොනු කරන්න පුළුවන්. හැබැයි වන්දි ඉල්ලන්න බෑ. නමුත් එක දෙයක් තියෙනවා. ජනාධිපතිවරයාත් තනතුරෙන් සමුගත්තට පස්සේ එතුමා තනතුරේ සිටිය කාලේ කරපු දේවල්වලට නඩු දාන්න පුළුවන්. අපි දන්නවා යම් වරදක් කරලා නිශ්චිත කාලයක් තියෙනවා අධිකරණයේ නඩු පවරන්න. නමුත් ජනාධිපතිවරයාගේ සම්බන්ධව කාලය ආරම්භ වෙන්නේ ප්‍රකාශ කරපු මොහොතේ සිට නෙමෙයි; තනතුරු අහිමි වූ මොහොතේ සිට. ඒ නිසා අපිට ඒ අවස්ථාව තව තියෙනවා.
ඒ කියන්නෙ ‘අපි බලයට ආපු දවසක වැඩේ දෙන්නම්’ කියලා හිතාගෙනද ඉන්නේ?
ඔබ වැරැදියි. බලයට පැමිණෙන්නම අවශ්‍ය නැහැ. මම කියන්නේ පුරවැසි අයිතියක්. මට නෙමෙයි වනේ වන සතුරකුටවත් ජනාධිපතිවරයා විසින් බලය අනිසි ලෙස පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා ජනාධිපතිතුමා පුරවැසියෙක් විදිහට මට කරලා තියෙන අසාධාරණයට එරෙහිව කතා කරන්න මට බලයක් ලැබී තියෙනවා. ‘බලයක් ලැබුණට පස්සේ කරනවා’ කියන්නෙ මමත් බලය අයුතු ලෙස පාවිච්චි කරනවා කියන එකයි. එතකොට මාත් අනුර දිසානායක ජනාධිපතිවරයාගේ තත්ත්වයට වැටෙනවා. මම අවුරුදු 25 දේශපාලනේ හිටියේ. මම පරම හතුරකුටවත් බලය අයුතු ලෙස පාවිච්චි කරා කියලා මට චෝදනාවක් නඟලා නැහැ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴