Category «බෙදුම්වාදී දේශීය කුමන්ත්‍රණ»

සහරාන්ගේ රුපියල් කල්ලියේ කෝටි 113 ක මුදල්-දේපළ අත්හිටුවයි

(08.08.2019 – 16:22 +0530 – lankadeepa.lk) පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලු එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : සාෆිට එරෙහිව මව්වරුන් 50 ක් මානව හිමිකම් කොමිසමට

(08.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 50 දෙනෙකු පමණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ඇතැම් පාර්ශව බාධා එල්ල කරමින් සිටින බවයි. එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මුදල් විශුද්ධිකරණ පනත …

රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියයි

(07.08.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා පැවසූ පරිදි රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන වාද විවාද (07.08.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ …

නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු රිමාන්ඩ්

(06.08.2019 – 18:24 +0530 – hirunews.lk/sinhala) නවකවදය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴ රුහුණේ චන්ඩි පොලිසිටය බයේ හඬා වැටෙයි.. (07.08.2019 – webgossip.lk) රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම …

ත්‍රස්ත සැකකරුවන් වන්දි සමඟ උත්සවාකාරයෙන් පවුලේ අයට භාරදෙන්න – ගම්මන්පිල

(05.08.2019 – 21:03 +0530 – sinhala.adaderana.lk) රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. “පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමඟ නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා. එතුමා ගැන …

පල්ලෙවෙල විෂ මත්පැන් සිද්ධියේ හිමිකරු සහ සහයකයා රිමාන්ඩ් – සාම්පල රස පරීක්ෂකට

(05.08.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය හිරු පුවත් අනාවරණයෙන් පසු පොලීසිය ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී නිෂ්පාදනය කරන ලද මත්පැන් සහ ඊට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඒවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර තිබෙනවා. …

වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් හයදෙනෙක් (06) මරුට – 52 ක් රෝහලේ

(04.08.2019 – 06:39 +0530 – sinhala.adaderana.lk) වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇත. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් තවත් පුද්ගලයින් 52 ක් තුවාල ලබා ඇති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර පිරිමි 43 ක් , කාන්තාවන් 08 ක් …

ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක්…

(02.08.2019 – 16:40 +0530 – lankacnews.com) ජනාධිපතිවරණය කැදවීමට දින 69 යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක්… විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය : අද මේ රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ ජනාධිපතිවරණය කියන මාතෘකාවයි. ජනාධිපතිවරණයට තව දින 113 යි ඉතිරි වෙලා තිබෙන්නේ. දවස් …

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ඖෂධ රැසක හිඟයක්

(01.08.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala) මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ රැසක හිඟයක් පවතින බවට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම රෝහලේ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කළා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ්‍යවරයා පවසන්නේ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවයි. දිවයින පුරා බොහෝ රෝහල් මුහුණපා සිටින ඖෂධ හිඟය පිළිබඳ අප තොරතුරු …

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…! – ආචාර්ය සූරිය ගුණසේකර

(28.07.2019 – divaina.com) ලෝක ඉතිහාසයට අනුව ආගම් බිහිවීම සිදුවී ඇත්තේ කාන්තාර දේශගුණයේය. ඊට හේතුව ලෙස මානව විද්‍යාඥයන් දකින්නේ අධික උෂ්ණයෙන් පීඩිතව කූඩාරම තුළ කොටුවී ඉන්නා කාන්තාර වැසියා විසින් සොබාදහම නොදැකීමය. සිසිල් වූ රාති‍්‍රයේදී පවා ඔහු දකින්නේ සඳ සහ තාරකා වැලි කඳු සහ තම බැටළු පට්ටිය පමණි. එබැවින් මහා බලසම්පන්න දෙවියකු විසින් මේ සියල්ල නිර්මාණය කර …