Category «උද්ඝෝෂණ සහ වැඩවර්ජන»

කිසිදා පාසලක් නොදුටු වේල් ගණනක් කුසගින්නේ සිටි තවත් දරුවන් තුන්දෙනෙකු මහියංගණයේ

(19.06.2019 – 19:54 +0530 – hirunews.lk/sinhala) මන්ද පෝෂණයෙන් කුඩා දරුවෙකු මියගිය පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා වෙද්දී කිසිදාක පාසල් නුදුටු, වේල් ගණන් කුසගින්නේ සිටින දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් පිළිබඳව තොරතුරු මහියංගණය – දඹාන – තිහ කොටස ප්‍රදේශයෙන් අද වාර්තාවුණා. වයස අවුරුදු 12 ක්, 8 ක් සහ එකහමාරක් වන මෙම දරුවන්ගේ පියා ගසකින් වැටී එක්තැන්වී සිටින අතර, මව …

සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

(19.06.2019 – divaina.com) වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත. ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට …

මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතුයැයි සහරාන් ප්‍රසිද්ධ දේශන තුනකදී පැවසුවා – සයිලාන් මවුලවි

(19.06.2019 – 11:55 +0530 – lankadeepa.lk) ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් 2016 වර්ෂයේදී මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධ දේශනා තුනකදී ප්‍රකාශ කළත්, කිසිදු බලධාරියකු ඔහුට විරුද්ධව කටයුතු නොකළ බව සුෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් …

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින 2 ක දුම්රිය වර්ජනයක්

(19.06.2019 – 07:31 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) සංකේත වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ …

ඇමති රාජිතට විරුද්ධව වහාම පියවර නොගන්නේ නම් වැඩවර්ජනයකට සූදානම් – GMOA

(17.06.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වහා පියවරක් නොගන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. සෙල්ෆි මරණ 2 ක් : පොසොන් පෝදා රූමස්සල මුහුදේ සෙල්ෆි ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ …

සාෆිට එරෙහිව පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවයි

(17.06.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලට අද වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 827 ක් වන අතර, දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164 ක්. එමෙන්ම දඹුල්ල පොලිස් ස්ථානයට …

කතානායකට නැති අවසරයක් ගැන තිලංග කියයි

(13.06.2019 – 18:13 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා යොමු කරන ලිපියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමේ අවසරයක් කතානායකවරයාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළකළා. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා …

දොස්තර ෂාෆි අධිකරණයට ඉදිරිපත් කිරීම වලකන්න දැඩි දේශපාලන බලපෑම්..

(13.06.2019 – 16:40 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, නීති විරෝධී වඳ සැත්කම් චෝදනාවට ලක් වී සිටින වෛද්‍ය සාෆිට නිසි දඬුවම් ලබාදීම මගින් අනාගතයේදී …

ඇමති රාජිතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධතා සතියක්

(10.06.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුකර ඇති දැවැන්ත හානිය සැලකිල්ලට ගනිමින් අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇමති රාජිතට චෝදනාවක් (11.06.2019 – 21:32 +0530 – hirunews.lk/sinhala) මාලඹේ නෙවිල් ප්‍රනාන්දු …

ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ

(09.06.2019 – divaina.com) ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව …